Watch Trailer

Dead Calm (1989) Sinhala Subtitles | මහ සයුර මැද… [සිංහල උපසිරසි] [18+]

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම.. නත්තල් සමයේ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කැප්ටන් ජෝන් ඉන්ග්‍රම් දුම්රිය පලට එන්නේ අවුරුද්ද අන්තිමේ පවුලත් එක්ක නත්තල සමරන්නයි. තම සගයන් පවුලේ අයත් එක්ක පිටවෙද්දි ජෝන් තනිවෙන්නේ ඔහුගේ බිරිඳ නොපැමිණි නිසයි. පොලිසියෙන් පවසන්නේ අනතුරකින් තම එකම පුතු මියගොස් බිරි…

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම..

නත්තල් සමයේ රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ කැප්ටන් ජෝන් ඉන්ග්‍රම් දුම්රිය පලට එන්නේ අවුරුද්ද අන්තිමේ පවුලත් එක්ක නත්තල සමරන්නයි. තම සගයන් පවුලේ අයත් එක්ක පිටවෙද්දි ජෝන් තනිවෙන්නේ ඔහුගේ බිරිඳ නොපැමිණි නිසයි. පොලිසියෙන් පවසන්නේ අනතුරකින් තම එකම පුතු මියගොස් බිරිඳ රේ ඉන්ග්‍රම් රෝහල්ගත කර ඇති බවයි. කලක් යද්දි අනතුරෙන් වන තුවාල සනීප වුවද ඒ බිහිසුනු සිදුවීම සිතින් අමතක කරන්න බැරි නිසා ජෝන් තම බිරිඳ එක්ක ඔවුන්ගේ රුවල් නැවේ නිවාඩුවක් ගත කිරීමට පිටව යනවා. දිනක් ඔවුන්ට හදිසියේ පැසිෆික් සාගරය මැද ඔහේ පාවෙන තවත් යාත්‍රාවක් දකින්න ලැබෙනවා. මොවුන්ගේ සොඳුරු නිවාඩුව උඩු යටිකුරු වෙන්නේ ඒ නැවේ සිට උදව් ඉල්ලා එන හියු වොරිනර් නම් මිනිහෙක් නිසයි.

Dead Calm (1989)

මෙම චිත්‍රපටය 1989 අප්‍රේල් 7 වනදා එක්සත් ජනපදයේ තිරගත වුන ඕස්ට්‍රේලියානු ත්‍රාසජනක හොරර් චිත්‍රපටයක්. මෙහි ජෝන් ඉන්ග්‍රම් ලෙස Sam Neill, රේ ඉන්ග්‍රම් ලෙස Nicole Kidman සහ හියු වොරිනර් ලෙස Billy Zane රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නේ Charles Williams විසින් රචිත Dead Calm නම් නවකතාවයි. තිර රචනය Terry Hayes විසින් වන අතර නිෂ්පාදනය Terry Hayes, George Miller සහ Doug Mitchell විසිනි. අධ්‍යක්ෂණය Phillip Noyce විසිනි. විනාඩි 95ක ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 6.8 ක්, Rotten Tomatoes 83% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 81%ක කැමැත්ත ලැබී ඇත.

එහෙනම් අදට මං ගිහින් එන්නම්. ආපහු දවසක මේ වගේම තවත් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…

~ ජය වේවා ~

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,213 downloadsDownload Dead-Calm-1989.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,213 downloadsDownload Subtitles21 KB

19 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ.

    නොනවත්වාම දිගටම පරණ ෆිල්ම් දෙමු. නියමයි.
    හොඳ හොල්මන් ෆිල්ම් තියනවා 80, 90 දශකවල පුලුවන් නම් ඒවාටත් සබ් දෙමු.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. wasantha senadheera

    සුපිරි....තව ඕනේ....

  4. indika 75

    thanks..

  5. Shaggy

    Thank you very much

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Suranjan

    Thanks jayawewa.....!

  8. ශාමල් මනෝජන්

    හැකිනම් සහෝ මේ ෆිල්ම් ටිකට සබ් දෙන්න.

    Wolf - 1994
    An American Werewolf in London - 1981
    An American Werewolf in Paris - 1997

  9. Manoj

    සිංහල උපසිරසියට ස්තුතියි

  10. Manoj

    හැකිනම් The Prestige වගේ mind-blowing ෆිල්ම් ටිකකුත් දෙන්න බලන්න

  11. Anonymous

    Thanks brother .. keep it up ..

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Dewadithya

    Thanks for sub!

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. කවිඳු ජයවර්ධන

    සබ් එකට ස්තූතියි සහෝ..

  16. Priyantha Dayakeerthi

    රොෂාන් සමීර ජයසිංහ සොයුර,
    ඔබේ මෙම සිංහල උපසිරසියටත් ස්තුතියි!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.