සුභ දවසක් පතනවා බයිස්කෝප් සිංහලෙන් පරිශිලක ප්‍රජාවට. ඉතින් ගොඩක් අය ඉල්ලා තිබුණු දෙයක් තමයි chill එකේ බලන්න පුලුවන් හොඳ Horror/ Thriller ෆිලුමක සබ් ගේන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමත් සපුරාලමින් අද ආවේ 2015 වසරේ නිකුත් කරනු ලැබූ හොරර් ෆිලුමක් අරගෙන. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb දර්ශකයේ 5.4ක අගයක් ලැබිලා…

සුභ දවසක් පතනවා බයිස්කෝප් සිංහලෙන් පරිශිලක ප්‍රජාවට. ඉතින් ගොඩක් අය ඉල්ලා තිබුණු දෙයක් තමයි chill එකේ බලන්න පුලුවන් හොඳ Horror/ Thriller ෆිලුමක සබ් ගේන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමත් සපුරාලමින් අද ආවේ 2015 වසරේ නිකුත් කරනු ලැබූ හොරර් ෆිලුමක් අරගෙන. මේ චිත්‍රපටයට මේ වෙනකොට IMDb දර්ශකයේ 5.4ක අගයක් ලැබිලා තියෙනවා වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කලේ Saw (2009) චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Kevin Greutert විසින්. පෙර කීවාත් වගේ මේ චිත්‍රපටය අයත් වෙන්නේ Drama/ Horror/ Mystery යන වර්ගීකරණයන්ට. මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 22ක ධාවන කාලයකින් යුක්ත වෙන අතර Isla Fisher, Anson Mount, Gillian Jacobs, Joanna Cassidy, Jim Parsons වැනි රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ දායකත්වය ලැබී තියෙනවා. ඉතින් වැඩි අනන්මනන් කතා ඕනේ නෑනේ. අපි ෆිලුම පැත්තට හැරෙමු.
එව්ලී මැඩොක්ස් කියන තරුණිය වටේ තමා මේ චිත්‍රපට ගොඩනැගිලා තියෙන්නේ. එක් දිනක් එව්ලී මුහුණ දෙන්න වෙන්නේ හරිම ඛේදවාචකයකට. රිය අනතුරක්. එව්ලීන්ට බරපතල අනතුරක් නොවුණත් අනෙක් මෝටර් රථයේ ගමන් කල සමහරු එතරම් වාසනාවන්ත වෙන්නේ නෑ. ඉතින් මේ සිදුවීම නිසා වුණු කම්පන තත්වය නිසාම එව්ලී හා ඇගේ සැමියා ඩේවිඩ් ජනාකීර්ණ ලොස් ඒන්ජල්ස් වලින් බැහැර වෙලා පිටිසර බද ප්‍රදේශයක වාසයට යනවා. ඇත්තෙන්ම කීවොත් තිබෙන හැම සතයක්ම වියදම් කරලා ඔවුන් ලබා ගන්න අක්කර ගනනක වතුයායකට. වතුයායක් කිව්වට මේ වගාබිමේ වවන්නේ මිදි. එව්ලීගේ සැමියා, නැත්නම් ඩේවිඩ්ට තිබුණු ලොකු ආසාවක් තමයි වයින් නිෂ්පාදනයට යොමු වෙන එක. ඇත්තටම ඔවුන් සංක්‍රමණය වුණු නිම්නයත් වයින් සඳහා තරමක ප්‍රසිද්ධියක් උසුලනවා, මොකද 19 වන සියවසයේ අගබාගයේදී ෆොල්ගෝරී 89 නම් වයින් වර්ගයක් වෙළඳපොලට නිකුත් වෙන්නේ මේ බිමේ වැවුණු මිදි යොදා ගෙන නිපදවලා. ඉතින් කඳුකර බිමක වූ මේ හුදෙකලා වයින් සඳහා වූ මිදි වගාබිම මධ්‍යයේ තිබිලා දිනක් එව්ලීගේ නෙත ගැටෙන්නේ වල්බිහිවුණු පැරණි නිවසක නටඹුන් වගයක්. එව්ලී මේ ගැන ඩේවිඩ්ගෙන් විමසුවත් ඔහුත් මේ පිළිබඳව වැඩි යමක් දන්නේ නෑ. ටික කලකට පසුව මෙයාලගේ මිදි වගාවේ පළවෙනි අස්වැන්න ලබාගත් පසු ඔවුන් ඒවෙනුවෙන් සාදයක් පවත්වනවා. මේවෙනකොටත් එව්ලී මාස තුනක ගැබිණියක් වෙලා. ඉතින් මේ සාදෙට එනවා මේ පැත්තේ ඉන්න හොඳම වයින් බෙදාහැරීම් නියෝජිතයා. එයාගේ නම හෙලීනා නෝල්. ඕනම කෙනෙකුට තේරෙනවානේ ඩේවිඩ්ට සාර්ථක වෙන්න නම් තියෙන හොඳම තුරුම්පුව තමයි ඒ කියලා. සුළු මොහොතක් එව්ලී සමඟ කෙටි පිළිසඳරක යෙදී ඉඳලා, හෙලීනා ඇගේ අවශ්‍යතාවයකට සාදය පැවැත්වුණු උද්‍යානයෙන් පිටවෙලා ඒ අසලම වූ එව්ලීගේ නිවසේ විසිත්ත කාමරයට පිවිසෙනවා. මඳ වෙලාවකින් සිය විසිත්ත කාමරයට පිවිසෙන එව්ලීට දකින්න ලැබෙන්නේ මොකක්ද? ඔවුන්ගේ නිදන ඇඳ ළඟ දෑත් ඉහළට විහිඳාගෙන ඉන්න හෙලීනා නෝල්. හරියට අමනුෂ්‍ය ආවේශයකින් වගේ තමාටම යම් යම් දෑ මුමුණා ගනිමින් ඉඳපු හෙලීනාගේ දැහැන බිඳෙන්නේ එව්ලීගේ කටහඬින්. ඇතිවුණු බාධාව නිසා හෙලීනා අමනාපයෙන් වහාම පිටව යනවා. ඉන් පසුව එව්ලීට නිවසේදි යම් යම් අමුතු සිදුවීම් අත්විඳින්න ලැබෙනවා.
මේ සියල්ලක්ම මුලදී ආරම්භ වෙන්නේ සියුම් විලාපයක් බඳු විසිල් හඬකින්. පසුව තරමක් මීදුම් සහිත දවසක එව්ලීට අහන්න ලැබෙන්නේ කාන්තාවකගේ විලාපයක් සමඟම නැඟෙන වෙඩි හඬක්. ඒත් ඇගේ සැමියා ඩේවිඩ් මේ කිසිවක් පිළිගන්න සූදානම් නෑ. ඇගේ දිගුකාලීන වෛද්‍යවරයා වන වෛද්‍ය මැතිසන් පවා කියන්නේ මේක ඇය මුහුණ දුන් අනතුරු නිසා මනසේ අතිවුණු දෘෂ්ඨි මායාවක් කියලා. පසුව ඇය අකමැත්තෙන් වුවද මේ සඳහා ප්‍රතිකර ගන්නවා. සාමාන්‍ය විදිහට දින ගත වෙනවා. එක දවසක ඇයට ලබෙනවා මේ නිවසේ පෙර පදිංචිකරුවන්ට ලැබිය යුතු ලියමනක්. මේ ලිපිය එවලා තියෙන්නේ පුස්තකාලයෙන්. මොකද කලින් නිවෙස්හිමියාගේ භාර්යාව රැගෙන ගොස් තිබුණු පොත් නැවත භාරදී නොමැති බව දන්වමින්. පසුව මේ පොත් මොනවද කියලා බලපු එව්ලීගේ ගත හිරිවැටි යන්නේ ඒ පොත් මොනවද කියලා දැකලා. ඒ සියල්ලක්ම අධි ස්වභාවික, නැතනම් අමනුෂ්‍යන්, භූත ශාස්ත්‍රය වගේ දෙවල් හා බැඳුනු පොත්පත්. මේ නිවසේ කලින් වාසය කල ජේන් පෝර්ටර් පවා මේ සිදුවීමට මුහුණ දෙන්න ඇති කියලා එව්ලීට හිතෙන්නේ මේ වෙලවේදි. එදිනම සන්ධ්‍යා යාමයේ වල්බිහිවී ඇති පැරණි නිවසේ තියෙන දිය පොකුණේ තිබුණු මිනිස් මළසිරුරක දසුනක් දකින්නේ මෙහි භයානක බව තව තවත් ඔප් නංවමින්. මේ මිදි යාය තුල වැළලුණු රහස මොකක් වෙන්න ඇතිද? එව්ලී මේ නිවස පිළිබඳව වූ පැරණි වාර්ථා ඔවුනට නිවස විකුණපු දේපළ හිමි සමාගමේ අයෙකු ලවා පරීක්ෂා කර බැලුවත් කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවිමක් මේ බිමෙන් වාර්ථා වී ඇති බවක් දකින්න ලැබෙන්නේ නෑ. ඒවගේම නිවසේදි නෙතගැටුණු යම් දෙයක් නිසා ඇති වූ කම්පනයෙන් පිටස්තර පුද්ගලයෙකු මේ නිවස තුල දී මියැදෙන්නෙත් මේ අතරතුරමයි. ඇත්තෙන්ම මේක අමනුෂ්‍ය බලපෑමකින් වෙන දෙයක්ද, නැතිනම් ජීවත් වන පුද්ගලයෙකුගේ ක්‍රියාවක්ද? ඒවිලීට හා ඩේවිඩ්ට මේකෙන් ගොඩ එන්න හැකි වෙයිද? ඒ වගේම තවත් දෙයක්. ඔයාගේ හිතේ මැවෙන අවසානයට වඩා චිත්‍රපටයේ අවසානය බෙහෙවින්ම වෙනස් මුහුණුවරක් ගන්න පවා ඉඩ නැතිවාක් නොවේ කියලා මම අවසාන වශයෙන් කියන්න කැමතියි
හොඳයි එහෙමනම් තවත් ලිපිය දිගු කරලා ඔබව වෙහෙසට පත් කරන්න අදහසක් නෑ. හැමෝටම චිත්‍රපටය රසවිඳින්න ආරාධනා කරන ගමන්ම, ඔබේ අදහසත් සඳහන් කරලා පහලින් කමේන්ටුවකුත් හලාගෙන යන්න කියලා කරන ඉල්ලීමත් සමඟම මම ලිපියට තිත තියනවා. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,776 downloadsDownload Visions-2015.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
20 comments
indika 75
CityHunterX3
thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ...... පුළුවන් නම් මේ ෆිල්ම් ටිකෙනුත් මොකකටහරි සබ් දෙන්නකො සහෝ
The Hole (2001)
Kill Theory (2009)
House of 9 (2005)
The Killing Room (2009)Fermat's Room (2007)
K-PAX (2001)Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Suranjan
Thanks jayawewa.....!
SONALI
VINCENZO SUBTITLES DANA PLEASE
Lahiru
පරන වුනත් මේවා නම් පට්ට
තව ටිකක් දෙන්නශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ෆිල්ම් ටිකට සබ් දෙන්න.Poltergeist - 1982
Poltergeist II - 1986
Poltergeist III - 1988An American Werewolf in London - 1981
An American Werewolf In Paris - 1997Trailer බලලා හොඳ නම් දෙන්න. Poltergeist කියන්නේ ලොව අති බිහිසුණුම ශාපලත් චිත්‍රපට එකතුවක්.
Anonymous
blacklist season 7 , 8 sub danna puluwanda bro. puluwannam loku deyak
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Nisala
Thanks machn
Fear Street eka sub genna puluwanda ikmanta
Anonymous
Thanks brother ..keep it up ..
Priyan
Sub ekata thnkz mchn
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
බොහොම ස්තූතියි උපසිරසට
Dewadithya
Thanks for sub!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Sanjaya Abeysundara
thnkz bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks..