Dr. Cheon and Lost Talisman (2023) Sinhala Subtitles ගිය අවුරුද්දේ එනකම් නොඉවසිල්ලෙන් ඉදපු ෆිල්ම් එකකට සබ් අරගෙනයි අද ආවේ. නම තමා Dr. Cheon and Lost Talisman. 2023 සැප්තැම්බර් 27 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම ඩොලර් මිලියන 14.6 ක ආදායමක් හොයලා ගිය අවුරුද්දේ කොරියන් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ හත්වෙනි ස්ථාන…

ගිය අවුරුද්දේ එනකම් නොඉවසිල්ලෙන් ඉදපු ෆිල්ම් එකකට සබ් අරගෙනයි අද ආවේ. නම තමා Dr. Cheon and Lost Talisman. 2023 සැප්තැම්බර් 27 වෙනිදා තිරගත වුනු මේ ෆිලුම ඩොලර් මිලියන 14.6 ක ආදායමක් හොයලා ගිය අවුරුද්දේ කොරියන් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ හත්වෙනි ස්ථානයට එන්න සමත් වෙනවා. පැයයි මිනිත්තු තිස් අටක් පුරාවට ගලන් යන මේක Mystery, Horror, Fantasy ගණයට අයිති වෙනවා. Decision To Leave, Deliver Us From Evil, Parasite වගේ ජනප්‍රිය චිත්‍රපටිවල Assistant Director විදියට කටයුතු කරපු Kim Seong Sik ගෙ Directional Debut එක වෙන්නේ මේ චිත්‍රපටිය.
කොරියන් සිනමාවේ ඉන්න අතිවිශිෂ්ටම නළුවෙක් වගේම මගේ ෆේවරිට්ම නළුවෝ අතරේ උඩින්ම ඉන්න කන්ග් දොන්ග් වොන් ඉන්න හින්ද එනකම් මාරම ආසාවෙන් ඉදපු ෆිලුමක් මේක. කොරියන් ෆිල්ම් බලන කෙනෙක් නම් එයාව නොදැන ඉන්න විදියක් නෑනේ. Kang Dong Won, Heo Joon Ho, Esom, Lee Dong Hwi, Kim Jong Soo වගේ සුපිරි නළුනිළියෝ රැසක් මේ ෆිලුමේ රංගනයෙන් දායක වෙනවා. ආ මේකේ තවත් විශේෂයක් තමා Cameo Roles ටික. BLACKPINK සංගීත කණ්ඩායමේ Kim Jisoo ඇතුළුව Park Jung Min, Cho Yi Hyun, Lee Jung Eun, Park Myung Hoon වගේ ජනප්‍රිය නළු නිළියොන්ගේ Cameo Roles ටිකකුත් බලාගන්න පුළුවන්.

《CAST – රංගන දායකත්වය 》
Kang Dong Won – චොන් දොන්ග් ශික්
Heo Joon Ho – බොම් චොන්
Esom – ඕ යූ ක්යුන්ග්
Lee Dong Hwi – කන්ග් ඉන් බේ
Kim Jong Soo – ප්‍රධානි හ්වන්ග්

《Summary – සාරාංශය》

චොන් දොන්ග් ශික්.. හැමෝම මෙයාට කතා කරන්නේ ඩොක්ටර් චොන් කියලා. ඩොක්ටර් කිව්වට ඩොක්ටර් කෙනෙක් නම් නෙවේ හැබැයි. මෙයා යකදුරු කෙනෙක්, යකදුරු කෙනෙක් කිව්වට ඇත්ත එක්කෙනෙක් නම් නෙවේ. මෙච්චර කාලෙකට ඩොක්ටර් චොන්ට හම්බුන වැඩ එකකවත් ඇත්තටම හොල්මන් ඉදලා නෑ. මොළෙන් ගේම ගහලා තමා මේ වැඩ කරගෙන ගියේ ඉතින්. මෙයාගේ උදව්වට ඉන්න තාක්ෂණික ශිල්පියා තමා කන්ග් ඉන් බේ කියන්නේ. එයා තමා සේරම ගැජට් ගැන බලාගන්නේ. ඔන්න ඔහොම කාලයක් යද්දි දවසක් ඕ යූ ක්යුන්ග් කියලා ගෑනු කෙනෙක්ගෙන් වැඩක් හම්බෙනවා.
නිකම් නෙවේ වොන් මිලියන සීයක් දෙන පොරොන්දුව උඩ. ඉතින් ඩොක්ටර් චොන් එකෙන්ම කැමති වෙනවා. මුලින්ම එයාගේ ගෙදරට ගිහින් ප්‍රශ්නේ බලනවා. එතකොට තමා දැනගන්නේ ඇත්තටම හොල්මනක් එහෙ ඉන්නවයි කියලා. ඉතින් ඩොක්ටර් චොන් මොනා කරයිද? බොරු යකදුරෙක් වුන ඩොක්ටර් චොන්ගේ අතීතය මොකක් වෙන්නැතිද? එහෙනම් මේ ෆිලුම නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට මන් ගිහින් එන්නම්. හැමෝටම සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
7,024 downloadsDownload Dr.-Cheon-and-Lost-Talisman-2023.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dr. Cheon and Lost Talisman (2023) Sinhala Subtitles
Subtitles by
නයන බුද්ධික
Subtitles
- #Dr. Cheon and Lost Talisman
- #Dr. Cheon and Lost Talisman (2023)
- #Dr. Cheon and Lost Talisman (2023) Sinhala Subtitles
- #Editor's Pick
- #Esom
- #Heo Joon Ho
- #Kang Dong Won
- #Korean
- #Lee Dong Hwi
- #Must Watch
- #sinhala
- #Sinhala Subtitle
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #නයන බුද්ධික
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
Buddhika Lakmal
Malith samarawickrama
Thanks bro sub ekata
WdH
sub ekata Thanks
A killer paradox k-series ekata sub dennako puluwan namUdari Piyumila
SUPERB
Sehi
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Poorna JG
Suberb Broh!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dr. Cheon and Lost Talisman (2023) Sinhala Subtitles | නපුරට එරෙහිව සටන [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/02/Dr.-Cheon-and-Lost-Talisman-2023-1.jpg)
හම්මෝ බං.. සබ් දෙනකං බලං හිටියේ මේකට........
බොහෝම ස්තූතියි මචෝ සබට....