ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ තුන් වන උපසිරැසිය අරගෙන ආවා. මම කලින් ඔයාලට ක්‍රිස්ටෝපර් ලි රඟපාන ඩ්‍රැකියුලා චිත්‍රපට තුනක් දීල තියනවා. ඒවා එකිනෙක සම්බන්ද කතා. ඒත් ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද තවත් ඩ්‍රැකියුලා කතා තියනවා. මේ එයින් එකක්. මේ චිත්‍රපටය Horror ගණයට අයිති වෙන IMDb අගය 6.7 වගේ ලොකු අගය…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ තුන් වන උපසිරැසිය අරගෙන ආවා. මම කලින් ඔයාලට ක්‍රිස්ටෝපර් ලි රඟපාන ඩ්‍රැකියුලා චිත්‍රපට තුනක් දීල තියනවා. ඒවා එකිනෙක සම්බන්ද කතා. ඒත් ක්‍රිස්ටෝපර් ලි රඟපාන ලද තවත් ඩ්‍රැකියුලා කතා තියනවා. මේ එයින් එකක්. මේ චිත්‍රපටය Horror ගණයට අයිති වෙන IMDb අගය 6.7 වගේ ලොකු අගයක් ගත්ත චිත්‍රපටයක්. කලාත්මක චිත්‍රපට රසිකයන් ට මෙන්ම මේ වගේ හොල්මන් කතා කැමති අය මේ චිත්‍රපටයට හොඳටම කැමති වේවි.
කතාව ගැන කෙටියෙන් කියනවා නම් මේක පටන් ගන්නේ ඩ්‍රැකියුලා විනාශ කරලා අවුරුදු දහයක කාලයක් ගතවීමෙන් පස්සේ වෙන සිදුවීමක් විදියට. නැගෙනගිර යුරෝපයේ සංචාරය කරන අයට කාර්ල්ස්බෙඩ් ප්‍රදේශයේ සංචාරය කරන්න එපා කියන අවවාදය නොසලකා සංචාරයකින් පිරිසක් ඒ ප්‍රදේශය යනවා. ඒ ප්‍රදේශයේ තමා ඩ්‍රැකියුලාගේ මාලිගය තියෙන්නේ. ඉතින් අතරමගදී යන අශ්ව රථයෙන් රියදුරා පැනල යනවා බයට. කොහොම හරි එයාල යනවා නවාතැන් ගන්න පරණ මාලිගාවකට. ඒ මාලිගය ඩ්‍රැකියුලාට අයිති එකක්. ඉතින් ඊට පස්සේ මොනවද වෙන්නේ කියල අමුතුවෙන් කියන්න ඕන නැතත් ඔයාලට මේ චිත්‍රපටය බලලම අදහසක් ගන්න කියල කියනවා.
මේ චිත්‍රපටය ඔයාලට කැමති ආකාරයකට බාගත කර ගන්න. මම සියලුම ටොරන්ට් සහ අන්තර්ජාල පිටපත් වලට සුදුසු විදියට මේ උපසිරැසිය සකස් කරලා තියනවා. මම ඊළඟට දෙන්නේ මේ ඩ්‍රැකියුලා චිත්‍රපට මාලාවේම තවත් එකක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්න බලන්නම්. සුපුරුදු විදියට ඔයාලගේ අදහස් සහ යෝජනා මට කියන්න අමතක කරන්න එපා. මම ගිහින් එන්නම්.
බුදු සරණයි…..!
Due to copyright issues, we do not provide any torrent links.
Dracula.Prince.Of.Darkness.1966.BRRip.XviD.MP3-RARBG
Dracula Prince Of Darkness 1966 720p
Dracula Prince Of Darkness 1966
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
371 downloadsDownload Dracula-Prince-Of-Darkness-1966.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
20 comments
Noty Pissa
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!withanage priyantha
අසංක සොයුර,
මෙම චිත්‍රපට මාලාවම මා පාසල් යන කාලයේ උපසිරසි නොමැතිව නරඹා තිබෙනවා. ඔබ මීට පෙර ලබා දුන් "Dracula" සිනමාපට හතරම මා නැරඹුවා. මෙයත් අනිවාර්යයෙන්ම නරඹනවා. මාගේ අදහස අනුව මෙම "Dracula" චිත්‍රපට මාලාව ඕනෑම කාලයක දී ආසාවෙන් නැරඹිය හැකි ලෙස කලාත්මකව නිර්මාණය කර තිබෙනවා. මාගේ අවංක ස්තුතිය ඔබගේ මෙම අගනා මෙහෙයට!Vajira Rathnayake
ඇත්තටම මේ චිත්‍රපටි මීට කළින් මම දැන සිටි ඒවා නෙවෙයි. ඔබගේ උපසිරැසියට වගේම මේ චික්‍රපට අපට හඳුන්වා දීම සම්බන්ධයෙනුත් ස්තුතියි. ඔබගේ සියවැනි උපසිරැසිය ඉක්මනින් දකින්නට ලැබේවා!
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
ජය වේවා!Rumesh Nilantha Jayaweera.
thanks... jennifer body movie ekata mam baiscope ekatai oyatai sub deanna kiyala keepa wathawak kiua
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
mithun
සිංහල උපසිරැසි ටිම් එකෙ බිහිවෙච්ච සුපිරි උපසිරැසි කරුවෙක් ඔබ.
ගොඩක් ස්තුතියි දුන්න ඩ්‍රැකියුල චිත්‍රපට ඔක්කොම බැලුව තව හොදම ටෙටින් තියෙන එවත් බලල දෙන්න බ්ලුරෙ කොපි තියෙ නම් විතරක්. ස්තුතියි සහො සතුටුයි ඔය ලබ දුන්න හැම චිත්‍රපටයක් ගැනම දිගටම දෙමු ඔබට ජයshehan
niyamai broo film vala inna virayangen mage viraya thamaii meee.....
Web-බුවා
ජය වේවා ලොක්කා! ඔබතුමාගේ සබ් වේගේ නිකං 4G වගේ ආ..! ඔහොම යන්!
ජය!
දිල්ශාන් සචින්ත
අසන්ක අයියා.දැන්වත් ඔය මුන පෙන්නුවානම් නරකද.?
ranga
maru ah...thank u saho
Rumesh Nilantha Jayaweera.
Picnic at Hanging Rock (1975)Imdb[ 7.6] {Rotten Tomatoes 94%}[ Mystery/Drama film ekak]seed thiyanawa godak parani unath supiri movie ekak. puluwannam sub denna. tawa mekath supiri film ekak ++The Monster Squad (1987) Imdb 7.2 gatthu ekak ............... me supiri movie 2kata sub denna.........
අසංක ප්‍රදීප් රණතුංග
The Monster Squad (1987) තෝරාගෙන තියන ලිස්ට් එකේ දැනටමත් තියනවා. ඉදිරියට ලැබේවි. අනිත් එක ගැනත් මම හොයල බලන්නම්. Jennifer body ෆිල්ම් එක ගැන මතක් කලාට ස්තුතියි. මට ඔයාගේ නම සටහන් කර ගන්න අමතක වෙලා. මම මේ පාර අනිවාර්යයන් ඔයාගේ නම සටහන් කරගන්නම්. බොහොම ස්තුතියි. බුදු සරණයි.
Rumesh Nilantha Jayaweera.
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
withanage priyantha
මෙම චිත්‍රපට මාලාවට නැවතත් පණදුන් අසංක සොයුරාට හදවතින්ම අවංක ස්තුතිය පුදකර සිටින අතර,"Dracula" නැමති මෙම චරිතය බිහිවීමට හේතු පාදක වී ඇත්තේ පැරණි සත්‍ය සිදුවීමකි.
එකළ ට්‍රාන්ස්සිල්වේනියාව යනුවෙන් හැඳින් වූ දැනට "රුමේනියාව" ලෙස හැඳින්වෙන රටේ වර්ෂ 1431 සිට 1476 දක්වා "Dracula" නම් වංශාධිපතියෙක් වාසය කරලා තියෙනවා. එසේම ඔහු ජනයාට එරෙහිව ඉතා කෲර පාලනයක් ගෙනිහින් තියෙන්නේ.Thisas Nethaka
Great work ! Asanka ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල