Watch Trailer

Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | අතත්‍ය ලොවක යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සෑහෙන්න කාලෙකට පස්සෙ සිනමාපටයකට උපසිරසියක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන්න කල් උනත් ඉවරයක් කරන්න ගොඩක් කල් ගත වුනා එක එක හේතු නිසාවෙන්. හොදයි එහෙමනම් අපි කතාව මොකක්ද කියලා බලලා ඉම්මුකෝ. Dragon Quest your Story නම් ඇනිමේෂන් සිනමාපටය නිර්මාණය වෙන්නෙ DRAGON QUEST වීඩියෝ ගේම් මාලාවේ Drago…

ඔන්න එහෙමනම් සෑහෙන්න කාලෙකට පස්සෙ සිනමාපටයකට උපසිරසියක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන්න කල් උනත් ඉවරයක් කරන්න ගොඩක් කල් ගත වුනා එක එක හේතු නිසාවෙන්. හොදයි එහෙමනම් අපි කතාව මොකක්ද කියලා බලලා ඉම්මුකෝ.

Dragon Quest your Story නම් ඇනිමේෂන් සිනමාපටය නිර්මාණය වෙන්නෙ DRAGON QUEST වීඩියෝ ගේම් මාලාවේ Dragon quest 5 ඇසුරින්. Fantasy/Adventure ලේබලය යටතේ නිපදවෙන මෙම චිත්‍රපටිය 2019 ජූලි 16 තමයි තිරගත වෙන්නෙ. ජපන් භාෂා සිනමාපටයක් ලෙස නිර්මාණය වෙන මෙම සිනමාපටය උපයා ඇති ආදායම ජපන් මුදලින් බිලියන 1.42ක් මෙන්ම ඩොලර්වලින්නම් මිලියන 13ක් ලෙස තමයි අන්තර්ජාලයේ සනිටුහන් වෙන්නෙ.

අපේ කාලයට බොහොම පෙර,
දිව්‍යමය සෙනෙතියන්වරු සිය ශක්තිය මෙහෙයවා
දුෂ්ට නිම්සෝව නඩිරියාවේ සිරගත කළා,
නමුත් මේ ජයග්‍රහණය සදහා
විශාල ජීවිත ගණනක් බිලි වූවා.
යළි දුෂ්ටයෙකු පැමිණ මේ
අදුරු ලෝකයේ ද්වාරයන් විවර කළහොත්,
එය වසා දැමීමට ඇති එකම මග
ශුද්ධමය බලයක් ගැබ් වූ අසිපතක් පමණි.
ශුද්ධ වූ අසිපත අතදැරිය යුත්තෙ
සෙනෙතියන් වංශයෙන් පැවත එන
දිව්‍යමය වීරවරයා විසිනි.

කතාවට අනුව සෙනෙතියන්වරු කියන්නෙ දිව්‍යමය බලයක් සහිත පිරිසක්, ඉතින් කතාවේ ප්‍රධාන චරිතය වෙන ලූකා කියන්නෙ සෙනෙතියන් ලේ ඇති මවකටදාව උපන් දරුවෙක්. නඩිරියාව නම් අදුරු ලෝකයේ සිර කර සිටින නිම්සෝව මුදාගැනීමේ අදිටනින් යක්‍ෂයින් විසින් ලූකාගෙ මවව පැහැරගෙන යනවා. ඊට කාලෙකට පස්සෙ ලූකාට තමන්ගෙ පියාවත් අහිමි වෙනවා වගේම යක්‍ෂයින්ගෙ වහලෙක් බවට පත්වීමට සිද්ධ වෙනවා. වසර 10ක්ම යක්ෂයන්ගෙ වහලෙක් ලෙස සිටි ලූකා තමන්ගෙ මිතුරා සමග එතැනින් පැන ඇවිත් දුෂ්ට බලවේගවලට විරුද්ධව සටන් කළ හැකි දිව්‍යමය වීරවරයා සෙවීමේ ගවේෂණය, සිය මව මුදාගැනීමේ ගවේෂණය ආරම්භ කරනවා.

ඉතින් මේ ගවේෂණය කරගෙන යන අතරේ ලූකාට පැරණි මිතුරන් සේම හතුරන්ද යළි හමුවෙනවා වගේම නොසිතූ දේවල්වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේම යතාර්ථය සහ අතත්‍ය අතර පටලැවිල්ලකටද මූණ පෑමට සිද්ධ වෙනවා. එහෙමනම් ලූකාට අන්ධකාරය විනාශ කොට සිය අරමුණු සාක්‍ෂාත් කරගැන්මට හැකිවේදැයි ඔබම නරඹා දැනගන්න.

ප.ලි- මෙම චිත්‍රපටිය ජපන් සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්සිම නිකුත්ව ඇති අතර මා විසින් උපසිරසි නිර්මාණය කරනු ලැබුවේ ඉංග්‍රීසි භාෂාවෙන් හඩ කැවූ සංස්කරණයකට වන බැව් කාරුණිකව සළකන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි  WEB පිටපත් සඳහා අදාළ වේ.

5,295 downloadsDownload Dragon-Quest-Your-Story-2019.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

5,295 downloadsDownload Subtitles93 KB

18 comments

  1. chanu mikhail

    thank u

  2. Kaviru madushanka

    ස්තුතියි සහෝ උපසිරැසියට !

  3. Vimukthi

    Scary movie 2000 sinhala sub dentako

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Nisal Tharinda

    Thanks Dude

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.පුළුවන්නම් Transformers: War for Cybertron Trilogy
    සබ් දෙන්න.ජය වේවා!

  7. inoka

    ow.........

  8. inoka

    kohomada meka download karanne

  9. indika75

    thanks..

  10. desh_2001

    බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් එකේ අදාල තැනට ලින්ක් එකත් මෙතෙනා දැම්මනම් හොඳයි නේද? (අදහසක් පමණයි)
    උපසිරැසියට ස්තූතියි...........!

    1. ඇඩා ලව්ලේස්

      ඒක නම් ඇත්ත... එතකොට සබ් එක වෙනම ෆිල්ම් එක වෙනම ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ වෙන් නෑ... එතන ඇති මොකක් හරි බිස්නස් තියරියක්.. නොමිලේ සබ්ටයිට්ල්ස් දෙන එකේ ඒම එකක් කරාට ඉතින් වැරැද්දක් කියන්නත් බෑ... හැබැයි දැන් සමහර සිංහල සබ්ටයිට්ල්ස් දෙන වෙබ් සයිට්ස් තියනවා ෆිල්ම් එකයි සබ් එකයි දෙකම එකම තැනින් බා ගන්න පුලුවන්...

  11. Nilush Angana

    Sub ekata thanx

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. nish47

    ස්තූතියි සහෝ

  14. Anonymous

    Thanks bro

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  16. Dewadithya

    Thanks for sub!

  17. Nilush Angana

    Sub ekata thanx