Watch Trailer

Clear and Present Danger (1994) Sinhala Subtitles | පැහැදිලි වර්ථමාන අන්තරාය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් තවත් එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 90 දශකයේ එකක්. ජැක් රයන් කතා මාලාව මතක ඇතිනේ. Tom Clancy නම් රචකයාගේ නවකතාවක එන චරිතයක් තමයි ජැක් රයන්. ටොම් ක්ලෙන්සි රචනා කරපු මේ පොත් පසුකාලෙක චිත්‍රපටි විදිහට නිර්මාණය වෙන…

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් තවත් එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 90 දශකයේ එකක්. ජැක් රයන් කතා මාලාව මතක ඇතිනේ. Tom Clancy නම් රචකයාගේ නවකතාවක එන චරිතයක් තමයි ජැක් රයන්. ටොම් ක්ලෙන්සි රචනා කරපු මේ පොත් පසුකාලෙක චිත්‍රපටි විදිහට නිර්මාණය වෙනවා. ඒ අනුව 1989 රචනා කල Clear and Present Danger යන පොත ඒ නමින්ම සිනමා නිර්මාණයක් විදිහට නිෂ්පාදනය වෙනවා.

ජැක් රයන් කතා මාලාවේ පළවෙනි චිත්‍රපටය 1990 දී ජැක් රයන් ලෙස Alec Baldwin රඟපෑ The Hunt for Red October ලෙසත් දෙවැන්න 1992 Harrison Ford රඟපෑ Patriot Games ලෙසත් 1994 දී Harrison Ford ම රඟපෑ Clear and Present Danger තුන්වෙනි චිත්‍රපටය ලෙසත් 2002 දී Ben Affleck රඟපෑ The Sum of All Fears හතරවන චිත්‍රපටය ලෙසත් 2014 දී Chris Pine රඟපෑ Jack Ryan: Shadow Recruit පස්වන චිත්‍රපටය ලෙසත් තිරගත වුනි. මගේ මේ උපසිරසියත් එක්ක සිංහල උපසිරසි මහ ගෙදර නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය සම්පූර්ණ ජැක් රයන් චිත්‍රපට මාලාවටම සිංහල උපසිරසි ලබා දීලා තියනවා. ඒ සතුට තවත් වැඩි වෙන්නේ කතා මාලාව සම්පූර්ණ වෙන්නේ හරියටම මගේ උපන් දිනේ දවසේ.

The Hunt for Red October සහ Jack Ryan: Shadow Recruit යන චිත්‍රපට දෙකට සිංහල සබ් දුන්න අඩවියේ සහෝදරයන් දෙපලටද මං සුබ පතනවා.

The Hunt for Red October චිත්‍රපටය තිරගතවීමෙන් පස්සේ එහි අධක්ෂකවරයා වන John McTiernan ට අවශ්‍යවෙලා තියෙන්නේ Clear and Present Danger චිත්‍රපටය නිර්මාණය කිරීමටයි. එයට හේතුව Patriot Games චිත්‍රපටය සඳහා John Milius ලියූ තිර පිටපත ප්‍රතික්ෂේප වීමයි. පසුව පැරමවුන්ට් පික්චර්ස් සමාගම සමඟ ලොකු මුදල් ගණුදෙනුවක් එක්ක කරපු සාකච්ඡාවෙන් පසුව නැවතත් Patriot Games චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කර ඇත. එහිදී ජැක් රයන් චරිතයට වැඩි තිර කාලයක් ලබා දීමට 1992 දී නැවත තිර පිටපත ලිවීම සඳහා Donald E. Stewart බඳවාගෙන ඇත. ටොම් ක්ලෙන්සි විසින් ඒ තිර රචනව විවෘතව විවේචනය කිරීමෙන් පසු Steven Zaillian එය නැවත වතාවක් ලියා ඇත්තේ ඔහුගේ අනුමැතිය බලාපොරොත්තුවෙනි. කෙසේ වෙතත් එහි ක්‍රියාදාම දර්ශන පිළිබද උපදෙස් ලබා ගැනීමට චිත්‍රපටය නිෂ්පාදනයේදී John Milius ව රඳවාගෙන ඇත. ඒ අනුව හැරිසන් ෆෝර්ඩ් රඟපෑ Patriot Games සහ Clear and Present Danger යන චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය වන්නේ Phillip Noyce විසිනි.

මේ චිත්‍රපටයේත් ජැක් රයන් යනු CIA හි බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකය. ඔහුගේම සගයින් ඔහුව අඳුරේ තබාගනිමින් හොර රහසේ කොලොම්බියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට එරෙහිව සිදුකල යුද්ධයක අග මුල සොයාගන්නා ක්‍රියාදාම කතාව මේ චිත්‍රපටයට අඩංගු වෙනවා. මෙහි හැරිසන් ෆෝර්ඩ් ට අමතරව John Clark ලෙස Willem Dafoe ද, Jim Greer ලෙස James Earl Jones ද, Ernesto Escobedo ලෙස Miguel Sandoval ද රංගනයෙන් දායක වෙනවා. 1994 අගෝස්තු 03 වනදා එක්සත් ජනපදයේ තිරගත වීම ආරම්භ කල මෙම චිත්‍රපටය නිෂ්පාදනය සඳහා ඩොලර් මිලියන 62ක මුදලක් වැය වී ඇති අතර චිත්‍රපටයේ බොක්ස් ඔෆීස් ආදායම ඩොලර් මිලියන 216ක් පමණ වේ. විනාඩි 141ක් පුරා දිවෙන මේ චිත්‍රපටය ඉතාමත් හොද ඉහළ මූල්‍යමය සාර්ථකත්වයක් ලබාගෙන ඇත. ඒ නිසාම මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 6.9ක අගයකුත් Rotten Tomatoes හි 79% ක් සහ Metacritic හි 74% ක අගයක් ලබාගෙන ඇත.

එහෙනම් අදට මං සමුගන්නම්.. නැවතත් මෙවැනිම ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් එක්ක මං ඔයාලව හම්බවෙන්න එන්නම්. ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..

~ ජය වේවා ~

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,996 downloadsDownload Clear-and-Present-Danger-1994.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

2,996 downloadsDownload Subtitles60 KB

10 comments

  1. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ සුපිරි චිත්‍රපට එකතුවටත් සබ් දෙන්න බලන්න.

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

  2. indika75

    thanks..happy b'day !!!!

  3. asitha

    balala tye.supiri filumak.thanks

  4. ලව්ලි බෝයි

    clear and present danger... කතා කරන්න දෙයක් නෑ. බලල තියන සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක්.. මේකෙ තියන computers, phones වෙනුවට අලුත් ඒවා replace කරන්න පුලුවන් උනා නම් 2020 හදපු චිත්‍රපටියක් විදිහට උනත් පෙන්නන්න පුලුවන්...
    සබ් එකට ස්තූතියි....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pramukmili

    Thanxxxx bro.............

  7. Dewadithya

    Thanks for sub!

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. dasun

    thanks

  10. Chandika Lakmal Weerakoon

    thanks bro..