Watch Trailer

Ju-on: Black Ghost (2009) Aka Ju-on: Kuroi shôjo Sinhala Subtitles | කළු අවතාරය [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්නු Ju-On චිත්‍රපට මාලාවේ Ju-On: Black Ghost එහෙමත් නැත්නම් Ju-On: Kuroi Shojo කියන 2009 වසරේදී නිකුත් කරපු චිත්‍රපටය. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Mari Asato නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. චිත්‍රපටය මු…

කොහොමද යාළුවනේ, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්නු Ju-On චිත්‍රපට මාලාවේ Ju-On: Black Ghost එහෙමත් නැත්නම් Ju-On: Kuroi Shojo කියන 2009 වසරේදී නිකුත් කරපු චිත්‍රපටය. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Mari Asato නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. චිත්‍රපටය මුල් වරට නිකුත් කරලා තියෙන්නේ 2009 වසරේ ජූනි 27 වෙනිදා. ඒවගේම එදිනම මෙම චිත්‍රපට මාලාවේම Ju-On: White Ghost කියන චිත්‍රපටයත් නිකුත් කරලා තිබෙනවා. ඒකටත් ඉක්මනට සබ් එක දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙම චිත්‍රපටය සඳහා Imdb දර්ශකයේ 5.4 ප්‍රේක්ෂක මනාපයක් සහ Google පරිශීලකයන් 77% මනාපයක් ලබා දී තිබෙනවා. ඒ වගේම මේක අයත් වන්නේ Fantasy|Horror කියන කාණ්ඩ වලට සහ සම්පූර්ණ ධාවන කාලය වන්නේ විනාඩි 60ක් වැනි කෙටි කාලයක්.

මෙම චිත්‍රපට මාලාවේ අනෙකුත් චිත්‍රපට මෙන්ම මෙයද විවිධ කාල රාමු ඔස්සේ නිර්මාණය කර තිබෙනවා. එම සිද්ධීන් එකින් එක ගළපාගැනීමෙන් තමයි අවසානෙට කතාව තේරුම් ගැනීමට හැකියාව ලැබෙන්නේ. චිත්‍රපටය ආරම්භ වෙන්නේ යොෂියුකී කියන පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ මාරිකෝ සහ පුතා තකාෂි යන තිදෙනාව සාහසික ලෙස ඝාතණය කරපු ප්‍රවෘතියක් සමගයි. ඉන් පසුව මෙයට හේතූ වූ සිද්ධීන් ටික ඔයාලට ඉදිරියට පෙන්වන විවිධ සිද්ධීන් ඔස්සේ දැක ගන්න පුළුවන්. මෙහි ඇතුලත් වෙන කතාව ඔයාලට විස්තර කළොත් ඇත්තටම බලන එකෙත් තේරුමක් නැති වෙයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා අවසානය දක්වා වෙන දේ බලලා තේරුම් ගන්න කියල ඔයාලට ආරාධනා කරනවා.

හරි එහෙනම් මම ගිහිල්ල එන්නම්. නැවත ඉක්මනින්ම උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

https://www.youtube.com/watch?v=ZHz9fk4odUk

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,287 downloadsDownload Ju-On-Black-Ghost-2009.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,287 downloadsDownload Subtitles16 KB

7 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  2. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ

  3. Dewadithya

    Thanks for sub!

  4. indika75

    thanks..

  5. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!