කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ පාර මොකක්ද ගෙනාවේ කියලා. 2017 වර්ෂයේ නිකුත් වුන චීන සිනමාපටයක් වෙන GOD OF WAR සිනමා පටය IMDB දර්ශකයේ 6.4ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Gordan Chanගෙ අධ්…

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ පාර මොකක්ද ගෙනාවේ කියලා.
2017 වර්ෂයේ නිකුත් වුන චීන සිනමාපටයක් වෙන GOD OF WAR සිනමා පටය IMDB දර්ශකයේ 6.4ක අගයකුත් කුණු තක්කාලි දර්ශකයේ 80%ක් වැනි ඉහළ අගයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. Gordan Chanගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වෙන මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය චීන ක්‍රියාදාම නළුවෙක් වෙන Vincent Zhao විසින් රග දක්වනවා.
චීන මින්ග් රාජවංශික සමයේ එල්ල වූ ජපන් ආක්‍රමණ අලෙළා නිර්මිත මේ සිනමා සිත්තම තුළ එවකට ජපානයෙන් එල්ල වූ ආක්‍රමණවලට Qi Jiguang නම් සෙන්පතියා විසින් සාර්ථකව මුහුණ දුන් ආකාරය මැනවින් විදහා දක්වනවා. ක්‍රිව 1522 සහ 1567 අතර කාලසීමාව තුළ ජපන් කොල්ලකරුවන් විසින් චීන භුමිය ආක්‍රමණය කරන අතර එවකට මින්ග් සේනාවට එම ආක්‍රමණවලට මුහුණ දීම දැඩි අසීරු කටයුත්තක් වෙනවා. එවන් මොහොතක කී ජියාගන් නම් තරුණ සෙන්පතියෙක් තමා යටතේ වෙනමම සේනාවක් පුහුණු කරමින් නව සටන් ක්‍රම නිර්මාණය කරමින් එම ආක්‍රමණවලට මුහුණ දෙනවා.ඉතින් එම සත්‍ය සිදුවීම් පෙළක එක් යුධයක් තමා මේ සිනමාපටයේ අන්තර්ගත වෙන්නෙ.
ජපන් සෙබළු විසින් කොල්ලකරුවන් එනම් රොනින්වරුන්ගේද සහය ඇතුව චීනය ආක්‍රමණය කොට බලකොටුවක් අල්ලාගන්නවා. සෙන්පති යූ ඩායු යටතේ සේනාවක් කොතරම් උත්සහ කළත් ඔවුන් පැරදවීමට නොහැකි වෙන අතර නව සෙන්පති කී ජියාගන් හට එම කර්තව්‍යය බාර වෙනවා. එයින් සාර්ථකව කී ජයග්‍රහණය කළත් ඔහුට ඊළගට මුහුණ දෙන්නට සිදු වෙන්නෙ සුවිසල් අහියෝගයකටයි. එනම් ජපන් සෙබළු විසිදහසකට එරෙහිව ඔහුගෙ තුන්දහසක සේනාවෙන් සටන් වැදීමට සිදු වෙනවා.
එම කර්තව්‍යයෙදි මින්ග් සේනාවට එකවර නගර තුනක ආරක්‍ෂාව සපයන්න වෙනවා. ඉතින් අපි බලමු විසිදහසක සේනාවක් සමග තුන්දහසක සේනාවක් කෙසේනම් සටන් වදින්නේද කියා. එහෙනම් යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
8,135 downloadsDownload God-of-War-2017-aka-Dang-kou-feng-yun.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
19 comments
Kantha_DLA
Malith Sandeepa
සුපිරි❤
මේ වගේ සබ් නැතුව තියන අනිත් සුපිරිම ෆිල්ම් වලටත් සබ් දෙන්නAnonymous
Thanks
prasanga
thanks....
Dewadithya
Thanks for sub!
nothingissafe123
Thanks Bro
nothingissafe123
Yup
Kantha_DLA
Request :
Antebellum (2020)
Cut Off (2018)RuwanLakshan93
ස්තූතිය ජය වේවා..!!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Request:
Crimes That Bind (2020) Spanish
Do not Reply (2020)
Death of Me (2020)
2067 (2020)
12 Hour Shift (2020)isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
nuwan
sub eka akru wena monawada pennanna
Anonymous
thanks bro
MAXR
thanks broooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!