Watch Trailer

Drifting Home (2021) AKA Ame wo Tsugeru Hyôryû Danchi Sinhala Subtitles | සිහින ලොවක ත්‍රාසජනක ගමනක්… [සිංහල උපසිරසි]

සිහිනයක් ඇත්තටම අත්වි‍ඳින්න ලැබුණොත්? එසේ මෙසේ එකක් නෙමේ ත්‍රාසජනක එකක්! එහෙනම් ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද? ඉතින් පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා සිට Netflix හරහා ස්ට්‍රීම් වීම ඇරඹුණු ‘ඩ්‍රිෆ්ටින් හෝම්’ ඇනිමේ ෆිල්ම් එකටයි මේ සබ් අරගෙන ආවේ. Trailer එක බලපු දවසේ ඉඳලම මේක බලන්න මම නම් ඇඟිලි ගැන ගැන හිටිය…

සිහිනයක් ඇත්තටම අත්වි‍ඳින්න ලැබුණොත්? එසේ මෙසේ එකක් නෙමේ ත්‍රාසජනක එකක්! එහෙනම් ඒක මොනවගේ අත්දැකීමක් වෙයිද?

ඉතින් පසුගිය සැප්තැම්බර් 16 වෙනිදා සිට Netflix හරහා ස්ට්‍රීම් වීම ඇරඹුණු ‘ඩ්‍රිෆ්ටින් හෝම්’ ඇනිමේ ෆිල්ම් එකටයි මේ සබ් අරගෙන ආවේ. Trailer එක බලපු දවසේ ඉඳලම මේක බලන්න මම නම් ඇඟිලි ගැන ගැන හිටියේ. ඉතින් මෙවරත් ඔන්න හැමෝටම එක වගේ රස වි‍‍ඳින්න පුලුවන් ඇනිමේ එකක් ලැබිලා තියෙනවා. ඇත්තටම මට නම් මේක වාව් කියන්න පුලුවන් ලෙවල් එකේ ඇනිමේ එකක්. ඇස් මොහොතකටවත් චිත්‍රපටයෙන් වෙනතකට ගියේ නෑ.😌

ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MAL වලින් 7.33 ක අගයකුත්, Imdb 6.2 ක අගයකුත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට මේකට ලැබිලා තියෙනවා. MAL වලින් මේක Fantasy කියන genre එකට විතරක් දාලා තිබ්බට, මේක Adventure ගොඩටත් වැටෙනවා කියන එකයි මගේ මතය නම්.

මේක නිෂ්පාදනය කරන ස්ටුඩියෝ එක ගැනත් නොකියම බෑ. කට්ටියට මතකද A Whisker Away? 2020 දී ගොඩක් ජනප්‍රිය උණු ඒ ඇනිමේ එකම නිෂ්පාදනය කරපු Colorido Studio එකම තමා Drifting Home නිෂ්පාදනය කරන්නෙත්.

ඉතින් මේකට Ayumu Murase, Asami Seto, Kobayashi Yumiko, Inori Minase, Tamura Mutsumi, Yamashita Daiki, Kana Hanazawa යන voice actors ලා දායකත්වය දෙනවා. ඒ වගේම Theme Songs Perform කරන්නේ ZUTOMAYO විසින්.

ඉතින් ඔය ටික තමා මූලික වශයෙන් දැනගන්න තියෙන්නේ.

සම්පූර්ණ කතාවම ‘කමොනොමියා’ කියන මහල් නිවාසය වටායී නිර්මාණය වෙලා තියෙන්නේ. කාලයාගේ ඇවෑමෙන් මේක කඩා ඉවත් කරන තැනට පත්වෙලා. කලින් මේ මහල් නිවාසයේ ජීවත් උනු කෝසුකේට හා නත්සුමේට මේ මහල් නිවාසය හා බැඳුණු වටිනා මතකයන් රැසක් තියෙනවා. ඒ වගේම බිඳහෙලිය නොහැකි බැඳීමකුත්.

නමුත් මේ මහල් නිවාසයේ අභිරහසක් තියෙනවා. නත්සුමේ හා කෝසුකේ ප්‍රමුඛ මේ පොඩි කොල්ලෝ කෙල්ලෝ ටික මේ අභිරහස වටා ගොඩනැඟුණු ත්‍රාසජනක අත්දැකීමකට මුහුණ දෙනවා. ඒ බාධක, හැල හැප්පීම් සහ බලාපොරොත්තු සුන්වීම් වැනි කටුක අත්දැකීම් රැසක් මැද්දේ.

ගතින් පොඩි වුනත්, හිතින් ශක්තිමත් මේ ධෛර්යවන්ත පොඩි එව්වෝ ටික මේ ත්‍රාසජනක අත්දැකීමට කොහොම මුහුණ දෙයිද? අවසානයේ මේ සියල්ලෝම නිරුපද්‍රිතව තම නිවෙස් කරා යාමට සමත් වෙයිද?

එසේ නම් ඒ පැනයට පිළිතුරු සෙවීම දැන් ඔබට භාරයි.

ඉතින් මේ අපූරු ඇනිමේ චිත්‍රපටයත් රස විඳින්න. තවත් දවසක ඇනිමේ එකකින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.👋

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,113 downloadsDownload Drifting.Home_.2022.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

3,113 downloadsDownload Subtitles53 KB

14 comments

  1. anuradha

    ponyo kiyana ekatath dennako

    1. Pavith Wijesooriya

      ඒකට සබ් දීලා තියෙන්නේ

    2. anuradha

      dvdrip thiyenne bn eka hoyagann na. bluray ekata denn barida

    3. Pavith Ravidhu

      උත්සහ කරන්නම් සහෝ

    4. Pavith Wijesooriya

      උත්සහ කරන්නම් සහෝ

  2. Pahasara

    Thankz machn sub ekta...

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. Pavith Wijesooriya

    අදහසක් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Ishan Madusha

    බොහෝම ස්තූතියි...