මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි. මෙහි කතා සාරාංශය වන්නේ, සුනිල්, දිල්ලි නගරයේ ඔහුගේ මව සහ සහෝදරිය සමඟ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරයි. ධනවත් පවුලක සුන්දර තරුණියක් වන ඇනීටා සිතුවම…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “එකසිය දහවන උපසිරසිකරණයයි” යි. මෙය හින්දි සිනමාවේ IMDb 7.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමාපටයකි.
මෙහි කතා සාරාංශය වන්නේ,
සුනිල්, දිල්ලි නගරයේ ඔහුගේ මව සහ සහෝදරිය සමඟ මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරයි. ධනවත් පවුලක සුන්දර තරුණියක් වන ඇනීටා සිතුවමක් සඳහා පෙනී සිටින විට සුනිල්ට හමුවේ. එවෙලේ ඇයගේ පෙනුම අනුව සුනිල් සිතන්නේ ඇය දුප්පත් පවුලක් තරුණියක් බවයි. ඒ නිසා ඔහු විසින් ඇයට තෑගී පිරිනමයි. පසුව දෙදෙනාම එකිනෙකාට ආකර්ෂණය වේ. එතැන් සිට තමා ධනවත් පවුලක කෙනෙක් නොවන ලෙස ජීවත්වීමට ඇනීටාට මහත් වෙහෙසක් ගැනීමට සිදුවෙයි. පසුව සුනිල් සහ ඇනීටා විවාහ වීමට අදහස් කර, සුනිල් තම මවට ඇනීටාව හඳුන්වා දෙයි. දිනක් සාදයකට සහභාගී වෙමින් සිටියදී ඇනීටා ධනවත් පවුලක කෙනෙක් බව දැනගත් සුනිල් කනගාටුවට පත් වෙයි. මේ රැවටිල්ලෙන් තුෂ්නිම්භූත වූ ඔහු ඇය සමඟ කිසිම සම්බන්ධයක් පවත්වන්නේ නැති බවට දිවුරා කියා සිටිනවා. ඇනීටා මේ දේවල් සමනය කිරීමට උත්සාහ කරන විට, ඇනීටාගේ පවුලට සම්බන්ධ අජිත් නැමැත්තෙක් ඇනීටාව විවාහ කරගැනීමේ අදහසින් සිටින ඔහු මේ සම්බන්ධය දැනගෙන එය කඩා දැමීමට සැලසුම් කරයි. එහිදී සුනිල්ගේ මව හමුවෙයි. සුනිල් කුඩා කාලයේදී තමාගේ පියා මරා දමන ලද ඝාතකයා ගැන හෙළිවෙයි. එතැන් සිට ගැටළු රාශියක් පැන නඟී. මේ නිසා අවසානයේ කුමක් සිදු වේවිද? ධමේන්ද්‍ර සහ ආශා පාරෙක් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්,ගෝල්මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවානා, දුල් කා ෆූල්, බවර්චී, තුම්සා නහින් දේකා, ශාග්‍රිඩ්, ජාන්වාර්, අන්ජානා, සට්ටේ පී සට්ටා, රාම් අවුර්ශ්‍යාම්, චුප්කේ චුප්කේ, ශිකාර්, චල්ටිකා නාම් ගඩ්ඩි, වක්ත්, නීල් කමාල්, චෝට්ටිසි මුලාකාත්, චෞඩ්වින් කා චාන්ද්, දීදාර්, අභිනෙට්ට්‍රී, බහාර්, දිල් දෙකෙ දේකෝ, අනුපමා, ගුංග්හාට්, අයේ දින් බහාර් කේ, බාබුල්, අනර්කාලී, ටරානා, ඩාග්, ලව් මැරේජ්, ගුම්නාම්, බීස් සාල් බාඩ්, කාලා බසාර්, මේන් චුප් රාහුන්ගී, ද තරඩ් මෑන්, ඒක් හයි රාස්ටා, අමර් දීප්, දිල් තෙර දිවානා, ආයා සාවන් ජූම් කේ, ඩබල් ඉන්ඩේමිනිටි, ප්යාර් දිල් ලයා හූන්, පාතාර් කී සනම්, සද්නා, ජබ් පාර් කිසිසේ හෝතා හේ.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
Mere Hamdam Mere Dost | full Hindi Movie | Darmendra | Sharmila Tagore | Mumtaz යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු විසිහතයි, තත්පර තුනක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසිකරණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලා පොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම 1950 සිට 1975 දක්වා වසරවල බොහෝ ඒවාද මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසිය Youtube පිටපත සඳහා අදාළ වේ
735 downloadsDownload Mere-Hamdam-Mere-Dost-1968.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
12 comments
Kantha_DLA
Kantha_DLA
Ape kalaye film walata upasirasi
labadena obathmata,
" niduk nirogi suwa labewa........! "
Ravindu_Heshan
අයියේ පුළුවන් නම් පරණ දෙමල ෆිල්ම් ටිකකුත් දෙන්නකො
Anonymous
Old is gold, Thanks!
ලසා
මම පලමු වතාවට තමයි පැරණි චිත්‍රපටයක් මෙහෙම බලන්න හදන්නෙ. ජයවේවා ✌
Anonymous
පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් කරනා සේවයට ස්තුතියි...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුති..
Advertisement
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!