අද කාලෙ එන චිත්‍රපට වලව වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ පැරණි චිත්‍රපට නැරඹීමට. එහි තිබෙන සුන්දරත්වය කියා නොම කරන්න බැහැ. සමහරක් ඒවායින් ජීවිතය පාඩම් පවා එකතු වෙනවා. ඇතැම් චිත්‍රපට සදාකල් අප මතකයෙ රැදෙනවා. ඉතින් අද රැගෙන ආවේ මා සිත්ගත් එවැනි චිත්‍රපටයක් රැගෙනයි. චිත්‍රපටය නිකු වුණේ 1989 වර්ෂයෙ. මේ වෙනක…

අද කාලෙ එන චිත්‍රපට වලව වඩා මම ගොඩක්ම ප්‍රිය කරන්නෙ පැරණි චිත්‍රපට නැරඹීමට. එහි තිබෙන සුන්දරත්වය කියා නොම කරන්න බැහැ. සමහරක් ඒවායින් ජීවිතය පාඩම් පවා එකතු වෙනවා. ඇතැම් චිත්‍රපට සදාකල් අප මතකයෙ රැදෙනවා. ඉතින් අද රැගෙන ආවේ මා සිත්ගත් එවැනි චිත්‍රපටයක් රැගෙනයි. චිත්‍රපටය නිකු වුණේ 1989 වර්ෂයෙ. මේ වෙනකොට IMDb අගය 7.4 ක් සහ කුණු තක්කාලි අගය 82% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය 62 වෙනි ඔස්කාර් සම්මාන උළලේදී Best Picture පවා අරගන්න සමත් වෙලා තියෙනවා වගේම නාමයෝජනා 9 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් Jessica Tandy l Morgan Freeman l Dan Aykroyd l Esther Rolle l Patti LuPone දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මිස් ඩෙයිසි කියන්නෙ හරිම මුරණ්ඩු කාන්තාවක්. ඇය හුඟක්ම වයසයි. වෙනදාට තමන්ගෙ වාහනය තනියෙම එලවාගෙන ගිය ඇයට පැදගෙන යන්න නොහැකි තත්ත්වයක් තමයි උදා වෙන්නෙ. දවසක අපි හැමෝම එහෙමනෙ. ඔන්න ඉතින් මෙයාගේ පුතා බල කරනවා රියදුරෙක්ව අරගෙන දෙන්නම් කියලා. නමුත් ඇයගෙ ඇති මුරණ්ඩු කමට එපාම කියලා. අන්තිමේදී එයාගෙ පුතා රියදුරෙක්ව වැඩට ගන්නවා. හැබැයි මෙයා පොඩ්ඩක්වත් එයාව ගණන් ගන්නෙ නැහැ. ඔහුට බැන වදිනවා. වෙනස්කම් කරනවා. නොයෙකුත් දේවල් කරනවා. සමහර වෙලාවට සොරා පවා කියලා දෝෂාරෝපණය කරනවා. ඒ මොකද මෙයාට බඩගිනි වෙලා දවසක් ටින් එකක තිබෙන කෑමක් කනවා. නමුත් ඩෙයිසි හිතන්නෙ ඔහු හොරකම් කරලා කියලා. ඔහුගෙ ජාතිය ගැන කියමින් දොස් පවරනවා. නමුත් ඔහු ඒ කාපු එකට හරියන්න එකක් කඩෙන් රැගෙන ඇවිත් නැවත දෙනවා. හැබැයි ඒ දෙන්නෙ ඒ බැන වදින වෙලාවෙ නෙමේ. ඊට කලින් ඔහු වැඩට එද්දී. ඔන්න එදා ඉඳල ඩෙයිසිට තිබ්බ හැම හැඟීමක්ම ටිකෙන් ටික නැතිවෙනවා. හැබැයි මං මේ කියන්නෙ පොඩ්ඩයි. ඉතින් ඇයට මේ රියදුරාව හරියටම තේරුම් ගන්න පුළුවන් වෙයිද? ඩෙයිසි තමන්ගෙ ජිවිතයට මෙමගින් පාඩමක් ඉගෙනගනියිද? අවසානය වෙනකම් නරඹන්නකො. ඔබගේ කාලය අපතේ යැවීමක් නොවේවි කියා මං පොරොන්දු වෙනවා.
තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
1,291 downloadsDownload Driving.Miss_.Daisy_.1989.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
16 comments
Rakitha Poornima Ranathunga
Supun Kaushalya
මෝගන් ෆ්‍රීමන් ඉපදුනේම වයසට ගිහින්ද මිනිහා ඒ දවස්වල විදිහමයි තාමත් :D :D <3 සුපිරි නලුවෙක්
තෑන්ක්ස් සබ් එකටTHILOCHANA
your chosen is so amazing thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
අශේන් K.
අනිවා බලනවා, මේ ටිකේම පරණ ෆිල්ම් බල බල හිටියෙ.
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පරණ ෆිල්ම් වලට ආසා නම් තව දෙන්නකෝ පරණ ෆිල්ම්. දැන් රොෂාන් සහෝගෙන් පරණ ෆිල්ම් හම්වෙන්නෙත් නෑ අපට.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bandara
අපට මගහැරුණ විශිෂ්ඨ චිත්‍රපටි බොහොමයක් ලෝක සිනමාවෙ තියෙනව.. බොහොම ස්තූතියි රවිදු..
indika75
thanks..
කවිඳු ජයවර්ධන
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.මම පුද්ගලිකව සයිට් එකට එන්නෙ එක්කො මිනි සීරීස් එහෙම නැත්තන් පරණ ෆිල්ම්, ඔය කියන දෙවර්ගෙ සබ් ගන්න විතරයි..ඒ මොකද අලුත් ෆිල්ම්,සීරීස් උණුවෙන්ම බලන්න ඕනෙ වගේම ඉංග්‍රීසිවල අඩුපාඩුටික හදාගන්නත් ඕනෙ නිසා..අනිත් කාරනේ තමයි පරණ හොඳ ෆිල්ම් ගැන දැනගන්න ක්‍රම හරිම කීපයයි තියෙන්නෙ..සිනමාවේදීන් සමූහයට පස්සෙ ඒකෙනුත් ප්‍රධානම තැනක් ගන්නෙ බයිස්කෝප් සයිට් එක තමයි..ඒ හින්ද මේ සබ් එක වගේම ලිපියත් ගොඩක් වටිනව සහෝ..
අලුත් ෆිල්ම්වලට සාපේක්ෂව ලැබෙන කමෙන්ට් වගේම ඩව්න්ලෝඩ් ප්‍රමාණෙ අඩු වුනත් පුලුවන් විදිහට පරණ ෆිල්ම්වලටත් සබ් දෙන්න බලන්න.මොකද එතකොට බයිස්කෝප් සයිට් එකේ හිස්තැන් පිරවෙනව වගේම අලුත්,පරණ,භාෂා භේදයක් නැතුව ෆිල්ම් බලන අපි වගේ අයට කරන ලොකු සේවයක් ඒක.මේ ෆිල්ම් එක කලින් බලල තිබුනත් සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජය..!!!Anonymous
sub ekata thanks bro
me movie ekata puluwannam sub denda puluwanda The Beach Bum 2019Anonymous
Thanks Brother
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අඩෝ මම මේක කරන්න හිතාගෙන හිටියේ බන්. මගෙත් ආසම කතාවක්. තෑන්ක්ස් සබ් එකට!