කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආව. අරන් ආවෙත් ලොකු පොඩි හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් නියම කතාවක්. ඒ විතරක් නෙවේ මේක තමා මං කරපු ලයින් වැඩිම සබ් එක. ලයින් 1800 ගානක් තිබ්බ. කතාව පැය එක හමාරයි උනාට සිංදුත් එක්ක කතාව ගලාගෙන යන නිසා ලයින් වැඩී. ඉතින් ඔයාලට ලස්සන සිංදු ටික…

කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් හුඟ කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආව. අරන් ආවෙත් ලොකු පොඩි හැමෝටම එකට ඉදන් බලන්න පුළුවන් නියම කතාවක්. ඒ විතරක් නෙවේ මේක තමා මං කරපු ලයින් වැඩිම සබ් එක. ලයින් 1800 ගානක් තිබ්බ. කතාව පැය එක හමාරයි උනාට සිංදුත් එක්ක කතාව ගලාගෙන යන නිසා ලයින් වැඩී. ඉතින් ඔයාලට ලස්සන සිංදු ටිකකුත් එක්කම මේක රස විඳින්න පුළුවන්. ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එක අපේ වට්සැප් ස්ටේටස් පෙම්වතුන් අතරෙත් ගොඩක් ජයප්‍රිය උනා. මේකෙ සිංදු, වීඩියෝ කොටස් එහෙම. ඔය මදෑ කියෙව්ව.. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු,
මේ කතාව නිකුත් වෙන්නෙ 2020 අගෝස්තු මාසයේ 7 වෙනිද Netflix හරහායි. මේක අධ්‍යක්ශනය කරන්නෙ Laura Terruso විසින් සහ මේකට රංඟනයෙන් දායක වෙන්නෙ Sabrina Carpenter, Jordan Fisher,Liza Koshy, Keiynan Lonsdale වැනි අයයි. ඒවගේම මේකට IMDb දර්ශකේ 6.1 වැනි හොඳ අගයකුත් Rotten Tomatoes අගය 85%ක් ද ලැබිල තියෙනව.
ඔයාලට මොකද හිතෙන්නෙ ඇල්බට් අයින්ස්ටයින් අද හිටියනම් හොඳ කොලේජ් එකකට යා ගන්න පුළුවන් වෙයිද? එයා ගොඩක් ගනිතයට, විද්‍යාවට දක්ශ කෙනෙක් තමා ඒත් විශය භාහිර දේවල් වලට දක්ශ කම් තිබුනද? අන්න ඒවගේ ප්‍රශ්නෙකට මූන දීපු කෙනෙක් තමා කුයින් ඇක්මන් කියන්නෙ. එයාට යන්න ඕනෙ වෙලා තියෙන ස්කූල් එක තමා Duke කියන්නෙ. එයාට ඒකට යන්න සුදුසු කම් ඉහටත් උඩින්. GPA එකම 4.0ක්. ඒත් ඉතින් කොරහකට හිට්ටෙ DUKE එකේ ඉන්ටවිව් කරන කෙනා වන මිස්. මියස් වෙනස් දේවල් වලට කැමති වෙනසක් කරන්න පුළුවන් කෙනෙක්ව හොයන කෙනෙක්. ඉතින් කුයින්ට පොතේ පතේ දේවල් වලට අමතරව විශය බාහිර ප්‍රැක්ටිකල් දේවල් නම් තිබුනෙ නෑ. ඉතිං මෙයාට ඩියුක් එකට යන්න තිබ්බ හීනෙ නිසාම මෙයා යාලුවෙක් එක්ක ඩාන්ස් ටීම් එකක් පටන් අරන් Work It Competition එකට තරඟ වදිනව මිස්.මියස් ගෙ හිත සතුටු කරන්න…ඉතිං ජීවිතේට නටල නැති කුයින්ට ඩාන්ස් කරන එක ලේසි වෙයිද මෙයා මොනව කරගනීද? වගේම මෙයාල කොහොම එයාලගෙ හීන කරා යයිද කියල ඔයාලම බලන්න.
ආහ් තව දෙයක් මං මේකට සබ් කරද්දි එදිනෙදා පාවිච්චි වෙන ඉංග්‍රීසි වචන එහෙම්මම දැම්ම උචිත විදිහට. සිංහල වචනෙට වඩා ඉංග්‍රීසි වචනෙ ඔයාලට හුරු නිසා. වගේම ඔයාල බලද්දි ප්ලේයර් එකේ ෆොන්ට් සයිස් එක අඩු කරන් බලන්න.
එහෙනම් කට්ටියම පරිස්සමෙන් ඉන්න. කොවිඩ් නිසා රටේ තත්වෙත් එච්චර හොද නෑ. ඒ නිසා ගෙදරට වෙලාම ඉන්න කියල මතක් කරන ගමන් සමුගන්නව. තව උපසිරසියකින් හමුවෙමු ජය වේව!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,635 downloadsDownload Work-It-2020.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
17 comments
anuk ekmin
anuk ekmin
sahena kal balan hitiya meke sub danakan... thanks....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Film eknm bluwa hituwe n subtitles dai kiyl
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
indika75
thanks..
Udaya Fdo
Thank you
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Malith Samarawickrama
Thanks sub ekata
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
J.Lucky
අඩෝ තෑංක්ස් බොසා ❤ සබ් එක නැතුව අවුලෙ හිටියෙ
MAALNATH
Thanks.....good luck....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sub ecata tnx brdh , priyuraalu,adbutham me deket sub one brdh
Mohan
Sub ecata tnx brdh , priyuraalu,adbutham me deket sub one brdh
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!A Silva
Meke vedio eka download kraganna web site ekak recommend karanna puluenda please
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you love you umma......