Watch Trailer

The Dandelions (2012) | රශෙල් හා ඇගේ අපූරු මිතුරිය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මගේ හත්වෙනි උපසිරසි නිර්මාණය හැටියට ඉතාම අපුරු ප්‍රංශ චිත්‍රපටියක් තමයි අරගෙන ආවෙ. ළමයින්ගෙ මනස ගැනත් වැඩිහිටියො ගැනත් ඉතා සියුම්ව, විනෝදාත්මකව කතාබහ කරන අර්ථාන්විත, ආදරණීය චිත්‍රපටියක් කියුවොත් නිවැරදියි. කතාව අසංවරයි වගේ උණාට වැඩිහිටියන්ට පමණයි දර්ශන මුකුත්ම නෑ. හැබැයි මේ ළමයි කතා…

Dv vent copy

කොහොමද යාළුවනේ. මගේ හත්වෙනි උපසිරසි නිර්මාණය හැටියට ඉතාම අපුරු ප්‍රංශ චිත්‍රපටියක් තමයි අරගෙන ආවෙ. ළමයින්ගෙ මනස ගැනත් වැඩිහිටියො ගැනත් ඉතා සියුම්ව, විනෝදාත්මකව කතාබහ කරන අර්ථාන්විත, ආදරණීය චිත්‍රපටියක් කියුවොත් නිවැරදියි. කතාව අසංවරයි වගේ උණාට වැඩිහිටියන්ට පමණයි දර්ශන මුකුත්ම නෑ. හැබැයි මේ ළමයි කතා කරන අසභ්‍ය දෙබස් නම් ටිකක් තිබුණා. සබ් දාන එක නතර කරල මට තනියම හිනා ගිය තැන් ගොඩක් තිබුණා. වචන කීපයක් විතරක් ඒ විදියටම සිංහලට දැම්ම අනිත් ඒවනම් ටිකක් සැර බාල කරල ලියුවා. පුළුවන් උපරිමයෙනම සබ් එක කරන්න උත්සාහ කළා.

පොඩි දෙයක් කියන්න හිතුණා. සිංහල විතරක් දන්න කෙනෙකුට මෙතන ඇරෙන්න චිත්‍රපටය ගැන කියවන්න වෙන තැනක් නැනෙ. සබ් එක දෙන කෙනා කියනවට වඩා ඔයාලගෙ අදහස් ගොඩක් වටිනවා ඊළගට සබ් එක ගන්න එන කෙනාට චිත්‍රපටිය බලනවද නැද්ද තීරණය කරන්න. ඒ අයට කරන උපකාරයක් හැටියට චිත්‍රපටිය බැලුව නම් ඇවිල්ල වචන දෙක තුනක වත් පුන්චි අදහසක් දක්වල යන්න චිත්‍රපටය ගැන. ඔයාලගෙ වචන කිහිපය මහන්සි වෙලා සබ් එක නිරමාණය කරන කෙනාට වගේම සබ් ගන්න එන අයටත් කරන ලොකුම ලොකු උදව්වක්. මම කලින් දීපු The Hunchback of Notre Dame චිත්‍රපටියට ලැබුණ ප්‍රතිචාර ගැන සතුටු වෙනවා. වචනයක් හරි ලියපු හැමෝටම ගොඩක් ම ස්තුති කියන්න කැමතියි.

කතාව කියනම්කෝ:
කතාවෙ ප්‍රධාන චරිතය තමයි රශෙල් කියන නිතරම නොසතුටෙන් වගේ ඉන්න. යාළුවො කවුරුත් නැති පොඩි ගෑනු ළමය. රශෙල් 4 ශ්‍රේණියට අලුතින් ඇතුළත් වෙද්දි වාඩි වෙන්න ලැබෙන්නෙ ලැබෙන්නෙ ටිකක් කටකාර, අසංවර, නරක වචන කියන වලෙරි කියන ළමය ගාව. රශෙල්ගෙ අම්ම රශෙල්ගේ අවුරුදු නමය පිරෙන උපන්දිනේට පාසලේ යාළුවන්ට ගෙදර පාටියක් ලෑස්ති කරල කෑම ගොඩක් හදාගෙන හිටියත් පාටියට එන්නෙ වලෙරියි එයාගෙ අම්මයි විතරයි. මේ විදියට රශෙලුයි වලෙරියි හොදම යාළුවො වෙනවා.

අලුත් පන්තියේ ගුරුතුමී ටිකක් රාගික විදියෙ ඇදුම් අදින කෙනෙක්. නම ඩැනියෙල්. ඩැනියෙල් මිස් මේ දෙන්නත් එක්කම හිත හොදින් නෙවේ ඉන්නෙ වලෙරිගේ කටකාරකම්, දගකාරකම් නිසා. ඩැනියෙල් මිස්ගෙ මහත්තයත් වැඩ කරන්නෙ ඒ පාසලේමයි.
දවසක් ස්කෝලෙදි රශෙලුත් වලෙරියි දකිනවා වැසිකිළිය ඇතුළෙ ඩැනියෙල් මිස් තවත් ගුරුවරයෙක් එක්ක අසංවරව හැසිරෙන දර්ශනයක්. වලෙරි මේ කවුද කියල හරියට බලා ගන්න ඉස්කෝලෙ ඇරුණම රශෙලුත් ඇදගෙන ඩැනියෙල් මිස්ගෙ පස්සෙන් යනවා. ගිහිල්ල ඩැනියෙල් මිස් ස්කෝලෙ ව්‍යායාම ගුරුවරයත් එක්ක අසංවරව හැසිරෙන හැටි බලන් ඉන්නවා. ඒ බලල නිකන් ඉන්නෙත් ඉන්නෙත් නෑ.යාළුවන්ට රගපාලම පෙන්නන තරමට මේ දෙන්න හොදටම පැහිලා.කතාව ගලාගෙන යන්නෙ රශෙල් ගෙයි වලෙරිගෙයි දගකාරකම් සහ එයාලගෙ දෙමාපියන්ගේ ජීවිත ගැන. එහෙනම් බලන්නකො ඩැනියෙල් මිස්ගෙ සහ මේ අයගෙ ජීවත වලට මොනවගේ දේවල්ද සිද්ධ වෙන්නෙ කියල.

යන්න කලින් තව දෙයක් තියනවා. රශෙල්ගෙ අම්ම රශෙල්ව මනෝ වෛද්‍ය වරියක් ළඟට එක්ක යනවා. එයාගෙ නම ත්‍රේබ්ලා මැඩම්. අවුරුදු 9 ක රශෙල් ත්‍රේබ්ලා එක්ක ටිකක් අමුතු අපූරු දෙබසක් තිබුණ. මම ඒක පහළින් තියනවා කැමතිනම් ඒකත් කියවන්න. අපි ගියා එහෙනම් ජයවේවා.

***********
ත්‍රේබ්ලා: සුබ සන්ධ්‍යාවක් රශෙල්

රශෙල් : සුබ සන්ධ්‍යාවක් මැඩම් ත්‍රේබ්ලා.

ත්‍රේබ්ලා: ඔයාගෙ ගෙදර ගොඩක් ලස්සනයි

රශෙල් : මේ ගෙදර මගේ නෙවේ. මේ මගේ දෙමාපියන්ගෙ ගෙදර. එයාල මැරුනම තමයි මේ ගේ මගේ වෙන්නෙ. මං එකම ළමය නිසා.

ත්‍රේබ්ලා: ඔයා පවුලේ එකම ළමය වීම ගැන දුකයිද?

රශෙල් : සමහරවෙලාවට ඔව්. සමහරවෙලාවට නැහැ.

ත්‍රේබ්ලා: තනි ළමය වීමෙන් කෙනෙක්ට ලැබෙන වාසි මට කියනවද?

රශෙල් : මස් උයපු වෙලාවට ලොකු කැල්ලක් කන්න පුළුවන්. සහ…හොදට දිගෑදිල සොෆා එකේ ඉදන් TV බලන්න පුළුවන්.

ත්‍රේබ්ලා: මට තේරුණා. ඉතින් ඔයාගෙ දෙමාපියො මැරුණාම ගෙදර ඔයාට අයිති වෙනවා?

රශෙල් : ඔව්. අච්චිත් මැරෙන්න ඕන. අච්චි කොහොමත් කලින් මැරේවි.

ත්‍රේබ්ලා: එයාල ඔක්කොම මැරුනම ඔයා මොනවද කරන්නෙ?

රශෙල් : මම කවදාවත් කාමරේ පිළිවෙළට තියාගන්නෙ නෑ. මං “නියුටෙලා” ඇතිවෙන්න කනවා. ම්ම්ම් හැමෝම මට අනුකම්පා කරාවි. මම අනාථයෙක් නිසා.

ත්‍රේබ්ලා: “මරීනා කැම්බෙල්” ට වගේද?

රශෙල් : ඊටත් වඩා, මරිනගෙ තාත්ත තාම ඉන්නවනෙ.

ත්‍රේබ්ලා: අනිත් අය මැරෙනෙක ලොකු වාසියක් එහෙනම්!

රශෙල් : ඔව්.

ත්‍රේබ්ලා: දවස තුළ ඔයා සතුටු වෙච්ච පුංචි පුංචි සිදුවීම්, රෑට ඒවා බෙදාගන්නෙක ලොකු සතුටක් වේවි, ඔයාගෙ අම්ම, තාත්ත, ආච්චි එක්ක.

රශෙල් : නමුත් එයාල මැරිල ඉදීවි.

ත්‍රෙබ්ලා: ඔව්. අපි දැන් නවත්තමු රශෙල්.

The Dandelions (2012) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

D64661EADF37D6C125C4173A2E95CD8F19D8E231 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,293 downloadsDownload Du.Vent_.Dans_.Mes_.Mollets.2012.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Niroshanhe.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිරෝශන් හේවගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිරෝශන් හේවගේ

Subtitles

1,293 downloadsDownload Subtitles35 KB

34 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  2. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

  3. gayan

    thanx saho......

  4. Ashan ravihansa

    ela ela macho aniwama bamak thama thavath me vage patta films tikak dendako mamanam me jathiye evata thama kamathi

  5. chandima

    niyamai thazzz subapatum

  6. Kosala Deshan

    Tnx bro....

  7. Nadeera

    Thanx machan...

  8. ප්‍රමෝජ්

    ස්තුතියි සහෝ...
    ජය වේවා...!

  9. dilu

    Machan digatama wade karagana yanna.sub eka patta bohoma sthuthi...jaya

  10. Sisira Hegoda

    Thanks.

  11. dilan k

    Hodai wage balamu.... thanks

  12. Global

    Patta Choice Ekaka Ne......

  13. me

    Thanks

  14. jack

    එලකිරි සහෝ පට්ට මුවීයක්....
    ස්තුතියි සබ් එකට.

  15. Lasiru

    Thanx...! KIT

  16. ඉෂාර

    thanx....... film aka nam supiri wagei......

  17. Dulanga

    patta

  18. “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය............

  19. Lasitha

    ela.....ela

  20. nalaka

    ela kiri saho godak sthuthyi..obata jaya wewa...

  21. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි උපසිරසියට,ජයවේවා.

  22. නලින්

    ස්තුතියි නිරෝෂන් සහෝ

    ජය වේවා!

  23. රොයිලි

    බොහොම ස්තූතියි නිරෝෂන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  24. Isu DP

    Thankzzz "Niroshan" Sahoo Subata...
    Digatama Supiri Movies Walata Sub Gemu....
    Aluth Movies Walaya Sub Genna Adahasak Nadda Sahooo????
    Jaya Wewa !!!! :-) :-)

    1. niroshan

      ගොඩක් ස්තුතියි ඔයාගෙ අදහසට. අලුත් කියුවෙ 2014 ආපුවටද, ඒවටත් සබ් ගේන්න උත්සාහ කරන්නම්. ඔයාලගෙ කැමැත්ත ඉතින් අහක දාන්න බැහැනෙ. ඒත් චිත්‍රපටිය හොදට කරල තියෙනවනම් චිත්‍රපටිය හදපු අවුරුද්ද වැදගත් ඇයි කියල තමයි හිතාගන්න බැරි.

  25. Kulanjana Maduranga

    lasssanama storyak wge.Onna gaththaaa…..Thanks machan Sub ekata…

  26. niroshan

    comment කල හැමෝටම ගොඩක් ස්තූතියි. හැමෝටම ජය වේවා.

  27. chamarasp

    baamu baamu..
    patta wage :D :D

  28. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  29. Leo daMitH

    kiyala tiyena widiyatanam film eka ela wage..
    onna macho math gaththa...
    sub ekata godak pin....

  30. Emi

    Many Thanks

  31. premakumara gamlath

    මෙවන් සලරුවක් අපගේ අවධානයට යොමුකළාට තුති. ඔබගේ පරිවර්තනයත් ප්රශංසනීය යි. අපි බෙහෙවින් රස වින්දෙමු. මෙවන් කටයුතුවල නියළීමට නිදුක් නරෝගී සුව ඔබට පතමි.

  32. dinesh

    amuthui namuth hodai sub ekata thanks

  33. Samantha

    Thank you very much for sub.