Watch Trailer

Dumb & Dumber (1994) | පිස්සු නැත්තන් ෂෝක්!! [සිංහල උපසිරසි සමඟ]

ඔක්කොටම කලින් හැමෝටම 😀 “සුබ නව වසරක් වේවා!!”. මේ අලුත් අවුරුද්දේ විවේකීව ඉන්න ගමන් හිතේ හැටියට 😀 හිනාවෙවී බලන්ඩ පුළුවන් බයිස්කෝප් එකක් තමයි මං මේ පාර උපසිරසි ගන්වලා තියෙන්නේ. ඉතින් යාළුවනේ, මේ බයිස්කෝප් එක Peter Farrelly, Bobby Farrelly කියන Farrelly සහෝදරයෝ තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 1994 දෙසැ…

Dumb & Dumber (1994)

ඔක්කොටම කලින් හැමෝටම 😀 “සුබ නව වසරක් වේවා!!”. මේ අලුත් අවුරුද්දේ විවේකීව ඉන්න ගමන් හිතේ හැටියට 😀 හිනාවෙවී බලන්ඩ පුළුවන් බයිස්කෝප් එකක් තමයි මං මේ පාර උපසිරසි ගන්වලා තියෙන්නේ. ඉතින් යාළුවනේ, මේ බයිස්කෝප් එක Peter Farrelly, Bobby Farrelly කියන Farrelly සහෝදරයෝ තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. 1994 දෙසැම්බර් 06 තමයි මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ. හොලිවුඩයේ ඉන්න සුපිරිම හාස්‍ය උත්පාදක චිත්‍රපට නළුවන් වන Jim Carrey සහ Jeff Daniels තමයි මේකේ ප්‍රධාන චරිත විදිහට රඟන්නේ. ඊට අමතරව Lauren Holly, Cam Neely, Brady Bluhm කියන කස්ටියත් මේකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. IMDb දර්ශකයේ 7.2ක් වගේ ඉහළ නිර්දේශිත අගයක් මේ බයිස්කෝප් එකට ලැබිලා තියෙනවා.

මේ බයිස්කෝප් එකේ තියෙන්නේ ලොයිඩ් සහ හැරී කියන කල්‍යාණ මිත්‍රයෝ දෙන්නෙකුගේ කතාවක්. ඇත්තම කිව්වොත් මෙයාලට සිද්ධවෙන අකරතැබ්බ සහ මෙයාලා කරන මෝඩ වැඩ තමයි මේකේ තියෙන්නේ. ඒ අස්සෙන් පොඩි ආදර කතාවකුත් යනවා. ලොයිඩ් කියන්නේ ලිමෝසීන් රියැදුරෙක්. ඉතින් මෙයා දවසක් මේරි කියලා තරුණියක් ගුවන් තොටුපොළට ඇරලවනවා. ඒ යන අතරතුර ලොයිඩ්ට මේරි ගැන ආදරයක් ඇතිවෙනවා. මේ මේරි කියන ලස්සන තරුණිය තමන්ගේ බ්‍රීෆ්කේස් එක ගුවන් තොටුපොළේ දාලා යනවා.ඉතින් මේක දකින ලොයිඩ් ඒක ගන්නවා. ඒත් ඒක ආපහු මේරිට දෙන්න යනකොට ගුවන් යානය ගිහින් ඉවරයි. ඉතින් මෙයා බෝඩිමට ඇවිත් මේ කතාව තමන්ගේ හොඳම යාළුවා, හැරීට කියනවා. ඊට පස්සේ මේ බ්‍රීෆ්කේස් එක මේරිට ගිහින් දීලා තමන්ගේ ආදරය ප්‍රකාශ කරන්ඩ ඕනේ කියලා ලොයිඩ් යෝජනා කරනවා. එහෙම කරලා බ්‍රීෆ්කේස් එක දෙන්ඩසැතපුම් 2000ක් විතර දුර මේරි නැවතිලා ඉන්න ගෙදරට යනවා. ඒක තියෙන්නේ “ඇස්පන්” කියන පිටිසර නගරේ.

ඉතින් මෙයාලා මේ ගමන යනකොට වෙන දේවල් සහ ගිහින් වෙන දේවල් තමයි මේ බයිස්කෝප් එකේ තියෙන්නේ. ඇත්තටම කියනවනම් මේක මම කාලෙකින් බලපු එළකිරිම කොමඩි ෆිල්ම් එකක්.බයිස්කෝප් එක පරණ වුණාට මේකේ තියෙන විහිළුවලට හුස්ම හිරවෙන්ඩම 😀 හිනා යනවා. අපේ ශ්‍රී ලංකාවේ කොමඩි ෆිල්ම් වල බන්දු සමරසිංහ එක්ක ටෙනිසන් කුරේ සෙට් වුනහම කරන වැඩ ඕන කෙනෙක් දන්නවනේ. ඒක මං අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. ඉතින් මේ Jim Carrey සහ Jeff Daniels කියන දෙන්නත් ඊට දෙවෙනි වෙන්නේ නෑ. කථාවේ රසය නැතිවෙන නිසා මං වැඩි විස්තර කියන්නේ නෑ. ඔයාලා බයිස්කෝප් එක බලන්ඩකෝ. බලලා මං කියපු දේ ඇත්ත නැත්ත කොමෙන්ටුවක කොටන්ඩ. ජයවේවා!! 😀

සැ.යු: හාස්‍ය උත්පාදක බයිස්කෝප් නරඹන විට සිනහව පාලනය කරගත නොහැකි පුද්ගලයින් පිළිබඳ වගකියනු නොලැබේ.

Dumb & Dumber (1994) on IMDb

 

 

 

1,201 downloadsDownload Dumb-Dumber-1994.zip141 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත ගුණසේකර

Subtitles

1,201 downloadsDownload Subtitles141 KB

50 comments

  1. ‍ගම්‍‍බට්‍‍ටා

    godaak sthuthie macho............

    1. “චූටී මල්ලි”

      DiReCt LiNk FoR Dumb & Dumber (1994)

      putlocker.com/file/80BBDFE10E21595C

  2. යශෝධ

    ස්තූතියි මචන්....

    ජය වේවා..

    දිගටම සබ් දෙමු.. එලස්ස්....

  3. ccnp

    Thanks

  4. ccnp

    Thnxz sub walata

  5. isuru

    Bohoma pin

  6. DilanH

    නළුවෝ දෙන්නනන් පට්ට හොදට ඇති ෆිල්ම්
    එකත් ගොඩක් ස්තුතියි උපසිරසියට සහෝ

  7. mahima

    film ekanam patta, ewunata ara dennata me naluwo denna samana karanna epa, :) :)

    1. ACHiNTHA

      ඒක හැබැයි! ඒක හැබැයි!! එහේ එයාලා මෙහේ මෙයාලා . :D

  8. හර්ෂ ලහිරු

    මේක මං බලලා තියනවා කියන්න වචන නෑ
    පට්ටම ෆිල්ම් එකක් ස්තුතියි සහො :D ජය

  9. Ayesh

    thanks

  10. tharindu

    Film eka namm maxxahh vageee...onna ehenamm bagaththaaaa....thankss sahoo sub ekatahhh...

  11. indika

    thnq

  12. Sanka

    බොහොම ස්තුතියි !

  13. Download Manager

    Man balala thiyena best comedy movie eka. :D
    Thanx machan

  14. Nishan

    Halo Brother Film(Hindi)
    Anniyan(Tamil)
    Film deka sub danna

  15. “චූටී මල්ලි”

    hinaayana eiwaanam maru ban :D :D
    thawa dhiyan sahoe
    sabata thuthi
    obata jaya...............

  16. ANJANA

    thnks...

  17. jack

    පට්ට. Jim Carrey ඉන්නවනම් අනිවා බලනවා.

  18. ශාන් විමුක්ති [විමා]

    අප්පටසිරි පට්ට කොමඩියක් වගේ නේ
    සබට බොහොම ස්තුතියි අචින්ත සහිතව මේ වගේ ඉල ඇදෙන ඒවා ටිකක් හොයලා අපිට දිහන් කොලුවෝ :)

  19. dinidu madushanka

    thanks bro

  20. Chaturange

    machan meka mara patta film ekak...thanks..ane machanla "wolf of wall street" movie ekata sub danne naddoooooooooo..leonardo dicaprio inne..ikmanata danndoooooo...

  21. Ruwan Chamara

    මම කැමතිම නළුවෙක් මෙයාගේ ෆිල්ම් ගොඩක් තියෙනවා එ ටිකත් ඉක්මනටම ඇඩි කරයි කියලා හිතනවා ස්තුතියි "අචින්ත" ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි උනාට තවත් මේ වගේ එවද දාන්න........

  22. ramesh

    super ohoma yannnnnnnnnn..........

  23. kani

    pattama film ekak..
    mama kkalin balala tiyenawa..
    den sub ekkam abalanna puluwan.

  24. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. nalaka

    ela ela thanks bro

  26. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  27. ACHiNTHA

    කොමෙන්ටු කොටපු කස්ටියටයි, කොටන්ඩ ඉන්න කස්ටියටයි බොහෝම ස්තූතියි!!! :D
    තවත් එළකිරි බයිස්කෝප් එකකින් සෙට් වෙමු...!! ජයවේවා!!!

  28. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...මේ වගේ සුපිරි චිත්‍රපටි ලබා දෙනවට ගොඩක් ස්තුතියි.දිගටම දෙමු.ජය​! :P :P :P

  29. senel

    Supiri film ekak wagema supirima naluwek meke innawa.. jim carry' eyage onama film ekak me site eke danna.. kisima film ekaka kisima adupaduwak ne wagema, digatama balanna puluwan films thiyenne... mekath e wagema supiri ekak... thanks oyalata..

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පට්ට සහෝ අනිවා බලන්න ඕනි,ජයවේවා.

  31. Dharshana..

    Thanks.......

  32. mudiya / මුදියා

    අඩේ අනිව බලන්න ඕනි.
    මේව බැලුවම හිතේ තියෙන ඕනි ප්‍රශ්නයක් අමතක කරල දාන්න පුළුවන්.
    නියමයි අචින්තයෝ.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  33. mudiya / මුදියා

    හිනාවෙන්න තියෙනව නම් ආය ඉතිං දෙපාරක් හිතන්නෙ නැතිව බාන්න දානව.
    නියමයි මචෝ අචින්ත.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  34. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  35. me

    Thanks

  36. nilupul perera

    dan download akata damme.balanna deyak ne,jim carrey kiwwanam ithin pissuma thamai."ACE VENTURA 2"sub akath dammanam niyamai kollo.thanks honde.

  37. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  38. Samitha

    ඉස්සර 10වතාවක් විතර බලල තියෙනවා. සිංහල උපසිරැසි තියෙන නිසා බෑවෙ. ඒ වුනාට නෑනෙ. පළවෙනි විනාඩි කීපයේ විතරයි උපසිරැසි තියෙන්නෙ. ආයෙ බාන්න උනා English subtitles.

  39. charindu Deemantha

    thnx machan meke part 2 ekatat sub ekak hadala diynkoo tnxxxxxxx :D ;)

  40. dinesh

    සබ් එකට තුති.........මේකේ 2 ඇවිල්ලා තියෙන්නේ එකටත් සබ් එකක් දෙන්න බලමු නේද

  41. nilanka_baiscop

    thanks

  42. Unknown

    මේ වගේ film බැලුවාම ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. thanks for super subtitles .

  43. Anonymous

    Thanks mchn

  44. Vishwa sasanka

    Thanks

  45. shehan

    sub eka weda nane

    1. Ravindu Heshan - Admin

      Dan Wada

  46. shehan

    mchn sub eka weda nane

    1. Ravindu Heshan - Admin

      Dan Wada