ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ෆිල්ම් එක. ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් මේකට පාදක වෙලා තියෙන ගේම් එක ගැන පොඩි විස්තරයක් සඳහන් කරන්නම්. Dungeons & Dragons (ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස්) කෙටියෙන් D&D කියලත් මේ සෙල්ලම හදුන්වනවා. ඇත්තටම මේක අපි පොඩි කාලෙ සෙල්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාගෙන හිටපු ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ෆිල්ම් එක. ෆිල්ම් එක ගැන කතා කරන්න කලින් මේකට පාදක වෙලා තියෙන ගේම් එක ගැන පොඩි විස්තරයක් සඳහන් කරන්නම්. Dungeons & Dragons (ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස්) කෙටියෙන් D&D කියලත් මේ සෙල්ලම හදුන්වනවා. ඇත්තටම මේක අපි පොඩි කාලෙ සෙල්ලම් කරපු ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් එහෙමත් නැත්තම් නයිබෝඩ් සෙල්ලම වගේම එකක්. ඒත් මේක නයිබෝඩ් සෙල්ලමට වඩා සංකීර්ණ නීතී සහිත ඒ වගේම ඊටවඩා වැඩි උපකරණ භාවිතා කරලා කරන සෙල්ලමක්. 1974දි Gary Gygax සහ Dave Arneson තමයි ප්‍රථම වතාවට මේ ක්‍රීඩාව නිර්මාණය කරන්නේ. එයාලා ඒ අවුරුද්දෙම Tacticle Studies Rules (TSR) සමාගම ඔස්සේම මේ ක්‍රීඩාව ප්‍රකාශයට පත් කරනවා. මේ ක්‍රීඩාව තරමක් සංකීර්ණ උනාට විනෝද වෙන්නනම් කිසිම අපහසුවක් නෑ. 80 දශකයේදි Dungeons & Dragons ක්‍රීඩාව ඇමරිකාව පුරා ළමුන් අතර අතිශය ප්‍රචලිත වෙලා තියෙනවා වගේම මේ ක්‍රීඩාව ගැන උන්මාදයක් පවා ඇති උන බවට පැවසෙනවා.
සාම්ප්‍රදායික ක්‍රීඩාවලින් බැහැරව ක්‍රීඩා කිරීමේදි එක් එක් ක්‍රීඩකයාට තමන්ගේ පෞරුෂය අනුව කැමති චරිතයක් වීමට ඉඩලබා දෙන නිසා Dungeons & Dragons ක්‍රීඩාව වෙනස් මුහුණු වරක් ගන්නවා. සොල්දාදුවෙක්, පූජකයෙක්, කුමාරිකාවක්, නයිට්වරයෙක්, අතවැසියෙක්, සමුරායිවරයෙක්, මුහුදු කොල්ලකරුවෙක්, පොලිස් නිළධාරියෙක්, සොරෙක් ආදී විවිධ චරිත ඔස්සේ මනඃකල්පිත පසුබිමක් තුළ වික්‍රමාන්විතයන් ආරම්භ කිරීමට Dungeons & Dragons ක්‍රීඩකයාට ඉඩ ප්‍රස්ථාව හිමි වෙනවා. මේ සෙල්ලම මිලදී ගද්දි එයට දාදු කැටයක්, නීති පොතක්,අදාල චරිත සහිත ලැයිස්තුවක්, සිතියම් සහ කුඩා ප්‍රතිමා අඩංගු වෙනවා. අපේ වේදිකා නාට්‍යවල ඉන්න පොතේ ගුරා වගේ මේ සෙල්ලමෙත් ඩන්ජන් මාස්ටර් (Dungeon Master) කියලා කෙනෙක් ඉන්නවා. ක්‍රීඩා මෙහෙයවීම්, දාදුකැටය දැමීම, තීරකවරයා සහ කතන්දරය කියන්නා විදියට මේ ඩන්ජන් මාස්ටර් ක්‍රියා කරනවා. මේ සියළු වික්‍රම සිදුකරන පරිසරය සහ අදාල අවස්ථාවට ගැලපෙන කතා ශෛලිය පවත්වා ගනිමින් මෙම ක්‍රීඩාව පවත්වාගෙන යෑම ඩන්ජන් මාස්ටර්ගේ වගකීම වෙනවා. ක්‍රීඩාවේ ඉන්න සෙසු චරිත ඩන්ජන් මාස්ටර් මවන කාලොචිත පරිසරයන්ට අනුගත වෙමින් ක්‍රීඩා කලයුතු වෙනවා. මේ ක්‍රීඩාවෙදි ඔවුන්ට විවිධ ගැටලු විසඳා, අභියෝගයන්ට මූණ දෙමින්, නපුරන් සමඟ සටන්වල නිරත වෙමින් ගවේෂණයක නියැලෙන්නත් අවස්ථාව හිමිවෙනවා. ඇතැම් ක්‍රීඩාවල අවසාන අරමුණ වන්නේ සුරූපී කුමාරිකාවක් බේරගැනීම, විශාල නිධානයක් සොයාගැනීම හෝ දුෂ්ට රාක්ෂයෙක් විනාශ කිරීම වැනි වික්‍රමාන්විත අරමුණුයි.
Dungeons & Dragons යනු නයිබොඩ් සහ ලූඩෝ වගේම දාදු කැට යොදාගෙන කරන ක්‍රීඩාවක්. ලුඩෝ බෝඩ් එක වගේම මේකෙත් කොටු සහිත පුවරුවක් තිබෙනවා. ඒත් ලූඩෝ ක්‍රීඩාවේ වගේ තනි ඉත්තන් නැතුව මේ සෙල්ලමේ තියෙන්නෙ අදාල චරිතයට සරිලන කුඩා ප්‍රතිමාවන් තමයි. ක්‍රීඩකයන් සියළු චරිත චරිත තෝරගත්තට පස්සේ ඩන්ජන් මාස්ටර් විසින් දාදු කැටය පෙරලා අදාල අගයන්ට අයත් සිදුවීම විස්තර කරනවා. මේ සිදුවීම විස්තර කරද්දි අදාල චරිතයන්ට තෝරාගැනීම් දෙකක් ඉදිරිපත් කරනවා වගේම ක්‍රීඩකයා යම් තෝරාගැනීමක් කර ඊට අදාල සිදුවීමට මුහුණ දෙන්න ඕන. උදාහරණයක් විදියට ක්‍රීඩකයා ඉස්සරහා දොරක් තිබෙනවනම් එය විවෘත කරනවද නැද්ද යන්න ක්‍රීඩකයා විසින් තීරණය කරන්න ඕන. ඊටපස්සෙ සිදුවීම දාදු කැටයට ලැබෙන අගයන් අනුව ඩන්ජන් මාස්ටර් විසින් පවසනවා.
ඉතිං ඕක තමයි සරලවම සෙල්ලම සිද්ධ වෙන විදිය. කෙටියෙන් කිව්ව නිසා වෙනස්කම් තියෙන්නත් පුළුවන්. අද වෙද්දි Dungeons & Dragons ක්‍රීඩාව වෙනස්කම් රාශියකට ලක්වෙලා තියෙනවා. ජනප්‍රියත්වය අනුව මේ සෙල්ලම පුවරුවෙන් ඔබ්බට ගිහින් ටීවී වීඩීයෝ ගේම්, පරිගණක ක්‍රීඩා වගේ දියුණු ක්‍රම වලින් ක්‍රීඩා කරන තත්වයටම ඇවිත් තියෙනවා. එමෙන්ම ඒ චරිත ඇසුරු කරගෙන චිත්‍රපට මාලාවන් පවා නිර්මාණය කරලා තියෙනවා. අපේ රටේ එතරම් ජනප්‍රිය නොවුනත් ලෝකයේ අනිත් රටවල දරුවන්නම් මේ ක්‍රීඩාවෙන් ලොකු විනෝදයක් ලබන බවනම් මොනවට පැහැදිලි වෙනවා.

දැං එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු, Paramount Pictures ඔස්සේ බෙදා හැරුණු මෙය චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරන්නේ මාර්තු 31 වෙනිදා. ඒ වගේම ඇමරිකානු ඩොලර් මිලියන 150 වැනි විශාල මුදලක් යොදා නිශ්පාදනය කරපු මෙම චිත්‍රපටය ආරම්භක සතියන්තය තුලදි පමනක් ඇමරිකානු ඩොලර් මිලියල 71.5 උපයගන්න හැකිවෙලා තියෙනවා. හැබැයි පසුව නම් එන්න එන්නම උපයන ආදායම පහල වැටිල තියෙනවා, කෙසේ හෝ මේ වෙනකොට චිත්‍රපටය උපයාගත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 194.2 ලෙස සටහන් වෙලා තියෙනවා. ඒ වගේම මේකට ලැබිල තියෙන ප්‍රේක්ශක ප්‍රතිචාරත් බොහොම ඉහල මට්ටමක තියෙනවා එනම් වොට් 55,000කට අධික ප්‍රමානයකින් IMDb 7.6 ඉලහ අගයකුත් කුණු තක්කාලි 90% කුත් ගන්න හැකි වෙලා තියෙනවා. රේටින් දැක්කාම ෆිල්ම් එක බැලුවට කිසිම පාඩුවක් නෑ කියලා කට්ටියට හිතෙන්න ඇතිනෙ නේද? ඒ කොහොම වුණත් මේකෙ කතාවත් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ලස්සන වැඩක්.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ John Francis Daley සහ Jonathan Goldstein යන දෙදෙනායි. තවද මේකට ජනප්‍රිය නළු නිළියන් රැසක් රංඟනයෙන්ද දායක වෙනවා, එනම් Sophia Lillis / Chris Pine / Michelle Rodriguez / Daisy Head / Regé-Jean Page / Justice Smith / Chloe Coleman / Hugh Grant / Laura Przybilla / Natali Servat. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
එඩ්ගින් සහ හොල්ගා කියන්නේ අවුරුදු දෙකක ඉඳන් හිරබත් කන හොඳ යාළුවො දෙන්නෙක්. මෙයාල හිරේ වැටෙන්න හේතු වෙලා තියෙන්නේ විශාල හොරකමක්. එඩ්ගින් ඉස්සර හාපර් කියලා සංවිධානයක තමයි ඉදල තියෙන්නේ, ඒ කියන්නේ අසරණ ජනතාව වෙනුවෙන් දරුණු පාලනයට එරෙහිව කිසිම ලාභයකින් තොරව සේවය කරන්න දිවුරුම් දීල ඉන්න ඔත්තුකාරයො ඉන්න සංවිධනයක්. මේ වගේ සේවයක් කරනකොට තමන්ට හතුරො ඇතිවෙනව වැඩී කියන එක පුදුමයක් නෙවේනෙ, ඉතිං ඒ බව දැන දැනත් එඩ්ගින්ගේ නෝන ඔහුට අවසර දෙනවා මේ රස්සාව කරන්න. නමුත් දවසක් එඩ්ගින් ගෙදර නැති වෙලාවකදි පිරිසක් ඇවිත් ඔහුගෙ නෝනව මරනවා එයාට ඉතිරි වෙන්නේ එයාගෙ දුව කීරා විතරයි. මේ වුණ නැතිවීම නිසා එදැයින් පස්සෙ ඔහු හාපර් සංවිධානෙන් අයින් වෙලා ඔහුගෙ දුවවත් බලාගෙන බේබද්දෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. ඔන්න ඔතනදි තමයි එඩ්ට හොල්ගාව හමුවෙන්නේ. ඇය කීරාව බලාගන්න කැමතිවෙලා කට්ටිය එකට වැඩ කරනවා වගේම මේ කට්ටිය සල්ලි හොයන්න හොරකමටත් පුරුදු වෙනවා. මේ වැඩේදි මෙයාලට උදව් කරන්න සයිමන් නම් විජ්ජාකාරයෙකුයි ජෝර්ජ් නම් රැවටිලිකාරයෙකුයි එකතු වෙනවා. හැබැයි මෙයාල අවංක විදිහට තමයි හොරකම් කරන්නේ කාටවත් කරදරයක් නොවෙන විදිහට.
ඔහොම ඉන්නකොට මෙයාලගෙ ජීවිත වෙනස් වෙන්න ගන්නවා ඒ එක් පුද්ගලයෙක් මෙයාලගෙ ජීවිත වලට ආවට පස්සේ. ඒ පුද්ගලය නිසා මෙයාල ලොකු අමාරුවක වැටෙනවා වගේම එඩ් සහ හොල්ගා නතරවෙන්නෙ හිරේ ගිහින්. ඇත්තටම කවුද ඒ පුද්ගලයා? මොකක්ද මෙයාල හිරේ යන්න හේතුව?
මං මුළු කතාවම කිව්ව වගේනෙ. අපෝ නෑ මං මේ කිව්වෙ මේ ෆිල්ම් මේ මුල් විනාඩි දහය ඇතුලත වෙන දේවල් ටිකක් විතරයි. මොකද මෙයාල හිරෙන් නිදහස් වුණාට පස්සෙයි හීනෙකින්වත් හිතපු නැති හොඳම දේවල් ටික අහන්න දකින්න ලැබෙන්නේ. ඔයාල බලලාම දැනගන්නකො ඒ මොනවාද කියලා.
ඒ වගේම විශේශයෙන් ස්තූති කරන්න ඕනෙ යුරාන් ධනුක සහෝට, සබ් එක කරන්න උදව් ඉල්ලුවාම බෑ නොකියා වැඩේට උදව් කළාට. එහෙනම් මීට වඩා මුකුත් කියන්න යන්නෑ ෆිල්ම් එක හැමෝටම බලන්න ආරාධනා කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
32,053 downloadsDownload Dungeons-and-Dragons-Honor-Among-Thieves-2023-Blu-Ray.zip115 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොයුරාට සහ ““Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2023
- #Bimsara Yashan (ඔලිව)
- #Dungeons & Dragons 2023 Sinhala Subtitles
- #Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Sub
- #Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles
- #Dungeons & Dragons: Honour Among Thieves Sinhala Sub
- #Dungeons & Dragons: Honour Among Thieves Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
45 comments
Anonymous
Chamikara Vidanage
හරි හරි ඉතිං මං එක්ක තමයි කරන්න බැරි ඔලිවට.. කමක් නෑ..
Film එක බලන්නම් එහෙනම්..
sao so se
thank love u
suresh
❤️.assassins club eketh sub dennako
Pathum
Thanks
Anonymous
සුපිරි බන්, උඹල තමා අංක එක ❤️
pramud
The Pope’s Exorcist ekatat sub dennko plzzzzzzzz
Pavith Wijesooriya
උපසිරසියට ගොඩක් ස්තූතිවන්ත වෙනවා අයියල දෙන්නටම...
පැහැදිලි කිරීම් කරපු ලිපියටත් තුතිවේවා!
ඔන්න එහෙනම් මාත් බෑවා...Ravindra
Thanks
Madusha
එලම❤️
Madusha
එලම❤️❤️❤️❤️
Naveen Mbr
සහෝලා දෙන්නටම ගොඩාක් ස්තූතියි!
Anonymous
Thank you so much
Rukshan dansekara
Thank you so much
Kevin D...
Thanks...
Dasun
෴❤️෴ ෴❤️෴
Anonymous
The popes exorcist sub ona
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Spider
෴❤️෴ ෴❤️෴
Hashan
Thnx for the sub sgorr❤️❤️
Anton priyahantha
Thank you!
Sakida Ravith
Carnival Row ඉතුරු Subtitles ටික දාහන්කෝ Plz
MaaLiK
කතාවයි උපසිරැසියයි සුපිරි සහෝදරයා...
තවද,සුපිරිම අධ්‍යක්ෂකයකු වන Wes Anderson ගෙ සිනමා නිර්මානයක් වන, The Royal Tenenbaums (2001) සලරුවටත් සිංහලෙන් උපසිරැසියක් කරනා ලෙසට ඉල්ලීමක් කරමි.
Deshan
Thanks bro sub ekata carnival raw ekath demuko
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Dasun
Sub Ekata Thanks
viraj
thanks..........
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ishan
thnkq brothers sub ekata
Lakmal
movie download
Anonymous
thanks a lot saho sub ekata
Sahan Gayantha
thanks a lot saho sub ekata
lakshan
thanks ................
Ruchira
Thanks for the sub!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Kavindu
The Last Kingdom - Seven Kings must die (2023) සබ් එක දෙන්න පුළුවන් ඉක්මනට
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තූතියි❤
Kavishka
සබ් එකට බොහොම ස්තූතියි සහෝ..♥️
Anonymous
Thank bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..damith
thanks bro. jaya wewa....
Chämàrá Sâmpáth
උපසිරැසියට බොහොම ස්තුතියි දෙන්නටම!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Dungeons & Dragons: Honour Among Thieves (2023) Sinhala Subtitles | මහා නපුරකට එරෙහිව සටන් වදින හොරු කල්ලිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Dungeons-Dragons_-Honor-Among-Thieves-2023-b.jpg)
thank love u