ගොඩ දෙනෙක් ඉල්ලපු ගොඩ දෙනෙක් එනකම් බලන් හිටපු ෆිලුමකට තමා අද ඕන් සබ් එක අරන් ආවෙ. මේක නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 06 වෙනිදා. උඩ නම දැක්කම හිතාගන්න පුළුවන් නේද කැටගරිය? ඔව්, මේ ෆිලුම එලියට බහින්නෙ Horror/Thriller කැටගරිය යටතේ තමා. ඒ කියන්නෙ අපි ගොඩක් ආසම කැටගරිය. Oscar සම්මානලාභී Russell Crowe ප්‍රධ…

ගොඩ දෙනෙක් ඉල්ලපු ගොඩ දෙනෙක් එනකම් බලන් හිටපු ෆිලුමකට තමා අද ඕන් සබ් එක අරන් ආවෙ. මේක නිකුත් වෙන්නෙ 2023 අප්‍රේල් 06 වෙනිදා. උඩ නම දැක්කම හිතාගන්න පුළුවන් නේද කැටගරිය? ඔව්, මේ ෆිලුම එලියට බහින්නෙ Horror/Thriller කැටගරිය යටතේ තමා. ඒ කියන්නෙ අපි ගොඩක් ආසම කැටගරිය. Oscar සම්මානලාභී Russell Crowe ප්‍රධාන චරිතය, නැත්තම් භූතාරක්ෂකයාගේ චරිතයට පණ පොවන අතරෙම Daniel Zovatto, Alexandra Esso යන අය සෙසු චරිත වලට දායක වෙනවා. IMDB අගය ගැන කිව්වොත් මනාප 13K ප්‍රමාණයකින් 6.1/10 අගයක් තියාගන්න මේ ෆිලුම සමත් වෙලා තියනවා.

කතාව ගැන නම් නොකිය ඉන්න තරමට හොඳයි. ඒත් මං පොඩ්ඩක් මෙහෙම කියන්නම්. මේ කතාව යන්නෙ 1987 අවුරුද්ද පාදක කරගෙන. ෆාදර් ගේබ්‍රියෙල් කියන්නෙ වතිකානුවේ ඉන්න භූතාරක්ෂකයෙක්. ඒ කියන්නෙ අපේ රටේ නම් කට්ටඩි මහත්තයා කියන්නෙ මේ වගේ අයට තමා. ඉතින් මේ තනතුර පත් කරන්නෙ පාප් වහන්සේ විසින්. මේ තනතුරේ කාර්යබාරය තමා යක්ෂයන්ගෙන් මිනිසුන්ට වෙන කරදර නැති කරන එක. ඉතින් මේ කතාව යන්නෙ ඒ ගැන තමා. කිසිම කම්මැලි කමක් නැතුව ඊළඟට වෙන්නෙ මොනවද කියල දැනගන්නකම් ඉවසිල්ලක් නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිලුමක් තමා මේක. Horror කිව්වම එහෙම වෙන්න එපැයි නේද.

තව එකක්, මේ කතාව සත්‍ය කතාවක් පදනම් කරගෙන හදපු ෆිල්ම් එකක්. මේ කතාවෙ එන ෆාදර් ගේබ්‍රියෙල් 2016 ඔහු මිය යන තෙක්ම වතිකානුවේ මේ තනතුරේ වැඩ කරල තියනව කියල තමා අන්තර්ජාලයේ සඳහන් වෙන්නෙ. එතුමා මේ තනතුරේ වැඩ කරද්දි සිද්ද උන සිදුවීම් අලලා පොත් ගණනාවක් රචනා කරල තියනවා. ඒ පොත් වල සඳහන් කතා කිහිපයක් මේ ෆිලුමට පදනම් කරගෙන තියනව කියල තමා විස්තර වල තියෙන්නෙ.

අන්තිමට කියන්න ඕනෙ මේක 18+ කියල දාන්නෙ ෆිලුමේ භාවිතා කරන වචන ඇරුනම පොඩිම පොඩි තැන් දෙකක් තියනව පොඩ්ඩක් අප්සට් යන. ඒ හැරුනම මේක අවුලක් නැතුව බලන්න පුළුවන්. මොකට ඒ සීන් මේකට එබුවද මන්ද. එක තැනක් 01:18:25 අනිත් තැන 01:30:43. පරිස්සමින් බලන්න. ඔන්න එකත් කිව්වා. අඩු පාඩු නම් ඇති සබ් එකේ. ඒකට සමාවෙන්න ඕන්. එහෙම අඩු පාඩු තියනව නම් පහලින් කොටගෙන යන්න නිවැරදි කරල දාන්නම්. හරි නේද එහෙනම් දැනට ගිහින් එන්නම්. වැඩේ කරන්න ඉඩ දුන්න රවිඳු හේෂාන් සහෝටත් ස්තූති කරන ගමන්, තවත් ෆිලුමකින් සෙට් වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්නෝ…!!

Name – The Pope’s Exorcist
Category – Horror/Thriller
IMDB – 6.1/10
Director – Julius Avery
Starring – Russell Ira Crowe, Daniel Zovatto, Alexandra Essoe, Francesco Clemente
Budget – $18 Million
Box office – $61.5 Million
Distributed by – Sony Pictures

“අපගේ පාපයන් අපව සොයාගෙන එනු ඇත.”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

27,705 downloadsDownload The.Popes_.Exorcist.2023.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුජිත් ප්‍රියංකර

Subtitles

27,705 downloadsDownload Subtitles39 KB

40 comments

  1. Anonymous

    thank u

  2. Anonymous

    film eka download karanne komada?

    1. Anonymous

      Thank you sub ekata

    2. Anonymous

      down karada bro

  3. malith pamuditha

    Broh sub 1 support kran nane

    1. Roshan

      Thnx bro...Great job...Good luck...

  4. Anonymous

    සුපිරි වැඩක්
    දෙනකන් බලන් උන්නේ
    පෝය දවසේ මේව බලන්න හොදද මන්දා

  5. Kavi

    සබ දෙනකල් බලාගෙන හිටියෙ
    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. lakmal karunathilaka

    baiscope nawatath peramune
    thanks bro sub ekta

  7. Anton priyahantha

    Thank you!

  8. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    බොහෝම ස්තුතියි සහෝ, සිංහල උපසිරැසිය දෙනකල් බලන් හිටියේ

  9. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි සුජිත් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  11. Kushan

    Sub akta thanks

  12. Anonymous

    Patta

  13. Chandimal Kariyapperuma

    Thank you. Keep up the good work.

  14. Naveen

    උපසිරසියට තුති

  15. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. lahiru priyankara

    thank you

  17. Ravindra

    Thanks

  18. Dil

    ෆිල්ම් එකත් සුපිරි.. sub එකත් සුපිරි....
    Thanks ......

  19. Hashan

    Thnx for the sub❤️

  20. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  21. Fernando

    18+ වල times දාන එකනම් ගොඩක් හොදයි .. කවුරු හරි ලග හිටියොත් skip පුළුවන් නෙ ඒ වැඩෙටනම් ගොඩක් ස්තුතියි ජය වෙවා

  22. Yasas

    හෙනම කාලෙකින් බ්‍රෝ හොරර් මූවි එකක් බැලුවෙ. මේක පට්ට.subtitles වලත් 99% ක්ම අවුලක්ම නෑ. මේක ඔයාගෙ 35 වෙනි එකනෙ. ඉක්මනින්ම 100 ගහන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ජය වේවා

  23. kavii

    The last kingdom; seven kings must die 2023. meke sub ekath dennakoo. thama kawruth dunne na.

  24. Kavindu

    The Last Kingdom - Seven Kings must die (2023) සබ්ටයිටල් ප්ලීස්

  25. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  26. Anonymous

    Download karanne kohomda

  27. Anonymous

    ගුනේරු කියා කියා අරුන්ට බැන්නට මුනුත් ගුගල් ටාන්ස්ලේට් කරනවද කොහෙද
    නැත්නම් කොහොමද මුන් මේ ලගකදී ඉඳල මෙහෙම සබ් දෙන්නේ.

    1. Anonymous

      උබට අපි ලියන කියන සාමාන්‍ය සිංහල වාක්‍යයකයි ගූගල් ට්‍රාන්ස්ලේට් කළාම එන වාක්‍යයකයි වෙනස අඳුර ගන්න පුළුවන්ද?
      මොකද උබට ඒ දෙකේ වෙනස අඳුරගන්න පුලුවන්නම්, කවදාවත් උබ ඔය වගේ කමෙන්ට් එකක් දාන්නෙ නෑ. උබට කෝමත් ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි එකේ දිගටම අර ගූ සයිට් එකෙන්ම සබ් අරං බලහන්.

  28. viraj

    thanks............

  29. Dewadithya

    Thanks for Sub!

  30. SUNI

    THANKS

  31. Pushpa Keerthi

    Thank you so much යාලු. Jaya වේවා...!!!

  32. Nishan

    Thanx bro

  33. Gihan

    Thanks For Subtitles.......Good Luck

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Anonymous

    Kohoamada video aka dawonlod karanne

  36. prabath

    thanks brother..