ඔන්න බොහොම පැටලිලි සහගත චිත්‍රපටියක් බැලුව කාලෙකට පස්සෙ..සතියකට කලින් තමයි මේ චිත්‍රපටියේ හොද කොපියක් ආවෙ..ඒ වගේම මේ දින වල වැඩියෙන්ම බාන ටොරන්ට් අතරින් එකක් තමයි මේක! ඔස්කාර් සම්මානලාභී නිළි ජූලියා රොබට්ස් හා ජනප්‍රිය නළු Clive Owen තමයි මෙහි ප්‍රදාන චරිත නිරූපණය කරන්නෙ..ටිකක් Mr. & Mrs. Smith (20…

ඔන්න බොහොම පැටලිලි සහගත චිත්‍රපටියක් බැලුව කාලෙකට පස්සෙ..සතියකට කලින් තමයි මේ චිත්‍රපටියේ හොද කොපියක් ආවෙ..ඒ වගේම මේ දින වල වැඩියෙන්ම බාන ටොරන්ට් අතරින් එකක් තමයි මේක!
ඔස්කාර් සම්මානලාභී නිළි ජූලියා රොබට්ස් හා ජනප්‍රිය නළු Clive Owen තමයි මෙහි ප්‍රදාන චරිත නිරූපණය කරන්නෙ..ටිකක් Mr. & Mrs. Smith (2005) වගේ චිත්‍රපටියක්..නමුත් ඊට වඩා කතාව සංකීර්ණයි..
මේ සංකීර්ණ බවට හේතු වෙලා තියෙන්නෙ මේ කතාව නිතරම අතීතයත් වර්ථමානයත් අතර දෝලනය වෙන නිසා..ඒ නිසා මම මේ කතාව චිත්‍රපටයේ පිලිවෙලට කියන්න යන්නෙ නෑ..දල අදහසක් ලැබෙන විදියට කියන්නම්..
විශාල වෙලද සමාගම් දෙකක් තියෙනව කරට කර තරගවදින..මේ දෙකෙන්ම තම ප්‍රතිවාදින්ගේ ඔත්තු බැලීමට,ඔවුන්ගේ වෙළද රහස් අනාවරණය කරගැනීමට ලොකු වෙහෙසක් දරනව..මේ සදහා ඔවුන් අති දක්ශයන්ගේ සහාය තමයි ලබාගන්නෙ..
චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක වෙන වෙනම වැඩ කරන්නෙ මේ ඔත්තු බැලීමේ සේවාවන් දෙකට..කොහොම නමුත් පසු කාලයේ මේ දෙදෙනා එකතු වී වැඩ කරන්න පටන් ගන්නව..ඒ කුමක් සදහාද?අන්තිමේදි ඔවුන්ගේ අරමුණු සාර්ථක වෙයිද කියල බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක! ඉදිරි මොහොතේ මොනව වෙයිද කියල අනුමාන කරන්න ප්‍රේක්ෂකයාට ඉඩ දෙන්නෙ නැති චිත්‍රපටියක්..සරළව කිව්වොත් හොද රහස් පරීක්ෂක චිත්‍රපටියක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්..

24 comments
ĄŁȈ
chamila
මේක බලනකොට අපිවත් ටැපලෙයිද බන්...
පොතේ ගුරා
@ĄŁȈ! ආහ්..එළ එළ..බලල කියන්නකො මේක කොහොමද කියල.. :)
@chamila !හික් හික්..ලාවට වගේ එහෙම වෙනව බන්z..බලපංකො..එළ ෆිල්ම් එක!
gani01
Mama Balapu kamalima film aka,
Anthima Wenadi 5 de kathawa wennas wennawa..
Aiyooooo, mama monawath kewwe nahe...පොතේ ගුරා
@gani01! මේක කම්මැලියි? :O
Uraj Deemantha
පොඩ්ඩක් හිටපන්කෝ එකක් බාලා බලනකම්.... :P මෙතන films දාගෙන දාගෙන යනවා.... :) මෙහෙම බාලා අපි කොයි වෙලාවටද යකෝ මේවා බලන්නේ........ :P
Harshana
tz a lot.
තමීර
එළ, ෆිල්ම් එකේ නම දැක්කම කම්මැලි හිතිලා බැලුවෙ නෑ. දැන් නම් බලන්න ඕන. පේන විදියට නම් Mr and Mrs Smith විදියේම කතාවක් වගේ.
පොතේ ගුරා
@Uraj Deemantha !දැන් නිකම් හිතපන් උඹ ලෙඩ උනා කියල..එතකොට බලන්න ෆිල්ම් තොගයක් ළග තියෙනව කියන්නෙ නිකම් ටිකට් එකක් ඇදුන වගේ වැඩක්නෙ බන්z.. :)
@Harshana !වෙල්කම් වේවා!
@තමීර !ඔවු බන්..ඒ වගේ තමයි..බලල කියපන්කො කොහොමද කියල..
සුභාෂ්
මගේ ආසම නිලියක් ඉන්න නිසා මෙක කොහොම හරි බාගෙන බලන්න ඕන . . . අලුත් ගෙදර තාම ඉන්ටනෙට් හයි කරගන්න බැරි උනායින් කලින් බාගත්තු ටික බලන්න වෙලාවක් ලැබෙයි වගේ . . .
උදාන
හාර්ඩ් එක පිරිල ගුරෝ... එත් මේ දැන් මේකත් බෑවෙනව...අපොයි!!!!!!!! දැන් දැන් මගෙ මැෂිම රෑටත් වැඩ!!!
Thilina
අපෝයි තව එකක්. මම තාම Race to Witch Mountain බානවා.
Sudath
මචන් පොතේ ගුරා, පොඩ්ඩක් කියපන්කෝ... දන්නේ නැති නිසා අහන්නේ. අපි බලලා තියෙන හොඳ ෆිල්ම් ගැනත් පෝස්ට් කරන්න පුලුවන් විදියක් තියෙනවද මේ වෙබ් එකේ? තැන්ක් යූ වේවා මේ පෝස්ට් වලට,සෑහෙන හොඳ වැඩක්, ජය වේවා!
පොතේ ගුරා
@සුභාෂ් !එළ එළ..ඒ ටික බලන්නකො නෙට් එක ලැබෙනකම්..එතකොට තව සෙට් එකක් ඇවිත් තියෙයි.. :)
@උදාන! හික් හික්..මගෙ හාඩ් එකත් පිරිල බන්z..දුක තමයි...
@Thilina!හික්z..ඔහොම බෑ..දවසෙම බාන්න වෙනව.. :P
@Sudath!පුලුවන් මචන්...ඒත් මේ දවස් වල සාහිත්‍ය තරගය නිසා මම වෙන අයගෙ පෝස්ට් ගන්න එක අඩු කරල තියෙන්නෙ..මම ඒකෙ සංවිධායකවරුන්ගෙන් අහල කියන්නම්කො..තෑන්ක්ස් මචෝ මේ වැඩේට දක්වන උනන්දුවට!
-බිன்ku-
මෙහේ ටි වී එකක් මේක පෙන්නුවා, ඇත්තටම මේක හොඳ වුණත් Trailer හා Reviews බලලා තිබ්බ නිසා ගතිය අඩු වුණා මට!
පොතේ ගුරා
@-බිன்ku- !ඒක තමයි බන්..කතාවෙ පොඩ්ඩක් හරි දැනගත්තම ගතිය අඩු වෙනව..ලිපි ලියනකොට නිතරම මට හිතෙනව ඒ ගැන..
@chathurarcrc !ආහ් මේ ඇවිත් ඉන්නෙ..තැන්කූ මචෝ.. :)
රොයිලි
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මා.
හැබැයි ඉතින් බලන්න වෙන්නේ තව කාලෙකට පස්සේ තමයි. බාපුවම තියෙනවා තව සෑහෙන්න.
මෙයත් දවසට එක බැගින් ෆිල්ම් දානවා. මෙයාගේ සීනිබෝල කතා කියවල අපිත් බානවා. අනේ මන්දා කාට කියන්නද මේවා. :-P
ChuttaFX
තැන්කූ කිව්වා එහෙනම් :D
හාඩ් එක ඉඩ නැති නිසා MKV තමා බාන්නෙ. අලුත් හාර්ඩ් ඩිස්ක් 1ක් දාගන්න වෙනව ලගදිම. :Pchamiya
ඔව් ඔව් මේක ටිකක් පැටලිලි සහගතයි, ඒත් එළ චිත්‍රපටිය!!
පොතේ ගුරා
@රොයිලි !හික් හික්..නිවාඩු මාසෙම බලන්න ෆිල්ම් බාගනින් බන්z..
@ChuttaFX!ආහ්..එළ එළ..1TB එකක්ම ගනින්..නැත්නම් මදි වෙයි බාන හැටියට..
@chamiya!අනිවා මචන්.. :)
Mickal Farade
chutta budu aiiye...mkv torrent files 300mb ganna thenak kiyannakoo
erandika1983
meke sub nane
thunderx
Eka thamai
wijenayaka nayana
sub nene
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
හුගක් බා ගත්තා මේකට තමයි ඉස්සෙල්ලාම ප්‍රතිචාරයක් දෙන්නේ,:P
බොහොම ස්තූතීයි, බලලා කියන්නම් කොහොමද කියල ;)