මිත්‍යා විශ්වාසයන්.. හම්බ කරන් කන්න නම් හොඳ ව්‍යාපාරයක්.. අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සංවේදී හැඟීම්, වත්කමක් කරගනිමින් තම මඩිය තර කරගන්නට දත කන මිනිසුන් ඕනෑතරම් සිටින සමාජයකයි ඔබ අප අද මේ ජිවත් වන්නේ. ගස්, ගල්, ඇටකටු, මළකුණු, සිප්පි කටු වලින් වාසනාව උදාවෙනවාය කියා.. අහිංසක අසරණ දුප්පත් මිනිසුන් රවට…

මිත්‍යා විශ්වාසයන්..
හම්බ කරන් කන්න නම් හොඳ ව්‍යාපාරයක්..
අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සංවේදී හැඟීම්, වත්කමක් කරගනිමින් තම මඩිය තර කරගන්නට දත කන මිනිසුන් ඕනෑතරම් සිටින සමාජයකයි ඔබ අප අද මේ ජිවත් වන්නේ.
ගස්, ගල්, ඇටකටු, මළකුණු, සිප්පි කටු වලින් වාසනාව උදාවෙනවාය කියා..
අහිංසක අසරණ දුප්පත් මිනිසුන් රවටා මහා ධන කුවේරයන් වූ ව්‍යාපාරිකයන් ගැන ඔබ ඕනෑතරම් අසා ඇති.
මේ නොහොබිනා වැඩෙන් අවසානයේ සෞභාග්‍යය උදාකරගෙන තිබෙන්නේ මළකුණු විකුණන මිනිසා මිස,
එය මිලදී ගත් අසරණ මිනිසා නොව.
බුද්ධිමත් මිනිසුනේ..
යථාර්තය තේරුම් ගන්න..
දෛවය සමග ජිවත් වන්න..
දෛවය වෙනස කල හැක්කේ තමන්ටම මිස,
වෙන කිසිවකුට නොව.
ආගම් සහ දර්ශනයන් විස්වාස කරන්න..
නමුත් ඒවාට මුවාවී නුඹේ පසුම්බියට විරිත්තගෙන සිටින ව්‍යාපාරිකයන් විස්වාස නොකරන්න..
අක්කල නංගිලා කාගේත් පෙම්වතා විජේ දේවරකොන්ඩාගේ 2017 වසරේ නිකුත් වෙච්ච එළකිරි චිත්‍රපටියක් අරගෙනයි අද මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ. 2017 වසරේ මාර්තු 3 නිකුත් වෙච්ච මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රීනිවාස් රවින්ද්‍ර විසින්. විජේ දේවරකොන්ඩා එක්ක පූජා ජාවේරි තමයි ප්‍රධාන චරිත විදිහට රඟපාන්නේ. ඊට අමතරව ප්‍රකාශ් රාජ් එහෙමත් රංගන දායකත්වය සපයල තියෙනවා මේ චිත්‍රපටිය වෙනුවෙන්. සායි කාර්තික්ගේ සංගීතයෙන් හැඩවුණු මේ චිත්‍රපටිය ඉන්දියානු රුපියල් කෝටි 4 ක වියදමින් තනා කෝටි 12 ක ආදායමක් උපයාගන්නට සමත් වෙනවා. පොඩියට ලෝ බජට් එකකින් කරලා පොඩියට ප්‍රදර්ශනය කරලා වියදම වගේ තුන් ගුණයක් හොයන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටය IMDB 5.6 අගයක් ගන්නා අතර විජේගේ සිනමා ගමන් මගේ තවත් එක සාර්ථක පියවරක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
මිනිස්සු කියන ජාතිය හරිම බුද්ධිමත්.
ඔවුන්ගේ මනස උසස්.
ඒ හින්දනේ අපි සත්තුන්ට වැඩිය වෙනස්.නමුත් ඔය කියන මිනිස්සුන්ව සලකලා බැලුවම,
මිනිහෙක්ට මිනිහෙක් ගත්තම,
එක මිනිහෙක්ව අන්දන්න/මුලා කරන්න,
තව මිහිහෙක්ට මහ වෙලාවක් යන්නේ නෑ.කෙනෙක්ගේ අසරණ කමක්,
තව කෙනෙක්ගේ ව්‍යාපාරයක් කරගන්නවා..
අදායමක් කරගන්නවා..
අනේ ඒ අසරණ මිනිස්සුත්,
අර අයගේ කයිවරුවට රැවටෙනවා.
එරා සීනු කියන්නේ හොරෙක්. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඌ හොරෙක්. පොරට හිතෙනවා පොඩි පොඩි හොරකම් කර කර ඉන්නැතුව, ලොකු දෙයකට ගේම දීලා ජිවිතේ එකලාසයක් කරගන්න. ඉතින් පොර යනවා කෝවිලක දේව පිළිමයක් උස්සන්න. වැඩේ ගොඩදාගන්න කලින් මිනිහා මාට්ටු වෙනවා. ඒත් මේ එරා සීනු එතනින් පැනගන්නවා. එතනින් පස්සේ තමයි හොඳම හරිය. ඇඟේ තිබුණු ෂර්ට් එකවත් නැතුව මෙහෙම ඉබාගාතේ දුවගෙන ගිය එරා සීනු තැනක නතරවෙලා රෙදි වැලක තිබුණු ස්වාමි කෙනෙක්ගේ වස්ත්‍රයක් පොරවගන්නවා. එතනිත් පස්සේ කතාව තවත් රසවත්.. අරගෙනම බලන්නකෝ එහෙනම්.
දශකයක් පුරාවට බයිස්කෝප් අඩවිය එක්ක රැඳිලා ඉන්න ඔබ සියලු දෙනා වෙනුවෙන් මේ වසරේදීත් සිනමාවට සහ ටෙලි කතා අවකාශයට නිකුත් වෙන්නට නියමිත නිර්මාණ සියල්ලම හැකි ඉක්මනින් ඔබ වෙත ලඟා කර දෙන්න අපේ කණ්ඩායම නොයිවසිල්ලෙන් බලාගෙන සිටිනවා. ඒ වගෙම ඉන්දියානු සිනමාවෙ පහුගිය දවස් ටිකේ නිකුතු වුනු දැවැන්ත නිර්මාණ රැසක හොද පිටපත් ඉදිරි දින කිහිපයේදි නිකුත් වන්නට නියමිතයි. ඒ වගේම තවත් අතිශය ප්‍රෙක්ශක ආකර්ශනය දිනාගත් ඉන්දියානු චිත්‍රපට රාශියක් ඉදිරි කාර්තුවේදි නිකුත් වීමට නියමිතයි. මේ හැමදෙයක්ම හොඳම විඳිහට හැකි ඉක්මනින් උපරිම ගුණාත්මකභාවයකින් ඔබ වෙත ගෙන එන්නට අපේ කණ්ඩායම සෑම විටම සූදානමින් සිටිනවා. ඉදිරියේදී ඒ හැමදේම සාර්ථකව කරගන්න බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලය ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සැමටත් හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම එලඹෙන්නට නියමිත සිංහල හින්දු අලුත් අවුරුද්දත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් මං එහෙනම් හෙමිහිට විසි වෙනවා.. ඔබ සැමට ජයෙන් ජය…!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා වලංගු වේ.
19,283 downloadsDownload Dwaraka-2017.zip75 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
49 comments
Prabodha Madhusankha Hettiarachchi
lahiru sadaruvan
thank you so much brother
Madhu_Akarsha
Meka hoya hoya hitye... thank you so much
geeganagamage
බොහොම ස්තුතියි අනිවාර්යයෙන්ම බලනවා
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
charith98
Asterix : the secret of the magic protion subs 2019 dennako. Yts tiynwa film eka
D.Chamara
bohoma sthuthi sahooo jaya....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !basura indrachapa
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ
Pradeepkumara
Thanx saho
Nilush Angana
Sub ekata thanx
Rukshan37
Ela ela
wajira
thanks for sub
Lakrumve
Ela
TharakaWAS
Thanks for sub...!!!
Ayesh Prashan
Thank You
NuwanK
Thank u bro..
tpwiki
elama
කවිනු වීරක්කොඩි
ඔන්න එහෙනම් බාන්නයි යන්නේ..
බොහොම ස්තූතියි තාරක අයියේ උපසිරැසියට!!!!ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!prasanga sanjeewa
thanks......
Kulanjana Maduranga
niyamai...subata thanks saho...keep it up
RuwanLakshan93
බොහොම ස්තූතියි සහෝ... එල
uditha godamunna
එල....
Gandhaka Indrajith
Thanks for the subtitle
santhusha319
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanjeewa2010
Thnxxxxxxxx
prasakr
බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා.....
upulkumara1994
එල
Kasun777
Thanks
chinthaka_shiwantha
stuytyyy..
isurus-ampath
ඒල බොක්කා
N_R
Thank You.
Eranda Malith 2.0
Thanks bn
osada1987
thanks bro
osada1987
thanks bro
sublove
bohoma sthuthi me wage films apita sub karala genawata
harshana1998
evanukku engeyo matcham irukku film eke sinhala sub ek dennko
Bhachathuranga
ela bro
Shehan putha
thanks bro !
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Cool_maths
Ela bn thnx
thanks bn,,,,Julie 2 Telugu film ekta subeka deepnko mchn, raai laxmi inna aluth ekaa
Anu
Thanks bro.
මොළ කකුලුස්
Thanks for subtitles.jaya wewa ....
Subasinghe22
Thnks for sub... jaya wewaaa..
shehara sandesh
thanx brdh
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තාරක සහෝ..ජයවේවා !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Mamath asa karana naluwek thama vijaya.. Thank sub ekata bro...