කොහොමද යාලුවනේ ඔන්න මම අලුත් ඇනිමේ නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. ඔයාල මම අන්තිමට කරපු Death Note ඇනිමේ එක බලලා සතුටු වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. එහෙම නම් අද මම අරන් ආපු ඇනිමේ එක දිහාට හැරෙමු හැම දේටම කලින් මේ ඇනිමේ එක ගැන විස්තර ටිකක් කියන්න ඕනනේ. එහෙනම්, මෙදා පාර මම අරන් ආපු ඇනිමේ…

කොහොමද යාලුවනේ ඔන්න මම අලුත් ඇනිමේ නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.
ඔයාල මම අන්තිමට කරපු Death Note ඇනිමේ එක බලලා සතුටු වෙන්න ඇති කියල මම විශ්වාස කරනවා. එහෙම නම් අද මම අරන් ආපු ඇනිමේ එක දිහාට හැරෙමු හැම දේටම කලින් මේ ඇනිමේ එක ගැන විස්තර ටිකක් කියන්න ඕනනේ. එහෙනම්,
මෙදා පාර මම අරන් ආපු ඇනිමේ නිර්මාණය කලින් කරලා තියන ඇනිමේ නිර්මාණ වලට වඩා ටිකක් වෙනස් මොකද හැම ඇනිමේ නිර්මානයකමට සාමාන්‍යයෙන් ප්‍රධාන වෙන්නේ ජපානය නේ මේකෙදි චීනය තමයි මුලික වෙන්නේ. ඒ වගේම මේ ඇනිමේ එක 5 centimeters per second(2007) ඇනිමේ එක වගේ කෙටි කතා 3 ක් එකට කැටි කරලා නිර්මාණය කල ඇනිමේ නිර්මාණයක්. ඒ වගේම මේක ටිකක් අලුත් ඇනිමේ එකක් ඒ කියන්නේ මේ ඇනිමේ එක තිරගත වෙලා තියෙන්නේ 2018 වසරේදී. ඒ වගේම ඔයාල හැමෝම දන්න Netflix ස්ටූඩියෝ එකයි Your name(2016), The Garden of Words(2013) වගේ ඇනිමේ නිෂ්පාදනය කරපු CoMix Wave Films ස්ටූඩියෝ එකයි එකතුවෙලා තමයි මේ ඇනිමේ එක නිෂ්පාදනය කරලා තියෙන්නේ, ඉතින් මේකේ ග්‍රැෆික් ගැන වෙන මොන කතා ද. මේකේ Genres ගැන කියනවා නම් Drama, Romance, Slice of Life යන ඒවාට අයිති වෙනවා. ඒ වගේම මේ ඇනිමේ නිර්මාණය MyAnimelist දර්ශකයේ 7.29 ද, IMDb දර්ශකයේ 6.5/10 වගේ අගයක් ද අරන් තියනවා. මේ ඇනිමේ නිර්මාණය නිෂ්පාදනය කරලා තියෙන්නේ Tang, Yunkang කියන නිෂ්පාදකවරයා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Li, Haoling කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
එහෙනම් දැන් කතාව මම කලිනුත් කිව්වා මේක වෙනස් කතා 3 එකට එකතු කරලා හදල තියන ඇනිමේ එකක් කියල. මේ කතා 3 ම කියවෙන්නේ වෙනස් නගර 3 ක සිද්දවෙච්ච වෙනස් ආදර කතා 3 මම ඒ කතා ගැන කියන්න යන්නේ නැහැ මොකද ඒවා කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල තේරෙන්නේ නෑ, ඒ තුන මම දැකපු ලස්සනම කතා 3 ක්. තව දෙයක් තියනවා 5 centimeters per second ඇනිමේ එකේ තිබුනේ නැති දෙයක් මේ ඇනිමේ එකේ තියනවා ඒ තමයි මේ වෙනස් කතා තුනම අන්තිමේදී එක තැනකදී එකට එකතු වෙනවා. එහෙනම් මම ආරාධනා කරනවා මේ සුන්දර ඇනිමේ නිර්මාණයේ අසිරිය විඳගන්න කියල. එහෙනම් තවත් මේ වගේ ලස්සන ඇනිමේ නිර්මාණයක් එක්ක හමු වෙමු. එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,468 downloadsDownload Flavours.Of_.Youth_.2018.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
34 comments
cas
methuwa
Thanz for subtitles
Supuni99
Asterix.Et.Obelix.Contre.Cesar.1999 ෆිල්ම් එකෙ සින්හල සබ් නෑ එක හදන්නකො කවූරු හරි 403 – Download Restricted කියලා වැටේනවා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
Rumesh dhanushka
බොහොම ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !Chanu mikhail
Ft.
Thanks bro..
JayaMalshan9809pk
Account එකට ලොග් උනාට පස්සේ මට ඕනේ film එකේ සබ් එක download කරන්න film එකේ නම search කරන්නේ කොතනද?
kaweesha kalyana
උඩම දකුණු කෙලවරේ search bar එකෙන් සහෝ
Amalka Himeshan
Anime එකක් කොහොම අතඅරින්නද අනිවා බානව තැන්ක්ස් සබ් එකට
සචින්ත කල්හාර බෙනට්
නියමයි. බෝහෝම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජයම වේවා!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Asiri sandakelum
5 centimeters per second වගේ නම් ඉතින් අනිවා බැලිල්ලක් තමා. play කරලා බැලුවම හරිම අමුතුයි ඇනිමියක් ජපන් නැතුව වෙන බාශාවකින් තියෙන එක.අලුත් අත්දැකීමක්.උපසිරසියට ස්තුතියි. ජය!
Chamara Diaz
Thanks Bro...~
sasanka5
thank u for sub
කවිනු වීරක්කොඩි
ඇනිමේ නම් මිස් කරන්නේ කොහොමද..???
ජය වේවා!! බොහොම ස්තූතියි උපසිරැසියට!!!dskumara
Thank you
Kulanjana Maduranga
subata thanks....
IreshSampath
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
dilmaxbalasooriya
thanks
Vijitha Rathna (විජ්ජ)
ආයේ ඉතින් මොන කතාද
Anime එකක් නම් පට්ට ආ
Thanks For The SubAyesha
Thanks bro.. :)
ayesh dimantha
I want to eat your pncreas කියන anime movie(2018) එකට සිංහල sub නැද්ද????
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
ජයවේවා....kaweesha kalyana
මං හිතන්නේ තාම නැහැ.
Anonymous
ඒකට sinhala sub thiynwa. Baiscopelk ekema thiynwa
kites
Thank you!
knight1500
Sub එකට thanx
ගොඩක් අය දැන් ජපන් anime බලන නිසා දිගටම anime වලට උපසිරැසි නිර්මාණය කරාවි කියල බලාපොරොත්තු වෙනව.
පුළුවන් නම් දැනට sub ඇවිල්ල තියෙන your name, 5 centimeters per second වගේ real life story තියෙන anime වලට sub නිර්මාණය කරන්න.GOOD LUCK
Hgkp
Sub එකට ගොඩක් ස්තූතියි. Sword art online එකට sub දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්.
බුදු සරනයි දෙවි පිහිටයි . බයිස්කෝප් වාසී සැමටම.kennan
Thank you !
Pavith Wijesooriya
මේක ගොඩක් ලස්සන ඇනිමේ එකක්.ගොඩක් ස්තූතියි අයියේ මේකට සබ් ලබා දුන්නට.සබ් එකත් නියමෙටම තිබ්බා.ඉදිරියටත් මේ වගේ ලස්සන ඇනිමේ වලට සබ් ඕනේ.ජය වේවා!!!
Vinusha
Thank you for the sub!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks you :)