ඔන්න තවත් උපසිරැසියක් අරගෙන මම ආයෙත් ආවා.මේකත් ටිකක් වෙනස් කතාවක්.අයිති වෙන්නේ Thriller ඝනයට.මේ දවස් කිහිපයේ වැඩිපුර කතාවෙන දෙයක්නේ කාන්තා හිංසනය,අපයෝජනය වගේ දේවල් ! මේකෙන් කියවෙන්නේ ඒ ගැනනම් නෙවෙයි.සමාජයේ වැඩියෙන් කතා නොකෙරෙන,ඒකේ අනිත් පැත්ත ගැන.ඒ කියන්නේ කාන්තාවන්ගෙන් පුරුෂයින්ට වෙන අඩම්තේට්ටම්,ල…

ඔන්න තවත් උපසිරැසියක් අරගෙන මම ආයෙත් ආවා.මේකත් ටිකක් වෙනස් කතාවක්.අයිති වෙන්නේ Thriller ඝනයට.මේ දවස් කිහිපයේ වැඩිපුර කතාවෙන දෙයක්නේ කාන්තා හිංසනය,අපයෝජනය වගේ දේවල් ! මේකෙන් කියවෙන්නේ ඒ ගැනනම් නෙවෙයි.සමාජයේ වැඩියෙන් කතා නොකෙරෙන,ඒකේ අනිත් පැත්ත ගැන.ඒ කියන්නේ කාන්තාවන්ගෙන් පුරුෂයින්ට වෙන අඩම්තේට්ටම්,ලිංගික අපයෝජන ගැන.එක්තරා පුද්ගලයෙක් එයාගේ නව යොවුන් වියේදී තමන්ට වඩා හුඟක් වැඩිමල් කාන්තාවකගෙන් දීර්ඝ කාලයක් තිස්සේ අපයෝජනය වෙනවා.ඒ හේතුවෙන් මේ පුද්ගලයාගේ ඉදිරි ජීවිතය,විශේෂයෙන්ම විවාහ ජීවිතය විනාශ වෙලා යනවා.කොහොමවුනත් මේකේ කතාවේ තියෙන්නේ මේ පුද්ගලයට මුහුණ පාන්න වෙන මිනීමැරුම් සිද්දියක් ගැන,ඒකෙ සුලමුල පොලිසිය විසින් හොයාගන්න එක ගැන.මේ මිනීමැරුමට වක්‍රාකාරව බලපාන්නේ අර කලින් කියපු සිද්දිය තමයි.චිත්‍රපටය පුරාම ත්‍රාසය,කුතුහලය ගැබ්වෙලා තියෙන නිසා කතාව එක හුස්මට බලාගෙන යන්න පුළුවන් !
බිෂාන් රායි කියන පුද්ගලයා තමයි මේ විදියට කුඩා කාලෙම සමාජ අසාධාරණයට ලක් වෙන්නේ.චිත්‍රපටය පටන් ගන්නෙ මෙයා නිවාඩුවකට ගිහින් එයාගේ ගෙදරට එන සිද්දියත් එක්ක.එතනදී එයාට දකින්න ලැබෙනවා,ගෙදර මිනීමැරුමක්,මංකොල්ලයක් සිද්දවෙලා තියෙනවා වගේම තමන්ගේ බිරිඳට වෙඩි වැදිලා සිහි නැතුව ඉන්නවා කියලා.මේක විමර්ශනය කරන්න මුලින්ම එන පොලිස් නිලධාරීන් කියන්නේ මේක සාමාන්‍ය මංකොල්ලයක් විතරයි කියලා.නමුත් පස්සේ ශබෝර් දාස්ගුප්තා කියන පොලිස් ACP නිලධාරියා මේකේ ඊට වැඩි දෙයක් තියෙනවා කියලා හිතලා මේ සිද්දියේ සුල මුල හොයන්න පටන් ගන්නවා.එතකොට එයා දැන ගන්නවා,මේ ගෙදර අර පුද්ගලයා එක්ක කාන්තාවන් 3 දෙනෙක් හිටියා කියලා.ඒ එයාගේ බිරිඳ-ශිවන්ගි,බිරිඳගේ ව්‍යාපාර සහායිකාව-නන්දිනී සහ ජනවි කියන තුන් දෙනා.නන්දිනී තමයි මිනීමැරුමට ලක් වෙන්නේ.ඉතින් පියවරෙන් පියවර ගොඩක් ත්‍රාසය,කුතුහලය ඇතිවෙන විදියට මේ නිලධාරියා මේ සිද්දියට වග කියන්න ඕනේ පුද්ගලයින් හොයා ගන්නවා.ඇත්තටම මේක සාමාන්‍ය මංකොල්ලයක්ද?එහෙම නැත්නම් සැලසුම් කරලා කරපු මිනී මරුමක්ද? මිනීමැරුමට වගකියන්න ඕනේ කවුද?මේ කාන්තාවන් මේ සිද්දියට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ දේවල් දැනගන්නනම් ඉතින් ෆිලුම බලන්නම වෙනවා !
මේක බෙංගාලි චිත්‍රපටයක්.ඇත්තටම මම මේක හොයාගත්තේ අහම්බෙන් වගේ ! ඒත් මේකේ IMDb අගය දැක්කට පස්සේ බලන්න ඕනේ කියලා හිතුනා.ෆිලුම බැලුවට පස්සේ තමයි හිතුවේ මේකට සබ් එකක් කලොත් හොඳයි කියලා.එතකොටයි දැක්කේ,බයිස්කෝප් අඩවියේ බෙංගාලි කියලා වෙනම category එකකුත් තියෙනවා කියලා !ඉතින් තවත් හිතන්නේ නැතුව සබ් එක කරන්න පටන් ගත්තා.මේක මගේ පස්වැනි උපසිරැසි නිර්මාණය.කලින් වගේම කියන්න තියෙන්නේ ෆිලුම බලලා සබ ගැන හිතෙන ඕනෙම දෙයක් පල්ලෙහායින් කමෙන්ට් එකක් විදියට දාන්න.ඇත්තටම ඔයාලගේ විවේචන,යෝජනා,දිරි ගැන්වීම් හැම දෙයක්ම අපිට ගොඩක් වටිනවා ! තවත් මලයාලම් ෆිලුමකින් ඊළඟට හමුවෙමු !
සැ.යු.- මෙහි අඩංගු ඇතැම් දර්ශන නිසා මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු වන බව සලකන්න.

Due to copyright issues, we do not provide any torrent links.
Eagoler Chokh 2016 DVD.Rip-x264.AAC.Esubs
Eagoler Chokh 2016 – HEVC-DVD.Rip-x265.AAC.Esubs
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,347 downloadsDownload Eagoler-Chokh-2016.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
14 comments
gayan
චාරුක ලක්ෂිත
උපසිරසිට ස්තුතියි....
අඩේ මමයි පලවෙනි කොමොන්ට් එක...
මොකක් උනත් දිගටම සබ් දාන්න...Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Kamal
සබට බොහොම තරිඳු රසාංග ස්තුතියි සහෝ...!
ඉදිරියටත් සබ් කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඊළඟට දෙන මලයාලම් එකත් එනකම් බලාගන ඉන්නවා
ඔබට ජයවේවා...!!අසිත
elama saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanjula Madushan
Sub Ekata ThnX Bro..
Jaya Wewa..!Kalum Gunasekara
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
Isanka indunil
Patta patta machoo thnx sub ekata
Hansa
Ela sahodarya. Film Eka supiriyi
Nimal
Niyamai bro ela
Akila De Silva
katahari uuwanda me fim eke sub eka mata emai karanna? oku udawwak. sub download karanna be age not found kiyala enawa...
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...
දිගටම සබ් දෙමු ආ... ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela bn wenasma film ekak im frist