ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු තුන්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ.කලින් කිව්වා විදියට හින්දි චිත්‍රපටයක්.උපසිරසි 93 ක් කරලා තිබ්බත් මේ තමා මගේ පලවෙනි හින්දි නිර්මාණය. එත් මම හිතන්නේ ඔයාල දන්නවා බයිස්කෝප් මංසලේ මම හින්දි රසික ඔයාලට වැඩි ඉඩක් දීල තියනවා කියල. ඉතින් මේ චිත්‍රපටය ගැන කිය…
ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මම මගේ අනු තුන්වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ.කලින් කිව්වා විදියට හින්දි චිත්‍රපටයක්.උපසිරසි 93 ක් කරලා තිබ්බත් මේ තමා මගේ පලවෙනි හින්දි නිර්මාණය. එත් මම හිතන්නේ ඔයාල දන්නවා බයිස්කෝප් මංසලේ මම හින්දි රසික ඔයාලට වැඩි ඉඩක් දීල තියනවා කියල. ඉතින් මේ චිත්‍රපටය ගැන කියනවා නම් පොඩි අතීත කතාවක් තියනවා.
ඇත්තටම මම මේ චිත්‍රපටය ඔයාලට දෙන්න ඕන කියල හිතුවේ පසුගිය දවසක දහරා මුතු අමා සොහොයුරිය දුන්න දිල් හේ කේ මාන්තා නෙහි චිත්‍රපටය හින්ද. ඒ චිත්‍රපටය තමා මගේ පලවෙනි පාසල් ප්‍රේමය අවසන් උන වෙලාවේ දුකටම වීඩියෝ සෙන්ටර් එකකින් ගෙන්න කිපපාරක් බලපු ඩෙක් පිස් එක. ඉතින් මේ චිත්‍රපටය මට වැදගත් වෙන්නේ ඒ ආදරය පටන් ගත්ත දවසේ කික් එකට ඒ වීඩියෝ සෙන්ටර් එකෙන්ම ගෙන්නලා බලපු ෆිල්ම් එක හින්ද. මේ කතාව 1996 අවුරුද්දේ වෙච්ච එකක්. ඉතින් ඒ මගේ ජිවිතේ අමතක නොවන හින්දි චිත්‍රපට කිහිපයෙන් එකක් වෙච්ච මේක මගේ වාසනාවට බයිස්කෝප් එකට දෙන්න පුළුවන් කම ලැබුනා.
ඉතින් චිත්‍රපටය ගැන කියනවා නම් මේ චිත්‍රපටය IMDb අගය 4.2 අරන් තියන Drama, Musical, Romance වර්ගයට අයත් චිත්‍රපටයක්. ඒ වගේම අනිල් කපුර් ගේ සොහොයුරා වන සන්ජේ කපුර්ගේ පළමු චිත්‍රපටය. කියන්න ඕන ලස්සන ගීත කිහිපයක් මේකේ ඇතුලත් වෙනවා කියලත්. කතාව සරලව කියනවා නම් ආත්ම කිහිපයක ආදර අන්දරයක් කිව්වොත් හරි. කලින් ආත්ම වල එකතු වෙන්න බැරි උන පෙම් යුවලක් මේ ආත්මයේ එකතුවෙන්න කරන උත්සාහය තමා තියෙන්නේ
මේ චිත්‍රපටයට නිවැරදි ඉංග්‍රීසි පිටපතක් වත් අන්තර්ජාලයේ නැ. එකක් තියනවා එකේ බාගයක් දෙබස් හලලා. ඉතින් සම්පුර්ණ අසා ලිවීමක් තමා මේ තියෙන්නේ. මම ඊළඟට ඔයාලට අරන් එන්නේ විද්‍යා ප්‍රබන්ධයක්. එත් කියන්න ඕන ඔයාල හොඳටම දන්නා චිත්‍රපටයක නොදැක්ක දෙයක් කියල.
ඉතින් එකත් අරගෙන එන්නම් කියන ගමන් සමු ගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
Prem (1995)
Prem (1995)[DVDRip.x264]mp3
Prem (1995) Dvdrip x264 AAC Badababa
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.
330 downloadsDownload Prem-1995.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
10 comments
shasith sandaruwan
KAVINDA GAMAGE
අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks ASANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
වජිර රත්නායක
උපසිරැසියට සුබ පැතුම්
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!matara kollek
makkai ban me film da? mewa pennapan ube achchita
Withanage Priyantha Dayakeerthi
අසංක සොයුර,
ස්තුතියි උපසිරසියට! මීට ඉහත නරඹලා නැති එකක්. ඉහත විස්තරය කියවුවාම සිනමාපටය බලන්නට සිතුණා. 90 දශකයේ හින්දි සිනමාපටවලට කැමති රසිකයන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අයට මේ උපසිරැසිය ඉතා වටිනවා. ඔබගේ උපසිරසි නිර්මාණයේ සියයේ කඩ ඉමත් ඉතා ළඟයි නේද? ඔබට ජය!!!hisham
Ane... man kochchara nam try karadha... film eka download wennema ne.. mata udhaw karannako plz...
Chaminda Lakruwan
ස්තූති සබ් එකට
මේවගේ පරන ඒවට සබ් දෙන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
ඉක්මනටම 100 ගහමු නෙහ්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!