Watch Trailer

Earthlings (2005) with Sinhala Subtitles | මිනිස්කමේ නාමයෙන් අනිවාර්යයෙන් බලන්න [සිංහල උපසිරසි සමඟ]

If I could make everyone in the world see one film, I’d make them see Earthlings. —Peter Singer මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු මි…

If I could make everyone in the world see one film, I’d make them see Earthlings.
—Peter Singer

මේ පෘථිවි තලය මත වසන සියළුම පෘථිවිවාසීන් අතුරින් උසස්ම තත්වයක සිටින සත්වයා මිනිසායි. මිනිසා අනෙක් සතුන් අභිබවා උසස් වන්නේ ඔහු සතු ධනයවත්, බලයවත්, ඔහු සතු ආයුධ නිසා වත් හෝ අන් කවරක් නිසාවත් නොව ඔහු සතු මිනිස්කම නිසාය; මිනිසකු, තිරිසනෙකුගෙන් වෙනස් වන්නේ මේ උතුම් මිනිස්කම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ.

ඒත්…. මිනිසුන් යැයි කියාගන්නා අප තුල ඒ උතුම් මිනිස්කම සැබැවින්ම ඇත්දැයි නැවත හැරී බැලීමට දැන් කාලය එළඹ ඇත. යුක්තිය, සාධාරණත්වය, අයිතිවාසිකම් හෝ සමානාත්මතාවය ගැන අපි කෙතරම් හයියෙන් කෑ ගැසුවත්, ඒ ගුණාංග කිසිවක් අප තුලවත් සැබැවින්ම ඇත්දැයි ඇත්තෙන්ම සැක සහිතය.

මේ පොළාව මත වසන එකම පෘථිවිවාසියා මිනිසා නොවේ; අපත් සමග මේ පොළාවේ තවත් අපගේ සහෝදර පෘථිවිවාසීන් මිලියන-බිලියන ගණනක් වාසය කරයි. එමෙන්ම මිනිසා යනු මේ පොළොවේ අයිතිකාරයාද නොවේ; සැබැවින්ම අප මේ පොළාව මත වසන තවත් එක් සත්ව කොට්ඨාසයක් පමණි.

නමුත් තමන්ගේ අසිරිමත් බුද්ධි මහිමයේ බලයෙනුත්, එයින් නිර්මාණය කරගත් මහා ව්‍යසනකාරී බලවත් අවිආයුධ වල බලයෙනුත් ඔද වැඩී සිටින මිනිසා ඔහු සතු ඒ අසීමිත බලයෙන් අනෙක් සහෝදර පෘථිවිවාසීන්ව ඉතාමත් අධම ලෙස පාගාගෙන සිටියි. ඔහු තම සහෝදරයින්ට සලකන්නේ තමන් වෙනුවෙන්, තමන්ගේ පරිභෝජනයට ඇති හුදු භාණ්ඩ ලෙසයි. ඉතාමත් කුහක, ආත්මාර්ථකාමී ලෙස තමන්ගේ හුදු සුඛවින්දනය සඳහා තමන් සමග මෙලොව වසන අනෙක් සහෝදර පෘථිවිවාසීන්ගේ ජීවිත, හැඟීම් සමග නින්දිත ලෙස සෙල්ලම් කරන්නේ මිනිසායි. ශිෂ්ටත්වය, සභ්‍යත්වය වැනි අලංකාර වචන වලින් අප වසාගන්නට උත්සාහ කරනා ගඳගහන සත්‍යය එයයි.

මේ ඇඟිල්ල දික් වන්නේ වෙන කිසිවකුට නොව ඔබටත්, මටත්ය. ඔව්! මමත් එයට වගකිව යුතුය; ඔබත් එයට වගකිව යුතුය! අපට කීමට නිදහසට හේතු තවත් ඉතිරිව නැත.

Earthlings – උසස් යැයි කියාගන්නා මිනිසාගේ මේ නින්දිත ක්‍රියාවන් දෙස විවෘත මනසකින් බැලීමට අපව යොමුකරන චිත්‍රපටියකි.
Earthlings – අප තුල සඟවාගෙන සිටින ඒ උතුම්වූ මිනිස්කම නැවත පිටතට ගැනීමට අපව යොමු කරවන චිත්‍රපටියකි.

එනිසා අනිවාර්යයෙන්ම Earthlings බලන්න; ආත්මාර්ථකාමී නොවන්න; ඔබේ මිනිස්කම අරුත් ගන්වන්න; මෙලොව ඇති ඒ උතුම් වූ ජීවයට හිමි නිසි ගෞරවය ලබා දෙන්න; නියම මිනිසෙක් වන්න; මේ පණිවිඩය අනෙක් අයටත් දෙන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මනනදේව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/04/07

Subtitles by

අමිල මනනදේව

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

44 comments

  1. h

    සංවේදී කට්ටිය මේක නොබැලුවට කමක් නෑ. හැබැයි බලන්න වටිනවා. හැබැයි ඉතිං මේකෙ තියෙන්නෙ එක පැත්තක් විතරයි.

  2. Asantha C

    balamu balamu....wenas ma film ekak wageee..........

  3. SAMEERA

    ada mama 3 ne..ela ela...onna damma banna....

  4. dila

    ada mama 3
    ee nisa aniwa baami
    thanx ජීවන්ත saho!!

  5. dila

    aiiyooo mama commen karaddi Sameera saho karala iwarai
    kamak neha mama 4

  6. සුභාෂ් ගුණවර්ධන

    මම මේක මේ අඩවියේ තැනක කමෙන්ට් එකක දැකලා බා ගත්තා ඒත් තාම බලන්න නම් බැරි උනා . .

  7. Tharindudoo

    අඩේ එළනේ බන්

  8. ashan kandy

    man anthimaya.. ela ela math danawa...

  9. Dhanuka Pathinayake

    බලලා ඉවර වෙලාම ගුන දොස් කියන්නම්.

  10. hansi

    balala ma imu ko neda aiye

  11. vidura

    හිතට වදින ෆිල්ම් එක.මරු ආ.තෑන්ක්ස්

  12. රවිඳු පියුමාල්

    මම මේ එක වෙන්න දැම්මා.. ඒකනෙමේ ගුරා... මේක මගෙ පෞද්ගලික අදහසක්, මේකට වෙන අපි ගොඩක් අය අවුරුදු 18 වඩා වැඩි අය..
    පුලුවන්නම් අපිට adults only film ටිකක් subtitle එක්ක දාන්න පුළුවන්ද?? අළුත් වැඩක්..
    කොයි එකටත් අනිත් අයගෙ අදහසුත් අහලා බලන්න.. නැත්නම් මමත් ඉවරයි... ලැජ්ජා වෙන්න දේවල් නෙමෙයි අනිත් එක අනිත් රටවල් වල අවුරුද්දකට release කරන film lot එක දැක්කහම.. පුළුවන්නම් විතරක් කරන්න.. ජය වේවා...

  13. රවිඳු පියුමාල්

    මම මේ film එක download වෙන්න දැම්මා.. ඒකනෙමේ ගුරා… මේක මගෙ පෞද්ගලික අදහසක්, මේකට log වෙන අපි ගොඩක් අය අවුරුදු 18 වඩා වැඩි අය..
    පුලුවන්නම් අපිට adults only film ටිකක් subtitle එක්ක දාන්න පුළුවන්ද?? අළුත් වැඩක්..
    කොයි එකටත් අනිත් අයගෙ අදහසුත් අහලා බලන්න.. නැත්නම් මමත් ඉවරයි… ලැජ්ජා වෙන්න දේවල් නෙමෙයි අනිත් එක අනිත් රටවල් වල අවුරුද්දකට release කරන film lot එක දැක්කහම.. පුළුවන්නම් විතරක් කරන්න.. ජය වේවා…

  14. අඛිල

    thank you for telling about this film

  15. ashan kandy

    @ රවිඳු පියුමාල් ela idea eka... hikzzz.... lajjawe baaaa... :)

  16. DjAT

    @ රවිඳු පියුමාල්

    Macho adults only kiyana eken uba mean karanne mona wagee films da ? mokada uba kiyana widihata mata hitheee sex (porn) category yana films kiyalai.nathenam 18+ category 1kak Tiyanawa neee ma sit 1kee.wisthara karala dapan ubee adahasa poddak.

  17. සමන් කලුබෝවිල

    ම්ම්ම්...අලුත්ම තේමාවක් තියෙන එකක් වගේ.... අනිවා බානවා..... එකනෙමේ.. රවිදු ගේ අදසට මාත් කැමතී.... ලැජ්ජා වෙලා කොහොමද මේවගේ දේවල් වලට....හික්zz........ තෑන්ක්ස් .....

  18. amal

    ekanam hondaa.. +18 walata honda illumak thiyenawa...

  19. amal

    film1nam elazzz ... thnx oya gollo hemotama.. baiscorp semada yehen wejabewa...!!!!!

  20. ඉන්දික

    බාන්න ඕනෑ

  21. Suvin

    Baaalama balamu!

  22. රවිඳු පියුමාල්

    @ djSAt. අපේ යාළුවන්ට ටිකක් තරහා ගිහිල්ලා වගෙයි.. ඒක හින්දම තමයි මම අනිත් අයගෙ ides දෙන්න කියලා කිව්වෙ..
    මම කියන්නෙ porn section යන film ගැන නෙවෙයි.. විශේෂයෙන් sex ගැන කතා කරන ගැන.. තේමාව sex වුන film ගැන... 18+ එකේ යන film මම දන්නවා..
    examples..
    The Reader, Lady chatterly, wicked warden,
    තව ඕනේ තරම් film තියනවා.. ටිකක් කල්පනා කරල බලපන්..

  23. rohan

    ඒ අදහසනම් හොදයි.කලාත්මකව සෙක්ස් තියන ෆිල්ම් නම් අපිත් කැමතියි.

  24. uda

    sex educational movies - එලම තමා!!!!!!!!!!! ඒක වටිනවා
    "සම්භාව්‍ය sex" - idea එක මාරයි.
    වැඩේ තියෙන්නේ කෙරෙයිද නැද්ද කියන එකයි
    බලා ගෙන ඉන්නවා

  25. Anonymous

    එවා නම් දාන්න තියාගන්න එපා හරිද? එවා ඔනෙ නම් වෙන
    site වලින් බාගනිල්ලා. අවලම් බල්ලො.baiscope සින්හලෙන් නාස්ති කරන්නද හදන්නෙ?

  26. lahiru

    නිර්නාමික ඔයා වැරැදියට හිතලා. කට්ටිය කියන්ෙන් සම්භාව්ක ෆිල්ම්ස්
    Like

    The Story of O
    Romance X
    Irreversible
    Malina

  27. විජය

    මෙක බලල මම Vegetarian වුනා.මෙ සත්තු පුදුම දුකක් විදිනවා.හරිම සංවෙදි සිදුවිම් තමයි තියෙන්නෙ.අනිවාර්යයෙන් බලන්න. අනෙක් අයටත් පෙන්නන්න.සතුන්ට ආදරය කරුනාව දක්වන පුරුදු වෙන්න. මෙ film එක දුන්න සහොදරයට බොහොම ස්තුතියි.

  28. dee

    thanks for posting this film! i have been using it as an educational aid in animal welfare work.

  29. විකියා

    maxxxa බයිස්කොප් එකක් තමා මේ‍ක..
    බොහොමත්ම තුති...

    ජයෙන් ජය!~

  30. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    මිනිසත්කම ගැන කතා කරන Films හරි අඩුයි.. එවැනි වටිනා film එකක් බලන්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි...

  31. Dina

    thankz

  32. AL1717

    Thanks Wewaaa.... Onna Mamath Gannawa
    ME Maxxa Movie Eka..

    Thanks Sinhala Sub Walata

    Jaya Wewaa

  33. රත්නේ

    නියමයි ස්තුති..adults only වැඩේත් අවුලක් නෑ.. අපි බබාලයැ ඉතින් ;)

    (දැනටමත් සබ් නැතුව බලනවනේ හැමෝම :D :D)

  34. Hima

    මම මේ documentary එකේ සමහර කොටස් බලල තියෙනවා. සංවේදී බබාලා ඉන්නවා නම් නොබැලුවට කමක් නෑ. ඒත් අපි කරන දේවල් වල සත්‍ය යථාර්ථය මේ වාර්තාමය චිත්‍රපටියේ තියෙනවා.

    @රවිදු පියුමාල් - අනේ අපි නම් ඕවට නෑ. අපි තාම 18 ලැබුවා විතරයි නේ අයියේ.
    නෑ ඇත්තටම හොද වැඩක්
    Perfume: The Story of a Murderer (2006)
    The Reader (2008)

    වගේ චිත්‍රපටි 18+++ වුනාට ඇත්තටම මම බලපු හොදම Classic Films අතර තියෙනවා . මම නම් වැඩේට එකගයි. හැබැයි 18+ Category එකක් බයිස්කෝප් එකේ තියෙනවා. හැබැයි එකේ මෙච්චර සැර ඒවා නම් නෑ

  35. chamila

    thanks...

  36. ravi

    ela, machan. parana sub samaharak weda ne, poddak balanna,,,,

  37. ජීවන්ත

    thanks for the sinhala subtitles

  38. රාම් රාජ්

    මේක මට බාන්න බැරි වෙලානේ

  39. Anonymous

    godak duka hithenawa saththunta wena dewal dekkama.aya nam mas kate thiyanne na..ammoooooooooooo

  40. Shashi Fernando

    Thanx machan, hoda film ekak wage, download wenna damma, balala kiyannam...

  41. kkg

    tnx macho

  42. Anonymous

    mama vegetarian una. thanks a lot.

  43. ශාන් විමුක්ති [වීමා]

    සංවේදී හදවත් කම්පා කරයි :(
    ජීවිතේ සිහිනයක්,
    සියල්ලම අනිත්‍යක්,
    තම්න්ගේ රස නහර පිනවීමට
    ඇයිද මිනිසුනේ
    මෙවන් කුරිරුකම්.......?

  44. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)