ආයුබෝවන් යළුවනේ! අදත් බයිස්කෝප් පිටුවට විශිෂ්ට ගනයේ සිනමා පටයක් ගෙනාවා. 2007 වසරේ එළිදැක්වුණ මෙය Gangster වර්ගයේ චිත්‍රපටයක්. Gangster වර්ගයේ වුනද එම වදනට ඔබ්බෙන් ගිය ඉතාමත් වැදගත් හරයක් මිනිත්තු 101 ක කාලය පුරාවට ප්‍රතිබිම්බනය කරන්නට මේ චිත්‍රපටය මඟින් එහි අධ්‍යක්ෂකවරයා සමත්වී ඇති බව අවිවාදයෙන් පි…

ආයුබෝවන් යළුවනේ! අදත් බයිස්කෝප් පිටුවට විශිෂ්ට ගනයේ සිනමා පටයක් ගෙනාවා. 2007 වසරේ එළිදැක්වුණ මෙය Gangster වර්ගයේ චිත්‍රපටයක්. Gangster වර්ගයේ වුනද එම වදනට ඔබ්බෙන් ගිය ඉතාමත් වැදගත් හරයක් මිනිත්තු 101 ක කාලය පුරාවට ප්‍රතිබිම්බනය කරන්නට මේ චිත්‍රපටය මඟින් එහි අධ්‍යක්ෂකවරයා සමත්වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුයි. IMDb දර්ශකයේ 189,990 ක ප්‍රේක්ෂක මනාපයෙන් 7.7/10 ක අගයක්ද Rotten Tomatoes වෙබ් පිටුවේ 89% ක අගයක්ද Roger Ebert නම් සුප්‍රකට චිත්‍රපට විචාරකයා විසින් 4/4 ක අගයක්ද මේ සිනමා පටයට ලබා දීලා ඇත්තේ ඒ නිසාම විය යුතුයි. The Lord of the Rings, Crimson Tide (1995), A History of Violence (2005) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණ Viggo Mortensen ප්‍රධාන නළුවා විදියටත් The Ring (2002), The Impossible (2012) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණ Naomi Watts ප්‍රධාන නිළිය විදියටත් මේ චිත්‍රපටයේ රංගනයට දායක වෙනවා. 2008 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා සඳහා මෙහි රංගනය වෙනුවෙන් Viggo Mortensen නිර්දේෂ වුණා. බොහෝ විචාරවල 2007 වසරේ හොඳම චිත්‍රපට 10 තුලට මෙය අන්තර්ගත වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂණය A History of Violence (2005) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල David Cronenberg නම් කැනේඩියානු ජාතිකයා විසින්. දැන් මේකේ යන කතාව ටිකක් බලමු.
ඇගේ නම තැතියානා. රුසියාවෙන් ලන්ඩනයට සංක්‍රමණයවී ලිංගික වෙළෙඳාමට හසුවූ තැනැත්තියක්. ගැබිනියක් වන ඇය ලන්ඩනයේ රෝහලක දරු ප්‍රසූතියේදී මිය යනවා. මිය යනවිට ඇයගේ වයස අවුරුදු 14 යි.
මේ ඛේදනීය අවාසනාවන්ත ඉරණම පසුපස සිටින්නේ කවුද? ඊට වගකිවයුත්තෝ කවුද? මේ පිළිබඳ හෝඩුවාවක් ඇය සතුව තිබූ දිනපොතකින් රෝහලේ සිටින වින්නඹු සේවිකාවක් වන ඇනා ඉවානොව්නා (Naomi Watts) හමුවෙනවා. එය ලියලා තියෙන්නේ රුසියානු බසින්. ඇගේ මාමා වන ස්ටිපන් ලවා දිනපොත පරිවර්තනය කරගන්නට ඇය කටයුතු කරනවා. එහි තිබූ රුසියානු අවන්හලක කාඩ්පතක් දැකලා ඇනා ඒ අවන්හල සොයාගෙන යනවා. අවන්හලේ ප්‍රධානියා උදව්වක් ලෙසට දිනපොත පරිවර්තනයට ඉදිරිපත් වෙනවා. මේ වනවිටත් ස්ටිපන් දිනපොතෙන් කොටසක් පරිවර්තනය කර තිබුණ අතර තැතියානාගේ අවාසනාවන්ත දිවියක ඇරඹුම පියවරෙන් පියවර එළිවෙනවා. නමුත් ස්ටිපන් සමඟ ඇතිවූ අමනාපයක් හේතුවෙන් ඇනා දිනපොතේ පිටපතක් අවන්හලේ හිමිකරුට භාරදෙනවා පරිවර්තනය කිරීමට. තැතියානාගේ ඉරණමට වගඋත්තරකරු අවන්හල තුලම සිටින අතර මෙය වසන් කරගැනීමට අවන්හල් හිමිකරු කොන්දේසියක් ඇනාට ඉදිරිපත් කරනවා. දිනපොතේ මුල්පිටපත ලබා දුන්නොත් උපන් ලදරුවාව භාරකිරීමට තැතියානාගේ පවුලේ ලිපිනය ලබාදෙන බව. ඒ වගේම වක්‍රාකාරව ඇයට ජීවිත තර්ජනයක් එල්ල කරනවා. අවන්හහලේ හිමිකරු ඇවිත් ලන්ඩනයේ සිටින භයානකම රුසියානු පාතාල සංවිධානයක නායකයෙක්. මොහුගේ පුතා කිරීල්ගේ රියැදුරා හා ආරක්ෂකයා වන නිකොලායි (Viggo Mortensen)ව යවා ඔහු දිනපොතේ මුල්පිටපත ලබා ගන්නේ ලිපිනයක්ද ඇනාට ලබා නොදෙමින්. එමෙන්ම ඇනාගේ මාමා වන ස්ටිපන් අතුරුදහන් වෙනවා. ඉන්පසු සිදුවන දේ නරඹලාම දැනගැනීමයි වටින්නේ.
ලොව සුන්දර වූවත්, නගර දනව් සිසාරා අප කොතරම් එහි වටිනාකම් හා සුන්දරත්වය ලැබුවත් එහි සැඟවුණ, අපට නිතර නොදැනුනද නොයෙක්විට කතිකාවට යොමු වන දුක්ඛිත ලොවක් මේ චිත්‍රපටය පුරාවට පිළිඹිබු වෙනවා. ලිංගික වහල්භාවය හා වෙළෙඳාම, මිනිස් වෙළෙඳාම හා බාලාපචාරය සහ කාන්තා හිංසනය මුල්බැස ගත් ලොවක්. මිනිස් වර්ගයා තුල වූ දුෂ්චරිත බවින් මෙවන් දුක්ඛිත ලොවක් තැනෙද්දී එයින් පීඩා විඳි අසරණ ජනයාගේ අඳෝනාව බොහෝවිට කිසිවෙකුටත් නොදැනී ඔවුන් සමඟම වියැකී යයි. මෙහි එන තැතියානාද එවන් කෙනෙක්. සමස්ත චිත්‍රපටය වෙනුවෙන්ම ඇයගේ රංගනය මිනිත්තු 2කට පමණ සීමා වුවද මෙකී පීඩිත ජනයාගේ ඉරණම අනුවේදනීය ලෙස දැක්වීමට මෙහි අධ්‍යක්ෂවරයා සමත්ව තිබෙනවා. Eastern Promises යනු හුදු Gangster, Thriller චිත්‍රපටයක් ලෙසට සලකා ඉවත් කිරීමක් කල නොහැකි බව නැරඹීමෙන් පසු ඔබට දැනෙනු ඇති. David Cronenberg සාහසික දර්ශනයන් ඔස්සේ පාතාලයේ පාදඩ බව වෙත එක් කොණකින් අපව රැගෙන යාමත් අනික් අතින් යටකී අඳුරු ලෝකයේ ශෝචනීය බව වෙත ප්‍රවේශ වීමත් තියුණු මුහුණවරකින් සංකලනය කර තිබෙනවා.
එහෙනම් යන්නත් වෙලාව ඇවිත්. යලිත් උපසිරැසියකින් හමුවෙමු. එතෙක් ඔබට ජයෙන් ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
Eastern Promises (2007) [720p] [YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
735 downloadsDownload Eastern.Promises.2007.Baiscopelk.com_.rar32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
18 comments
brayan
Rakitha Ranathunga
ස්තූතියි සහෝ සබට
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
අසිත
මෙතෙක් කල් නොබලා හිටියේ සබක් නැති නිසා
ජය වේවා සහෝ!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
praneeth madu
බොහොම ස්තුතියි
Sajith Anthony
ලිපිය කියෙව්වම මේකත් අනිවා බලන්න හිතුන
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Soori
විශිෂ්ඨ ලිපියක්....
සබට ස්තුතියි විරාජ් සහෝ....!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Good Movie Bro. Thanks....
madu
Thank you!!!
Lakmini Anuruddhika
Thank you. . . So nice.
LSM HUSKAA
ස්තූතියි සහෝ සබට
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Kalanacosta
Thank you.............!!!!!!!!
sasanka sathyajith
Thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

menna me tv show ekata sub ekak dendakooo 'stranger things'