කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ දෙවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ කොමඩි ෆිල්ම් එකක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ. තාම වැඩි කාලයක් නැහැ, තිරගත වෙලා. ෆිල්ම් එක අයිතිවෙන්නේ Comedy-Thriller ගණයට. කතාව ගැන කියනවානම්, මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලුයිස්. ලුයිස් කියන්නේ, හොල්මන්…

කොහොමද කට්ටියට ඉතින්..ඔන්න මගේ දෙවෙනි උපසිරැසියත් අරන් ආවා. මේ පාර ගෙනාවේ කොමඩි ෆිල්ම් එකක්. චිත්‍රපටය තිරගත වුනේ මේ අවුරුද්දේ අගෝස්තු මාසේ. තාම වැඩි කාලයක් නැහැ, තිරගත වෙලා. ෆිල්ම් එක අයිතිවෙන්නේ Comedy-Thriller ගණයට.
කතාව ගැන කියනවානම්, මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ලුයිස්. ලුයිස් කියන්නේ, හොල්මන් සහ අද්භූත සිද්දි ගැන අධික උනන්දුවක් තියෙන කෙනෙක්.එයා වැඩ කරන්නේ එයාගෙම කියලා, ෆොටෝ කොපි ගහන කඩයක. ඉතින් වැඩ ඉවර වෙලා ගෙදර ආවට පස්සේ එයා කරන්නෙම හොල්මන් ගැන හොයන එක, අන්තර්ජාලය හරහා යාලුවොත් එක්ක හොල්මන් ගැන කතා කරන එක. එයාගේ ආසම වැඩසටහන තමයි ටීවී එකේ යන හොල්මන් අල්ලන කණ්ඩායමක් විසින් කරන වාර්ථාමය වැඩසටහන. ඉතින් ඒ වැඩසටහනේ අය දවසක් , සාමාජිකයෙක්ගේ පුරප්පාඩුවක් පුරවන්න, දැන්වීමක් පල කරනවා,හොඳම අද්භූත සාක්ෂියක් වීඩියෝ කරලා එවන කෙනෙක්ව, කණ්ඩායමට බඳව ගන්නවා කියලා. ඉතින් ලුයිස්, ගෙදරට වෙලා හොල්මන් ගැන එක එක බොරු වීඩියෝ කරනවා, අර වැඩසටහනට යවන්න. ඔහොම යද්දි දවසක් මෙයාගේ කඩේට මිනිහෙක් එනවා, “අනවසරයෙන් ඇතුලු වීම තහනම්” කියලා බෝඩ් වගයක් ගහ ගන්න. ඒ මොකටද කියල ඇහුවම එයා කියනවා, එයාට අයිති පරණ ගොඩනැගිල්ලක් තියෙනවා, ඒකේ හොල්මන් ඉන්නවා, ඒ නිසා ඒකට මිනිස්සු යන එක නතර කරන්න කියලා..ඒක ඇහුවම, ලුයිස්ට ඉස්පාසුවක් නැතිවෙනවා. එයා සැලසුම් කරනවා යාලුවො කට්ටියක් එක්ක මේ ගොඩනැගිල්ලට ගිහින් ඒකේ ඉන්න හොල්මන් අල්ලලා, ඒවා වීඩියෝ කරලා, අර වැඩසහනට යවන්න. යාලුවෝ කට්ටිය ගැන කියනවානම්, කට්ටියටම පිස්සු. ඒ යාලුවෝ සෙට් එකේ ඉන්නවා, පිටසක්වළ ජීවීන් ගැන අධික ලෙස විශ්වාස කරන ස්ටෑන් කියලා ලුයිස්ගේ හොඳම යාලුවයි, ලුයිස්ගේ බෑණයි, රොස් කියලා ආරක්ෂක නිලාධාරියෙකුයි, වික්ටෝරියා කියලා අධිමානසික බලයක් තියෙනවා කියලා හිතාගත්තු කෙනෙකුයි, එලී කියලා රූපලාවන්‍ය කටයුතු කරන කෙනෙකුයි.
ඉතින් මේ කට්ටිය ඕනකරන බඩු ටිකකුත් කොහොමහරි අරගෙන, ඒ පරණ ගොඩනැගිල්ලට යනවා හොල්මන් අල්ලන්න කියලා හිතාගෙන. ඇත්තටම ඒ ගොඩනැගිලේ හොල්මන් ඉන්නවාද..? මේ අයට හොල්මන් අල්ලගන්න හම්බවෙයිද..? ඒක දැන ගන්නනම් ඉතින් ෆිලුම බලන්නම වෙනවා..
හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. හොඳට හිනා වෙවී එහෙම බලන්න පුලුවන්. ඔයාලගේ දිරි ගැන්වීම් තවත් මේ වගේ නිර්මාණ ඔබ අතරට ගෙන ඒමට බොහෝ රුකුලක් වේවි.
Due to copyright issues, we do not provide any torrent links.
Ghost.Team.2016.HDRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,053 downloadsDownload Ghost-Team-2016.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/RaveenPerera1-e1474176681911.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
24 comments
cnw
loku malli
uba 3ta inne, eka newei....
Sub 1ta thanx brooo
Bagya Nath
thankzzzz....
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Lushan Kuruppu
බොහෝම ස්තූතියි සහෝ!
තවත් උපසිරැසියකට ආසිරි...!Rakitha Ranathunga
ස්තූතියි සහෝ සබට....
දිගටම වැඩේ කරගෙන යමු..wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“රවීන් පෙරේරා” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
D.Chamara
bohoma sthuthi sahooo niyamai thanks
Raveen Perera
අදහස්වලට ගොඩාක් ස්තූතියි..
Manura Sathsarindu
THNX SAHO...
Vikum08
කවුරු හරි ghostbuster 2016 film එකට සබ් කරන්න ඉන්නවා නම් කරුණා කර දැන් ම සබ් කරන්න එපා මොකද unrated extended cut එකක් නිකුත් වෙන්න නියමිතයි හරියට BvS, central interligence වගෙ. ඔයාලා දැන් ම් සබ් කරොත් br ආවා ම් sync out යනව. Software එකකින් sync කරන්න ත් අමාරුයි එකෙ කොටස් වාඩි නම් . ඉතින් br එනකල් ඉන්න එතකොට ඔය එක ප්‍රශ්නය කට වත් මුහුණ පාන්න වෙන් නැ. ජයවෙවා..!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
මාලින්ද
ස්තූතියි බ්‍රෝ
අසිත
ජය වේවා සහෝ!!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pasindu Chamod Wijerathna
niyamai bro
Vikum08
උපසිරැසියට තුති සහෝ..!
BR ආවාම බලන්නම්.ලහිරු ප්‍රසාද්
උපසිරැසියටබොහොම ස්තූතියි සහෝ.
තවත් සබ් කරන්න වෙලාව ලැබෙන්න ඕන.Raveen Perera
කට්ටියටම ගොඩාක් ස්තුතියි..
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!දිල්ශාන් සචින්ත
බොහොම ස්තූතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Raveen Perera
ස්තූතියි රොයිලි අයියා..
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඒ.... මමයි කලින්ම... thnx...