ඔන්න එහෙනං ගිය මාසෙ තිරගත වීම ආරම්භ කරපු සුපිරි දෙමළ චිත්‍රපටියකට සබ් එක අරගෙන ආවා. මේ වෙනකොට IMDb දර්ශකයේ 7.4 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 14ක්. Sarjun කියන අධ්‍යක්ෂකවරයගෙ චිත්‍රපටියක් වෙන මේකෙ ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ Yogi Babu, Kishore Kumar G, Var…

ඔන්න එහෙනං ගිය මාසෙ තිරගත වීම ආරම්භ කරපු සුපිරි දෙමළ චිත්‍රපටියකට සබ් එක අරගෙන ආවා. මේ වෙනකොට IMDb දර්ශකයේ 7.4 ක් වගේ අගයක් ගන්න සමත්වෙලා තියෙන මේ චිත්‍රපටියේ ධාවන කාලය පැය 2යි විනාඩි 14ක්. Sarjun කියන අධ්‍යක්ෂකවරයගෙ චිත්‍රපටියක් වෙන මේකෙ ප්‍රධාන චරිත වලට දායක වෙන්නෙ Yogi Babu, Kishore Kumar G, Varalaxmi Sarathkumar, Sathyaraj කියන කට්ටිය. චිත්‍රපටිය Crime, Drama කියන කාණ්ඩයට තමයි වර්ගීකරණය කරලා තියෙන්නෙ. The Disappearance of Alice Creed කියන ඉංග්‍රිසි චිත්‍රපටිය බලල තියෙන අය ඉන්නවනං ඒ අයට හිතෙයි මේකත් ඒ වගේමයි කියලා. එහෙම හිතුනොත් ඇති වරදකුත් නෑ, මොකද මේක ඒ ඉංග්‍රිසි චිත්‍රපටියෙ Remake එකක් නිසා.
කතාව ගැන පොඩ්ඩක් විතර කියනවනං මෙහෙමයි. ඩේවිඩ් හා තෝමස් කියන්නෙ මාමයි බැනයි, ඒ කියන්නෙ තෝමස්ගෙ අම්මගෙ මල්ලි තමයි ඩේවිඩ්. දවසක් ඩේවිඩ් සරුංගල් ඇර ඇර ඉන්නකොට තෝමස් එතනට කලබලෙන් දුවගෙන එනවා. ඩේවිඩ් ගිහින් බලනකොට තෝමස්ගෙ අම්මව, බෙල්ල කපල මරලා දාල තියෙනවා. ඒක කරන්නෙ තෝමස්ගෙම තාත්තා. කොහොමහරි මෙතනදි ඩේවිඩ්ට එන කේන්තියට තෝමස්ගෙ තාත්තටත් පිහියෙන් ඇනල මරණවා. ඊට පස්සෙ ඩේවිඩ් අවුරුදු 15කට හිරේ යනවා. ඩේවිඩ් හිරේ ඉඳන් එනකොට තෝමස් පොඩි පොඩි හොරකම් කරන පොඩි හොරෙක්. පොඩි පොඩි ගේම් දෙනවට වැඩිය, දෙන්නම එකතුවෙලා ජීවිතේම ගොඩ යන විදිහේ ගේමක් දෙන්න කතා වෙනවා. ඒ කියල කරන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්ගෙ දුවෙක් පැහැරගෙන කප්පම් ඉල්ලන එක. දෙන්නා මේ වැඩේ ලස්සනට සැලසුම් කරපු විදිහටම කරනවා. ඒත් අවසානෙදි මේ සල්ලි වලින් මෙයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයිද? ඉතිං එහෙනං ඔයාලටත් මේ ලස්සන කතාව රසවිඳින්න කියල ඉල්ලන ගමන් මෙතනින් නවතිනවා.
තවත් දෙයක් කියන්න ඕනෙ. වෙනත් දෙමළ චිත්‍රපටියකට සබ් එක කරන්නද කියල සිසිල සහෝදරයගෙන් අහපු වෙලාවෙ තමයි, ඒ චිත්‍රපටියට දැනටමත් සබ් එක හම්බවෙලා තියෙන්නෙ. ඒ හින්දා මේ චිත්‍රපටිය කරමුද කියල ඇහුවෙ, ඒ වෙලාවෙ ඉතින් දෙපාරක් හිතන්නැතුවම කරමු කියල කිව්වෙ ඉතින් සිසිල සහෝ දුන්නොත් දෙන්නේ සුපිරිම ෆිලුමක් කියල දන්න හින්දා වෙනුවෙන් සිසිල සහෝටත් ස්තුතිය පිරිනමන්න ඕනෙ. එහෙනං ඉතිං හැමෝටම ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
4,872 downloadsDownload Echarikkai.Idhu_.Manithargal.Nadamadum.Idam_.2018.Baiscopelk.com_.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ධනුෂ්ක ආරියරත්න
Subtitles
37 comments
Dayalrw
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prasanna123
බැලුවා මචං. සුපිරි ෆිලුමක්.....
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
ඉදිරියටත් sub දෙමු
ජයවේවා .........NuwanK
Thank u bro..
Kulanjana Maduranga
subata thanks.....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
harshani11112
ස්තුති සහො
dasundt
ela thank you
ශසිත් සඳරුවන්
සබට තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!IndunilN
thanks for sub bro
123shakila dilshan
Thnk bn
thilz
Sub1ta thanks
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි
ජය වේවාෆිල්ම් එකට දාපු පෝස්ටර් එක හරි නෑ.
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!දමිත් රත්නායක
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
ජයෙන් ජය.Lahiri
thankz saho
Menaka Herath
පළමු උපසිරැසියට ස්තූතියි සහෝ....
ජයවේවා!!!!!!!!!!!!dlakmalb
Me sub eka weda karanawada sure ekatama
N_R
Thanks.
chamithlhr
weda bkaranne nane
sasala
thanks
s.s.m
tz sub ekata...
Suresh Madhusanka
,උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය
andru
jarawewa saho
Tharaka Nuwan Dilhara
ස්තුතියි උපසිරසියට..
ඔන්න ගත්තා.. ජයෙන් ජය..!!!kaveeshjayaseka
machan films ganne kohomda
dimuthu lakmal
Sub eka set wenna kisima ekaka hadannath baha
dimuthu lakmal
820MB ekata sub eka set wenna puluwannam hadala danna.thanks
dimuthu lakmal
820MB eke sub pleyar ekenhadannanam baha eka hadala banna machan puluwannam.thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dsdilhan
Thank You sahoo. ela aaa
Dimuthu
Subtitles wada na bn
gayanmagee
thanks
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Lasantharathnasirirox
නියමයි කොල්ලා....ස්තුතියි යාළු....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for the subtitle....