Watch Trailer

Ida (2013) Sinhala Subtitles | අත්හැරීමට පෙර අත්විඳීම [සිංහල උපසිරැසි සමඟ]

නාට්‍යමය වර්ගයට අයත් මෙය පෝලන්ත (POLAND) චිත්‍රපටයකි, හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය හා තවත් සම්මාන 66 කට මෙන්ම සම්මාන 86 කටද නිර්දේශ වි ඇති මෙය IMDB 7.4/10, Metacritic: 91, Rotten Tomatoes: 95% කටද උරුමකම් කියයි. මෙය විශීෂ්ඨ පෝලිස් (POLAND) ජාතික අධ්‍යක්‍ෂවරයාගේ වන Paweł Pawlikowski සි…

නාට්‍යමය වර්ගයට අයත් මෙය පෝලන්ත (POLAND) චිත්‍රපටයකි,  හොඳම විදේශීය චිත්‍රපටයට හිමි Oscar සම්මානය හා තවත් සම්මාන 66 කට මෙන්ම සම්මාන 86 කටද නිර්දේශ වි ඇති මෙය IMDB 7.4/10, Metacritic: 91, Rotten Tomatoes: 95% කටද උරුමකම් කියයි. මෙය විශීෂ්ඨ පෝලිස් (POLAND) ජාතික අධ්‍යක්‍ෂවරයාගේ වන Paweł Pawlikowski  සිනමා නිර්මාණයකි.

දෙවන ලෝක යුද්ධයෙන් බැටකෑ ප්‍රධානම රටක් වන පෝලන්තයේ යුද්ධයෙන් 1939 සිට 1945 දක්වා එහි ජනගහනයෙන් පහෙන් එකක් අහිමි විය එවැනි පශ්චාත් යුධ කාලවකවානුවක් අලලා මෙම සිනමා නිර්මාණය   බිහිකර ඇති අතර, මෙහි ප්‍රධාන චරිතය වශයෙන් ඈනා නම් තරුණ අනාථ කතෝලික කන්‍යා සොයුරිය වටා ගෙතී ඇත. දෙවන ලෝක යුද්ධයේ ආනාත දැරියක් වන ඇය අනාත කන්‍යාරාමයක ඇති දැඩිව ඇති අතර 1960 වර්ෂය පමණ වන විට මෙම තරුණ කාන්තාව ‍ක‍තෝලික කන්‍යා සොයුරියක් වශයෙන් දිවුරුම් දීමට පෙර අනාථරාමයේ ප්‍රධාන පාලිකාමව් තුමිය ඇයට පවසන්නේ ඇයට ජීවත්ව සිටිනා එකම ඥාතියා වන තම නැනන්දනිය බැහැ දැක එන ලෙසයි.

පසුව තම නැන්දනිය වන “වැන්දා ගෲස්” හමුවීමට එන අතර වැන්දා යනු කාලක පෙර නාසීන්ට විරුද්ධව රජයේ නඩු පවරන්නකු පෙනී සිටි යකඩ ගැහැණියක් වන අතර ඇයට එකල පැවසුවේ “රතු වන්දා” යනුවෙනි. ‍ නමුත් ඈනා‍ ජීවත්ව සිටින තම එකම ඥාතියා මුලින්ම දකින්නේ විට ඇය සුරාවෙන් හා දුමෙන් වැසිගිය ජීවිතයක් ගතකරන අයුරු දකින අතර ඇයගේ යහනේ සිට පිටවන පුද්ගලයාගෙන් වැන්දඹු ඇගේ ජීවිතයේ වත්මන් ස්වරූපය ගම්‍ය වේ.

නැන්දනිය විසින් ඇයට ඇගේ සැඟවුනු අතීතය හෙලිදරව්කරන අතර ඇය පළමු වර‍ට දැනගන්නනේ ඇය යුදෙව්වෙකු බවත් ඇගේ සැබෑ නම “ඉඩා ලෙබෙන්ස්ටයින්” බවත්ය , යුද්ධයේ පීඩිතයන් ලෙස තම දෙමාපියන් මියගොස් ඇති බවත්ය, ඔවුන්ගේ අක්මුල් සෙවීමේ දැඩි අශාවක් ඇති වන ඇය තම දෙමාපියන් මිය ගිය ප්‍රදේශ සොයා යෑමට සැරසෙන අතර , ඇගේ රියදුරා ලෙස වැන්දඹු නැන්දනිය ඇය සමඟ එක්වේ.

මෙම ගමනෙදි ඔවුන් අතර වන සංවාදයන්වලින් සමාජයෙන් විතැන්වූ හා නොමේරු ඉදාගේ නොයිදුල් චරිත ස්භාවය වැන්දාට තේරුම් ගන්නා අතර, ඇයගේ සහෝදරියගේ ඡන්මගති ඇයටද පිහිටා ඇති බව වැන්දා තේරුම් ගනි. ඉදාගේ දෙමාපියන් සොයා යෑමේදී වැන්දා විසින් ඇයට පවසන්නේ ඔබට පුළුවන් එහි ගොස් දෙවියන් නොමැති බව දකින්න ඔවුන්ට දකින්න ලැබෙන්නේ ඔවුන්ගේ මුල් ඉඩම් වෙනත් පිරිස් ආක්‍රමණය කර ඇති බවත්, එම ජනාතාවද පශ්චාත් යුධ මානසිකත්වයෙන් හෙබි අය බවය, වැන්දාගේ තරුණ පුතු යුධ කාලයේ තම සොහායුරිය හා ජීවත්ව ඇති බවද සොයා ගනි.

කථාවේ මැද ගලා යෑම වෙනසකට දෝලනය වන්නෙ මොවුනට මේ ගමනේ දි හමුවන අමුත්තකු නිසාය. ඔහු තරුණ නිදහස් සැක්සෆෝන් වාදයකු වන අතර ඔහුද මොවුන් යන නගරයටම  යන අතර ඔහු එම නරගයේ රාත්‍රි සමාජශාලාවන වාදනය සපයන බොහිමියානු‍ තරුණයෙකු. මෙහිදි මොවුන් කලින් පදංචිව සිටි ගෙදර ෆීලික්ස ස්කිබා යන අය ඔහුගේ පවුලේ අය සමඟ පදිංචිව සිටින අතර මොහු මගින් යටගිය සිදුවිම් අනාවරණය කරගැනිමටද හැකිවේ. යුධ සමගේ වැන්දා තරුණ පුතුද ඇයගේ සහෝදරිය හා මස්සිනා සමඟ මෙහි සිට ඇති අතර ෆීලික්ස් විසින් ඉදා ජර්මන් බලධාරීන්ගෙන් සඟවා ගත් ආකාරය හා ඔහු හා පියා විසින් සිදුකළ සිදුවීම්ද මොහු අනාවරණය කරයි. වැන්දා තම පුතු නැති ශෝකය මෙන්ම තම ඥාති දියණියගේ දැකිමෙන් ඇති වු සොහොයුරිය හා ඇගේ ස්වාමියාගේ මතකයද ඇගේ හිත මත්ලෝලිත්වයට හා නිදහස් ලිංගික ජීවිතය යොමුවීමට බලපාන ලදි.  ඇය තම ඥාති දියනියට පවසන්නේ ජීවිතයේ විඳින ලෙසයි.

“ඉනියවන්” චිත්‍රප‍ටය මෙන්ම මෙහිදි අපට දකින්න පුළුවන් විශේෂිතම දේ තමයි පශ්චාත් යුද්ධයක විනාශය පෙන්වීමට  කැමරා කෝන හා නිහඬ සංගීත භාවිතා කිරීම එය යුද්ධයේ විනාශය පසු මිනිසන් තුලා ඇති භීතිය හා සමාජයේ අඳුරු බව  ප්‍රතිරූප ගැන්වීමට අධ්‍යක්‍ෂක ගත් උත්සහයේ ප්‍රතිඵලයක් බවත්, අවසානයේ ඇයට දෙවියන් සිටින බව සොයා ගැනිමට හැකිවේදැයි මෙය නරඹන සොයාගන්නා ලෙසත් ආරාධනා කරන අතර, කලාත්මක ධාරාවේ නිර්මාණයක් බැවින් කැමති අය බලා රසවිඳීමටත් මෙවන් චිත්‍රපටයකින් බෙදාහදාගන්න නැවත හමුවීමව සමුගනිමි.

බයිස්කෝප් අඩවියට ජය

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,695 downloadsDownload Ida.2013.Baiscopelk.com_.zip16 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ Chanmatara ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Chanmatara

Subtitles

1,695 downloadsDownload Subtitles16 KB

16 comments

  1. Udara Damith Dissanayaka

    නියමයි

  2. sathira529

    කාලෙකට පස්සෙ බයිස්කෝප් එකේ හොඳ චිත්‍රපටියකට සබ් දීලා..ස්තූතියි සහෝ..

  3. Wicki

    බොහොම ස්තුතියි

  4. Wayantha Sandaruwan

    කාලෙකට පස්සේ හොදම හොද නිර්මාණයක්. ගොඩක් ස්තුතියි ඔබට. නිර්මාණ කරනව අඩුයි කට්ටිය. ජය වේවා ! තෙරුවන් සරණයි!

  5. Indika Ranaweerage

    හොද නිර්මාණයක්.ස්තූතියි.

  6. බොබී

    ලෝකයේ නියම ස්වභාවය පෙන්වන, මේ වගේ චිත්‍රපටවලටත් කවුරුහරි සබ් කරන එක ලොකු දෙයක්. සබ් එකට බොහොම ස්තූතියි සහෝ. මේ වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. lahirubz

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ...

  9. jagath55

    Thanks

  10. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
    ජයෙන් ජය.

  11. Dewadithya

    Thanks for Sub!

  12. ricadodamien

    Thank u Chanmatara brother & baiscope team for the sub, all the best to baiscope team..........

  13. AsithaDilruwan

    Ela saho thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  16. sasanka sathyajith

    Thanks for the sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.