Echo Valley (2025) Sinhala Subtitles ඔන්න ඉතාමත් ඉක්මනින් ළඟ ළඟ චිත්‍රපට දෙකකට උපසිරැසි අරගෙනයි මේ එන්නෙ. 2025 ජූනි 6 වනදා Apple Tv ඔස්සෙ විකාශය වුනු Thriller/Drama ශානරයට අයත් චිත්‍රපටයක් තමයි මෙදාපාර මං ඔයාලට අරගෙන ආවේ. ඉතිං හුඟක් අය දන්නවා ඇති මේකෙ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන්නෙ කවුද කියලා. ඔව…

ඔන්න ඉතාමත් ඉක්මනින් ළඟ ළඟ චිත්‍රපට දෙකකට උපසිරැසි අරගෙනයි මේ එන්නෙ. 2025 ජූනි 6 වනදා Apple Tv ඔස්සෙ විකාශය වුනු Thriller/Drama ශානරයට අයත් චිත්‍රපටයක් තමයි මෙදාපාර මං ඔයාලට අරගෙන ආවේ. ඉතිං හුඟක් අය දන්නවා ඇති මේකෙ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරන්නෙ කවුද කියලා. ඔව් ඒ තමයි Sydney Sweeney. මං මේ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න වෙන් කරවා ගන්නත් ඒකම ප්‍රධාන හේතුවක්. ඒ ගැනත් මං පොඩි වගේ සඳහන් කරන්නම්. සහ ඒ වගේම මේ චිත්‍රපටය වෙන් කරවා දුන්නු රවිඳු හේෂාන් සහෝදරයවත් අනිවාරෙන්ම මතක් කළ යුතුමයි.
Sydney කිව්වම නොදන්න කෙනෙක් ඉන්නවා ඇති කියලා නං මම හිතන්නෑ. මොකද මෑතකදී ඉතාමත් ඉක්මනින් ජනතාවගෙ ආදර දිනාගනිමින් ඉදිරියට ආපු රංගන ශිල්පිනියක් ඇය. ඒ වගේම දින කීපයකට ඉහතදී ටිකක් අමුතු ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියකුත් මවන්නට ඇය සමත් වුනා මතක ඇතිනේ. මං ඒ ගැන මෙතනදි සඳහන් කරන්න යන්නෑ. ඉතිං බොහොම ඉක්මනින් ප්‍රේක්ෂකයාගෙ ආදරය වැළඳගත් සිඩ්නි’ රංගනයෙන් දායක වූ සෑම චිත්‍රපටයකම සහ කතාමාලාවක වගේ ගැබ් වුනේ නිරුවතින් හෝ අඩ-නිරුවත් වන චරිත වලට පණ පෙවීමයි. ඒ චිත්‍රපට හෝ කතාමාලවන් බලලා තියෙනවා නං ඔයාලත් අනිවාරෙන්ම ඒ ගැන දැනුවත්. ඇය වේගයෙන් ජනප්‍රිය වන්නට හේතුව වන්නත් ඇත්තෙ ඒකම වෙන්න පුළුවන්. මම නරඹපු චිත්‍රපට තුළින් සිඩ්නිට තිබුනෙ එකම වගෙ චරිතයක් රඟ දක්වන්න. අන්න එතනදි තමා මං මේ චිත්‍රපටය මට ටිකක් වෙනස්ම ආකාරයකින් දැක්කෙ. මොකද කලින් රඟ පෑ චරිතයන්ට හාත්පසින්ම වෙනස් චරිතයකට තමා ඇය මෙහෙදි රංගයෙන් දායක වෙන්නෙ. ඒ නිසා ඔයාලත් සිඩ්නිගෙ රසිකයෙක් වේවා හෝ නැතා ත්‍රිලර් ගණයට අයත් චිත්‍රපට රසිකයෙක් නං අනිවාරෙන්ම බලන්න කියල මතක් කරනවා.
මේ චිත්‍රපටයට IMDb අගය 6.3 ක් සහ Rotten Tomatoes අගය 52% ක අගයක් ලබාගෙන තිබෙනවා. ඉතිං මේකෙදි ඔයාලට නළු-නිලි කැළ වශයෙන්, Sydney Sweeney, Juilanne Moore, Domhnall Gleeson, Fiona Shaw බලාගන්න ලැබෙනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් නුදුරේදිම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
හැමෝටම සුභ දවසක්! ජයවේවා!
(මතක ඇතුව කමෙන්ට් එහෙකුත් දාගෙනම යන්න )

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,890 downloadsDownload Echo-Valley-2025-baiscopelk-sinhala-subtitle.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Echo Valley (2025) Sinhala SubtitlesSubtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
8 comments
Buddhika laKMal
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S Hහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
Bandara
Thanks bro
Nishan
Thanx bro
Akila Dilhara
Thanks for Sub.....
ක්‍රිශාන්ත හැරිස්
ගොඩාක් ස්තුතියි උපසිරැසියට.....
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Echo Valley (2025) Sinhala Subtitles | තනි වූ මවකගේ ජීවන අරගලය [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/Echo-Valley-2.jpg)
ස්තූතියි රුක්ෂාන් සහෝ උපසිරැසියට