Watch Trailer

Eden (2012) | අහිමි කල නොහැකි, සොරාගත් අහිංසකත්වය…. [සිංහල උපසිරසි සමඟ]

අද අරන් ආවෙ IMDb දර්ශකයෙ අපරාධ සහ නාට්‍ය ලෙස වර්ගීකරණයකර ඇති සිනමාපටයක්. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම සිනමාපටයට හේතු පාදක වී ඇත්තේ 1990දී මිනිස් ජාවාරම යටතේ පැහැරගෙන ගොස් ගණිකාවක් ලෙස අලෙවි වූ Chong Kim නම් කාන්තාව ගේ කතා වස්තුවයි. අදටත් ලෝකයේ බලවත් රටවල මෙන්ම තුන්වන ලෝකයේ රටවලද අප්‍රකට…

Eden (2012)

අද අරන් ආවෙ IMDb දර්ශකයෙ අපරාධ සහ නාට්‍ය ලෙස වර්ගීකරණයකර ඇති සිනමාපටයක්. සත්‍ය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ මෙම සිනමාපටයට හේතු පාදක වී ඇත්තේ 1990දී මිනිස් ජාවාරම යටතේ පැහැරගෙන ගොස් ගණිකාවක් ලෙස අලෙවි වූ Chong Kim නම් කාන්තාව ගේ කතා වස්තුවයි. අදටත් ලෝකයේ බලවත් රටවල මෙන්ම තුන්වන ලෝකයේ රටවලද අප්‍රකටව නමුත් ඉතා ප්‍රබල ලෙස කෙරෙන මිනිස් ජාවාරමේ එක් පැතිකඩක් මෙම සිනමාපටය මගින් නිරූපණය කරනවා.

2013 ජූලි 19 වන දින ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල මිනිත්තු 98 ක් පුරා දිවෙන මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Zoo (2007), The Off Hours (2011) වැනි සිනමාපට අධ්‍යක්ෂණය කල Megan Griffiths නම් අධ්‍යක්ෂක වරිය විසිනි. Sucker Punch (2011), The Hangover Part II (2011), The Hangover Part III (2013) යන සිනමාපට වලට රංගනයෙන් ධායක වූ Jamie Chung මෙහි ප්‍රධාන චරිතය (Eden) නිරූපණය කරන අතර සෙසු චරිත වලට Matt O’Leary, Beau Bridges, Tantoo Cardinal යන නළු නිලියන් රංගනයෙන් දායක වනවා. 6.7/10 වැනි ඉහල IMDb අගයක් ලබාගැනීමටද මෙම සිනමාපටය සමත්ව තිබෙනවා.

හියුන් ජේ නම් කොරියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ ගැහැණු ළමයා තම යෙහෙලිය සමඟ ගෙදරට හොරෙන් සමාජ ශාලාවකට යන්නේ හොරෙන් සාදාගත් හැඳුනුම් පතක්ද සමඟයි. මෙහිදී ඇයට හමුවන නාඳුනන කොල්ලෙක් හරහා ඇයව ඇමරිකානු මිනිස් ජාවාරම් කරුවන් අතට පත්වෙනවා. ඇයව පැහැරගත් ජාවාරම් කරුවන් එහිදී ඇයව බලෙන්ම ගණිකා වෘත්තීයට යොමු කරවනවා. ඇය මෙන්ම තවත් එතන සිටින බාල වයස්කාර දරුවන් මෙම ජාවාරම් කරුවන් අතින් විඳින පීඩා දුක් ගැහැට ගැන මෙම සිනමාපටයෙන් නිරූපණය වෙනවා. මෙම පැහැරගත් ගැහැණු ළමයින්ව ගණිකා වෘත්තීයේ යෙදවීම, එහිදී ඔවුන්ට ලැබෙන දරුවන් විකිණීම, ඔවුන්ව අසභ්‍ය චිත්‍රපට වලට යොමු කිරීම වගේම තවත් මොවුන්ට විඳීමට සිදුවන ඉතාමත් අමානුෂික අසාධාරණ කෲර හින්සාවන් හමුවේ මෙම හියුන් ජේ නැමැති 19 හැවිරිදි දැරිවිය නොසැලී ඒවාට මුහුණ දෙන ආකාරයත් ඇය එතනින් පැනගැනීමට දරන උත්සාහයත් මෙම සිනමාපටයෙන් නිරූපණය කර තිබෙනවා. ඉතාමත් සංවේදී සිනමාපටයක් වන මෙය සමාජයේ තවත් පැතිකඩක් වගේම මිනිසුන් විසින් නිර්මාණය කරගත් ඉතාමත් අමානුෂික වෙනමම සංස්කෘතියක් ඉස්මතු කර පෙන්වනවා. මේ ඇත්තටම ලෝකයේ සිද්ද වෙන දෙයක්.

ඔබගේ වටිනා කාලයෙන් පැය එක හමාරක් වෙන් කරගෙන මේක නරඹන්න කියල හැමෝටම ආරාධනා කරනව. බැලුවට පාඩුවක් නම් වෙන එකක් නෑ, හොඳ පණිවිඩයක් සමාජයට ලබාදෙන සංවේදී කතාවක්.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Eden (2012) on IMDb

 

 

759 MB කොපිය මෙතනින් බාගන්න

E39D20AABADB8B8BDF7BE3C5CD34B8637A286A38

1.45GB කොපිය මෙතනින් බාගන්න

2310D828AE64EC781F268E259BACCBB940D91AF7 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,722 downloadsDownload Eden2012baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

1,722 downloadsDownload Subtitles32 KB

26 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Lahiru

    Supper Film , thanks for Subtitle

    Lahiru

  4. dineth

    බොහොම ස්තූතියි උපසිරැසියට….
    ජය!!!

  5. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    සුපිරි වැඩක්
    වටින කතාවක්.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!
    දිගටම මේ වගේ වටිනා සලරූ ගේන්නකෝ.
    දිගටම උපසිරැසි ගේන්න ලැබේවා!
    ඊට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!
    ජයෙන් ජයම වේවා!!!

  6. දමිත්

    ස්තුතියි සහෝ සිංහල සබට…
    ඔන්න ගත්තා…
    ජයෙන් ජය…

  7. yeshu

    tnx

  8. Gayan

    Thanks..

  9. Jack

    නියමයි මචෝ.
    අනිවා බලන්න වටින කතාවක් වගේ,
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය,

  10. thisal

    ස්තුතියි සහෝ සිංහල සබට

  11. ඉසු ඩිපි (Isu DP)

    එක ලගම දෙකක්ම බැස්සුවා නේ, එල එල මාලියෝ.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  12. prabhath

    thanks

  13. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  14. me

    Thanks

  15. indika

    thn Q :)

  16. Kaushal Manu

    ස්තුතියි සහෝ....

  17. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  18. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Nandana

    Thank U Hasantha.

  20. nidi

    film eka hondatama hondai. ekata subs denna thora genima eyatath wada hondaaaai. subs tika seratama wada hondaaaaaaaaaai. jaya wewa,Hasantha. thanks very much.

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  22. kumara

    Thanks Bro !!!

  23. හෂාන් මදුසංක

    Thanx for the sub bro

  24. wiki

    බොහොම ස්තූතියි

  25. muditha gayan

    Thankzzzzzzzz

  26. Lakshan1327

    Thanks bro