Watch Trailer

You’re Not You (2014) | ජීවිතය තීරණය වන්නේ අසීරු අවස්ථාවන් වලදී ගන්නා තීරණ මතයි… [සිංහල උපසිරසි සමඟ]

වැඩේ භාර ගත්තට මොකද කරල ඉවර කරගන්න සති දෙක තුනක් ගියා විභාගයි අරවයි මේවයි එක්ක. පරක්කු උණා නම් සමාවෙන්න ඕනේ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාට ස්තූතිවන්ත වෙනව මේක මට හොයල දුන්නට. චිත්‍රපටය දිහාවට හැරුණොත්, ඇමරිකානු ලේඛිකා Michelle Wildgen ගේ you’re not you නම් නවකතාව පාදක…

You're Not You (2014)

වැඩේ භාර ගත්තට මොකද කරල ඉවර කරගන්න සති දෙක තුනක් ගියා විභාගයි අරවයි මේවයි එක්ක. පරක්කු උණා නම් සමාවෙන්න ඕනේ. වෙනද වගේම මේකත් මට හොයල දුන්නෙ සමීර චතුරංග සහෝදරය. ඉතිං එයාට ස්තූතිවන්ත වෙනව මේක මට හොයල දුන්නට. චිත්‍රපටය දිහාවට හැරුණොත්,

ඇමරිකානු ලේඛිකා Michelle Wildgen ගේ you’re not you නම් නවකතාව පාදක කරගෙන නිර්මාණය උණ මෙම සිනමා පටය IMDb දර්ශකයේ නාට්‍යමය ලෙස තමයි වර්ගීකරණය කරල තියෙන්නෙ. ඇමරිකාවේ නිෂ්පාදනය වූ මිනිත්තු 102ක් පුරා දිවෙන මෙම සින්මා පටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ George C. Wolfe කියන අධ්‍යක්ෂක වරයා විසින්. Insomnia (2002), Million Dollar Baby (2004), P.S. I Love You (2007) වැනි සිනමා පට වලට රංගනයෙන් දායක වූ Hilary Swank මෙන්ම The Day After Tomorrow (2004), Shameless (2011) වැනි සිනමාපට වලට රංගනයෙන් දායක වූ Emmy Rossum කියන නිළියන් මෙහි ප්‍රධාන නිළි චරිත වලට පණ පොවන අතර Last Vegas (2003), Transformers (2007), Transformers: Revenge of the Fallen (2009), Transformers: Dark of the Moon (2011) වැනි සිනමාපට වලට රංගනයෙන් දායක වූ Josh Duhamel ප්‍රධාන නළුවාගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. 2014 නොවැම්බර් 26 වන දින ප්‍රදර්ශනයට නිකුත් උණ මෙම සිනමා පටයට IMDb දර්ශකයේ 7.3 වැනි ඉහළ අගයක්ද ලැබිල තියෙනවා.

ජීවිතයේ තරුණ සමයේ අඩක් අවසන්ව තවත් කරන්නට බොහෝ දේවල් වගේම ඉටුකරගන්නට තවත් බොහෝ බලාපොරොත්තු ඉතිරිව තිබියදී එක්වරම කිසිවක් කර කියා ගත නොහැකිව අසරණව ඔත්පල උවහොත් මොන වගේ හැඟීමක් සිතට ඇතිවෙයිද? අඩුම තරමෙ අත් දෙක වත් සොලවන්න නොහැකිව, තනිවම වැසිකිළියට වත් යාමට නොහැකිව දවසම පුටුවක ඉඳගෙන සිටිමින් ජීවිතයේ ඉතුරු හරිය ගත කරන්නට අවුරුදු 35ක් වයසැති කේට් හට සිදුවන්නේ අවාසනාවන්ත ලෙස “Amyotrophic lateral sclerosis” නම් මොළයේ නියුරෝන අඩපණවන රෝගයකට ගොදුරු වීම හේතුවෙන්. ඇයව සැමියා නිවසේ නැති විට බලාගන්නට, උපකාර කරන්නට කෙනෙකු සොයන විට බෙක් නැමැති දඩබ්බර, රොක් ගායිකාවක් වීමට සිහින දකින, ප්‍රේම සම්බන්ධතා වැඩි දුරක් ගෙනයා නොහැකි උසස් පාසැල් සිසුවියක් කේට් ගේ සහායිකාව ලෙස කේට්ගේ සැමියා වන එවන්ගේ අකමැත්තෙන් නමුත් කේට්ගේ කැමැත්ත හේතුවෙන් රැකියාව ලබාගන්නවා.

මුලදී බෙක්ට කිසිවක් කරගත නොහැකි උණත් කෙමෙන් කෙමෙන් බෙක් ඉවීමට කේට්ට උපස්ථාන කිරීමට ඉගෙනගන්නාවා වගේම කේට්ගේ මිතුරියක් බවටද පත්වනවා. මේ අතර කේට්ගේ සැමියා ඔහුගේ කාර්‍යාලයේ වෙනත් ගැහැනියක් සමඟ පවත්වන අනියම් සම්බන්ධ කමක් කේට්ට දැනගන්න ලැබෙන අතර ඇය තව තවත් දුර්වල වෙනවා. කේට් බෙක් සමඟ නිවසින් පිටව යන අතර නැවත නිවසට පැමිණෙන්නේ සැමියාට ගෙදර ඒමට තහනම් කරමිනි. ඇගේ යහළුවන් සමඟ කටයුතු කිරීමේදී ඇය අසරණ වන අතර කේට් හා බෙක් තව තවත් මිතුරන් බවට පත්වනවා. එහිදී මෙම කාන්තාවන් දෙදෙනාම මුහුණ දෙන අත්දැකීම් හා ඔවුන්ගේ අදහස් එකිනෙක ගැටෙමින් තමන්ට තමන් ගැන හොඳ අවබෝධක් ලබා ගන්නවා. මෙවැනි තත්වයක ඉන්න රෝගියෙකු මුහුණ දෙන අපහසුතා, කලකිරීම්, පසුතැවීම්, ඔවුන් විඳින පීඩා, ඔවුන්ගේ සිතුවිලි ක්‍රියා කරන ආකාරය මෙම සිනමාපටයෙන් හොඳින් නිරූපණය වනවා.

ඔන්න ඔහොමයි කතාව, තව තව දේවල් වෙනව මේ මිනිත්තු 103 තුළදි සිද්ධ වෙනව. සේරම කිව්වොත් වැඩක් නෑ නෙ. ඉතිං ඒ ටික ඔයාලට බලන්න ඉතිරි කරනවා.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

You're Not You (2014) on IMDb

 

 

498 MB කොපිය මෙතනින් බාගන්න

B3927E71851957F0C38C088498BB185B7CCEFD68

752 MB කොපිය මෙතනින් බාගන්න

9BD5F4DF9F84EFB9E775D72D7172A966ED7E40C2

806 MB කොපිය මෙතනින් බාගන්න

B117F14BC835DF3ABC3E6AD80D865AE0440DA0B3

 

ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,192 downloadsDownload YNYbaiscopelk.zip118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත මාලිංග

Subtitles

1,192 downloadsDownload Subtitles118 KB

23 comments

  1. chathura

    patta

  2. me

    Thanks

  3. jema

    tnx machan

  4. එල්.සී. දමැල්

    හොඳ අර්ථවත් දේකට උපසිරස දීලා වගේ...
    නියමයි සහෝ...
    උපසිරසට ස්තූතියි...
    ජය...

  5. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  6. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. aravinda

    Thanks machan

  8. Dinush Eranga

    ela kathaawak wage...thanx.

  9. රොයිලි

    බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. අසිත

    මේ වගේ drama ෆිල්ම් එකක් සිංහල නැතිව බලන්න අමාරුයි.බොහොම පින්! ජයෙන් ජය පතමි.

  12. දමිත්

    ස්තුතියි සහෝ සිංහල සබට…
    ඔන්න ගත්තා…
    ජයෙන් ජය…

  13. shan

    thanks machan

  14. ඉසු ඩිපි (Isu DP)

    පට්ට පට්ට, තව එකක් ඉක්මනින් ගේමු.
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  15. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  16. Yairu Jayasundara

    නියමයි සහෝ…
    උපසිරසට ස්තූතියි…
    ජය…

  17. Chami

    Thanks

  18. Nandana

    Thank U Hasantha.

  19. “චූටී මල්ලි”

    නියමයි මචන්
    සබට තුති
    ඔබට ජය…….

  20. praneeth

    thanks for the sub

  21. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  22. nidi

    Hasantha, godak thanks. hondama film ekakatane me subs deela thiyenne. sinhala subs download karagena
    thiyenawa 842.eth comments thiyenne 21. me wage classic films balana aya wediya comments denne nehe wage. ewa ganan ganne nethiwa digatama subs deeme mehewara itu karana hema denatama narambannek widiyata thuthi mal kalambak! jaya wewa!

  23. සසිනිකා

    ෆිල්ම් එක නම්
    තාම බැලුවෙ නෑ.
    බාගත්තා විතරයි.
    කතාව නම් හොඳයි වගේ.
    බොහොම ස්තුතියි.