මෙල් ගිබ්සන් කියන්නේ මගේ ප්‍රියතම නළුවන් අතර ඉහලින් වැජඹෙන්නෙක්. මම කැමතිම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඔහුමයි. ඔහුගේ අළුත්ම ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වෙ වාසල සහෝදරයායි. ඒ මීට මාසෙකට විතර කලින් වුනත් මගෙ ජංජාල අලේ නිසා මට ඒක ගැන ලියන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. මෙල් ගිබ්සන් සම්බන්ධව මතක ති…

මෙල් ගිබ්සන් කියන්නේ මගේ ප්‍රියතම නළුවන් අතර ඉහලින් වැජඹෙන්නෙක්. මම කැමතිම චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපාන්නෙත් ඔහුමයි. ඔහුගේ අළුත්ම ෆිල්ම් එක ගැන මට මුලින්ම කිව්වෙ වාසල සහෝදරයායි. ඒ මීට මාසෙකට විතර කලින් වුනත් මගෙ ජංජාල අලේ නිසා මට ඒක ගැන ලියන්න වෙලාවක් හම්බ වුණේ නැහැ. මෙල් ගිබ්සන් සම්බන්ධව මතක තියෙන චිත්‍රපට තරම් සුපිරියි කියලා මට කියන්න බැරි වුනත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 6.9/10 විතර ලබාගන්න සමත් වෙලා තියෙනවා.
මෙල් ගිබ්සන් රඟපාන හොම්ස් ක්‍රේවන් චරිතය බොස්ටන් අපරාධ අංශයේ සේවය කරන අවංක පොලිස් නිලධාරියෙක්. ඔහුට සිටින්නේ අවුරුදු 24ක් වයසැති තම දියණිය එමා පමණයි. ඇය කලකට පසුව නිවසට පැමිණෙන විට ඇය තරමක් අසනීප තත්වයෙන් පෙළෙන බව පේනවා. එදින රාත්‍රී ආහාරය ගන්න සැරසෙන විට හදිසියේම ඇයගේ නහයෙන් ලේ වැගිරීමට පටන් ගන්නවා. වෛද්‍යවරයෙක් වෙත යෑම සඳහා හදිස්සියෙන් තම තුවක්කුවද අමතක කර දමා දියණිය වත්තම් කරගෙන වාහනය වෙත යන්න ප්‍රධාන දොර විවෘත කරන විටම පාරේ සිටින අවිගත් පිරිසක් තබන වෙඩිල්ලකින් ඇය මිය යනවා. තමුන් වෙත එල්ල කරන ලද වෙඩි පහරක් ලෙස මුලින් සිතුවත් තමුන්ට සතුරන් නැති නිසා ඔහු මේ පිළිඹඳව සෙවීමට පටන් ගන්නවා. ඒ සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට මොහු සූදානම්.
මේ පිළිඹඳ සෙවීමට පටන් ගන්නා විට ඔහුට තේරෙන්නේ මේක බොහොම ඉහල තැනකින් සිද්ධ වෙන රජයේ අනුදැනුම මත සිද්ධ වෙන මරණයක් බව. ඒ ගැන ඔයාලත් හොයලා බලන්න ආසනම් බාලම බලමු.
ආ තව දෙයක්. මතකද ඉස්සර ගියපු රොබින් හුඩ් කතා මාලාවේ විල් ගේ මුරණ්ඩු චරිතය රඟපාපු කෙනාව. ඔහු නමින් රේ වින්ස්ටන්. ඔහුත් මෙහි උප ප්‍රධාන චරිතයක් රඟපානවා. ඔහු රඟපාන්නේ මෙවැනි අපරාධයකින් පසු ඉතිරි වන සාක්ෂි විනාශ කරන රහස් නියෝජිතයෙකුගේ චරිතයක්. එහෙනම් තවත් හිතන්න එපා. බාලම බලමු. 🙂
ලිපිය – රොයිලි ප්‍රනාන්දු

48 comments
/බිඟුවා...!
රොයිලි
@ /බිඟුවා…!,
හෙ හේ මී මැස්සො ඉතින් කවදත් උදෙන්ම නේ වැඩ අල්ලන්නේ :)
Rajapaksha930261173
Muchn meke sinhala sub file eka nane..gnne kohmada kiyla kiynawda
හෙළයා
මම දෙක. :)
එළ ෆිල්ම් එක. හොය හොයා හිටියේ
රොයිලි
@ හෙළයා,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
chamila
අවුරුදු නැකත් වල වැඩ ඇල්ලීම හරියටම පටන් ගත්තේ අද තමයි... :P
රොයිලි
@ chamila,
ඒක තමා මාත් බැලුවෙ මේ දවස් වල ඔබතුමාගෙ කමෙන්ට් නැත්තෙ මොකද කියලා :P
අමිල
මාලු වගේ බාන්ඩ දැම්මා.. කතාව එල වගේ...
රොයිලි
@අමිල,
එල එල බරටම මාළු අල්ලන්න ලැබේවා :)
ashan kandy
onna math danawa ko sinhala sub 1k nadda thama.... :)
රොයිලි
@ ashan Kandy,
ඔන්න මම දැන්වීමක් දැම්මා. බලන්නකෝ බයිස්කෝප් දැන්වීම්. මෙදා පාර එලම එකක් :)
විදුර ඉමේෂ්
පට්ට ෆිල්ම් එක.තෑන්ක්ස්
රොයිලි
@ විදුර ඉමේෂ්,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :P
අකියා (aKILLER)
මෙල් ගිබ්සන් නම් ඉතින් අහන්න දෙයක් නෑ ගින්දර වගෙ ඇති.......
රොයිලි
@අකියා (aKILLER),
අනිවා අනිවා ඔබ තුමාට තේරුණා :P
Enri
මොකද මේ කාලෙකින් රොයිලි සහෝ සබ් එක්ක එකක් දුන්නෙම නැත්තේ? :-)
රොයිලි
@Enri,
මක් කොරන්නද සහෝ. මම මේ ඉන්නෙ උඹේ විභාගෙ ඉවර වෙනකම්. නැත්තම් මෙතන මටයි බැනුම් අහන්න වෙන්නෙ :)
Krish
ooka maasa gaanakata issella wena blog ekaka dapu film ekak ne. meyala denui danne !
රොයිලි
@ Krish,
හෙ හේ එකක නෙවෙයි සහෝ මම දන්න තරමින් දෙකකම ගියා. :D බා ගත්තම් කියන්නකො සහෝ චිත්‍රපටිය කොහොමද කියලා :P
shiwantha
thanx machan
රොයිලි
@ Shiwantha,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)
මනිෂ කසුන්
මොකද මේ කාලෙකින් රොයිලි සහෝ සබ් එක්ක එකක් දුන්නෙම නැත්තේ?
රොයිලි
@ මනීෂ කසුන්,
හෙ හේ ඔන්න සහෝ මම දැන්වීමක් දාලා තියෙනවා. බලන්නකෝ :)
Ruwan
thanks broooooooo............
රොයිලි
@Ruwan,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට. බලලත් කියන්න කොහොමද කියලා :)
KoK
maru film eka mama balala tikak kal
පිටස්තරයා
ස්තුතියි.... බාමි!! :D
පසිඳු
බාමි බාමි... තැන්කූ වේවා... :D
ෂෙලින්ක
පහුගිය ටිකේ පරණ ඔක්කොම බා ගත්තා... තාම බලන්ඩ වෙලාවක් තමයි ලැබුණේ නැත්තේ...
දැන් මේ Avatar බාගෙන බලන ගමන්... මේකත් බාලම පරණ එව්වා බලන්ඩ පටන් ගන්නවා...
අපිට ඉතින් වෙලාව පොඩ්ඩක් ප්‍රශ්නයක්... ලංකාවේ වගේ නිදහස් මදි..
බොහොම ස්තූතියි මේ වැඩේට..සමන් කලුබෝවිල
aniwaa bami......bala balami....thankx okkotama...
nilanthaherath
බාමි බාමි. රොයිලිගෙයි මෙල්ගෙයි වැඩක්නේ. එලට ඇති. තෑන්ක්ස් වේවා. අලූත් එකක් සබ් එකක් දීපන්
ගිශාන්
ඔන්න මමත් බාන්න දැම්මෝ.දැන් ඉතින් රවුටරේට උණ ගනියි.
prami
hoda kathavak meka ethule thiyenava.
Akiyoshi
maxxa....amuthu kathawak...thanks...
bakamuna
machan sinhala sub titile 1 ganne kohomada ?
film 1 link karala thiyenne kindom relese lata.surangaubandara
sub eka nane
sarangaw
සිංහල උපසිරැසි Link එක හොයා ගන්න බැහැ.
(සමහරවිට, මගෙ browser එකේ ගැටළුවක් ද දන්නෙත් නැහැ)mihiravandrlan
Subtitles nedda bro
Rohanvanderlan
roila sub eka dapanko bro
Rohanvanderlan
ROIL MALLI SUB EKA DENNAKO PLZZ
Lakshansilva18
Sub plz
rockweli
sub plssssssssssssssssssssssssssssssssssss
t.darshana
Sub Pls Bro....
visals
meke sub eka ganna barida
Anonymous
sub link ek nane.......
dulaj
ko huththo sub eka
Anonymous
'lol
jack
සුපිරියක්
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ada mama palaweniya