Watch Trailer

Edward Scissorhands (1990) with Sinhala Subtitles | එඩ්වඩ් කතුරු-දෑත්! [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ දහසය වැනි උපසිරසි නිර්මාණයයි. මේ වතාවේ මම තෝරගත්තෙ Johnny Depp ගෙ තවත් සුවිශේෂී රංගනයක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. කතුරු දෑත් ඇති කෘත්‍රිම මිනිසෙක් ගැන කියවෙන මේ අපුරු චිත්‍රපටය 1990 දී නිකුත් වුණු romantic drak fantacy ගණයේ ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් Sweeney Todd, Alice in wonder…

Edward Scissorhands (1990)

මේක මගේ දහසය වැනි උපසිරසි නිර්මාණයයි. මේ වතාවේ මම තෝරගත්තෙ  Johnny Depp ගෙ තවත් සුවිශේෂී රංගනයක් අන්තර්ගත වෙන චිත්‍රපටයක්. කතුරු දෑත් ඇති කෘත්‍රිම මිනිසෙක් ගැන කියවෙන මේ අපුරු චිත්‍රපටය 1990 දී නිකුත් වුණු romantic drak fantacy ගණයේ ඇමෙරිකානු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් Sweeney Todd, Alice in wonderland වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Tim Burton ගේම නිර්මාණයක්. Tim Burton තරුණ කාලෙ හදපු මේ චිත්‍රපටය ඔහු හඳුන්වන්නේ තමන්ගෙ නිර්මාණ අතරින් ප්‍රියතම නිර්මාණය ලෙසයි. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) 7.9/10 ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය, එහි නිෂ්පාදන වියදම වන ඇමෙරිකන් ඩොලර් මිලියන 20 මෙන් හතර ගුණය ද ඉක්මවා යමින් ඇමෙරිකන් ඩොලර් මිලියන 86 ක ආදායමක් ලබා ගන්න සමත් වුණා. මෙහි ධාවන කාලය මිනිත්තු 105 යි. මේ චිත්‍රපටයට පදනම් වන කතාව Tim burton සහ Caroline Thompson විසින් නිර්මාණය කළ ෆැන්ටසි ගණයේ කතන්දරයක්. මුල්වරට තිරගත වුණේ 1990 වසරේ දෙසැම්බර් 6 වැනිදායි.

චිත්‍රපටයේ අන්තර්ගත කතාව මෙහෙමයි. දවසක්දා වයසක ආච්චි කෙනෙක් තමන්ගේ මිනිබිරියට නින්දට යන්න කළින් කතන්දරයක් කියලා දෙනවා. අහසින් හිම වැටෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට ඇය පිළිතුර ලබා දෙන්නේ අපුරු කතන්දරයක් මිනිබිරියට කියමින්. ඒ කතාව තමන්ගේ අත් වෙනුවට කතුරු තියෙන මිනිසෙක් ගැනයි. ඇය මිනිබිරියට කියන කතාව මේකයි. කන්දක් උඩ පාලු මන්දිරයක ඉන්න විශිෂ්ට ගණයේ මහළු නව-නිපැයුම්කරුවෙක්, මිනිහෙක් වගේ පෙනුමක් ඇති ළමා රොබෝ කෙනෙක්ව හදනවා. ඔහු තමයි එඩ්වඩ්. එඩ්වඩ්ගේ දෑත් වෙනුවට කතුරු සවි කරලා තිබුණේ ඒවායින් විවිධ නිර්මාණශීලි වැඩ කරන්න හැකි වෙන්නයි. මේ නව නිපැයුම් කරුවා ඔහුව ගෙදරම තියාගෙන රැකබලා ගනිමින්, ඔහුට ගෙදරදීම අධ්‍යාපනය ලබාදෙනවා. ඒත් ඔහුට අත් දෙකක් හදලා දෙන්න කළින් ඒ මහලු නවනිපැයුම් කරුවා හදිසි හෘදයාබාධයකින් මරණයට පත් වෙන්නෙ අත් දෙකක් වෙනුවට කතුරු ගොඩක් එක්ක ඒ මහා නිවසේ එඩ්වඩ්ව තනි කරමින්. වසර ගණනාවක් ඒ නිවසේ තනිව කල් ගෙවන එඩ්වඩ් තනිකම මකාගන්න විවිධ කලාත්මක නිර්මාණ කරනවා.

විලවුන් සහ ආලේපන ප්‍රාදේශීය අලෙවි නියෝජිතවරියක් වන පෙග් බොග්ස් මේ මන්දිරයට යන්නෙ තමන්ගේ වෙළඳ ප්‍රවර්ධක කටයුත්තකට. ඒ මන්දිරයේ ඉඳන් එඩ්වඩ් කරපු නිර්මාණ දැකලා පුදුමයට පත්වෙන ඇය, හුදෙකලාව ජීවත් වෙන එඩ්වඩ්ව දැකීමෙන් වටහා ගන්නවා ඔහු නිර්මාණශීලී, එහෙත් පෙනෙන වයසටත් වඩා ලාබාල ආකල්ප සහිත අහිංසක තරුණයෙක් බව. ඔහුගෙන් හානියක් නැති නිසා ඔහුට අනුකම්පාවෙන්, ඇය ඔහුව තමන්ගේ නිවෙසට කැඳවාගෙන එන්නෙ ඔහුට උපකාර කරන්නයි. මේ අමුතු ආගන්තුකයා ගැන ඇගේ අසල්වැසියන් සහ නිවැසියන් දක්වන්නේ කොහොම ප්‍රතිචාරයක්ද? පෙග්ගේ දියණිය වන කිම්ට ආදරය කරන්නට පෙළඹෙන එඩ්වඩ් ඇගේ ආදරය දිනා ගනීවිද? ඇයගේ මුරණ්ඩු පෙම්වතා ජිම් මෙයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? එඩ්වඩ්ගේ නොදැනුවත්කම සහ අහිංසක කම විවිධ පුද්ගලයන් තම වාසියට යොදාගැනීම නිසා එඩ්වඩ්ව අමාරුවේ වැටෙන හැටි මේ කතාවේ පෙන්වනවා. ආච්චි කතාව ඉවර කරනකොට චිත්‍රපටයත් ඉවර වෙනවා. 😛 පිවිතුරු ආදරයක ස්වභාවය ගැන අපිට කියලා දෙන මේ චිත්‍රපටිය බලන්න වටිනා ලස්සන චිත්‍රපටයක්.

මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන එඩ්වඩ්ගෙ චරිතයට මුලින්ම තෝරාගෙන තිබුණේ සුපිරි නළු Tom Cruise වයි. පසුව විවිධ නළුවන් කිහිප දෙනෙක් අතර දෝලනය වුණු මේ චරිතයට අන්තිමට Johnny Depp ව යොදාගන්න තීරණය වුණා. ඔහු කොතරම් සාර්ථක ලෙස එම චරිතය ගොඩනඟා තිබෙනවද කියන එක මේ චිත්‍රපටය නැරඹීමෙන් ඔබට දැකගන්න පුළුවන් වේවි. චිත්‍රපටය බලනකොට මේ ඉන්නෙ Johnny Depp ම ද කියලත් හිතාගන්න අමාරුයි. මේ අපුරු චරිතය ගොඩනඟන්න කළින් Depp චාලි චැප්ලින්ගේ චිත්‍රපට ගණනාවක් නැරඹුවේ දෙබස් වලින් තොරව හැඟීම් ප්‍රකාශනය කිරීම පිළිබඳව අධ්‍යයනය කර චරිතයට හොඳින් සුදානම් වන්නයි.  Johnny Depp රංගනයෙන් දායක වුණු Tim ගෙ ප්‍රථම සිනමා නිර්මාණය මේකයි. ඔහුගේ විශිෂ්ට රංගනය නිසා Tim ගෙ තවත් චිත්‍රපට කිහිපයකටම Johnny Deppව යොදා ගැනුණා. මේ චිත්‍රපටයේ නවනිපැයුම් කරුවාගේ චරිතය වීශේෂයෙන්ම ලියවුණේ Vincent Price වෙනුවෙන්මයි. එය Vincent අවසන් වරට රංගනයෙන් දායක වුණු, චිත්‍රපටයක් වෙනුවෙන් කළ ප්‍රධාන චරිතය වුණා.

එඩ්වඩ්ගේ කතුරු සහිතව නිපදවුණු දෑත් නිර්මාණය කළේ Terminator, Alien වගේ සුප්‍රකට චිත්‍රපට රැසකට දායක වුණු තාක්ෂණික ශිල්පියෙක් වන Stan Winston විසින්. චිත්‍රපටය වෙනුවෙන් මේ කතුරු-දෑත් එඩ්වඩ්ගේ ඇඟිලි වලට කතුරු වෙනුවට දිගු යකඩ පතුරු යොදා ගන්නයි Tim Burton අදහස් කළේ. එහෙත් දක්ෂ තාක්ෂණික ශිල්පියෙක් වුණු Stan Winston ඔහුගේ ඇඟිලි වෙනුවට පාලනය කළ හැකි කතුරැ යොදමින් අපුරු ලෙස කතුරු-දෑත් නිර්මාණය කළා. එඩ්වඩ්ගේ චරිතය වෙනුවෙන් Deppට සුවිශේෂී වේශ නිරුපණයක් (Prosthetic Make-up) යොදන්න පැය එකයි මිනිත්තු 45ක් ගතවුණු බවයි දැනගන්න ලැබෙන්නෙ. Edward Scissorhands රූගත කළේ ෆ්ලොරීඩාවේ Tampa Bay ප්‍රදේශය, Luts නගරය සහ ලේක්ලන්ඩ් වල සවුත්ගේට් වෙළඳ සල ආදී ස්ථාන වල තුන් මසක කාල රාමුවක් යටතේයි. මේ චිත්‍රපටයේ රූගත කිරීම් නිසාම තාවකාලික රැකියා සියගණනක් හරහා Tampa Bay ප්‍රදේශයේ ආර්ථිකයට ඇමෙරිකන් ඩොලර් මිලියන 4කට වැඩි මුදලක් පොම්ප කළා. මෙහි පෙන්වන ගොතික් ශෛලියේ මන්දිරය (එහි පිටපොත්ත පමණක්!) ගොඩනැඟුවේ Dade City හිදියි. එහි අභ්‍යන්තර දර්ශන රූගත කෙරුණේ කැලිෆෝනියාවේ Century City වල Fox Studios වේදිකාවකයි. චිත්‍රපටයේ එඩ්වඩ් විසින් සාදන දැවැන්ත රුක් ප්‍රතිමා ( Hedge Sculptures) නිර්මාණය කළේ ලෝහමය සැකිලි කුකුළු දැල් (කුකුල් කුඩු සාදන දැල්) මඟින් ඔතා, එය කුඩා ප්ලාස්ටික් කොළ අතු-රිකිලි දහස් ගණනකින් ගොතා ආවරණය කිරීමෙන්. Rick Henrichs මේ චිත්‍රපටයට කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

මේ අපුරු චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා:

Johnney Depp – කතුරු-දෑත් එඩ්වඩ් ලෙස Winona Ryde – කිම් ලෙස Anthony Michael Hall – ජිම් ලෙස Dianne Wiest – පෙග් ලෙස Alan Arkin – බිල් ලෙස Kathy Baker – ජොයිස් ලෙස Robert Oliveri – කෙවින් ලෙස Vincent Price – මහළු නව-නිපැයුම්කරු ලෙස John Davidson – රුපවාහිනී නිවේදක ලෙස  Dick Anthony Williams – පොලි නිලධාරී ඇලන් ලෙස Conchata Ferrel – හෙලන් ලෙස Caroline Aaron – මාජ් ලෙස O-Lan Jones – එස්මෙරල්ඩා ලෙස

මං මේ ලිපියට චිත්‍රපටය ගැන රසවත් තොරතුරු (= ඕපාදුප) ටිකකුත් ඇතුලත් කළ හින්දා හිතුවට වඩා ලිපිය දිගු වුණා!!  හරි එහෙනං දැන් ලිපිය ඉවර කරන්න යන්නෙ. එහෙම කිව්වට තව ටිකක් කියන්න ඕනෙ! හැමදාම කිව්වා වගේ ආයෙත් මම කියනවා, මේ දක්වා මම එවපු උපසිරසි නිර්මාණ බයිස්කෝප් අඩවියේ පල කරපු, ශාන් විමුක්ති සහෝදරයා ඇතුළු අපේ බයිස්කෝප් අඩවියේ සහෝදරයන් හැමෝටම මම හෘදයාංගම ස්තුතිය පළ කරන්න ඕනෙ. පරණ උණත් සුපිරි චිත්‍රපටයක්! එහෙනම් ඔයාල මගේ උපසිරැසිය එක්ක චිත්‍රපටිය බලලා අමතක නොකර Comment එකකුත් දාන්න. නැවතත් අළුත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ආයුබෝවන්! ඔබට ජය වේවා!!   🙂 🙂 🙂 🙂 

 

 

Edward Scissorhands (1990) on IMDb

                               

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

 

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,040 downloadsDownload Edward.Scissorhands.1990.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

1,040 downloadsDownload Subtitles33 KB

32 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    1. නිලන්ත

      බොහොම ස්තූතියි ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ සහෝ සිංහල උපසිරැසියට. Good luck

  2. Maduka weerasinghe

    supiri film eka

  3. sandun

    ela machan,deppge me film ekata sub dunna eka loku deyak thanx,
    tawath deppge movie ekakata sub demu,
    jaya.

  4. kenway

    thanls

  5. Chami.S

    Thanks...
    Good Luck...

  6. Tharaka

    මේකනම් සුපිරි ෆිල්ම් එකක් වගේ. ලිපියත් හොඳට මහන්සි වෙලා ලියලා තියනවා. ඕන් බාන්න දැම්මා. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි! ජය වේවා!

  7. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  8. Dulanga

    Thanks

  9. Ruwan Sri

    බොහොම ස්තූතියි සහෝ

    1. Anonymous

      Johnny depp thank for sub

  10. Chalana Rukshan

    thnx broo..

  11. Krishan NiShalya

    මේ ‍ෆිල්ම් එකට සබ් හොය හොය හිටියෙ Depp ගේ සබ් දාපු හැම ‍ෆිල්ම් එකක්ම බෑවා.. ‍ෆිලුම බලන්නත් කලින් කොමෙන්ට්‍ටුවක් දැම්ම ඕන්....
    බොහොම ස්තූතියි...
    දිගටම කරගෙන යමු..!
    ජය....☺☺☺

  12. Asitha

    mama melk baluwa.kaatiyama ballan.paata film ekak.
    thanks.

  13. YASIRU HASARANGA

    ගොඩක් ස්තූතියි සහෝ

  14. Sajith Anthony

    ආසම නළුවෙක්නෙ ඉන්නෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා....!!!

  15. yohan

    download karanna bane film eka

  16. Praveen Mahesh

    Johnny Depp හොදයි Tom Cruise ට වඩා.

    1. Tharaka

      හ්ම්... Johnny Depp තමයි මම ආසම නළුවා. මේ ෆිල්ම් එක අදයි මම බැලුවේ. මම ජීවිතේට බලල තියන ෆිල්ම් වලින් ලස්සනම ෆිල්ම් එකක්. ඇත්තටම ලෝකේ බිහිවුන මේ වගේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් බොහොමයක් ගැන මම දැනගත්තේ මේ බයිස්කෝප් වෙබ් අඩවිය නිසයි. ඒ ගැන මගේ ස්තූතිය මේ වෙබ් අඩවියටත් උපසිරැසි ලබා දෙන සියළු සොයුරු සොයුරියන්ටත් හිමි වෙනවා. බයිස්කෝප් වෙබ් අඩවියට ජයෙන් ජය.......................

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. hashan nethupriya

    sab dunnata wadan na broooooooo file api hoyana filem ekata galapenne na

  19. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Zeva

    Sub 1kata tnx

  21. සාෂා ස්වර්ණලතා

    ගොඩක් ස්තුතියි සහෝ sub එකට, මන් ගොඩාක් කල් ඉදන්
    බලන් හිටපු ෆිල්ම් එකක්...

  22. Manjula Kumara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි...!
    ජය වේවා!!!

  23. Vihanga Raveen

    Thanks macho!

  24. LSM HUSKAA

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  25. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  26. sajitha rasanga

    sub ekat thnk u

  27. PahasaraDv

    Thankz...

  28. sasanka

    thanks for the sub

  29. salamuthu

    thank you aiye