ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහට බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම, ඔන්න එහෙනම් මම මේ පාර අරන් ආවේ තවත් සුපිරි තෙලිගු චිත්‍රපටියක්, මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 ජූනි 29 වෙනිදා. මේක එනකන් ගොඩක් දෙනා බලාගෙන ඉන්නත් ඇති කියලා මම හිතනවා, comedy , Romance කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටියට…

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් සුපුරුදු විදිහට බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම, ඔන්න එහෙනම් මම මේ පාර අරන් ආවේ තවත් සුපිරි තෙලිගු චිත්‍රපටියක්, මේ චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2018 ජූනි 29 වෙනිදා. මේක එනකන් ගොඩක් දෙනා බලාගෙන ඉන්නත් ඇති කියලා මම හිතනවා, comedy , Romance කාණ්ඩයට අයත් වන මේ චිත්‍රපටියට imdb මීටරෙත් 8.0 ක මනාපයක් හම්බ වෙලා තියෙනවා. ඒ කියන්නේ කතාව ගැන ඔයාලට හිතාගන්න පුලුවන්නේ, මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, අපි කවුරුත් ආසා කරපු චිත්‍රපටියක් වන pelli choopulu චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ Tharun Bhascker Dhaassyam විසින්. මේ චිත්‍රපටියේ තියෙන විශේෂයක් තමයි , අපි ආදරය කරන සුපිරි නළුවෙක් වන vijay devarakonda විසින් අතිරේක රංගනයෙන් දායක වීම, එහෙනම් වැඩි කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමු,
විවේක්, කෞෂික්, කාර්තික්, උප්පු (උපේන්ද්‍ර) කියන්නේ කොලේජ් යන කාලේ ඉදන්ම හිටපු හොදම යාළුවෝ හතර දෙනෙක්, කොහොමහරි මෙයාලා කොලේජ් ගිහින් කරන්නේ ඉගෙන ගන්න එක නම් නෙවෙයි, කොලේජ් එකට උගන්වන්න එන ගුරුවරයා උගන්වනකොට විහිළු කරලා ගුරුවරයාට පන්‍තිය එපා කරවලා පන්තියෙන් පැනලා කෙටි චිත්‍රපට බලන්න යන එක තමයි මෙයාලගේ වැඩේ. කොහොමහරි කොලේජ් යන කාලේ කෙටි චිත්‍රපටියක් හදන්න ඕනේ කියන එක විවේක් මෙයාලගේ ඔලුවට දැම්මේ, දවසක් විවේක්ට කොලේජ් එකේ තිබුණ විභාගේකට කෙල්ලෙක් ආවට පස්සෙයි, කොහොමෙන් හරි විභාග ශාලාවේ ඉඩ තිබුනෙත් විවේක් ළග විතරයි ඉතින් කෙල්ලත් ඇවිත් එතනින් විවේක්ගෙන් අහලා වාඩි වෙනවා. එතනින් පස්සේ උන දේ මම කියන්න යන්නේ නෑ මොකද එහෙම උනොත් කතාවේ රස වින්දනයට බාධාවෙන නිසා. ඉතින් ඒ කෙටි චිත්‍රපටියේ ප්‍රධාන චරිතේ විදිහට මේ කෙල්ලව අරගන්න තමයි විවේක්ගේ අදහස වුනේ, කොහොමහරි කොලේජ් ගිහිල්ලා ඉවර වුනාම යාළුවෝ හතර දෙනාම සීසීකඩ විසිරෙනවා. ඊට පස්සේ කාර්තික් සමාජ ශාලාවක රැකියාව කරනවා , විවේක් රස්සාවෙන් ඉල්ලා අස්වෙනවා, කෞෂික් ළමා චිත්‍රපටිවලටයි, රූපවාහිනි කතාමාලා වලට හඩ කැවීමේ නිරත වෙනවා, උප්පු චිත්‍රපට සoස්කරණය කරන කෙනෙක් විදිහට වැඩ කරනවා, ඉතින් මේ හතර දෙනා ආයෙත් එකතු වෙයිද? අර කරන්න බලාපොරොත්තු වුන කෙටි චිත්‍රපටය මෙයාලට කරන්න පුළුවන් වෙයිද? අර කොලේජ් එකේදි හම්බවුන කෙල්ල විවේක්ට කැමතිවෙලා කෙටි චිත්‍රපටිය කරන්න සහභාගී වෙයිද?
මෙයාලා හතර දෙනා එකට එකතු වුනොත් එහෙම වෙන්න හේතුව මොකක්ද? මේ දේවල් දැන ගන්න නම් ඉතින් චිත්‍රපටය බලන්නම වෙනවා තවදෙයක් ඔයාලගේ තියෙන අදහස් , උදහස් , උපසිරැසි කෙරෙන්න ඕන කියලා හිතෙන චිත්‍රපට අනිවාර්යයෙන් පහළින් කමෙන්ට් කරන්න, එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මණින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.
ඔයාලට තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Peoper HD rip පිටපත් සඳහා අදාළ වේ.
7,210 downloadsDownload Ee-Nagaraniki-Emaindi-2018.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් රවින්ද්‍ර
Subtitles
27 comments
චානක ඉඳුනිල්
Rumesh dhanushka
Thanks pradeep & all admins
Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….._testpasindu lakshan_test2
ftta ayye
sanjeewakbg
thanks bro..
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .ප්‍රදිප් සහෝ.
Pradeepkumara
Thanx saho
Ayesh Prashan
Thank You
deliya
thanks sahodaraya.patta aaaaaaa.budusaranai.samada jayama wewa
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි...
maikee
Thankyou sub එකට. දිගටම ෆල්ම් වලට සබ දෙන්න. හොද එකක් නම් මං අනිවා ඩවුන්ලොඩ් කරනවා.
Dhanukz dilz 253546
Tnx bro!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharu
❤️
Asha hansani kumari
sub ekata thnks
Achi
Thanks ❤️
Gayanpcsl
Thanks Bro
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති සහෝ...
මේක මාත් කරන්නම් කියලා හිටියේ.
කොහෙද එක්සෑම් ආවානේ.
ප්‍රසිද්ධ නළු නිළියෝ නැති වුනත් හොඳ ෆිලුමක්.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!prasakr
supiri wadak bohoma sthuthi
HIRANLASITHA
Ela bro...
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sudharaka Jayanath
thankz saho sub ekata
Rashmika_Dilshan
Thanks bro ❤
dhanu94
එළ කොල්ලෝ. තෙරුවන් සරණයි
Kasun Jalitha
Thanks saho !!!
KAVINDU DARSHANA111425
THANKS AIYE SUB EKATA
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

ස්තූතියි සහෝ සබ් එකට.