Watch Trailer

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

“මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉ…

 

“මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.”

අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු වෙන්නෙ ලීඩ් ගිටාර් වාදක බ්‍රයන් මේ සහ ඩ්‍රම්ස් වාදක රොජර් ටේලර් විතරයි. මේ සිදුවීම නිසා ස්මයිල් කියන සංගීත කණ්ඩායම නැති වෙලා යනවා. සිදුවීම වෙන්නෙ 1970 වර්ෂයේ. ඊට පස්සෙ මේ කාලෙදිම වගේ තමයි ටිම්ගෙ යාළුවෙක් වගේම ස්මයිල් කණ්ඩායමේ ප්‍රබල ප්‍රේක්ෂකයෙක් වෙච්ච ෆරොක් බුල්සාරා, එහෙමත් නැත්නම් ෆ්‍රෙඩී මර්කියුරි, බ්‍රයන්ටයි රොජර්ටයි කතා කරලා සංගීත කණ්ඩායම ආයෙම පටන් ගන්න කියලා කියන්නෙ. හැබැයි පරණ “ස්මයිල්” කියන කණ්ඩායම විදිහට නෙවෙයි. අළුත් නමක් එක්ක අළුත් කණ්ඩායමක් විදිහට. මේ අළුත් කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වෙන්නෙ ෆ්‍රෙඩී. ආරම්භ කරපු කාලෙදිම කණ්ඩායමට හරියන විදිහේ ගැළපෙන බේස් ගිටාර් වාදකයෙක්ව හොයාගන්න හම්බුණේ නෑ. ඒ නිසා කණ්ඩායමට තුන් වතාවක්ම වාදකයන්ව මාරු කරන්න සිද්ධ වුණා. පස්සෙ හතර වෙනි වාදකයා විදිහට කණ්ඩායමට සම්බන්ධ වෙන ජෝන් ඩීකන් තමයි එතන ඉඳන් කණ්ඩායමේ ස්ථීර බේස් ගිටාර් වාදක ශිල්පියා වෙන්නෙ. මේ විදිහට සාමාජිකයන් හතර දෙනෙක්ගෙන් යුක්තව අළුතෙන් බිහිවෙච්ච සංගීත කණ්ඩායම තමා “කුයීන්”. අපි හැමෝගෙම කනට හොඳට හුරු පුරුදු “We Will Rock You”, “We Are The Champions”, “Bohemian Rhapsody” වගේ ගීත නිර්මාණය වුණේ මොවුන් අතිනුයි. පුද්ගලිකව මම නම් කුයීන් කියන සංගීත කණ්ඩායම ගැන මුලින්ම ඇහුවෙ මීට අවුරුදු දහතුනකට විතර කළින්. ඒ ඇහුවෙත් Five කියන සංගීත කණ්ඩායම කවර් සෝන්ග් එකක් විදිහට ගායනා කරපු We Will Rock You සින්දුව නිසා. ඔයාලා Five ලගෙ මේ සින්දුවේ වීඩියෝ එක බලලා තියෙනවා නම් දකින්න ඇති කුයීන් කණ්ඩායමේ බ්‍රයනුයි, රොජරුයි මේ සින්දුවට ආයෙම වතාවක් ඩ්‍රම්ස් වාදනයකුයි ගිටාර් වාදනයකුයි ලබා දෙනවා. ඒ සින්දුව මේ විදිහට ආයෙ නිකුත් වෙන්නෙ ෆ්‍රෙඩී මේ ලෝකයෙන් සමුගෙන හරියටම අවුරුදු 10ක් පිරෙන්න ඉතාම ආසන්න කාලයකදි. ආයෙ මේ සින්දුවම 2004 පෙප්සි ඇඩ් එකකටත් අරගෙන තිබුණා මට මතකයි. බ්‍රිට්නි ස්පියර්ස්, පින්ක් සහ බියෝන්සෙ තමයි එකේදි නම් සින්දුව කියන්නෙ.

 

ඉතිං කොහොමින් කොහොම හරි මේ විදිහට මූලාරම්භයක් ගත්තෙ මේ මාසයේ 24 වෙනිදා පැවත්වූ 91වැනි ඔස්කා සම්මාන උළෙල සඳහා නාමයෝජනා 5ක් ලැබ, ඉන් Best Performance by an Actor in a Leading Role, Best Achievement in Film Editing, Best Achievement in Sound Editing සහ Best Achievement in Sound Mixing යන ඔස්කා සම්මාන 4ම ජයග්‍රාහනය කරමින් උළෙලේ වැඩිම සම්මාන ලබාගත් සිනමාපටය වුන Bohemian Rhapsody (බොහීමියන් රැප්සඩි) සිනමාපටය පිළිබඳව විමාගේ ඉල්ලීමට අනුව පොඩි විස්තරාත්මක ලිපියක් ලියන්නයි.  ජයග්‍රහණය ලබා ගැනීමට නොහැකි වූ අනිත් සම්මානය වුනේ Best Motion Picture of the Year සම්මානයයි.

 

ගිය අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේ නිකුත් වෙච්ච මේ සිනමාපටයේ අධ්‍යක්ෂණ අයිතිය හිමිවන්නෙ බ්‍රයන් සිංගර්ට. නමුත්සි නමාපටයේ අන්තිම රූගත කිරීම් වලදි සිංගර් පිට පිට නොපැමිණීම නිසා සිංගර් වෙනුවට ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත Rocketman සිනමාපටය අධ්‍යක්ෂණය කරන ඩෙක්ස් ෆ්ලෙ(ට්)චර්ට අධ්‍යක්ෂණ කටයුතු භාරදෙන්න ෆොක්ස් ස්ටුඩියෝ එකට සිද්ධ වෙලා තිබුණා. නමුත් කොහොම හරි අන්තිමේදි නීති රාමු නිසා බ්‍රයන්ට තමා අධ්‍යක්ෂණ අයිතිය හම්බෙන්නෙ. වෝට්ස් ලක්‍ෂ දෙකකට වඩා වැඩි සංඛ්‍යාවකින් IMDb අගය 8.2ක් ලබාගත්ත මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වෙන ෆ්‍රෙඩී මර්කියුරි විදිහට Need For Speed, Night At The Museum, Papillon වැනි සිනමාපට හා Mr. Robot, The Pacific වැනි රූපවාහිනී කතා මාලා හරහා අපි දැන-හඳුන ගත්ත රමී මලික් තම රංගන දායකත්වය සපයනවා. මීට අමතරව ෆ්‍රෙඩීගෙ පෙම්වතිය වන මේරි ඔස්ටින් විදිහට ලුසී බොයින්ටන්ද, කුයීන් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වෙන බ්‍රයන් මේ විදිහට ග්විලම් ලී ද, රොජර් ටේලර් විදිහට බෙන් හාඩි ද, ජෝන් ඩීකන් විදිහට ජෝ මාසෙලෝද මේ සිනමාපටයේ අපට දැකගන්න පුළුවන්. සිනමාපටයේ ගලාගෙන යන්නෙ කුයීන් සංගීත කණ්ඩායමේ ආරම්භයේ සිට Live Aid සජීවී ප්‍රසංගය දක්වා වූ අවුරුදු 15ක පමණ කාලය තුළ ෆ්‍රෙඩීගේ ජීවිත කතාව සහ කුයීන් කණ්ඩායම තුල සිදු වූ සිදුවීම් සමුදාය කිවුවොත් නිවැරදියි.

 

ෆ්‍රෙඩී මර්කියුරිගේ උපන් නම වෙන්නෙ ෆරොක් බුල්සාරා. මෙයා ඉපදෙන්නෙ 1946 සැප්තැම්බර් 5 වෙනිදා ටැන්සනියාවේ සැන්සිබා දූපතේ, ස්ටෝන් ටවුන් වල. මෙයාට පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි තව නංගි (කශ්මිරා) කෙනෙකුයි විතරයි. ෆ්‍රෙඩීගෙ අම්මයි තාත්තයි පර්සියානු සම්භවයක් තියෙන ඉන්දියානු යුවලක්. නමුත් ෆ්‍රෙඩීගෙ තාත්තා, බොමී බුල්සාරාට, බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ මහාධිකරණ මුදල් භාරකාරයෙක් විදිහට වැඩ කරන්න සැන්සිබා වලට යන්න වුණා. එතකොට තමයි බොබීගෙ භාර්යාව වෙන ජර් බුල්සාරට ෆ්‍රෙඩීව හම්බෙන්නෙ. නමුත් ෆ්‍රෙඩීගෙ අම්මයි තාත්තයි ෆ්‍රෙඩීට වයස අවුරුදු අටක් වෙද්දී ඉන්දියාවෙ පුද්ගලික පාසලකට යවනවා. ස්කෝලෙදි ෆ්‍රෙඩී සංගීතයට වගේම බොක්සිං, හොකී, ක්‍රිකට් වගේ ක්‍රීඩා වලටත් හුඟක් ආස කළා. මේ පාසලෙදිම තමා ෆ්‍රෙඩී පියානෝ වාදනයත් ඉගෙන ගන්නෙ. මේ පාසලේ ඉන්න අතරෙදි ෆ්‍රෙඩී තවත් එයාගෙ යාළුවො හතර දෙනෙක් එක්ක “ද හෙක්ටික්ස්” කියලා පොඩි සංගීත කණ්ඩායමක් පටන් ගන්නවා. පස්සෙ මේ සංගීත කණ්ඩායම තමා ෆ්‍රෙඩීගෙ පාසලේ නිල නොවන සංගීත කණ්ඩායම වෙන්නෙ. පාසලේ තිබ්බ හැම උත්සවේකටම වගේ සංගීතය සැපයුවේ මේ සංගීත කණ්ඩායම තමා. අධ්‍යාපන කටයුතු ඉවර කලාට පස්සෙ 1963 අවුරුද්දෙ ෆ්‍රෙඩී ආයෙම සැන්සිබා වල ඉන්න එයාගෙ අම්මයි තාත්තයි ළඟට යනවා. ඊට පස්සෙ වර්ෂ 1964 දි ෆ්‍රෙඩීගෙ පවුලෙ හැමෝම සැන්සිබා විප්ලවයෙන් තමන්ගෙ ජීවිතේ බේරගන්න එංගලන්තයට පලා යනවා. ඊට පස්සෙ බටහිර එංගලන්තයේ අයිස්ල්වර්ත් බහු තාක්‍ෂණික විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවට පස්සෙ ෆ්‍රෙඩී මෝස්‌තර නිර්මාණය ඉගෙන ගැනීම සඳහා ඊලින් කළා විද්‍යාලයට ඇතුළත් වෙනවා. 1969 වර්ෂයේදි මෝස්‌තර නිර්මාණය පිලිබඳ ඩිප්ලෝමාවක්ද සහිතව එම විද්‍යාලයෙන් පිටවන ෆ්‍රෙඩී ඊට පස්සෙ රොජර් ටේලර් එක්ක එකතු වෙලා කෙන්සිංටන් මාකට් එකේ කඩයක් දාගෙන එයා කරපු මෝස්‌තර නිර්මාණයි, එයාගෙ යාළුවොන්ගෙ මෝස්‌තර නිර්මාණයි, එතනින් පස්සෙ තව වික්ටෝරියානු කාලයේ ඇඳුම් එහෙමත් විකුණන්න පටන් ගත්තා. ෆ්‍රෙඩී හීත්රෝ ගුවන්තොටුපලේ බෑග් පටවන කෙනෙක් විදිහටත් වැඩ කරලා තියෙනවා. ඊ අතරේම එක එක සංගීත කණ්ඩායම් ගණනාවකත් ෆ්‍රෙඩී සම්බන්ධ වෙලා තියෙනවා. ඔය අතරේ තමා 1970 අවුරුද්දෙදි එයාගෙ පෙම්වතිය වුණ මේරි ඔස්ටින්වත් මෙයාට හම්බෙන්නෙ.

 

1970 අවුරුද්දෙ අප්‍රේල් වල මෙයා කුයීන් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා විදිහට සම්බන්ධ වෙනවා. ඇත්තටම සම්බන්ධ වෙන්නෙ සාමාජිකයින් දෙන්නෙක් විතරක් ඉතුරු වෙලා ඉන්න “ස්මයිල්” සංගීත කණ්ඩායමට. ඒ නම තමා ෆ්‍රෙඩී සමබන්ධ වුණාට පස්සෙ “කුයීන්” විදිහට වෙනස් වෙන්නෙ. කණ්ඩායමට සම්බන්ධ වෙනවත් එක්කම තමා ෆ්‍රෙඩී එයාගෙ උපන් නම වෙන ෆරොක් බුල්සාරා, ෆ්‍රෙඩී බුල්සාරා විදිහට නීත්‍යානුකූලව වෙනස් කරගන්නෙත්. ෆ්‍රෙඩී කියන කොටස නම් එන්නෙ එයා ඉන්දියාවෙ ඉද්දි එයාගෙ යාළුවො එයාට කතා කළේ ෆ්‍රෙඩී කියලා නිසා. මර්කියුරි කියන නම නම් ගන්න හේතු කීපයක්ම තියෙනවා කියලයි කියන්නෙ. පර්සියානු මිත්‍යා කතා එහෙමත් ඒකට සම්බන්ධයි කියලා තමා ගොඩක් අය කියන්නෙ. මෙහෙම ආරම්භ වෙන කුයීන් සංගීත කණ්ඩායම ඊට පස්සෙ තම මහේශාඛ්‍ය බලපරාක්‍රමය සංගීත ලෝකය ඔස්සේ ඉදිරියට පතුරවන්න සමත් වෙනවා.

 

මේ සංගීත කණ්ඩායමේ නිල ලාංඡනය නිර්මාණය කරන්නෙත් ෆ්‍රෙඩීම තමා. මෝස්‌තර නිර්මාණ ශිල්පය පිළිබඳව ඩිප්ලෝමා එකක් තිබ්බ ෆ්‍රෙඩීට මේක හරිම ලේසි වැඩක්. කණ්ඩායමේ සාමාජිකයින් හතර දෙනාවම නියෝජනය වෙන විදිහට ෆ්‍රෙඩී මේක නිර්මාණය කරන්නෙ සාමාජිකයින් හතර දෙනාගෙ උපන් රාශිය පාවිච්චි කරලා. ලාංඡනේ ඉන්න සිංහයෝ දෙන්නගෙන්, ඒ කියන්නෙ සිංහ රාශියෙන් නියෝජනය වෙන්නෙ ටේලර්වයි ඩීකන්වයි. කටක රාශිය සංකේතවත් වෙන්න ඇඳලා තියෙන කකුළුවාගෙන් නියෝජනය වෙන්නෙ කණ්ඩායමේ බ්‍රයන්ව. කන්‍යා රාශිය නියෝජනය කරමින් ඉන්න සුරංගනාවියො දෙන්නගෙන් කියවෙන්නෙ ෆ්‍රෙඩීව. ලාංඡනේ තව Q අකුරක්, ෆීනික්ස් කුරුල්ලෙක් වගේම ඔටුන්නකුත් අපිට බලාගන්න පුළුවන්. මේ සම්පූර්ණ ලාංඡනයම නිකන් පේන්නෙ සලස්වලා තියෙන්නෙ එක්සත් රාජධානියේ රාජකීය ලාංඡනය වගේ. කුයීන් කණ්ඩායමේ ආරම්භක ගමන සටහන් කරමින් මෙයාලා 1973 අවුරුද්දෙ එයාලගෙ පළවෙනි සංගීත ඇල්බම් එක විදිහට Queen කියන කණ්ඩායමේ නමම තියෙන සංගීත ඇල්බමයක් නිකුත් කරනවා. ඊට පස්සෙ කණ්ඩායම පිළිවෙලින්.

  • Queen II (1974)
  • Sheer Heart Attack (1974)
  • A Night at the Opera (1975)
  • A Day at the Races (1976)
  • News of the World (1977)
  • Jazz (1978)
  • The Game (1980)
  • Flash Gordon (Original Soundtrack) (1980)
  • Hot Space (1982)
  • The Works (1984)
  • A Kind of Magic (1986)
  • The Miracle (1989)
  • Innuendo (1991) 
  • Made in Heaven (1995)

යන ගීත ඇල්බම් රාශිය නිකුත් කළා. මේ කාලය අතරතුරේම මෙයාලා ලෝකයේ විවිධ රටවල සජීවී ප්‍රසංග පවත්වන්නත් අමතක කළේ නෑ. නමුත් 1987 අවුරුද්දෙ ෆ්‍රෙඩී AIDS රෝගයෙන් පෙලෙන බව තහවුරු වුනාට පස්සෙ කණ්ඩායම තව දුරටත් ලෝක සංචාර වලට යන්නෙ නෑ කියලා තීරණය කළා. The Magic Tour ප්‍රසංග මාලාවේ අවසාන දිනය, ඒ කියන්නෙ 1986 අගෝස්තු 6 වෙනිදා තමයි කණ්ඩායම එකට ඉඳගෙන අවසානයට සජීවී ප්‍රසංගයක් කරපු අන්තිම අවස්තාව. ඊට පස්සෙ අවුරුදු දහනමයක් යනකම්ම සංගීත කණ්ඩායම කිසිම සංචාරයක යෙදුනේ නෑ. කණ්ඩායම ගිය සංචාර අතරින් Live Aid නම් ඉතියෝපියානු සාගතයට එරෙහිව ආධාර රැස් කරන්න කරපු සජීවී ප්‍රසංගය තමා කුයීන්ලගෙ සජීවී ප්‍රසංග ඉතිහාසය තුල වැඩිම ප්‍රේක්ෂක ජනතාවක් සහභාගී වෙච්ච ප්‍රසංගය වෙන්නෙ.

 

ෆ්‍රෙඩී තමන් AIDS ආසාදිතයි කියලා කණ්ඩායමේ සාමාජිකයින් ඇර වෙන කවුරුවත් දැනගන්නවාට කැමති වුණේ නෑ. නමුත් කොහොම හරි ෆ්‍රෙඩී මියයන්න හරියටම දවසකට කළින් එයා මාධ්‍යයට කියනවා එයාට AIDS තියෙනවා කියලා. මේක ඉතින් පැහැදිළිවම හේතුව ෆ්‍රෙඩී ගතකරපු නහයට අහන්නෙ නැති ජීවිත රටාව. කොහොම හරි පෝල් ප්‍රෙන්ටරුත්, ෆ්‍රෙඩී මැරුණ අවුරුද්දෙම AIDS හැදිලා මැරෙනවා. කොහොම නමුත් ප්‍රෙන්ටර් චිත්‍රපටයේ පෙන්නන තරම්ම දුෂ්ඨ චරිතයක් නෙවෙයි කියලයි අන්තර්ජාලයේ නම් තියෙන්නෙ..

 

ෆ්‍රෙඩී අන්තිමට තම ගායනයෙන් දායකත්වය දක්වපු ගීත ඇල්බමය තමා 1995 වසරේ නිකුත් කරපු Made In Heaven ඇල්බමය. මේ ඇල්බමයේ ෆ්‍රෙඩී අන්තිමට ගායනා කරපු ගීතය තමා “Mother love” කියන්නෙ. කොහොම හරි ඒ වෙනකොට ෆ්‍රෙඩීට මේ සිංදුවේ අන්තිම කොටස ගායනා කරගන්න බැරි තරමට දුර්වල වෙලයි හිටියෙ. ඉතිං අන්තිම පද කීපය හෙට ආයෙම ස්ටුඩියෝ එකට ආවම කරන්නම් කියලා තමා ෆ්‍රෙඩී කියලා තියෙන්නෙ. නමුත් එයාට ආපහු ස්ටුඩියෝ එකට එන්න අවස්තාවක් ලැබිලා නෑ. ඉතුරු කොටස ගායනා කරන්න වුනේ බ්‍රයන්ටමයි. මේ විදිහට AIDS රෝගයෙන් පීඩා විඳපු ෆ්‍රෙඩී 1991 වර්ශයේ නොවැම්බර් 24 වෙනිදා අපි අතරින් සදහටම සමුගෙන යනවා. ෆ්‍රෙඩීගෙ මරණයෙන් පස්සෙ කුයීන් කණ්ඩායම 1992 වසරෙදි ලන්ඩන් වල වෙම්බ්ලි ක්‍රීඩාංගනයේ ෆ්‍රෙඩී මර්කියුරි උපහාර සංගීත ප්‍රසංගයක් පවත්වනවා. කණ්ඩායම මේ ප්‍රසංගය ප්‍රසිද්ධ කලේ AIDS රෝගය පිලිබඳ දැනුවත් කිරීමේ සංදර්ශනයක් විදිහටයි. 92 වර්ෂයේ පටන් ගත්ත මේ සංදර්ශනය අවුරුදු හතරක් පවත්වනවා. මේ සංදර්ශන හතරෙන් 1997 වර්ෂයේ පවත්වපු තුන් වන සංදර්ශනය තමා ජෝන් ඩීකනුත් බේස් ගිටාර් වාදකයා විදිහට කුයීන් කණ්ඩායම සමග හිටපු අන්තිම අවස්තාව. පස්සෙ ජෝනුත් කණ්ඩායමෙන් අයින් වෙලා විශ්‍රාම යනවා..

 

ෆ්‍රෙඩී හරිම ලැජ්ජා සහගත වගේම පුද්ගලිකත්වයට කැමති කෙනෙක් කියලයි කියන්නෙ. කොටින්ම එයා මැරුණට පස්සෙ එයාගෙ භෂ්මාවශේෂ තියන්න ඕනා කොහෙද කියන එක පවා කියලා තිබුනෙ එයාගෙ හොඳම යාළුවා වෙච්ච මේරි ඔස්ටින්ට විතරයි. අදටත්, ෆ්‍රෙඩීගෙ භෂ්මාවශේෂ තියලා තියෙන්නෙ කොහෙද කියලා දන්න ලෝකෙ ඉන්න එකම කෙනා මේරි විතරයි. සමහර විට මේරි ඕක කවදා හෝ මාධ්‍යයට නොකිවුවොත් අපිට කවදාවත් ෆ්‍රෙඩී ඉන්නෙ කොහෙද කියලා දැනගන්න ලැබෙන එකක් නෑ. ඒ වගේම ෆ්‍රෙඩී කියන්නෙ පූසන්ට හරිම කැමති පුද්ගලයෙක්. සිනමාපටයෙදිත් ඒක හොඳටම බලාගන්න පුළුවන්. කාලයක් ෆ්‍රෙඩියි, මයිකල් ජැක්සනුයි යාළුවො වෙලා ඉඳලා තියෙනවා. දෙන්නා එකට සිංදු කියන්න ඉඳලා තිබුණත් වෙලාව නැති නිසා දෙන්නටම නියම විදිහට සිංදු රෙකෝඩ් කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොම වුණත් මයිකල් ජැක්සන් පස්සෙ ෆ්‍රෙඩීව ආශ්‍රය කරන්න වැඩිය කැමති වෙලා නෑ මොකද ෆ්‍රෙඩී ටිකක් අමුතු වැඩියි කියලා හිතිලා. තවත් ෆ්‍රෙඩී සම්බන්ධ කාරණයක් තමා අර මයික් ස්ටික් එක. ෆිල්ම් එකේදිත් ඔයාලට බලාගන්න පුළුවන්. දවසක් කුයීන්ලගෙ ප්‍රසංගයක් අතර තුරේදි මේ මයික් ස්ටික් එක කැඩිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ෆ්‍රෙඩී කරලා තියෙන්නෙ ඒ වෙනුවට වෙන මයික් එකක් පාවිච්චි නොකර එදා ඉඳන් හැම සංදර්ශනේකදිම ඒ විදිහට මයික් ස්ටික් එකක් එක්ක මයික් එක පාවිච්චි කරපු එක. ඒකයි හැම සංදර්ශනේකදිම මයික් ස්ටික් එකක් හයි කරපු මයික් එකක්ම පාවිච්චි කරන්නෙ. .

 

කලින් කිව්වා වගේ බොහීමියන් රැප්සඩි සිනමාපටය මෙවර ඔස්කා සම්මාන උළෙල සඳහා හොඳම සිනමාපටය, හොඳම නළුවා, හොඳම ශබ්ධ සංස්කරණය, හොඳම ශබ්ධ සංකලනය සහ හොඳම සිනමා සංස්කරණය ලෙස අංශ පහකින් නිර්දේශ වී ජයග්‍රහණ 4ක් ලබාගෙන තියෙනවා, හොඳම සිනමාපටය උනේ Green Book 2018 සිනමාපටය. මේ සිනමාපටයත් සංගීත වර්ගීකරණය යටතේ වැටුණත් A Star Is Born සිනමාපටය තරම් නම් ගායනය පැත්තෙන් එහෙම වැඩි බරක් යොදලා නෑ කියලයි මට නම් කියන්න තියෙන්නෙ. ඒක එක අතකට සාධාරණයි. මොකද බ්‍රැඩ්ලි කූපර්ගෙ වගේ කටහඬක් රමි මලික්ට තියෙන්න නැතුව ඇති. මොකද මේකෙ රමි කරන්නෙ තොල් සෙලවීමක් විතරයි. එහෙනම් සිනමාපටය රස විඳින්න කියලා ආරාධනා කරනවා..

ලිපිය : ජෙරෝම් වැලස්කා (සමන් ප්‍රසාද්)

 

සෑහෙන්න පමා වෙලා ගෙනාව එකේ තව දුරටත් වෙහෙසට පත් කරන්නේ නැහැ ලිපිය දීර්ඝ කරලා. ඒත් පුංචි දේවල් දෙක තුනක් තියෙනව කියන්න, පලවෙනි එක තමා මලික්, එයාට ඔස්කා ලැබෙන බව ෆිල්ම් එක බලපු වෙලාවෙදිම දැනගත්තා, වෙල් ඩිසර්ව්, ඒ මොකද කියල ඔයාලම බලන්න මෙතනින් ගිහින්. මලික් මලික් නොවී තනිකරම ෆ්‍රෙඩි වෙනවා ෆිල්ම් එක පුරාවටම. ෆ්‍රෙඩිටත් වඩා ෆ්‍රෙඩි වෙනවා. මලික්ව 2013දී පැසිෆික් ටීවී සිරිස් එකෙන් දැක්ක ගමන් මිනිහගේ අමුතුම විශේෂත්වයක් දැක්කා ඇත්තටම. ඊට පස්සේ මිස්ටර් රොබට් සිරිස් එකේදිත්. ඉතිං කිසිම සිනමා රසිකයෙක් මේක මගහැරගන්න එපා කවදාවත්. අනිවාර්යෙන්ම බැලිය යුතුම ෆිල්ම් එකක් මේක. ඒ වගේම වැඩේ කරන්න ගත්ත වෙලේ තනියම කරගෙන යන්න බැරි නිසා හවුලට කතා කරපු ගමන් හා බන් කරමු කියල අවුරුද්දක් විතර වැඩේ කරපු දිල්ශාන් කාලිංගටත්, සෙනිකව සුපිරි ලිපියක් ලියා දුන්නු සමන්ටත් බොහොම ස්තුතියි. එහෙනම් ඔන්න ගිය අවුරුද්දේ සුපිරිම ෆිල්ම් එක ඔයාලට බාරයි. ගිහින් එන්නම් 😀

“I’ve paid my dues
Time after time
I’ve done my sentence
But committed no crime
And bad mistakes
I’ve made a few
I’ve had my share of sand kicked in my face
But I’ve come through
We are the champions, my friends
And we’ll keep on fighting ’til the end “

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

10,794 downloadsDownload Bohemian-Rhapsody-2018.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “දිල්ශාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-11 [ දිල්ශාන් කාලිංග ]
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,794 downloadsDownload Subtitles61 KB

64 comments

  1. benukanimsena

    අම්බෝ දෙයි දෙයි කියලා සෑහෙන කාලයක් බලාගෙන උන්නා
    අයියලා දෙන්නටම බොහොම ස්තුතියි
    දහ පාරක් විතර දැනට බැලුවා
    ආයේ බලනවා
    බොහොම ස්තූතියි
    ඔන්න බෑවා

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  3. DemonAkalanka

    Ammo athi yantham awilla.
    Thanks Machan.

  4. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    විශිෂ්ඨ ලිපියක් සමඟින් සුපිරිම චිත්‍රපටයක්.
    බලන් හිටපු එකක්.
    ජයෙන් ජය.

  5. thushararox

    බලන්ඩ ආසවෙන් හිටියෙ .සබ් තියෙනවකියල පෙන්නුවට වැඩ කරේ නැ. බොහොම ස්තූති සබ් එකට
    දැන් මේ ලැප් එකේ රිබන් එක ගිහිල්ල බාගෙට ඇරගෙන කොමෙන්ට් එකක් දාන්නෙ . ජය වේව!!

    1. thushararox

      පුලුවන්නම් replicas චිත්‍රපටයටත් සබ් දාන්න.

    2. විමා

      ඒක දීල තියෙන්නෙ සහෝ replicas

  6. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය! බලන් හිටපු ෆිල්ම් එකක්

  7. harshani11112

    ස්තුති සහොදරයා

  8. Sajan wanigasuriya

    thanks , godak dawas dan balan hitiya film ekak

  9. JackJill

    apoo mechara hoda movie ekakata hena kal aragen neh sub damme...dan thun parak withara balauwa movie eka

  10. Kanchaka

    Patta bro.................Thanks

  11. Tharaka

    thanks...............

  12. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....

  13. salvatore

    Thankx broh!!!!!!!

  14. Avishkaravidu

    Thanks

  15. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  16. baiscopelkishu

    හැමදාම පුරුද්දක් විදිහට සයිට් එකට ඇවිල්ල මේක දාලද කියල බලල ගියා. සබ් එකත් එක්කම බලනව කියල තමයි හිතාගත්තෙ. ඉතින් ඉවසීමෙන් සැනසීම ලැබේ කියන එකෙත් දෙයක් තියෙනව කියල අද තේරුන. තෑන්ක්ස් විමා තෑන්ක්ස් කාලිංග සහෝ.. ඒ වගේම ලිපියත් සුපිරි.

  17. Thihan

    එලම

  18. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  19. Lasa_Sadaru

    Godak Kal balagena hitapu sub ekak.thanks bro

  20. gayan4

    බොහොම ස්තූතියි
    මඟ බලන් හිටියා මේ සබ එනකල්.. ජය වේවා..

  21. gayan4

    උපසිරැසයට වගේම මේ ලිපියටත් බොහොම ස්තූතියි.

  22. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  23. Chanu mikhail

    thank u

  24. Pasindu Akalpa

    Thanks Bro!!!
    Sub eka enna godak kal giya Awlak naaaa.
    Great!!!!

  25. chandika1975

    thank you and good work

  26. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  27. ricadodamien

    Thank U Ashan & Dilshan brothers & baiscope team for the sub, What an amazing movie it was, great article love it so much, all the best to baiscope team...........

  28. Kantha_DLA

    Request :
    Free Solo (2018)

  29. චතුෂ තුෂර කුමාර

    සිටි සෙන්ටර් එකට ආව වෙලාවේ ගිහින් බැළුවා උනත් සබ් එක්ක බලන්න කියලා බාගෙන බලං හිටියේ... බෙහොම ස්තූතියි...

  30. යුරාන් ධනුක (ධනූ)

    බොහෝම ස්තූතියි සහෝලා දෙන්න්නටම...
    සමන් සහෝටත් ස්තූතියි පට්ට ලිපියක් දීලා තියෙනවා..

  31. thilz

    thank yohuu

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. bLack_sNow

    Wow patta bro

  34. Dilshan Kelum

    Thanks....

  35. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  36. MadhuBandara

    Thank You Yaluwa...

  37. AsithaDilruwan

    The Drug King 2018 with 720p Web-dl

    1. AsithaDilruwan

      ela saho thanks

  38. sachith1993

    tHANK YOU.....Z!!

  39. nishajaya

    "we were we were Rock you" song eka play wenawa 2001 apu "A Knight Tale" kiyana comedy movie eke oaya sinduwa mulinmma man ahuwe 2001 di oaya movie eka baladdi...ita passe thama "Queen" brand eke sindu walata godakma asa kareth a gena hoyanna gatteth.....
    aath podi kale "we are the champion" 1996 di ahuwa lankawa cricket world cup eka dinna wele... a wagema issara rupawahiniye/ITN eke 90 ganan wala"I want to break free" song eka nitharama play una aath a dawas wala kawda sing karanne kiyala dan ne.....godakma thanks sub ekata ha movie ekata......

  40. Kaazz_bat

    Thanx sahoo sub ekaata,. Jayawewa,..

  41. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  42. chathurika Liyanaarachchi

    thank u

  43. C.R.Jayalath

    Thanks for sub

  44. suchroxx

    Thanks Bro

  45. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

    1. Anonymous

      Thanks for the subtitles

  46. gayanmagee

    thanks

  47. avishka360

    Thanks

  48. MAALnath

    Thanks .................good luck .......................

  49. LakshanD

    ලිපියට බොහොම ස්තූතියි සහෝදරයා

  50. Nishanpradeep95

    Tnx ma brother digatama krmu api oyth ekka innwa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.