දයාබර මිලෙයි මහත්මා වෙත, මා මේ කතාව ඔබට පවසන්නේ හුදෙක් මා පිළිබදව ඔබට පැවසීමට පමණයි. මම එෆී ග්රෙ(යි) නම් ස්කොට්ලන්ත ජාතික තරුණියක් මී. නමුත් මා දැන් රස්කින් මෙනවිය නමිනුයි සැවොම අමතන්නේ. ඔබත් එය දන්නවා. මා විවාහ වූයේ ඔබේ ගුරු ජෝන් රස්කින් මහත්මායි. ඔහු මට වඩා වයසින් බොහෝ වැඩිමහල්. නමුත් මම කුඩා කල…

දයාබර මිලෙයි මහත්මා වෙත,
මා මේ කතාව ඔබට පවසන්නේ හුදෙක් මා පිළිබදව ඔබට පැවසීමට පමණයි. මම එෆී ග්රෙ(යි) නම් ස්කොට්ලන්ත ජාතික තරුණියක් මී. නමුත් මා දැන් රස්කින් මෙනවිය නමිනුයි සැවොම අමතන්නේ. ඔබත් එය දන්නවා. මා විවාහ වූයේ ඔබේ ගුරු ජෝන් රස්කින් මහත්මායි. ඔහු මට වඩා වයසින් බොහෝ වැඩිමහල්. නමුත් මම කුඩා කල පටන් ඔහුට ආදරය කළා.
ඔහු සිතුවම් ශිල්පියෙක්, ගත් කතුවරයෙක්. විවාහ වූ පටන් ඔහු මා කෙරෙහි දක්වන සැලකිල්ල අඩුවී යන බව මට දැනුණා. ඔහුගේ මව මට ඔහුගේ කිසිදු දෙයකට උපකාර කිරීමට ඉඩ තැබුවේ නැහැ. හැකි සෑම විටම අප දෙදෙනාට හරස් වූවා. ඔහුත් සෑම වෙලාවකදීම පොත් පත් ආශ්‍රය කරමිනුයි කල් ගත කළේ. විවාහ වූ අලුත එවැනි අත්දැකීමක් යුවතියකට කෝපය ගෙන ආවත් මට එලෙස සිදු නොවීමට හේතුව මම පවා නොදනිමි. මා සිත පෑරී ගිය විට මා හදවත සුවපත් කළේ එලිසබෙත් නම් මා මිතුරු ආර්‍යාවයි.
ඇයත් මා මෙන්ම මුලදී මෙවන් තත්වයකට මුහුණ දී තිබුණ බව ඈ පැවස්වා. ඒ නිසා මා නිරතුරුවම ඉවසීමෙන් කටයුතු කළා. එක් දිනෙක මට වැටහුණා ඔහු හුදෙක් මා ඔහුගේ සිතුවම් සහ ග්‍රන්ථ සදහා යොදාගත් ගැහැනියක් පමණක්ම බව. ඔහු මගේ චරිතය ගැන කථා කළා මිස මගේ අතින් පවා ඇල්ලීමට තැතක් දැරුවේ නැහැ.
දිනක් මා ඉවසිය නොහැකි තැන ඔහු ඉදිරියට නිරුවතින් පැමිණියා. ඔහු මා දෙස බලා, ඒ විගසින්ම පිටව ගියා. මා තුළ ඇති අඩුව කුමක්ද?. මමත් ගැහැනියක්. නමුත් මා ඉවසුවා. දිනක් වැනීසියට ගිය ගමනේදී මගේ චරිතය නරක යැයි මට ඉගි කළා. එතැන් පටන් මම රෝගී වෙන්න පටන් ගත්තා.
ඔහු මාව පිළිකුල් කළා. වරක් ඔහුගේ ශිෂ්‍යයෙකු වූ ඔබ සමග මා නිවසේ තනිකොට ගියා මතකද. නමුත් අප දෙදෙනා වරදට පෙළඹුණේ නැහැ. දෙවනි වර ඔබම මගේ සැමියාට මේ සිදු කරනා දේ නිවරදි නොවනා බව පැවසුවත් ඔහු එය ගණනකට පවා ගත්තේ නැහැ. මා ඔහුගෙන් පැතූ ආදරය මට නොලැබුණා. මට පවතින එකම විකල්පය වෙනත් ආදරයක් සොයා යාමයි. නමුත් ඊට ප්‍රථමව, මා තෙවතාවක් එකම වරද සිදු නොවීමට වග බලා ගත යුතුයි. දික්කසාදය මට සැනසීමක් ගෙනේවිද?
811 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
70a998d07d61da0b1b4e728bc6a7201fe3250156 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,178 downloadsDownload Effie.Gray_.2014.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
33 comments
chamika dilhara
widuranga
ela aaaaa
thanx sub ekataKulanjana Maduranga
niayamai…good fil & good post..thanks DHEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
දීප්ත තුෂාර
thanks
බ්ලැක් පැන්තර්
බාන්න දානවෝ...
සබට තුති වේවා මචෝ...
ජය...!!!ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
මට මතකයි මේ කතාවේ පිංතූරයම
ශර්ලොක් හෝම්ස් කතාවකට පාදක වෙලා තිබුණා.වෙනසක් හිතුනු නිසාම මේකත් බලන්න ඕනේ කියලා හිතුනා.
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
ආයු -බෝ -වේවා !!!
Mayura
patta machan. film eka gana asa hithenawa post eka kiyawaddi. atha arala danna bari patai ;-)
දීප්ත තුෂාර
ආදර්ශවත් කථාවක්. බලල හොද අත්දැකීමක් ගන්න පුළුවන් මිනිස්සු ගැන.
නලින්
ස්තුතියි දීප්ත..
ජය වේවා!
දමිත්
ස්තුතියි සබට සහෝ...
ජයෙන් ජයරවිඳු නිපුන්
නියමයි සහෝ...
තෑන්ක්ස් සබ් එකට...
ලිපිය නම් සුපිරි...
ෆිල්ම් එකත් සුපිරියටම තියේවි...
මෙන්න බානවා.indika
thn Q :)
DoN
Film එක බැලුවා sub එකත් එලටම දිව්වා, දෙකටම ස්තූති .. story එකනම් සම්භාවනීයයි.. එත් බටහිර සමාජයේ හොද පැතිකඩක්...
දීප්ත තුෂාර
ඔව්. මේක සත්‍ය කථාවක් කියලත් කියනවා.
කේ.යූ.ජී. උදාර
බලන්න තරම් වටිනව වගෙයි. නව ආරක් ගත්ත ලිපියත් රහට දැනුණා.
ඔන්න එහෙනම් මාත් ගත්තා. සිංහල සබට බොහොම ස්තූතියි තුෂාර.............eshan
mama meka bala dan tika dawasak. sub eka denakan hitiye.thanks machan sub ekata....
pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)Sanjaya
Sub akata Bohoma Pin saho.....
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ලිපිය පට්ට. ෆිලුමත් එහෙම ඇති නේ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Dilshan
ලිපිය නම් පට්ටම පට්ට...
film එකත් එහෙම ඇති...
ස්තුතියි..දීප්ත තුෂාර
ස්තූතියි
kanchana
ammo malli......... lipiya nam .................................. niyamay oya me Film ekaka ta sammana denawa nam oyage lipiya thamay kiywanna one.....
niyamay
oyath pothak ehema liyanna hithunoth atha arinna epa
apita bohoma hoda rachakayek lebewi issarahata oya e gena hithuwoth
suba pathanawa...
දීප්ත තුෂාර
අදහසට ස්තූතියි.
kanchana
thank u
කැලුම් ගුණසේකර
නියමයි ලිපිය නම්. අනිවා බලන්න ඕන. ස්තූතියි උපසිරැසියට.
Chami
Thanks
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
Nandana
Thank U Deeptha.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය..........දීප්ත තුෂාර
කමෙන්ට් කල නොකල කරන්නට ඉන්න ඔක්කොටම ස්තූතියි. අනිවාර්‍යෙයන් බලන්න. බටහිර මුල් සමයේ සමාජ පැතිකඩ අපූරුවට මේ කථාවෙන් නිරූපණය කරනවා. ගැහැණියක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. ගැහැණු කියන්නේ හුදෙක් පිරිමින්ගේ අවශ්‍යතාවලට පමණක් සීමා නොවුණු පිරිසක් කියලා ඔබට වැටහේවී.
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)émulateur nintendo 3ds 2015
Hey there! I know this is kind of off topic but I was wondering
if you knew where I could locate a captcha plugin for my
comment form? I'm using the same blog platform as yours and I'm having problems finding one?
Thanks a lot!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට බොහොම ස්තූතියි සහෝ........... එල