Watch Trailer

Ek Niranjan (2009) | දෙවියන් මිනිසුන් සමග කරනා සෙල්ලම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක තෙලුගු චිත්‍රපටියක් ඉතින් බයිස්කෝප් වෙබ් අඩවියට මේ චිත්‍රපටියේ අඩුපාඩුව දැක්ක නිසා තමයි මම මේක ඔයාලට අරගෙන එන්න කල්පනා කරේ. කාලෙකින් තමයි තෙලුගු චිත්‍රපටියක් අරගෙන එන්නේ. අනිත් චිත්‍රපටි වගේ නෙවෙයි තෙලුගු චිත්‍රපටි උපසිරැසි ගන්වනකොට කාලය යනවා තේරෙන්න…

Ek Niranjan (2009) ඔන්න යාලුවනේ මම තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේක තෙලුගු චිත්‍රපටියක් ඉතින් බයිස්කෝප් වෙබ් අඩවියට මේ චිත්‍රපටියේ අඩුපාඩුව දැක්ක නිසා තමයි මම මේක ඔයාලට අරගෙන එන්න කල්පනා කරේ. කාලෙකින් තමයි තෙලුගු චිත්‍රපටියක් අරගෙන එන්නේ. අනිත් චිත්‍රපටි වගේ නෙවෙයි තෙලුගු චිත්‍රපටි උපසිරැසි ගන්වනකොට කාලය යනවා තේරෙන්නේ නෑ. ඉතින් හිතුවටත් වැඩිය වැඩේ ඉක්මනින් ඉවරකරගන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි

චිත්‍රපටිය ගැන කියනවනම් ගොඩක් සංවේදී අවසානයක් සහිත ලස්සන ක්‍රියාදාම චිත්‍රපටියක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. Puri Jagannath විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ දන්නවනේ ඉතින් Prabhas ගැන. එයා ඉන්න චිත්‍රපටිනම් ඉතින් පට්ට තමා.
මතකනේ Mirchi, Rebel වගේ චිත්‍රපටි. නිළිය ගැන කිව්වොත් Krrish 3 චිත්‍රපටියේ රංගනයේ නිරත උන Kanganaa Ranauth තමයි මේකේ ප්‍රධාන නිළිය වශයෙන් කටයුතු කරන්නේ. එයාලට අමතරව Brahmannandam, Sonu Sood, Ali, වගේ රංගන ශිල්පින්ද මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා.

දෙවියන් මිනිස්සුන්ගේ ජිවිතත් එක්ක මොනතරම් සෙල්ලම් කරනවද කියලා අපි කාටවත් තේරෙන්නේ නෑ. ඉතින් ඒ වගේ දෙවියන්ගේ සෙල්ලමකට අහු උන කොල්ලෙක්ගේ කතාවක් කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ නමින් නිරංජන්, ඒත් එයාවත් දන්නේ නෑ එයාගේ නම ඒකද කියලා. මොකද කියනවනම් එයා අනාථයෙක්. අම්මා, තාත්තා, උපන්දිනය, උපන් තැන, නම වගේ දේවල් මොනවත් එයා දන්නේ නෑ. එයාට හැමෝම කියන්නේ චෝටු කියලා. දෙවියන් මෙයත් එක්ක සෙල්ලම් කරන්නේ කොහොමද කියලා හැමෝට ප්‍රශ්නයක් ඇති නේද? ඒක වෙන්නේ මෙහෙමයි. එයා අනාථයෙක් උනාට එයාගේ දෙමවුපියන් වගේම අයියත් එයා අවටමයි ඉන්නේ ඒත් එයා දන්නේ නෑ මේ එයාගේ පවුල කියලා. එහෙම උනේ එයාට නොතේරෙන වයසේදීම පිරිමි කෙනෙක් එයාව කෙනක් පැහැරගෙන යනවා. එහෙම කරන්නේ ඒ අත දරුවව පාවිච්චි කරගෙන හිඟාකාලා තමන්ගේ දවසේ වියදම හොයාගන්න. ඉතින් මෙයා අවුරුදු පහක් විතර වෙනකල් ඔහුට වැඩ කරනවා. චෝටු හැමදාම ඔහුගෙන් අහනවා එයාගේ අම්මා තාත්තා කවුරුද කියලා. ඒත් එයා චෝටුට කවදාවත් ඒ ගැන කියන්නේ නෑ. දවසක චෝටු විසින් ඔහුව පොලිසියට අල්ලලා දෙනවා. පොලිසිය එයාව අල්ලලා දුන්න නිසා
පොලිසිය මේ පොඩි ළමයට සල්ලි දීලා යනවා. එදා ඉඳන් ලොකු වෙනකල් චෝටු පොලිසියට අල්ලගන්න බැරි අපරාධකාරයෝ අල්ලලා දීලා පොලිසිය දෙන කියක් හරි අරගන්නවා. ඒ අතරේ හිරේ ඉන්න කෙනාගෙන් හැමදාම එයා එයාගේ අම්මා තාත්තා කවුද කියලා විමසනවා. ඒත් එයා කියන්නේ නෑ. ඉතින් මේ අතරේ මෙයාට සමිරා කියලා කියලා ගිටාර් ටීචර් කෙනෙක් මුණගැහෙනවා. චෝටු අල්ලන්න ගිය අපරාධකාරයෙක්ගේ නංගි කෙනෙක් තමයි සමිරා කියන්නේ. මුල ඉඳන්ම සමිරා චෝටු එක්ක ගොඩක් තරහයි. මොකද එයාගේ අයියා පොලිසියට අල්ලලා දුන්නේ චෝටුනේ.

මෙයාගේ අපරාධකාරයන් ලයිස්තුවේ අවසාන ඉලක්කය වෙන්නේ ජානි බායි. මිනිහා මහා පොස්සු පොරක්. එයත් එක්ක චෝටුට හැප්පෙන එක ලේසි වෙන්නේ නෑ. හැමදාමත් තමන්ගේ දෙමවුපියන් මුණගැහුනත් එයාලව අඳුරගන්න වාසනාව නැති චෝටුට ලෝකේ ඉන්න එකම කෙනා වෙන්නේ එයාව පැහැරගෙන ගිය කෙනා. එයාගෙන් වචනයක් ගන්න බැරි දුකින් හැමදාමත් තැවෙන චෝටුගේ හිතට සමිරා හම්බවෙනවත් එක්ක පොඩි සැනසීමක් ලැබෙනවා. ඒත් සමිරාගේ අයියගෙන් වගේම ජානි බායිගෙන් චෝටුට ගැලවීමක් වෙන්නේ නෑ. හැමදාමත් තමන්ගේ දෙමවුපියන් කෙසේ හෝ හොයාගන්නා බලාපොරොත්තුවෙන් තමයි චෝටු ජිවත් වෙන්නේ.

ඉතින් අවසානය වෙනකන් ගොඩක් සංවේදී විදිහට ගලාගෙන යන මේ චිත්‍රපටය, හැමෝම බලන්න ආසවෙයි කියලා හිතනවා. හැමදාම වගේ අවසාන වශයෙන් බයිස්කෝප් වෙබ් අඩවියට පිවිසිලා යන හැම කෙනෙක්වම වගේම Admin අයියලත් මතක් කරමින් තවත් චිත්‍රපටියකින් ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. ඔබට ජය….!

Shark (2010) on IMDb

 

 

 

9,126 downloadsDownload Ek-Niranjan-2009.zip203 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

9,126 downloadsDownload Subtitles203 KB

30 comments

  1. SaDuN dAnUsHkA (ධනූ)

    ඔයා නම් දෙවියෙක් නෙමේ දේවාලයක්
    ඇත්තටම පි්ස්සු හැදෙනවා
    නියමයි මේ කරන වැඩේ නම් සුපිරි
    අදහන්න වටිනවා.....

    1. තාරක නුවන් දිල්හාර

      Thanx මචං..
      God Bless You Son...!

  2. Snake Raj

    සදුන් අයිය කියපු එක ඇත්ත. උපසිරැසියට ජය වේවා.!

  3. kasun

    niyamai ada hoda dawasak wage...............

  4. Kulanjana Maduranga

    supiri ahhhhhhhhh...prabhas inna filumak nm aye niyamaetama athi...aniwa banawa.subata thanks THARAKA saho.thawa telugu film tikak bassamu ne.obata jaya.......

  5. chathura madusanka

    elaz onna gatta...thanks wewa...digatama yamu

  6. shakil

    thanks very much macho........

  7. නලින් පෙරේරා

    ස්තුතියි තා‍ර‍ක සහෝ.. නියම වැඩක්. දිගටම නිර්මාණ කරමු.

    ජය වේවා! එලස්ස්!!

  8. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබටB-)
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු:-D
    ඔයාට ජය...

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Sachin

    patta patta saho...... thawath supiri film 1 ne.... mekata banawa... sub 1 tanx................

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  12. පොඩි මෑන්

    සහෝ සබට ගොඩක් ස්තූතියි, දිගටම සබ් දෙන්න. :lol:

  13. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  15. “චූටී මල්ලි”

    මේකන්ම් බැලෙන එකක් නෑ මට
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය..........

  16. Yenu

    Thank you very much..................................

  17. Buddhika

    Thank you

  18. JE

    උපසිරසියට බොහොම ස්තූතියි ;)

  19. dhananjaya

    ela ela brother

  20. indika

    thnq :)

  21. Dulanga

    thankx machooo

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. එල්.සී. දමැල්

    Thanks!!!

  24. wimal

    ela bro...

  25. shanuka

    malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

  26. Kasun

    සුපිරි බ්‍රෝ

  27. MAHESH

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  28. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  29. Tharaka

    Thanxxx bro