ආයුබෝවන් යාළුවනේ !!! ඔන්න මම පොරොන්දු වුන විදිහට “බොක්ස් ඔෆිස්” වාර්තා බිඳ හෙළු “Friday the 13th” (1981) දෙවෙනි කොටසත් අරගෙන ආවා. මගේ මුල්ම උප සිරැසියට comment දාලා මාව උනන්දු කළ හැමෝටම ස්තූතියි. තුන්වන කොටසටත් දැනටම අතගහලා ඉවරයි. ඉතිං දෙවනි කොටස බලන්න ඉස්සෙල්ලා පළමු කොටස බලලා ඉන්නවා නම් හොඳයි කිය…

ආයුබෝවන් යාළුවනේ !!! ඔන්න මම පොරොන්දු වුන විදිහට “බොක්ස් ඔෆිස්” වාර්තා බිඳ හෙළු “Friday the 13th” (1981) දෙවෙනි කොටසත් අරගෙන ආවා. මගේ මුල්ම උප සිරැසියට comment දාලා මාව උනන්දු කළ හැමෝටම ස්තූතියි. තුන්වන කොටසටත් දැනටම අතගහලා ඉවරයි.
ඉතිං දෙවනි කොටස බලන්න ඉස්සෙල්ලා පළමු කොටස බලලා ඉන්නවා නම් හොඳයි කියලා මට හිතෙනවා. මොකද දෙවන කොටස ආරම්භ වන්නේ පළමු කොටසේ අවසානයත් සමඟ නිසා. නැතිනම් දෙවන කොටසින් පටන් ගන්න අයට අග-මුල හොයා ගන්න බැරි වෙයි කියලා හිතුන නිසා තමයි මම එහෙම කිව්වෙ.
පළමු කොටසෙ “ක්‍රිස්ටල් ලේක්” කඳවුරට ගිය තරුණ පිරිසෙන් “ජේසන් වූහීස්”ගෙන් ජීවිතය බේරාගත් එකම කෙනා “ඇලිස් හාඩි” නම් තරුණියයි. එහෙත් ජේසන්ගේ මවගේ හිස තම ශීතකරණයෙ තිබෙනු දුටු එම තරුණියගේ බිය පහව යන්නටත් මත්තෙන් ජේසන් ඇය සොයා පැමිණෙයි. ඉතාමත් අමානුෂික ලෙස ඇයවද ඝාතනය කරන ඔහු අනතුරුව කුමක් කරාවිද ?
පස් වසරකට පසු තවත් තරුණ පිරිසක් “පෝල් හෝල්ට්” ගේ ප්‍රධානත්වයෙන් ඒ අසල කඳවුරු ලා ගනී. ජේසන් පිළිබඳ කථා පුවත අනෙක් අයට පවසන “පෝල්” අවසානයෙ “ජේසන්” මිය ගිය බවද අවධාරනය කරයි. එහෙත් මළා යයි සිතූ “ජේසන්” ඒ හැමෝටම හොරා නැවතත් ක්‍රියාත්මක වන ආකාරය මෙම චිත්‍රපටයෙන් පිළිබිඹුවේ. අනෙක් තරුණ පිරිසට අත්වන ඉරණම ගැන දැන ගැනීමට මෙම චිත්‍රපටය නරඹන්න.
මෙම චිත්‍රපටයේ ඇතැම් දර්ශන හේතුවෙන් මෙය වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් බවද අවධාරණය කරනු කැමැත්තෙමි. මෙහි ඇතැම් දෙබස් සඳහා අසභ්‍ය ඉංග‍්‍රිසි වදන් භාවිතා කළ ද, සිංහල පරිවර්තනයෙදී අපගේ සංස්කෘතියට ගැලපෙන ආකාරයෙන් අනුවර්තනයක් සිදුකළ බවද සැලකුව මැනවි.
නැවත එහි තෙවන කොටසින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගනිමි. ඔබ සැමට ජය ශ්‍රී!!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07
Subtitles by
චමිත් මදුරාගොඩ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
0 comments
No comments yet.
Advertisement