Watch Trailer

El Camino de Xico (2020) AKA Xico’s Journey Sinhala Subtitles | කීකෝගේ චාරිකාව [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවෙ මෙක්සිකානු ඇනිමේෂන් චිත්‍රපටියක්. මං දන්නවා මම වගේම ගොඩක් අය ඇනිමේෂන් ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතිං මේ නිවාඩු දවස්වල ඔයාලටත් පුළුවන් මේක බලන්න එකතු වෙන්න. පොඩි අයට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් මේකෙන් ගන්න ගොඩක් ආදර්ශයන් තියෙනවා. අනිත් එක තමයි මේකෙ කතා…

සුබ දවසක් වේවා යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවෙ මෙක්සිකානු ඇනිමේෂන් චිත්‍රපටියක්. මං දන්නවා මම වගේම ගොඩක් අය ඇනිමේෂන් ෆිල්ම් වලට කැමතියි කියලා. ඉතිං මේ නිවාඩු දවස්වල ඔයාලටත් පුළුවන් මේක බලන්න එකතු වෙන්න. පොඩි අයට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් මේකෙන් ගන්න ගොඩක් ආදර්ශයන් තියෙනවා. අනිත් එක තමයි මේකෙ කතා හරය ගොඩක් දුරට එයාලගෙ රටට වගේම අපේ රටටත් ප්‍රායෝගික මාතෘකාවක්. ඒ තමයි පරිසර විනාශය.

මං කතාව කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. මෙක්සිකෝවෙ පිටිසරට වෙන්න පොඩි නගරයක් තියෙනවා. ඒකෙ නම තමයි සන් ජයිමෙ දි ලස් ජයිබාස්. ඒක තියෙන්නෙ කන්දක් ලඟ. මේ කන්දට ගමේ වැඩිහිටි අය ගොඩක් ගරු කරනවා. සමහරු ඒකට පණ තියෙන කෙනෙක්ට කතා කරන විදියට තමයි කතා කරන්නෙ. ඒ ගමේ ඉන්නවා කොපී කියලා දෙමවුපියො අහිමි උන කුඩා ළමයෙක්. එයාගෙ හොඳම යාළුවො තමයි ගුස් කියන පිරිමි ළමයාත් කීකෝ කියන ශොලොවිට්ක්වින්ට්ලි වර්ගයට අයත් බලු පැටියත්. මේ වචන කියවන්න ටිකක් අමාරුයි නේද? ඒත් මට පුළුවන් විදියට ඒවා වෙනස් නොකර එහෙමම දැම්මා. ඉතිං දවසක් මේ කන්දට යටින් ඇති රත්තරන්, ඛනිජ වර්ග, ගෑස් සහ දියමන්ති ගන්න ව්‍යාපාරිකයො වගයක් ගමට එනවා. එයාලා ගමේ අයටත් ලස්සන පොරොන්දු දෙනවා, එයාලට රත්තරන් වලින්ම ගෙවන බවට. ඒත් කන්දට ගෞරව කරන වැඩිහිටියො ඒකට කැමති වෙන්නෙ නෑ. ඒත් ඒ අයට කියලත් කරන්න දෙයක් නෑ. මොකද ව්‍යාපාරිකයන්ගෙ බලයත් එක්ක එයාලට හැප්පෙන්න බැරි නිසා. ඔය අතරෙදි කොපී දැනගන්නවා එයාගෙ අම්මා තාමත් කන්ද ඇතුලෙ ඉන්නවා කියලා. ඉතිං ව්‍යාපාරිකයො කන්ද විනාශ කරන්න පටන්ගන්න වෙලාවෙම කොපී එහෙට යනවා එයාගෙ අම්මව හොයාගන්න. එයාගෙ යාළුවො දෙන්නත් ඒ ගමනට එකතු වෙනවා. හැබැයි මේ කිසිම කෙනෙක් දන්නෙ නෑ එයාලා යන්නෙ දෙවියන් විසින් නිර්මාණය කරපු කන්දකට බව. ඔවුන්ට රාජකාරියක් පැවරෙනවා. ඒ තමයි ඔවුන් ලඟ තියෙන රැකවල් පාෂාණ තුන ගිහින් පණිවිඩකරුවා කියන කෙනාට ගිහින් දෙන එක. එයා කවුද කියලා කිසිම කෙනෙක් දන්නෙ නෑ. ඉතිං මේ චාරිකාවෙදි එයාලට ගොඩක් අද්භූත, විශ්මිත, භයානක සිදුවීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතිං කොපීට එයාගෙ අම්මව හොයාගන්න පුළුවන් වෙයිද? මේ යාළුවො තුන්දෙනාට මේ විනාශය නතර කරන්න පුළුවන් වෙයිද? එහෙනම් කතාව බලලම ඒක බලාගන්නකො.

මේ කතාවෙ නිර්මාණ දායකත්වය ගැනත් ටිකක් කියන්නම්. 2020 නොවැම්බර් 12 වෙනිදා තමයි මේක මෙක්සිකෝවෙ සිනමා ශාලාවලට ප්‍රදර්ශනය සඳහා නිකුත් කරලා තියෙන්නෙ. Netflix චැනලය මඟින් 2021 පෙබරවාරි 12 වෙනිදා ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේකට හඬකැවීම සඳහා මෙක්සිකෝවෙ සුපිරි තරු රැසක්ම සහභාගි වෙලා තියෙනවා. ඔවුන් තමයි Pablo Gama Iturraran, Veronica Alva, Luis Angel Jaramillo, Veronica Castro, Lila Downs වගේ අය. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Eric D Cabello Diaz විසින්. කතාව රචනා කරලා තියෙන්නෙ Enrique Renteria. එතකොට මේක විනාඩි 86ක් පුරාම එක දිගට කම්මැලි කමක් නැතිව රසවිඳින්න පුළුවන් කතාවක්. මෙහි නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් The Quirino Awards 2021 සම්මාන උළලේදී නිර්දේශ වෙලා තියෙනවා. ඒවගේම IMDb දර්ශකයෙ මේ වෙනකොට 5.2ක අගයක් ලැබිලා තියෙනවා.

මූලිකවම යාළුවනේ මේවා තමයි කියන්න තියෙන්නෙ. ඉතිං මම ආයෙමත් ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න එකතු වෙන්න කියලා. ඒවගේම ඉල්ලා සිටිනවා මේ වසංගත කාලයෙ ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා. එහෙම උනොත් විතරයි ඔයාලා වගේම ඔයාලා ආදරය කරන අයවත් ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නෙ. ඒවගේම විශේෂයෙන්ම හැමදාම අපිත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම ස්තූති කරනවා. ඒවගේම මේක අවස්ථාවක් කරගන්නවා කවුරු සබ් එකක් දැම්මත් කමෙන්ට් එකකින් සංග්‍රහ කරන Ishan Madusha, Nishan S. Ariyarathna, Sachitha ඇතුළු අනිත් සහෝදරවරුන්ට ස්තූති කරන්න. ඔයාලගෙ ඔය කමෙන්ට් නිසා තමයි එකක් ඉවරවෙනකොට තව එකකට අතගහන්න ශක්තිය ලැබෙන්නෙ. ඒවගේම මේක ඉල්ලපු ගමන්ම වෙන්කරලා දුන්නු එල්. සී. දමැල් සහෝදරයටත් ගොඩක් ස්තූතියි.

එහෙනම් යාළුවනේ ගිහින් ඉක්මනින්ම තවත් උපසිරැසියක් අරගෙන එන්නම්. එතකල් පරිස්සමෙන් සෞඛ්‍යාරක්ෂිතව නිරෝගිමත්ව ඉන්න කියලා ඉල්ලනවා.

ඔබට ජය…!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

2,803 downloadsDownload El-Camino-de-Xico-2020-AKA-Xicos-Journey.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ගයාන් චතුරංග

Subtitles

2,803 downloadsDownload Subtitles36 KB

15 comments

  1. Rawidu Shehan

    thank you #gayan aiya

  2. Anonymous

    Film ek tham gtte na sub ekk bann yddi dekpu nisa kiywl beluwe lassny kyl hithenw thnks sub ekt good luck

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  5. Anonymous

    Tnz bro sub ekata ela

  6. buddika

    Tnz bro sub ekata ela

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  8. BLA©K TIGE®

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  9. Anonymous

    thnx bro

  10. Nilush Angana

    Sub ekata thanx

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. sandaruwan jayakodi

    soledr boy sub eka oni

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  15. MAALNATH

    Thanks.........good luck......