හිඟා කන එකත් ලේසි වැඩක් නෙවෙයි. හොඳ ගාණක් හම්බ කරන්න නම් හොඳ තැනකුත් ඕන. මිනිස්සු යන එන තැනක ළඟින්ම ඉන්න කෙනාට සල්ලි ලැබෙන තරම් ඊට අඩි 5ක් 6ක් වගේ පොඩි දුරකින් වුණත් ඉන්න කෙනාට ලැබෙන්නෙ නෑ. උදෙන්ම ඇවිත් හොඳම තැනක් අල්ලගන්න කෙනාට තමයි වාසි. පාන්දරින් නැගිටින්න බැරි නිසා එයා කලේ රෑම තැනට ගිහින් නිදාග…

හිඟා කන එකත් ලේසි වැඩක් නෙවෙයි. හොඳ ගාණක් හම්බ කරන්න නම් හොඳ තැනකුත් ඕන. මිනිස්සු යන එන තැනක ළඟින්ම ඉන්න කෙනාට සල්ලි ලැබෙන තරම් ඊට අඩි 5ක් 6ක් වගේ පොඩි දුරකින් වුණත් ඉන්න කෙනාට ලැබෙන්නෙ නෑ. උදෙන්ම ඇවිත් හොඳම තැනක් අල්ලගන්න කෙනාට තමයි වාසි.
පාන්දරින් නැගිටින්න බැරි නිසා එයා කලේ රෑම තැනට ගිහින් නිදාගන්න එක. එතකොට උදේට ඉබේම තැනක් ලැබෙනවනේ. ඒත් පස්සෙ දවසෙ එහෙම වාසියක් ගන්න එයාට බැරි වුණා. අනිත් අය දැක්කෙ ඔළුවට ගලකින් ගහල මරල දාල තිබුණු එයාගෙ මළ සිරුර. ඒක සිදුවීම් දාමයක ආරම්භයක් විතරයි.
භීෂණ කාල වලදී, යුද්ධ කාල වලදී වගේම පෞද්ගලික ආරවුල්, පාතාල ක්‍රියාකාරකම් නිසාත් එක මොහොතෙ එක තැන ගොඩ දෙනෙක් ඝාතනය කරපු සිදුවීම් අපේ රටට අලුත් දේවල් නෙවෙයි. එහෙම දේවල් කොච්චර තිබුණත් අපි ෆිල්ම් වල දකින විදියේ දාම ඝාතන, එහෙමත් නැත්නම් සීරියල් කිලර්ස්ල සම්බන්ධ සිදුවීම් නම් අපේ රටේ වාර්තා වෙනව අඩුයි. 2000-2003 අතරේ නිට්ටඹුව, වේයන්ගොඩ ප්‍රදේශ වල 11 දෙනෙක් ගෙල සිරකර ඝාතනය කිරීම එකක්. 2008 සිට 2015 දක්වා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ සිදුවුණු 15ක් පමණ වූ කාන්තා ඝාතන තමයි ප්‍රසිද්ධම එක.
අර උඩ මං කියපු විස්තර ටික කියෙව්වම 3 වෙනි සිදුවීම මතකෙට එන්න ඕන. ඒ තමයි 2010-2011 කාලයේ කොළඹ නගරයේ ජීවත් වූ යාචකයන් 14 ක් පමණ වරින් වර ඝාතනය වීම. ඒ ඝාතන සිදු කරලා තිබුණේ ඔවුන් නිදා සිටියදී හිසට බර ගල් අතහැරීම මගින්. හැබැයි මේ කියන්නෙ අපේ රටේ කතාවක් නෙවෙයි. ඒ හා සමාන වෙනත් කතාවක්.
80 දශකයේ ඉන්දියාවේ බොම්බාය නගරයේ (1995 න් පස්සේ මුම්බායි) පදික වේදිකා වල නිදාගෙන හිටපු අය ඝාතනය වෙනවා. ඒ බර ගලක් හිසට අත හැරීමෙන්. අන්තර්ජාලයේ සඳහන් වෙන විදියට 1985 ඉඳල 1988 කාලය තුළ 12 දෙනෙක් පමණ මේකට ගොදුරු වෙනවා. පොලිස් පරීක්ෂණ වලින් ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නෑ. පස්සෙ ඒ ඝාතන දාමය පටන්ගත්ත වගේම ඉබේම නවතිනවා.
ඊට ටික කාලෙකට පස්සෙ කල්කටා වලදී ආපහු ඒ විදියෙම ඝාතන දාමයක් පටන්ගන්නවා. ඒ වෙලාවෙ කල්කටා මාධ්‍ය වලින් මිනීමරුවා හඳුන්වන්න දාපු නම තමයි Stoneman කියන්නේ. අන්තර්ජාලයේ සඳහන් වෙන විදියට 1989 මැද ඉඳල මාස 6 ක් තුළ 13 දෙනෙක් මේ කල්කටා මිනීමරුවට ගොදුරු වෙනවා. පොලීසිය මුර සංචාර වැඩිකරලා, එක එක අයගෙන් ප්‍රශ්න කිරීම් කලාට සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒකත් ඉබේම නවතිනවා.
මේ බොම්බායේ මිනීමරුවා හා කල්කටා මිනීමරුවා එකම කෙනෙක්ද කියන එක හෙළිවෙලා නෑ. ඒ වගේම මේ සිදුවීම් දෙකම නොවිසඳුණු සිදුවීම් හැටියට තමයි අවසන් වුණේ.
මේ සත්‍ය සිදුවීම් වලට ප්‍රබන්ධය මුසු කරලා නිර්මාණය කරපු හින්දි සිනමා පටයක් තමයි මගේ 32 වැනි උපසිරැසි නිර්මාණය (2021 ගේන පළවෙනි සබ් එක) විදියට අරගෙන එන්නේ. 2009 පෙබරවාරි තිරගත වුණු Crime, Thriller, Mystery වර්ගයේ නිර්මාණයක් වුණු මේක රචනය හා අධ්‍යක්ෂණය කරන්නේ Rahasya, Section 375 වගේ නිර්මාණ රචනා කරපු, ඒ වගේම Rahasya අධ්‍යක්ෂණය කරපු Manish Gupta. රංගනයෙන් ප්‍රධාන චරිතය විදියට Kay Kay Menon එක්ක Rukhsaar Rehman, Vikram Gokhale, Virendra Saxena, Arbaaz Khan වගේ අය දායක වෙනවා. කොහොම වුණත් ෆිල්ම් එකේ නම් බොම්බායේ සිදුවීම් 1983 දීත්, කල්කටාවේ සිදුවීම් 1987 දීත් වුණා කියල තමයි සඳහන් වෙන්නේ. IMDB එකේ 7.4 ක අගයක්, 93% ක ගුගල් පරිශීලක කැමැත්තක් ලබපු මේ වගේ පැය එක හමාරක් තිස්සේ Thriller කියන එක හොඳටම දෙන ෆිල්ම් එකක් මෙච්චර කල් බයිස්කෝප් එකට මගහැරුණු එක නම් අපරාදේ.
English sub එකක් හොයාගත්ත වුණත් ඒකෙ timeline එක අවුල්. ඒ වගේම පරිවර්තනයේ නොගැලපෙන ගතියක් තිබුණා. ඒ වගේම ඒකෙ තිබුණේ දෙබස් විතරයි. තිරයේ දිස්වෙන දේවල් වලට අදාළව මොකුත් තිබුණේ නෑ. ඉතින් ඒවත් එක්ක දවස් දෙකක් වගේ ගියා වැඩේට. ඉතින් මේකෙ කතාව මොන වගේද කියලත් පොඩ්ඩක් බලමු.
සංජේ විශේෂ අපරාධ ඒකකයෙ උප පොලිස් පරීක්ෂක වරයෙක්. ඔහුගේ පහරදීමක් නිසා අත්අඩංගුවේ හිටි කෙනෙක් මියයාම හින්දා වැඩ තහනමකට ලක්වෙනවා. ඒ අතරෙ සිදුවෙන හිඟන්නන්ගේ ඝාතන ගණන 5 ක් දක්වා ඉහළ යනවා. සංජේ තමන්ගේ ප්‍රධානියා ගෙන් මේ ගැන නිල නොවන විදියට පරීක්ෂණ කරන්න ඉල්ලනවා. ඒ ඒක සාර්ථකව විසඳුවොත් ඒ මගින් නැවත රැකියාව ලබාගන්න. අවසරය ලැබෙනවා. හැබැයි පොලීසියෙන් කිසිම උදව්වක් නැතුව තමයි පරීක්ෂණය කරන්න වෙන්නේ.
ඉතින් සංජේට මේක විසඳලා රැකියාව ගන්න පුළුවන් වෙයිද? විසඳුවා නම් මේක කොහොමද නොවිසඳුණු එකක් වෙන්නෙ? හා හා ඒ නොවිසඳුණු එකක් වෙන්නෙ ඇත්ත ලෝකෙ නේ. ඇත්ත එක්ක ප්‍රබන්ධය මුසු කරපු සිනමා ලෝකය ඇතුලේ සංජේ මේක විසඳුවා වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ෆිල්ම් එක අන්තිම වෙනකන් බැලුවොත් දැනගන්න පුළුවන්. Thriller කියන එකට කැමති නම්, අනිවාර්යෙන්ම මේක බැලුව කියල කිසිම පාඩුවක් වෙන්නේ නෑ.
එහෙම නම් බයිස්කෝප් කණ්ඩායමේ සියළුම දෙනා ඇතුළු හැමෝටම ආරක්ෂිතව ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ඉතින් ඉඩ ලැබෙන විදියට ආයෙ සබ් එකක් අරං එනකන් මේ වසංගත කාලෙ සෞඛ්‍ය අංශ වල උපදෙස් පිළිපැදල ආරක්ෂිතව ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,712 downloadsDownload The-Stoneman-Murders-2009.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-09-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
17 comments
Nalinda
Anonymous
Meka nm sub ekka blala godak kal weno
Khomawunth thanks mchn
Thwa me wage thriler type eke parana tikak demuKaush
meke movie links naha ne saho. download site eketh me movie eka naha :-(
Isuru
Thanks broo supiri film ekak meka man balala thiyenawa
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් The Tashkent Files - 2019 ෆිල්ම් එකට සබ් දෙන්න.
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
yohan
thanks bro......kalekata passe me wage hindi ekak. thawath me wage parana hindi ewa hoyala sub demuko bro.......
nisa
thnks broo
Mathisha
Bohoma sthuthi saho sub ekata.film eka download karagena goda kalayak balan hitiya sub eka denakan.lassana film ekak.obage siyalu katayuthu sarthaka wennata hadawathima subha pathanawa.
D.Chamara
බොහොම ස්තූතියි .... !
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
නිමල් දිසානායක
අන්තිමටම තමයි එළි වෙන්නේ රහස
මොට්ටයො අදහනව එක-එක විශ්වාස
අපේ කොදෙව්වේ කියලත් නැහැ වෙනස
පෑදේවා මිනිස්සුන්ගේ නුවණෙ ඇසරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sweet tooth tv series eka dennko