මීට අවුරුදු කීපයකට කලින් එක කොල්ලෙක්ට ආසාවක් ඇතිවෙනවා සිංහල උපසිරැසියක් කරන්න හරියටම 2015.11.01 වෙනිදා. ඉතින් එදා ඒ කොල්ලා චිත්‍රපටියක් හොයාගෙන ගොඩක් ආමාරුවෙන් සතියක් විතර මහන්සි වෙලා ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරනවා. ඉතින් එදා එහෙම මේ ගමන පටන් ගන්නකොට ඒ කොල්ලා හීනෙකින් වත් හිතුවේ නෑ එයා…

මීට අවුරුදු කීපයකට කලින් එක කොල්ලෙක්ට ආසාවක් ඇතිවෙනවා සිංහල උපසිරැසියක් කරන්න හරියටම 2015.11.01 වෙනිදා. ඉතින් එදා ඒ කොල්ලා චිත්‍රපටියක් හොයාගෙන ගොඩක් ආමාරුවෙන් සතියක් විතර මහන්සි වෙලා ඒ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරනවා. ඉතින් එදා එහෙම මේ ගමන පටන් ගන්නකොට ඒ කොල්ලා හීනෙකින් වත් හිතුවේ නෑ එයාට ගොඩක් දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා, ඉතින් කොහොම හරි ඒ කොල්ලා 2017දී Annabelle Creation (2017) චිත්‍රපටියෙන් එයාගේ උපසිරැසි 50 කඩයිම පහුකරනවා. ඉතින් එහෙම හිමිහිට මේ ගමන ආව කොල්ලා වෙන කවුරුත් නෙමේ මේ මම. අද මම මගේ උපසිරැසි ජීවිතේ 2වෙනි කඩයිම මෙහෙම පහුකරනවා. ඒ සින්හල උපසිරැසි නිර්මාණ සීයක්ති කරලා. ඉතින් මේක ලේසි දෙයක් නෙමෙයි. මට මෙතන්ට එන්න ගොඩක් කට්ටිය උදව් කලා මුලින්ම මතක් කරන්න ඕනී ඇඩ්මින් මංඩලේ අශාන් විමුක්ති අයියව මොකද එයා නැත්තම් මම අද මෙතන නෑ. ඒ වගේම ඉසිර අයියා, රොයිලි අයියා, හසන්ත අයියා ,සමීර අයියා,අසංක අයියා, සමන් අයියා, චාමර අයියා, නිර්මාණි අක්කා ,ආසිරි අයියා, සිසිල අයියා (මෙයාටනම් පුදුම වදයක් දුන්නා මම), ලක්ෂාන් මල්ලී, සුදීර අයියා, තිසර අයියා, පීටර් අයියා ඇතුලු ඇඩ්මින් මංඩලයේ හැමෝම මතක් කරනවා.
ඒ වගේම මේ වෙබ් අඩවිය නිසා මට සහෝදර සහෝදරියෝ ගොඩාක් හම්බවුනා. ඒ හැමෝවම ආදරයෙන් මතක් කරනවා මොකද ඒ කවුරුත් මට අමතක කරන්න බැරි නිසා වෙන වෙනම නම් කියන්න ගියොත් ලිපිය ගොඩක් දික් වෙනවා. ඒත් මේ ගමන පටන් ගත්ත කාලේ ඉදන් මගෙත් එක්කම හිටිය හොදම යාළුවෝ දෙන්නෙක් හිටියා ඒ තමා රවිදු රුක්ෂාන් සහ සොහාන් ජයසූරිය. අපි හැමෝම මේ ගමන පටන් ගත්තේ එකම කාලෙදි. ඒ දවසේ ඉදන් මෙයාලා මගේ දුක සැප හැම දේකටම ලගින් හිටියා. ඇත්තටම මෙච්චර දුරක් එන්න එයාලා මට ලොකු සහයෝගයක් දුන්නා.
ඉතින් මේ ගමන පටන් ගන්නකොට ගොඩක් අය මට කිව්වා ඕවා කරා කියලා මොනාද ලැබෙන්නේ. සල්ලි දෙනවද. ඒ වගේ කතා. ඉතින් ඇත්තෙන්ම මම මේ ෆැමිලියට එකතුවුනාට පස්සේ මට මිල කරන්න බැරි ගොඩක් දේවල් ලැබුනා. බයිස්කෝප් එකත් එක්ක එකතුවෙලා හොද දේවල් ගොඩාක් කරා. ඉතින් ඒ සතුට එයාලගෙන් මට වචෙනෙකින් හරි ලැබුන දේවල් මට මිල කරන්න බැරි තරම් වටිනවා. මම ගොඩක්ම උපසිරැසි නිර්මාණය කලේ Horror, Thriller කාන්ඩයේ චිත්‍රපටි වලට ඉතින් මට කියන්න සතුටුයි ඒවටම ඇබ්බැහි වුන මම වගේම යාලුවෝ සෙට් එකක් ඒවා බලන්න ආසාවෙන් උපසිරැසි දෙනකල් මග බලාගෙන හිටියා. සමහරු මට ෆිල්ම් එකක් ආව ගමන් මැසේජ් එකක් පවා දාලා මාව දානුවත් කරනවා. ඉතින් ඒ අයට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මාව වචනෙකින් හරි දිරිමත් කලාට. මොකද මගේ මේ ගමනට ඒක කියන්න බැරිතරම් හයියක් වුනා.
ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. මම මේ ගමන ආවේ ගොඩාක් භාදක මැද. ඉස්සරහට මට ගොඩාක් අමාරු කාලයක් එන්නේ. මොකද උසස් අධ්‍යාපන කටයුතුයි රැකියාවයි එක්ක මගේ නිදහස ගොඩාක් අඩුවෙලා තියෙන්නේ. ඒක නිසා ඉස්සරහට උපසිරැසි නිර්මාන කරන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. මොකද හීන ගොඩක් තියනවා හැබෑ කරගන්න. ඉතින් ඉස්සර වගේ සක්ක්‍රියව උපසිරැසි දෙන්නනම් ඉස්සරමට අමාරු වෙයි එත් ඉඩක් ලැබෙන හැම වෙලාවකම උපසිරැසි නිර්මාණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් වැඩි විස්තර ඕනි නෑ චිත්‍රපටියේ කතාව ගැන බලමු.

The Conjuring චිතුපටි මාලාව ආරම්භ වන්නේ 2013 වසරෙදි එඩ් වෝර්න් සහ ලොරේන් වොර්න් යන අබු සැමි යුවල අද්‍රෂ්‍යමාන බලවේගවලින් පීඩා විදින මිනිසුන්ට ඒවා පළවා හරින්න උදව් කරන සිදුවීමක් තමයි මේ චිත්‍රපටි මාලාවට පසුබිම් වන්නේ. ඉතින් මේ හැම දෙයක්ම පටන් ගන්නේ The Conjuring (2013) කියන සිනමාපටයෙන්, හොර්ර චිත්‍රපටි කලාව උඩු යටිකුරු කරන්නට ඒ චිත්‍රපටියට හැකිවුනා අදටත් පේෟද්ගලිකව මගේ හොදම හොල්මන් චිත්‍රපටිය The Conjuring (2013) චිත්‍රපටිය. පළවෙනි චිත්‍රපටියෙන් ලැබුනු අසීමිත ජනප්‍රියත්වය නිසා ඔවුන් ඒ චිත්‍රපට මාලාවේ දෙවනි එක විදිහට ඒ කතාමාලාවේම අතුරු කතාවක් අලෙලා Annabelle (2014) චිත්‍රපටිය නිර්මාණය කරනවා. අඩු වියදමකින් කල සිනමා නිර්මාණයක් වුවත් ආදායම් වාර්ථා උඩු යටිකුරු කරමින් ඒකත් අතිශය ජනප්‍රිය වෙනවා.
මුල් චිත්‍රපටි වලින් ලැබුන සාර්ථකත්වයත් එක්ක The Conjuring 2 චිත්‍රපටිය 2016දීත්, 2017දී Annabelle: Creation චිත්‍රපටියත් 2018දී The Nun චිත්‍රපටියත් 2019දි The Curse Of La Llorona චිතුපටිය සහ Annabelle Comes Home 2019 චිත්‍රපටියත් නිර්මාණය කරනවා. කාළ රාමුවට අනු ව The Conjuring 3: The Devil Made Me Do It චිත්‍රපටිය එළිදක්වන්න තිබුනේ 2020 වසරේ ඒත් ලොව පුරා ව්‍යාප්ත වුන කොවිඩ් වසන්ගතය හමුවේ එය 2021 වසරට කල් දමන්න නිෂ්පාධකයෝ කටයුතු කරනවා, තොහොමින් කොහොමින් හරි හැමෝම බලන් හිටිය ඒ චිත්‍රපටිය මේ මාසේ 04 වෙනිදා HBO Max ස්ට්‍රිමින් සර්විස් එක හරහා විකාශනය ආරම්භ කරනවා. ඉතින් මෙකේ කතාව ගැන කියනවා නම් අනිත් චිත්‍රපටිවලට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් තමයි ගලාගෙන යන්නේ. ඉතින් මේ චිත්‍රපටි එකක් වත් තවම බලලා නැති කෙනෙක් නම්, මම පහලින් දාන පිලිවලට බලන්න පටන් ගන්න.

එහෙනම් මේ පාර චිත්‍රපටියේ මොනවද සිද්ද වෙන්නේ කියලා බලමු…
ඩේවිඩ් කියන්නේ වයස අවුරුදු 8ක පොඩි ළමයෙක්, ඉතින් එයයි එයාගේ පවුලේ අයයි එක්ක පරණ ගෙදර අතහැරලා අලුත් ගෙදරකට පදින්චියට යනවා. ඉතින් මෙයාලා මේ ගෙදරට එනකල් තවත් කෙනෙක් හොර රහසෙම බලාගෙන ඉන්නවා. ආපු දවසේ ඉදන්ම ඩේවිඩ් අමුතු අමුතු විදිහට හැසිරෙන්න ගන්නවා. එයාට දැනෙනවා එයා පස්සෙන් මොකක් හරි එනවා කියලා, ඒ එන අදුු බලවේගය මොකක් වුනත් ඒක නවත්තන්න කිසිම කෙනෙකුට බැරිවෙනවා. ඉතින් ඩේවිඩ්ගේ දෙමවුපියන් ඒ ගැන එඩ් සහ ලොරේන් වොර්න් දෙපල දැනුවත් කරනවා ඉතින් මේ දෙන්නා සිදුවීම විමර්ෂණය කරන්න පිටවෙනවා.
ඒත් මෙතන තියන බලවේගය එඩ් ලොරේන් ලග තියන කිසිම දේකට මෙල්ල කරන්න බැරිවෙනවා, ඒක ඩ්විඩ්ට කරන කරදර ඉවගන්න බැරිම තැන ඩේවිඩ්ගේ අක්කගේ පෙම්වතා අර්නි ඒ යක්ෂයාට ආරාධනා කරනවා යක්ෂයා අරනිට ආවේස වෙනවා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්නේ ඒ කිසිම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක්,ඉතිනෝව කවිුදා මේ අදුරු ආත්මය, මොකක් නිසාද ඒක මේ පවුල පස්සෙන් පන්නන්නේ, ඇයි ලොරේන්ටයි එඩ්ටයි ඒක හෙල්ල කරන්න බැරිවුනේ, කොහොමද ඒකෙන් අර්නිව ගලවා ගන්නේ මේ දේවල් වලට උත්තර හෙයන්න නම් මේක බලන්නම වෙනවා..!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
61,838 downloadsDownload The-Conjuring-3-The-Devil-Made-Me-Do-It-2021-Blu-Ray.zip106 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
139 comments
H-Hacker
KG
ස්තුතියි.. සහෝ...
සමීර චතුරංග
නිකමට වගේ ආවෙ සබ් එක ඩිල්ශාන් මල්ලි දාලද කියලා බලන්න බාගත්ත ගමන්. බොහොම ස්තූතියි හොදේ.
malith madhushan
අඩේ මගේ උණුසුම් සුභපැතුම් දිෂන් 100 වෙනි කඩයිමට. බොහොම ඉක්මනට ඊළඟ කඩයිමත් ගහන්න ලැබේවා කියල පාර්ථනා කරනවා. සුහද හමුවෙන් හම්බුනා හොඳ යාලුවෙක්. හොල්මන් ඒවා බලනවානම් වරදින්නෙම නැති උපසිරස කරුවක් කියලත් ආඩම්බරෙන් මතක් කරන්න කැමති. ජය වේවා
Sohan Jayasooriya
මේ තියෙන්නෙ කොල්ලො වෙඩි වගේ... ඊයෙ ආවේ ෆිලුම අද දීලා.. උඹ 100 ගැහුවා කියන්නෙ ඉතින් හදවතින්ම සතුටුයි හොඳේ.. වැඩේ අතාරින්නැතුව පුලු පුලුවන් වෙලාවට සබක් ගේමු.. කන්ජූරින්ග් යුනිවර්ස් එකේ ඊළග ෆිල්ම් එකෙන් 150 ගහමු හොඳේ.. සබට තෑන්ක්ස් මචෝ එහෙනම් ජය වේවා දෙවෙනි කඩඉමට..
Praveen Ranasinghe
සුභ පැතුම් සචින්තයා ❤️ Horror කොතනද සචියා එතන
Pasindu Madumal
දැන් දේවිද දැන් දේවිද කියල සයිට් එකේ පැල් රැකන් හිටියේ,
මෙච්චර දවස් 100 නොගහා හිටියේ මේක එනකම් නෙහ්..!
කොහොමහරි 100වෙනි කඩයිමට සුබ පැතුම් කියනවා, සබට තුති ❤️150දී හම්බවෙමු, ජය..!යුරාන් ධනුක (දනුවා)
100 වෙනි කඩයිමට සුබ පැතුම් දිල්ශාන් සහෝ
maheshika
waww ptt.sub ekt thnkss dilshan sachintha
Susith bandara
Sub ekata thanks sahodaraya
BeMax
Sweet Tooth ektth denn brd bro plzz
Sachintha
Thank you machan
Akila
Thank you bro. Primal fear 1996/ millers crossing 1990/sleepers 1996/casino 1995 mewta pulwun nm sub denna
මයුර
හනේ සීයත් ගහලා ඔයා. මේක ඉතින් අනිවා බලන එකක්නේ.
තැන්කූ වේවා. පුද්ගලික ජීවිතේ කටයුතු සාර්ථක වේවා. තවත් කඩඉම් පසු කරන්න ලැබේවා.kavinda gamage
බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
උපසිරැසි දිවියේ දෙවෙනි නැත්නම් සීය වෙනි උපසිරැසි නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්! බයිස්කෝප් සිංහලෙන් පවුලේ දැන අඳුනගන්න ලැබුණු තවත් හොඳ සහෝදරයෙක් විදියට අඳුන්වන්නටත් පුලුවන් මල්ලිගේ ඉදිරි අනාගතය සාර්ථකම වේවා.!
sameera
thanx bro
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
charith
100 සබ් එකට සුබ පැතුම්..දිගටම කරමු..ජය වේවා
Deshan
100 වෙනි උපසිරසි නිර්මානයට හදවතින්ම සුබපැතුම් සහෝ
Horror/Thriller කියන්නේ මාත් ආසම කැටගරියක්
ඉදිරි උපසිරසි කඩයිම් වලටත් සහෝගේ අනාගත කඩයිම් වලටත් ඉක්මනින් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!!!Anonymous
Thanks bokka❤️
Kevin
Congrats for 100th
Keep going brotherLakshitha
දෙවන කඩයිමට සුබපැතුම් සහෝදරයා
සිංහල උපසිරසියටත් බොහොම ස්තුතියි , එනකන් මගබලන් උන්නු එකක්අචින්ත
සුබ පැතුම් 100ට දිල්
කරන්නේ මොනවද හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
ජයින් ජයම වේවා කියල තමයි කියන්න තියෙන්නේ.Anonymous
thank you
Lakshansilva18
thanks for subtitles
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ 100වෙනි සබ් එකට සුබ පැතුම්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඒවගේම 100 වෙනි උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුභ පතනවා
ජයසාරංග ජේ. ලියනගම
Thanks
ishara methsith
ස්තුතියි....ඔයාට .... කරපු සේවයටත් කරන සේවයටත් .....! ඉදිරියේ එන අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට එක සිතින් ආසිරි පතනෙමි ......!
Tharusha
තෑන්කූ වේවා..!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ 100වෙනි තඩඉමට සුබපතනවා මචං..... අධ්‍යාපන වැඩකටයුතු වගේම රැකියාවැඩකටයුතු සාර්තක වේවා....
ishan
thanx machn suba ekata.. cngrtz 100 ta. 200 ghmuuu..
Gayan Chathuranga
උපසිරසිය වෙනුවෙන් ගොඩක් ස්තූතියි, සහෝ...
LaHIRU
දෙවෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම් සහෝ...ඉක්මනින්ma 150ටත් ලඟා වෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා
Damitha Thilakarathna
Thanks brother. ඉස්සරහට එන කටයුතුත් සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. Goid luck සචී!
රොෂාන් ශමීර ජයසිංහ
සිංහල උපසිරසි මහගෙදර දෙවනි කඩයිම නැත්නම් උපසිරසිකරුවෙක්ගේ සියවන සිංහල උපසිරසිය සමරන දිල්ෂාන් සහෝදරයාට මගෙන් උණුසුම් සුභ පැතුම්.
අධ්‍යාපන කටයුතු සාර්ථක වී දිනෙන් දින දියුණුවටම පත්වේවා.
නිදුක් නිරෝගී වේවා...
~ ජය වේවා ~Shaggy
Congrats brthr..සබටත් බොහොම ස්තූතියි
Chamikara Vidanage
ජය වේවා සහෝ
Anonymous
Congrats brother....good work....keep it up
Kushan
Sub akta thanks
isuru srinath sjs
දෙවනි කඩයිමට, එහෙමත් නැත්නම් 100 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා මචෝ..
ඒ වගේම මේ ගෙනාව උපසිරැසියටත් බොහොම ස්තුතියි.. ජය වේවා මචො..Anonymous
දිගටම කරන් යමු ජය වේවා❤️❤️❤️
Ruchira
Thanks for the sub!!!!!
oshanda
baiscope mahagedhara 100 weni kada ima..suba pethum sahoodaraya...digatama sub karanna shakthiya lebewa...!
කවිෂල් රසින්ත
දෙවන කඩයිමට හදවතින්ම සුභ පතනවා අයියේ.. කන්ජරින් යුනිවර්ස් එක කිව්වොත් එතන දිල්ශාන් අයියා ඉන්නවා කියන එක දැන් බයිස්කෝප් එකේ හැමෝම වගේ දන්නවා. ඉතින් ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උපසිරසියටත් බොහොම ස්තූතියි.
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
සුභ පතනවා දෙවන කඩයිමට.
තව වැඩි වැඩියෙන් Horror movies සබ් කරන්න.දහරා මුතු අමා
100 ට උණුසුම් සුබ පැතුම් මල්ලි.
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියලත් ප්‍රාර්තනා කරනවා.
ඉදිරි කඩයිම් වලට ඉක්මණින් යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.Anonymous
Thnkz bro
Deegayu Abeysekera
thanks bro !
Malith Samarawickrama
බොහොම ස්තුතියි සහෝ සබ් එකට වගේම ලිපියටත්.
Nadeesh Ekanayaka
ඔයා ඉංග්‍රීසි ෆිල්ම් බලන්නේ ඉංග්‍රීසි සබ් එක්ක නෙමෙයිද?ඉංග්‍රීසි දන්නැති අය තමයි සිංහල සබ් එක්ක බලන්නේ.
Nadun
Nikan baoruwata kiyawanna epa bn.umbata english subtitle eka ekka film balanna puluwan nam sinhala subtitle eka download karanna enna one nane.
Mathisha
Umbata wada english puluwan aya thama sub eka danne.habai e gollo umbata wada nihathamani.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks For Subtitle....