හැමෝටම ආයුබෝවන් කට්ටියට මාව මතකද දන්නේ නැහැ මාස ගානකින් මේ පැත්තට එන්න බැරිවුනා. මම නම් මේ දවස්වල තොප්පිගල කැලේ තමයි ඉන්නේ පාඨමාලාවකට ඇවිල්ලා. පාඨමාලාව ඉවර වෙන්නත් ලගයි ඉතින් පොඩි නිදහක් ලැබුනා. ඒක නිසා ආව ඔයාලට දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන. මෙහෙට ඉන්ටර්නෙට් යන්න සිග්නල් නැහැ, පොඩි කන්දක් තියෙනවා…

හැමෝටම ආයුබෝවන් කට්ටියට මාව මතකද දන්නේ නැහැ මාස ගානකින් මේ පැත්තට එන්න බැරිවුනා. මම නම් මේ දවස්වල තොප්පිගල කැලේ තමයි ඉන්නේ පාඨමාලාවකට ඇවිල්ලා. පාඨමාලාව ඉවර වෙන්නත් ලගයි ඉතින් පොඩි නිදහක් ලැබුනා. ඒක නිසා ආව ඔයාලට දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන. මෙහෙට ඉන්ටර්නෙට් යන්න සිග්නල් නැහැ, පොඩි කන්දක් තියෙනවා ඕක බඩගාලා තමයි ෆිලුමත් ඩවුන්ලොඩ් කරගත්තේ ලැප් එකකින්. ඉතින් වෙනදා වගේම ආසා ලිවීමකින් තමයි මේකත් කෙරුවේ. ලයින් 1800 කට වඩා හදාගෙනම කරන්න වුනා.
මෙම චිත්‍රපටියේ ප්‍රධාන රංගන නළුවා ලෙස සිද්ධාර්ත් නාරයන් රංගනයෙන දායකත්වය දක්වයි. දීපා සන්දිහා ප්‍රධාන නිළය ලෙස රංගන දායකත්වය සපයයි. 2015 වර්ෂයේ මාර්තු 06 වෙනිද තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය ප්‍රසාද් රමාරා සහ අධ්‍යක්‍ෂණය සීවී කුමාර් විසින්ද වේ. IMDb අගය 7.9/10 ලබා ගෙන ඇති අැති අතර, මිනිත්තු 136 පුරා මෙම චිත්‍රපටිය ධාවනය වේ.
මෙම කතාවේ ආරම්බයේ සිටම චිත්‍රපටය වර්ණ සහ කළු, සුදු වශයෙන් කතා දෙකකින් සමන්විතය. එකක් සිහිනය, අනෙක යථාර්ථය වේ. මැඩ්රාස් තදාසන්න නගරය තුල සිනමාශාලාවක රැකියාව කරන විකී නිරහංකාර චරිතයකි. ඔහු සාමානයයෙන් රසවත් නොවන ජවිතයක් ගත කරන කෙනෙකි. නමුත් මොහු ලොකු ප්‍රශ්නයකින් පෙලෙන්නෙක්. නින්ද නොයන රෝගයක් මොහුට ඇත. එවැනි නින්ද නොයන රාත්‍රියක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් ලුසියා නම් මැජික් ෆිල් පෙත්තක් ඔහුට ලබා දෙනවා. ඒ නින්ද නොයෑමේ රෝගයට බේතක් වශයෙන්. ලුසියා නම් පෙත්ත මගින් හොදින් නින්ද යෑමත් ඒ වගේම නින්දෙන් තමන් ආසා කරන ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ විදියට නිදාගත්තාම විකීට නින්දේදී පෙනෙන හීන වල ඉතා ජනප්‍රිය නළුවෙකුගේ චරිතයකි. එම නළුවාගේ නම විග්නේශ්. ඔහුගේ සැබෑ ජීවිතයේ සහ ඔහුගේ හීන ලෝකයේ ජීවත් වන ආදරවන්තිය දිව්‍යා වේ. විකීගේ අභිලාෂයන්, සැලසුම්, අදහස්, පරිකල්පනයන් මේ සිහින හා බැදී තිබේ. මොහුගේ සිහිනය සමග කතාව අවසන් වෙන්න යනකොට ටිකක් විතර වෙනස් වෙනවා සිහින ලෝකය ඇත්ත වෙනවා. ඇත්ත ලෝකය සිහින වෙනවා.
කතාව බලලම රසවිදින්න. මම නවතින්නම් තව අලුත් දමිල චිත්‍රපටියකින් ඔබ හමුවන තුරු හැමෝටම ජය……..!
330 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
59EB2DE69481F9DF118FC1E778C68133F2F008CA415 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
7E531B70434781713158BF5ACFBA535B549E3042710 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
87BC286CB040C1E42CE7AF8C114C3EF729BFE890 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,696 downloadsDownload Enakkul-Oruvan-2015-baiscopelk.zip165 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
35 comments
Vidura
Snake Raj
දැක්ක කාලයක්.. කොහෙද අප්පා මේ දවස් ටිකේම ගිහින් හිටියේ..
සදුනගෙ සබ් එකක් නැතුව වේලි වේලි හිටියෙ..
කොහොම හරි එල සබ් එකක්නෙ දීල තියෙන්නෙ.. අනිව බලනව.. ජය වේවා! :)තාරක නුවන් දිල්හාර
Welcome Back කියලා නැවතත් පිලිගන්නවා...
ඔයා ආවා කියන්නේ අදින් පස්සේ ඉතින්
දෙමල බයිස්කෝප් වලින් අපිට අඩුවක් නෑ.. :D :D
උඹ නැති දවස් ටිකේ අපිට තමා උඹේ ඒවා කරගහන්න සිද්ද වුනේ... :P
පස්සේ බලාගමු ඒවා ගැන.. ;)
මාත් ඔන්න බාන ලිස්ට් එකට දාගන්නවා ඕක..
බොහොම ස්තුතියි උපසිරසියට.
ඒ වගේම ජොබ් එකේ උසස්වීම් සමග නිවාඩුද වැඩි වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.. :P
ආයේ යන්න එහෙම නෑ ඔය කැලෑ පල්ලේ
ජයෙන් ජයHirushan
Thanks
සචින් ගිම්හාන්
අම්මෝ ගොදකලෙකින් දෙමල එකක් බැලුවේ නා.. දැන් හරි ඔය තියෙන්නේ බඩු
තව කියන්න ඕනි අනේ පව් අපේ තාරක වැඩේ කියන්නේ මිනිහා ඔයාගේ වැඩෙත් උපරිමේට කරා
ඔන්න සහෝ දිගටම sub දෙන්න කියලා කියනවා
ඔබට ජය ......Ravindu Sandeepa
මම නම් ඕක කලින් බැලුවා, එල ෆිලුමක්. Thanks සබට.
Rs
thanks machan
Nalaka Uggahakumbura
ඇත්තටම මේකට කොමෙන්ට් එකක් දාන්න හිතුනා. හේතුව මේකේ චිත්‍රපටයට අදාලව ඉහතින් පල කරලා තියන ලිපියත් චිත්‍රපටය වගේමයි. මුල් ටික කියවනකොට හිතුනා ලිපියෙන් කියවෙන්නේ චිතුපටයේ කතාව අනිත් පැත්ත හරවලා කියලා. ඒත් ලිපියෙහි අවසාන බාගයට එනකොට සැබෑම අවබෝධයක් සහිතව ලියලා තියන බව පෙනුනා. ස්තූතිය සිංහල උපසිරැසියට.
ඉසු ඩිපි (Isu DP)
අම්මො මාර කට්ටනේ කාලා තියෙන්නෙ මේකට සබ් දාන්න.
රට වෙනුවෙන් කරන කැප කිරිම මදිවට බයිස්කෝප් පිස්සෝ වෙනුවෙනුත් කාලේ වෙන කරනවට ගොඩක් පින්. !
ෆිලුමනම් බැවා වගේ මතකයි, හැබැයි තාම බැලුවේ නෑ. දැන් සිංහලෙන්ම බලතැකි.
වෙලාවක් හම්බ උන ගමන් කන්දට බඩ ගාලා තව ෆිලුමකට සබ් ගෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsalinda
yako me kathawe haondamahariya kiyala nee thiyenne ... dan interesting ekak naa nee...
salinda
aulak naa sab ekata thanks
එල්.සී. දමැල්
අප්පේ සඳුන් සහෝ දැක්ක කල්...
ඔන්න ආයෙත් පිළිගන්නවා....
උපසිරසට තුති...
ජය...Yenu
බොහොම ස්තුතියි උපසිරසියට.....තවත් උපසිරසියක් සමග හමුවෙමු.....
Gamage
thanks sahoo. sabak danna karana yuddetath ape sthuthuya
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!madusanka jayasooriya
නියම වැඩක් සදුන් සහෝ
නලින්
ස්තුතියි සදුනා! ගොඩ දවසකින් නෙවැ!! එළස්ස්
මොන රාජකාරි මැද්දේ උනත් අපිව මතක් වුන එකම ඇති..!
ජය වේවා!
සුරනන්ද
මම මේ සිතේ එකට spell binder sub ඒක එවලා තියෙන්නේ දන්නේ නැ ඇයි පල කරන්නේ නැත්තේ කියලා
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
හම්මේ, සදුන් අයියාව දැක්ක කල්.
සබ් එකකින් දැක්ක කල්,
නියමයි නියමයි
ඉදලා ඉදලා සුපිරි එකක් ගෙනල්ලා තියෙන්නේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!
එහෙනම් දිගටම දැන් දෙමළ ෆිලුම් වල සබ් ලැබේවී නේ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
supiri ekak wage,,
kohomahari ane mandaa film ekanam mage gawa thiyenawa..
eth baluwe na..
onna ithin dan nm balanna wenawa ne...
7.9 kuth thiyei kiyanne..
anika me naluwa tikak withara supirri..
a nisa balanawa onna..
jaya wewaa!!Kulanjana Maduranga
ammo SADUN Aiya huga kalekin neda subak genawe...job ke busy kasmath ekka me widyata hari subak dunna 1kma loku deyak..niayamai…menna ehenm bawa.thanks SADUN Aiye..sub ekata..digatama sub demu.jaya wewa......
samee
Niyamai kolla. Thankuuu
කැලුම් ගුණසේකර
කැලේ ගිහල්ලත් වැඩේ අතෑරගන්න බැරිවුනා නේ? :D ස්තුතියි උපසිරැසියට.
Menu
ගොඩක් කාලෙකට පස්සේ film එකක් බැලුවේ... ලස්සන කතාවක්... :)
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!!roshan
machang Lucia 2013 (kannada) sinhala sub one
පොඩි මෑන්
Thanks Macho sabata godak,
Tamilma digatama denna,
Aniwa gannawa Aniwa balanawa :) :)රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. හෙන කාලෙකට පස්සෙ ඇවිල්ලා තියෙන්නේ. ජය෴෴ :P :P
kavi
sub ekata godak sthuthi...jaya wewa !!!!!!!!!!!
“චූටී මල්ලි”
tnx
DoN
"සිද්ඪාර්ත් නාරායන්" මූ තමා මචන්ලා ඊලඟට Tamil සිනමාවේ නියම නළුවා.. මේ story එකත් කියල වැඩක් නැහැ පට්ට... Sub & Film එකට ස්තුතිය....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයChathun Anuradha
330MB කොපි එක හොද කොලිටි එකක් තියනවද?
nimal dissanayake
ගොඩක් ස්තුතියි
සඳුන්!
අමුතු කතාවක්.
සබ්ස් නිසා අවුලක් නැතිව තේරුම් ගන්න
පුළුවන් වුණා.
ඔහොමම දිගටම ජයග්‍රාහී ගමනක්
බයිස්කෝප් සයිට් එක තුළත්
ජීවිතය තුළත් යන්නට
වාසනාව උදා වේවා!LakshanD
ස්තූතියි සහෝ ❤️
sachinnn
Mehema Kapa kirimak krla sub dunnata Thanx bn...jaya wewa sahooo...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ada mama palaweniya