හහ්..! මම මේ ළඟදී ලිපියක් කියෙව්වා. ඒකේ තිබුණේ, නියැන්ඩතාල්(හෝමෝ නියැන්ඩතාලෙන්සිස්) මානවයා ගැන. තිබුණ දේවල් මෙහෙමයි. මුලින්ම නියැන්ඩතාල් කෙනෙකුගේ ඇටසැකිල්ලක් එකලස් කළ අවස්ථාවේ ඒක කළේ එකම කෙනෙකුගේ ඇටසැකිල්ලකින් නොවෙයිලු. කිහිප දෙනෙකුගේ ඇට සැකිලි කොටස් එකට පුරුද්දලා ඒ අනුරුව හැදුව පුද්ගලයා පෙන්වා දීල…

හහ්..! මම මේ ළඟදී ලිපියක් කියෙව්වා. ඒකේ තිබුණේ, නියැන්ඩතාල්(හෝමෝ නියැන්ඩතාලෙන්සිස්) මානවයා ගැන. තිබුණ දේවල් මෙහෙමයි. මුලින්ම නියැන්ඩතාල් කෙනෙකුගේ ඇටසැකිල්ලක් එකලස් කළ අවස්ථාවේ ඒක කළේ එකම කෙනෙකුගේ ඇටසැකිල්ලකින් නොවෙයිලු. කිහිප දෙනෙකුගේ ඇට සැකිලි කොටස් එකට පුරුද්දලා ඒ අනුරුව හැදුව පුද්ගලයා පෙන්වා දීලා තිබුණේ නියැන්ඩර්තාල් කියන්නේ අර්ධ-වඳුරු, අර්ධ මිනිස් ස්වරූපයේ ජීවියෙක් බව. ඒ කියන්නේ අමු මස් බුදින, උසස් හැඟීම් නොමැති, මූලික-පොදු සත්ත්ව හැඟීම් පමණක් සහිත මහ බියජනක දරුණු මිනිස් වර්ගයක් බව තමයි ඔහු ඒත්තු ගන්වලා තියෙන්නේ. (මේක නොදැනුවත්කමින් වූ දෙයක් මිස හිතාමතා කළ දෙයක් නෙමේ)
නමුත් පසු කාලීනව මේ මතය වැරදි එකක් බවත් නියැන්ඩර්තාල් කියන්නේ ප්‍රාථමික ශිෂ්ටාචාර ලක්ෂණ සහිත, මූලික හැඟීම් වලින් ඔබ ගිය සාමූහිකත්වය, ආදරය, පවුල් සංකල්පය, සහයෝගිතාවය, උවටැන් කිරීම වගේ දේවල් පුරුදු පුහුණු වූ මිනිස් කොට්ඨාශයක් බව හෙළි වුණා. ඒ වගේම ඔවුන් බුද්ධිය අතිනුත් අප තරම්ම නොවුණත් සෑහෙන උසස් මට්ටමක මිනිස් පිරිසක්. උගුල් ඇටවීම, ලෙඩුන් රැක බලා ගැනීම, සංවිධානාත්මකව වැඩ-කටයුතු බෙදා ගැනීම වැනි දේ තුළින් ඒ බව ඔප්පු වෙනවා. ඒ අනුව මේ නියැන්ඩතාල් මිනිසෙක් අද අප හඳින පළඳින ආකාරයෙන්ම ඇඳ පැළඳගෙන අප යන බසයක ගියොත් ඒ නියැන්ඩතාලයෙක්දැයි අපට හඳුනාගැනීමට කිසිදු අවකාශයක් නොලැබෙන බව මෙන්ම ඒ බව හඳුනාගැනීමට තරම් හැකියාවක් අප සතු නොවන බව එහි සඳහන් වුණා. ඔවුන් සහ අප අතර පැහැදිලිව දක්නට ඇති එකම වෙනස ස්වභාවයෙන්ම ඔවුන් නූතන මානවයාට(හෝමෝ සේපියන්ස්) වඩා කුඩා එනම් මිටි සිරුරක් දරන බව පමණයි.
මේ මං කිව්වේ ඒ ලිපියේ තිබුණු දෙයින් බොහොම වැදගත් සහ අවශ්‍යම කොටස් සාරාංශ ගත කරලා. මේ ලිපියේ තිබුණේ නියැන්ඩතාල් ගැන. ඉතිං මට හිතුණා නියැන්ඩතාලයෙක් ඇත්තටම අපි අතරට ආවොත් කොහොමට තියෙයිද කියලා. ඔහුට මේ විපරීත ලෝකය තේරුම් ගන්න බැරි වන බවනම් ඒකාන්තයි. නමුත් ඊටත් වඩා දියුණු මිනිස් කොට්ටාශයක් වූ ක්‍රෝ මැග්නන්(හෝමෝ සේපියන්ස් සේපියන්ස්) කෙනෙක් අප අතරට ආවොත්? හත්දෙයියනේ ඕං එතකොට තමා මා ගාව එහෙම කතාවක් තියෙනව නේද කියල මතක් වුණේ! ඕක අරගෙන සෑහෙන කල් වුණත් මේ වෙනකම්ම බැලුවෙත් නැති එකේ මේ ආපු අදහසත් එක්ක හිතුණා බලන්න ඕනේ කියලා!
නියැන්ඩර්තාලයන්ට කෙසේ වෙතත් ක්‍රෝ මැග්නන්ලාට(ගුහා මිනිසා) නම් මේ අමුතු දේවල් සෑහෙන දුරකට තේරුම් ගන්න ප්‍රමාණවත් බුද්ධියක් තියෙන්න ඇති මයෙ හිතේ. නැත්නම් මේ යකා මෙච්චර හරියක් කරන්නේ කොහොමද? ගෙවත්තක් යට වැළලිලා ඉඳලා; අයිස් දියවෙලා ගිහින් පණ ලබලා, මෙච්චර පිස්සු කෙලින්න මේ කාලේ…පුෆ්! හොඳ නුවණක්නම් ඒකට ඕනෙමයි. හැබැයි ක්‍රෝ මැග්නන්ලාට කෙසේ වෙතත් මේ කතාවේ ඉන්න එකාටනම් අපටත් වඩා මොළේ තියෙන පාටක් තමා පේන්නේ. වැඩේ කියන්නේ එක සැරෙන් දෙසැරෙන් වැඩ කෑලි ටික සේරම අල්ලගන්නවානෙ මේ යකා!
ඒ කොහොම වුණත් අද අපි හිතාගෙන ඉන්නේ අපි තමා උසස්ම මිනිස් වර්ගයා කියලනේ. මේක බලද්දි හිතෙනවා අද අපි අතින් ගිළිහෙමින් යන ඇතැම් හොඳ දේවල් මේ මිනිසුන් ළඟ තිබිලා තියෙනවා වගේම ඒ කෙරෙහි ඔවුන් කොතරම් සංවේදී වෙලා තියෙනවද කියලාත්. කොහොම වෙතත් මේ කතාව හාස්‍යයජනක කතාවක්. නමුත් කොතරම් දුරට තාත්ත්විකද කියන එක ගැනනම් ඔබම තීරණය කරන්න……. ඇත්තෙන්ම ඒ ගතිය හින්දාම තමයි මේ කතාවට ආශ හිතෙන්නෙත්!
ලිපිය – උදා

34 comments
D_DASH
D_DASH
thanks...... machan..
D_DASH
film ake link aka open wenne na ban..... link aka post karapanko
D_DASH
wade hari..... ela ela
theekshanax
ටැන්කූ උදා
yasiru madhuka
thanx saho.
විකියා
ඔන්න නමෝ විත්තියෙන් 400 වෙනි කමෙන්ට් එක දානවා
උදා සහෝගේ බයිස්කෝප් එකකට..අනිවා මේක බලන්න ඕනි..
වෙනස්ම විදිහේ පැත්තක් ගැන කතා කරන සිනමා නිර්මාණයක් නිසා හැමෝටම බලන්න කියලත් අරාධනා කරනවා...ජයෙන් ජය~!
AL1717
Meka nam Maha Amuthu Film Ekak Wage..
Ane Manda Balama Balamauko.. :D :D
Thanks Wewaaa
Jaya Wewwaa
sura
thanks
සංදීප
අමුතුම miovie එකක් වගේ ...අනිවා බලනවා...thanks මචං
සංදීප
අමුතුම movie එකක්...ටිකක් වැරදුනා උඩ..
සාරංග ලියනගම
thankz bro...
chamila
thanks.....
Esha
amuthu kathawak wage ..thanks
Tharanga Darshana Ekanayaka
බොහෝම ස්තුතියි...........
Ajee67
ඔන්න මමත් බාන්න දැම්මා.බලලා ඉවර වෙලා කාරිය නිවාඩු පාඩුවේ ආයෙමත් කොමෙන්‍ටුවක් දාන්නම්.
kodizz
elz
Anonymous
nice story....tnx
Madushanka Gamage
thanks machan :)
MarK
TnX..lassanata lipiya liyala tiyanawaaa...TnX 4 da FilM
B.V.Kajja
මෝඩ ෆිල්ම් එකක් වගේ තමයි පේන්න තියෙන්නේ.ලොවෙත් බලන්නෙ නෑ ඕක නම්.
සොරි ඩොට් කොම් තමයි අප්ලෝඩ් කරපු එකාට.:D :p :D
wasantha
Not a Good Film
sorry..රාම් රාජ්
ඔන්න එල ෆිලම් එකක්.නියමයි.ස්තූතියි.මේවා බලන්න බැරි නම් පාඩුවේ ඉන්න එකයි ඇත්තේ.කට තිබුනු පලියටයි අත තිබුනු පලියටයි මෝඩ කමෙන්ටි දෙන්නේ නැතිව.
sajith
කෝ ලින්ක් එක නෑනේ අනේ....
Jayan Chamal
aniva banava ..
podi ileemak tiyanava hoda koriyan japan valata sub tiakak dala dennakoAnonymous
It is true this movie is not that attractive and good as per our taste.But still the uploader has spent a lot of time on it to make thses things available to you all.
So there are two messages for the uploader and those who added comments against the film.
To uploader-
Never upload nonsense movies.Try to go for something interesting.To Ishan Gimsara-
Never critisize other people in a public forum like this.Think if it happened to you,how much heart broken you will be.
To Ram Raj-
You dont have a right to compell others to do things.ok?uda
@ Ishan gimsara & Anonymous Says:
January 26th, 2012 at 4:22 pmසහෝලා, මේක අප්ලෝඩ් කළේ නම් මම නෙමේ. මම කළේ ෆිල්ම් එක ගැන හැඳින්වීමක් එක්ක ඒක ගන්න පුළුවන් තැනක් ගැන කීව එක. ඇත්තටම කියනවානම් ඒ ගැන විස්තර කරලා ලිපියක් දැමීම සහ ෆිල්ම් එක බාගත කර ගන්නට අවශ්‍ය ටොරන්ට් එකක් ලබාදීම පමණයි.
ඒ හින්දා අප්ලෝඩ් කරන්න එපා කියන එකනම් කියන්න වෙන්නේ මට නෙමේ. ඇත්තටම මේක ටොරන්ට් සර්වර් එකකට දාපු කෙනාටම තමයි.
අනික මම මේක දුන්නේ කැමති කෙනෙක් වෙතොත් ඒ අයට බලන්නයි. ඇතැම් කෙනෙක් මේකට අකමැති වුණ පමණින් හැමෝම මේකට අකමැතියි කියන්න බෑනේ. මම මේ ගැන කීවේ කැමති කෙනෙක් වෙතොත් ඒ අය වෙනුවෙන්. මම ලිපියේමත් කිව්වා මේ කතාව තත්ත්වික නොවෙන බව ඇඟවෙන දෙයක්. එහෙම වෙද්දිත් කෙනෙක් කැමතිනම් ගත්තාවේ, අකමැතිනම් නොගත්තාවේ. කැමතිනම් කමෙන්ට් කරපුවාවේ, අකමැතිනම් කමෙන්ට් නොකර ඉඳපුවාවේ.
ඒ කිසි දෙයක් සම්බන්ධව මටනම් වගක් නෑ. කැමති කෙනෙකුට කැමති ඕනෑම දෙයක් කියන්න නිදහස තියෙනවා. කවුරුන් හෝ මට අපහාස කරන අදහසින් කමෙන්ට් කළත් ඒකටත් කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් එක දෙයක් ඉල්ලන්න කැමතියි. මේක ප්‍රසිද්ධ ස්ථානයක්(පොදු තැනක්) නිසා අසැබි දේවල්නම් කියන්න එපා. අනික් ඕනේම එකක් කමක් නෑ.
අනික මම මේක දැම්මේ කමෙන්ට් ගාණ ගනින්නවත් අගය කිරීමක් ලබාගන්නවත් බලාගෙන නෙමෙයි. මම රසවිඳපු දෙයක් තව පිරිසක් එක්ක බෙදා ගන්න ඕනේ කියලා හිතුණු නිසයි. මම කවමදාකවත් මම නොබලපු ෆිල්ම් එකක් ගැන කියන්නේ නෑ. ඕනෙම කතාවක නරක පැත්තක් වගේම හොඳ පැත්තකුත් තියෙනවා. ආං ඒ නිසයි මේ ගැන කියන්න හිතුණේ. නැතුව කාවවත් අන්දන්න හරි ඔයගොල්ලන්ව මනින්න හරි කළ දෙයක් නෙමේ. කියන්න තියෙන ඕනෙම දෙයක් කියන්න. ඇණුම් බැණුම්, ගල් මල් ඕනෙ එකක් ඔට්‍ටුයි. හැබැයි කුණුහරුපනම් පාවිච්චි කරන්න එපා.
ජය!
sujeewa
thanks saho
kusan
ela machoo wade.....habai subtitle ekak wath mekata galapenne na
kdn
ela
Kasun Gunawardana
elz....
amuthuma film ekak..Uraj Deemantha
හික්ස්..... පට්ට කොමඩි සීන් ටිකක් ඈති වගේ...... :)
indika
this is not a right Torrent.it downloding zoro part 2 or 3 i think.before adding a torent you must download and check them for corect movie.i lost more than 400 mb.this is an request for thread posters
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
mama 1st ela ela balanda one