Watch Trailer

In Time (2011) with Sinhala Subtitles | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]

කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට…

කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේ වසරේ ඔහු රංගනයෙන් දායකවුනු තුන් වන චිත්‍රපටියයි මේ. මම අදරේට මිනිහට ටිම් බෙලෙක්ක කියන්නෙ. ඔයගොල්ලො එහෙම කියනවා නෙමෙයි. තවද ඇමෙන්ඩා ෆයිඩ් රයිස් (Amanda Seyfried)ත් මෙකෙ ඉන්නවා. මෙකත් මම අදෙරෙට කියන නමක්. අනෙ මන්දා ආදරෙ වැඩිද මන්දා කට්ටිය මෙයාටනම් ගොඩක් කැමතිවෙයි. මොකද මිට ඉහත පැමිනි Mamma Mia (2008), Jennifer’s Body (2009), Red Riding Hood (2011) යන චිත්‍රපටිවල මැය විසින් ප්‍රධාන චරිත කරලා තියනවා. ඒවගෙම අවුරුදු 11ක් වගෙ පොඩි වයසෙදි තමයි මැය රංගනයට එකතුවෙන්නෙ. ටිම්බෙලෙක්ක විල් සාල්ස් ලෙසත් සේෆර්යිඩ් සිල්වියා වෙයිස් ලෙසත් මෙ නිර්මාණයට දායකත්වය ලබාදෙනවා.

මේකෙ ප්‍රධාන මතෘකාව කාලය වුනාට තව බොහොමයක් දේ පිලිබඳව හිතන්න ඉතුරු කරනවා. විශේෂයෙන්ම අනුන් වෙනුවෙන් ජිවත්වෙන අකාරය හොඳට මේක හරහා කියලා දෙනවා.

මේකෙ කතාව කියන්න කලින් මේක පිලිබඳව යම් දැනුවත් කිරිමක් කලයුතුයි සිතනවා. මොකද නැතිනම් ටිකක් තෙරුම් ගන්න අමාරුයි. මම මෙහෙම පටන්ගන්නම් කො….. අපි වෙළඳසැලකට ගොස් යම් භාන්ඩයක් ගෙන එහි සදහන් මිල ගෙවිමට භාවිතා කරන්නෙ මොනවාද. මම ඔය ගොල්ලන්ගෙන් මෙක අහන්නෙ. මට කියන්න බලන්න. ආ හරි මට ඇහුනා මුදල්. ඔව් ඔබේ පිලිතුර නිවරදියි. නමුත් මේ චිත්‍රපටියෙ පැහැදිලිම ඒක වෙනස්. උදාහරණයක් වශයෙන් වර්ථමාන ලෝකයෙදි අපි දුරකතන ඇමතුමක් ගැනිමට කාසි ඇතුලත් කරන දුරකතන යන්ත්‍රයක් (Phone booth)වෙත ගිය පසු ඇතුලත් කල යුතු කාසි ප්‍රමාණයක් පෙන්වනවා. 2කෙ කාසි කියද 5හෙ කාසි කියද කියලා. ජංගම දුරකථන් පවිච්චි කරන අය නම් මෙක දන්නෙ නැතිව ඇති. මගෙ හිතේ මේ චිත්‍රපටියෙදි මෙක වෙන්නෙ මෙහෙමයි. දුරකතන ඇමතුමක් ගන්න ගියාහාම අපි සල්ලි වෙනුවට මිනිත්තුවක කාලයක් ඇතුලත් කල යුතුවෙනවා. දැන් ටිකක් විතර කට්ටියට තේරෙනවා ඇති මගෙ හිතෙ. එවාගෙම බැංකු වලින් ණය ලෙස ලබාදෙන්නෙ දින, මාස, අවුරුදු වෙන අතරම පොලී වශයෙන් අයකරන්නෙත් පැය, දින, සති වශයෙන්. මේකෙ කතානායකයා විල් මම කලින් ඔහුව හඳුන්වා දුන්නානෙ. ඔහු ජාන තාක්ෂණයට අනුව නිපදවු අයෙක්. ඔහු විතරක් නෙමෙයි. මේ කතාවෙ හැමොම එහෙමයි, අවුරුදු 25ක් පිරෙනෙකන් බොහොම නිදහසෙ සතුටින් ජිවත් වෙන්න ඔබට පුලුවන්. 25 පිරුන ගමන් ඔබට ජිවත් වෙන්න ලැබෙන්නෙ අවුරුද්දක කාලයක් විතරයි. හැබයි මෙහි කාලයෙහි අවමය 0000:0000:0000:0000 මෙලෙස පෙන්වුද උපරිමයක් නැහැ. ඒකියන්නෙ අමරනියත්වය කරා ඔබට ගමන් කල හැකියි. විල් ගෙ අවුරුද්ද ඉවරයි. දැන් ඔහු ජිවත්වෙන්නෙ දිනයක් දිනයක් පසා. ඔහුගෙ මවට අවුරුදු 50යි. ඇයගේ චරිතයට රංගන දායකත්වය දෙන්නෙ Olivia Wilde විසින්. මොකක් !! මොන පිස්සුවක්ද මේ… Olivia Wilde කොහොමද justin timberlake ගෙ මවගෙ චරිතය කරන්නෙ..? මොකද ඇය ඔහුට වඩා බාලයිනෙ. එක කොහොමද කට්ටියට දැනෙන්නෙ ? ඇත්තෙන්ම වයස 25 පිරුනු තැන සිට කාලය ගෙවුනද අපගෙ රුපය වෙනස් නොවි තියෙනවා. අන්න එහෙමයි එක වෙන්නෙ,

මෙකෙ කතාව ටිකක් දිගයි. කියන්න අමාරුයි. ඒ හින්දා තමයි සිංහලෙන් වචන දැම්මෙ. එවාගෙම බොහොම සරල ලෙස මෙහි දෙබස් මා විසින් සකසා තිබෙනවා. මොකද මෙහි ඇති සංකිර්නත්වය ඉහටත් උඩින්. කාලයට මොනතරම් දෙවල් කල හැකිද, මොනතරම් දෙවල් වෙනස් කල හැකිද යන්න මේ නිර්මාණය නරඹද්දි ඔබට තෙරුම් යාවි. කතාවක් තියෙනවා ගෙවෙන හැම තත්පරයක්ම බිමට වැටෙන වතුර බිංදුවක් වගෙයි කියලා. නැවත ලබා ගැනීමක් නෑ. අද ඉඳලවත් බයිස්කෝප් බලන කට්ටියවත් හිතට ගන්න ගෙවෙන කාලයෙන් මොනවා හරි ප්‍රයොජනයක් ගන්න. එහෙනම් මගෙ වෙලාවත් ඉවර වේගෙන එනවා. දැනට සමුගන්නම්…

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

23,112 downloadsDownload In.Time_.2011.Sinhala.Sub_.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Mangala(KOK\විෂ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/12

Subtitles by

මංගල (KOK)

Subtitles

23,112 downloadsDownload Subtitles60 KB

116 comments

  1. chanaka

    fattaaaaaaaa

  2. Nimal

    onna adanam mama 1st... thanks bro....

  3. AL1717

    Supiri MAchan thanks Wewaaa....

    Onna Banawa Sinhala Sub Ekatath Thanks Wewaaa

    Jaya Wewaaaa

  4. උදිත

    ස්තුතියි--ඔබට මේ වැඩේ කරගෙන යාමට ශක්තිය ධෙර්යය ලැබේවා

  5. chamila

    thanks....

  6. සංදීප

    නියමයි....මචං

  7. sub kanna

    niyami anith ewaye denna kalin dunna nam. amanapa wenna epa ehema kiwwata

  8. SMS

    ela ela.. digatama karagena yanna. sinhala sub dapu ekata thnks..

  9. [DiN3sH]

    ගොඩක් ස්තූතියි.. සුබ පතනවා!

  10. සාරංග ලියනගම

    පට්ටයි.සිංහල සබ් එක්ක බලන්න ඕනේ නිසා තාම මේ ෆිල්ම් එක බැලුවේ නෑ.මගේ ළඟ තියෙන කොපි එකට ගැලපුනොත් ගොඩ... ගොඩක් ස්තූතියි මංගල සහෝ....
    ආහ්...The Ides of March ෆිල්ම් එකත් ඉක්මනට දේවි කියල හිතනවා.ඒකත් ඔයා දෙනකං බලන්න ඉන්නේ.. :)

  11. Kasun.D

    ela. ela....

  12. Shalitha

    bohoma sthuthiy sahodaraya!!!!!

  13. Djwathila

    පට්ට... පට පට... කීවලු..
    මම දැක්ක මේකට කලින් කවුද සබ් දාල තියෙනව.. වෙන සයිට් එකක්
    ඒකෙ සබ් දෙක තුනක් මමත් ඩවුන්ලොඩ් කරල බැලුව...
    මලා... අම්ම පල්ල ඇත්ත ඒ සිංහලනම් මට තේරෙන්නෙ නැ.
    මොන කුනුහරුප කියනවද සබ් දාපු එකාවත් දන්නෙ නැතිව ඇති..

    ඒක නිසා බයිස්කෝප් එකෙන්ම මේක බලන්න හිටිය..
    තැන්ක්ස් මචං....

  14. Rumesh

    ආ... මංගල, ටින් බෙලෙක්කෙගෙ ‍ෆිල්ම් එකක් දුන්නට බොහොම තෑන්ක්ස්, තවත් උපසිරස දාපන්

  15. විකියා

    පට්ට මචෝ..ලගදී ආව වෙනස්ම ගනයේ විශිෂ්ට නිරමානයක්..
    ඉස්සරහටත් මේ වගේ ඒවාට සබ් දෙන්න මචෝ..

    ජයෙන් ජය~!

  16. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ....
    දිගටම මේ වැඩේ කරගෙන යමු.
    305mb කොපියක් දුන්න එකත් හුඟක් වටිනවා.

  17. chathuranga

    niyamai saho ela ela

  18. sumith

    mekata anith site eke sub eka dala thibbe ape rokiya thamai.ekath niyemata karala thibba.mekath aran balamu

  19. Rushen Wickramaratne

    subtitles walata thanks saho....onna ehenam mamath damma down venna!!! balamuko ehenam kohomada kiyala....,,

  20. theekshanax

    අහා මේ තියෙන්නෙ ‍ෆිල්ම්.;)නියමයි මංගල සහෝ ගොඩා.....ක් තැන්කූ :D:D:D

  21. චන්ද්‍රයා

    ආම්මට සිරි.......යුද්දෙට නැති කඩුවෙං වක්කඩේ හකුරු හැංගුව වගේ කිව්වලු.....!! එල එල..! එල වැඩක් මං එක සැරයක් මාව් බාශාවෙං බැලුව මෙලෝ හසරක් තේරුනේ නෑ......මේ තියෙන්නෙ ගිනදර සබක්.........දැන් ඉතිං....එල පන්ටෙකක්...ගන්න පුලුවං.....!! ටැංකූ සහෝ....ජයෙං ජය.!!

  22. Alaya

    Wowww mama kaaleka indala balan hitapu movie1k..thankx machoo..jaa wewa \m/

  23. shamila

    sundarai wage

  24. nalin malalgoda

    තැන්ක්ස් මචං සබ් දුන්නට...
    සබ් දානවයි කියන්නේ බලනවා වගේ ලේසි වැඩක් නෙමේනේ..

    ජය වේවා.

  25. kapa....

    meka sinhala sub ekkama balala godak kal..aluth films walata sub dapan,therumak nathi wada nokara..

  26. වා.මු. නිලන්ත පියසිරි

    පිං සිද්දවෙනවා සහෝ. තව තවත් සිංහල උපසිරැසි දැමීමට දිරිය ශක්තිය ලැබේවා. අපි දන්නවා කොච්චර අමාරු වැඩක්ද මේක කියලා. තරඟ වලට යන්න ඕනේ නැහැ. ඉඩ පාඩු වෙලාවට තව තවත් උප සිරැසි දමන්න. ඔයාගේ උප සිරැසි තරමක් වෙනස්. ඒ වෙනසට කැමතියි.

  27. kalum gunasekara

    මං මේක බැලුවා. මැක්සා බයිස්කෝප් එකක්. නොබලපු යාලුවෝ ඉන්නවා නම් අනිවා බලන්න. අපිටත් මෙහෙම ජීවිතයක් ලැබුනොත් මොනව වෙයිද?

  28. අනුත්

    බොහොම ස්තූතියි

  29. Jayan Chamal

    lassanata pahadili karala tiyanava liyala tiyana vidiyata banne nathuva inne kohomada itin thanks kollo me vage eva thava danna jaya veva !!!!!!!!!!

  30. charith danushka

    සහො..... නියම මුවි එකක් මේක සිංහල සබ් එකත් එක්ක දුන්න එකට ගොඩාක් ස්තුතියි.........තව තව සබ් දාන්න ශක්තිය.....දහිරය....නිබදවම ලැබේවා....!!! ජය ශ්‍රී....

  31. pola

    elakiri machan.. thanx a lot!!

  32. Little Bini

    cant download :/

  33. VCC@PCC

    maxxa. machan .thanks

  34. C

    yeah cant download.. plsssssssssss

  35. uda

    හොඳයි සහෝ තවත් අලුත් විද්‍යා ප්‍රබන්ධයක්.
    මේව තමා ටික ටික ඇත්ත වේගෙන එන්නේ කාලෙත් එක්ක.
    හැබැයි මෙහෙම එකක්නම් නොවේවා කියලා පතමු.
    අනාගත මිනිස් වර්ගයාට දෙයියන්ගෙම පිහිට තමා මේක හැබෑ වුණොත්.

    බලමුකො ඒකෙත් හැටි. ඒකටත් කාලයම තමා.
    කාලයේ තාලය කියන්නේ ඒකට වෙන්න ඇති මයෙ හිතේ.

    දුන්නට ස්තුතියි. මේක තව බැලුවෙ නෑ. ඉකමනින්ම බලන්න ඕනේ...
    ස්තුතියි උපසි‍රැසියට.
    ජය!

  36. යසිරු මධුක

    එල කිරි මචන්. දැන්ම බාන්නම්.

  37. isuru

    meka sinhala sub 1kka balala sahena kalayak wenawane!!!!! kohama namuth sinhala sub 1kata thanks meke themawa nam marai ath film 1ka supiri thathwayaka ne!!!!!!

  38. Nalinda

    Thanks....

  39. wasantha

    Thanks....

  40. සඳුන්

    බො‍හොම ස්තුතියි. වැඩි වැඩියේන් මේ වගේ චිත්‍රපට ලබාදෙන්න හැකියාව ‍දහිරිය ලැබේවා . . !!

  41. susantha

    දුන්නාට thnx හැබැයි පරක්කුයි film එක බලලා ඉවරයි.. :(

  42. shiwantha

    niyamai thanx machan

  43. chathura

    onna bevnna demma...350 mb copy eka dunnata thankssssssss

  44. රාම් රාජ්

    ලිපියනම් මාර ගති.ෆිලම් එක් එනකම් මග බලාගෙන හිටියේ.ස්තූතියි.මේ ලිපිය ලියලා තියෙන භාෂා ශෛලීයනම් නැවත කියවන්න තරම් ආස හිතෙනවා.

  45. ToiYa

    Ela SaHo!!!!math banawooooo
    meh mage palaweni comment eka :D

  46. Nalaka

    Kalin baluwa macho, patta gathi, thanks dunnat.......

  47. nuwan

    patta machan......!

  48. Bandula WIthanage

    වටිනා චිත්‍රපටියක් සිංහල උප සිරසි සමග ලබා දීම පිළිබඳව ස්තූතියි. තවත් හොඳ චිත්‍රපටි දීමට ශක්තිය ලැබේවා!

  49. ashan suranga

    thanks machan

  50. Sha

    Thankzzzzzzzzz sinhala sub 1ta :)

    Onna damma down wenna :)

    Jayawewaaaaaaaaaaaaaaaaaaaaa :D

Load more comments