Watch Trailer

Enthiran (2010) with Sinhala Subtitles | මට නැහැයි කිව්ව දේ මට ආවට පස්සේ වුණ විනාශය දැක්කා නේද [සිංහල උපසිරැසි සමග]

එන්දිරන් 2010 දමිළ, හින්දි, තෙලිඟු යන භාෂා 3කින් ම වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා බොහෝමයක් දෙනා අඳුනන සුපිරි ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ශංකර් තමයි. සංගීතයෙන් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥ ඒ.ආර්.රහුමාන් ද එකතුවෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිත 3ක් ඇතුලත් වෙනවා. ඉන් ප්‍රධාන චරිතයන් 2ක් වන ඩ…

 

එන්දිරන් 2010 දමිළ, හින්දි, තෙලිඟු යන භාෂා 3කින් ම වර්ෂයේ තිරගත වූ චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂවරයා බොහෝමයක් දෙනා අඳුනන සුපිරි ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂක එස්.ශංකර් තමයි. සංගීතයෙන් ඉන්දියාවේ විශිෂ්ට සංගීතඥ ඒ.ආර්.රහුමාන් ද එකතුවෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන චරිත 3ක් ඇතුලත් වෙනවා. ඉන් ප්‍රධාන චරිතයන් 2ක් වන ඩොක්ටර් වසීගරන් හා චිට්ටි ලෙස සුපිරි තරුව රජිනිකාන්ත් විසින් රංගනයන් ඉදිරිපත් කරනු ලබනවා. ඒ වගේම බොලිවුඩ් සුරූපී නිළි ඓශ්වර්යා රායි ප්‍රධාන නිළිය සනාගේ භූමිකාව ඉදිරිපත් කරනු ලබනවා. අතිරේක චරිතයක් වශයෙන් දමිළ සිනමාවට නැතිවම බැරි විකටයා එන්.සන්තානම්, ශිවා ලෙසින් රංගනයෙන් දායකත්වය සපයා තිබෙනවා.

මේ චිත්‍රපටය 2010 වසරේ ඉන්දියාවේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය වෙලා තියෙනවා. ඉන්දියානු බිලියන 1.32ක් බොක්ස් ඔෆිස් ආදායමක් මේ චිත්‍රපටයට තිබෙනවා. ඒ වනතෙක් ඒ මුදලට ආසන්න මට්ටමේ වත් ආදායමක් ඉපයූ චිත්‍රපටයක් නැහැයි කියලයි මං හිතන්නේ. මීට පසුව තමයි ඩන්ගල්, බාහුබලි, ඩූම්, පීකේ එහෙම ආවේ. මේ චිත්‍රපටයේ තාක්ෂණික පැත්තෙන්, හොඳ සහ නරක ගොඩාක් දේවල් තිබුණා. හොඳ දේවල් පිටු 1000ක් ලිව්වත් ඒකේ තියෙන සමහර නරක කාරනා තේරුම් කරන්න කෙනෙක් පිටු 2000ක් යොදාගන්නා ආකාරයේ චිත්‍රපටයක් තමයි මේක. මොකද මේ චිත්‍රපටයේ ඕනවට වැඩිය ටෙක්නිකල් ඉෆෙක්ස් එකතු කරපු අවස්තා තිබුණා, විශේෂයෙන්ම “අරිමා… අරිමා…” සින්දුවේ බලාගන්න පුළුවන් වැඩේ. රජිනිකාන්ත් කොල්ලට රඟද්දිත් අඩුපාඩු මතුවෙන තැන් තියෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ 2 කොටසක් 2018 වසරේදී 2.0 නමින් එළිදැක්වීමට සූදානම්ව තිබෙනවා.

කතාව පැත්තට ගියොත්, ඩොක්ටර් වසීගරන් තමන්ගේ විද්‍යාගරේ නව සොයාගැනීමක් කරමින් ඉන්නේ. වෙන මොනවත් නෙමෙයි රොබෝවෙක්, නිකම්ම රොබෝවෙකුත් නෙවෙයි. උසස් තාක්ෂණික මිනිස් රූපී රොබෝවෙක්. මේ රොබෝ පරීක්ෂණ මට්ටමේ තිබුණ කාලේදි පවා ඒ ලැබ් එකේ හිටපු ශිවාටයි, රවීටයි කරදර. දැන් මෙහෙම නම් හදල ඉවර වුනාම කොහොම වේවිද? අන්න ඒ තරමට කරදරකාරියි. වසීගරන්ගේ පෙම්වතිය සනා, එයා වසීගරන් එක්ක පුදුම තරහකින් හිටියේ. එයාලා වෙන් වෙන්න තීරණය කරණය කරනවා. නමුත් වසීගරන් එයාව ආයේ යාළු කරගන්නෙත් පුදුම විදිහකට. ඩොක්ටර් වසීගරන්ගේ වුවමනාව චිට්ටිව හමුදාවට බාර දෙන්න. මොකද ඔහුට මිනිසුන් 100කගේ බලය හා බුද්ධිය තියෙන නිසා එයාට තනිවම යුද්ධයකදි යුද්ධ කරන්න පුළුවන්, එතකොට හානි වෙන මිනිස් ජීවත ආරක්ෂා කරන්න පුළුවන්. නමුත් මේකට කැපිලි දාන්න කෙනෙකුත් එකතු වෙනවා. ඔහු කියන්නේ රොබෝව අනුමත කරන්න රොබෝට මිනිස් හැඟීම් තියෙන්න ඕනේ කියලයි. වසීගරන් රොබෝට හැඟීම් ලබා දෙන්න බොහෝ මහන්සි වෙනවා. ඒත් ප්‍රතිඵලයක් නැහැ. එක දවසක වසීගරන් එළිමහනේ ඉඳන් මිනිස් හැඟීම් ගැන කියා දෙමින් ඉන්න වෙලාවක චිට්ටිට අකුණක් වදිනවා. දේව හාස්කමක් නිසා එතැන් පටන් මෙයාට මිනිස් හැඟීම් ගලා එනවා. හැඟීම් ආවට පස්සේ මනුස්සයෙක්ට දැනෙන සතුට, කෝපය, ආදරය ඔක්කෝම මිනිසුන්ට වගේම දැනෙනවා. මෙයා මේ එක්කම විශ්වකර්ම වැඩකුත් කරනවා. ඉස්සරහට මොනවා වේවිද? මෙයාව හමුදාවට බඳවා ගනියිද? වසීගරන්ගේ බලාපොරොත්තු ඉටු වේවිද? සුන් වේවිද? බලන්නකෝ…

මේක තමයි මගේ පළමු උපසිරැසිය. ඒත් මීට කලින් මේ අඩවියට දෙන්න කියලා එක චිත්‍රපටයක වැඩක් කලා. ඒක වෙන කෙනෙක් බාරගත් එකක් නිසා ඒක අහිමි වුණා. ඊට පස්සේ තමයි මේකට හැරුණේ. මොකද මම මේ චිත්‍රපටයට ගිය අවුරුද්දේ ඉඳන් එකක් හදාගෙන ආවා. මගේ තෘප්තියට. මේක මම ආයෙත් මුල ඉඳලා සති දෙකයි දවසකින් සම්පූර්ණ කළා. මොකද මේ දවස්වල ආයේ ඉස්කෝල පටන් ගත්ත නිසා කාර්යය බහුල වුණා. කොහොම හරි චිත්‍රපටය බලලා අඩුපාඩු ගැන අදහස් දක්වන්න. ඒකට සමාව දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

එහෙනම් ස්තූතියි! ජය වේවා!

සාලිය රත්නායක සොහොයුරා කලින් පලකරන ලද ලිපිය

මම අද කියන්න යන්නෙ මම බලපු මැක්සම දමිල විත්‍රපටියක් ගැන. IMDB Ratings 6.7ක් ලබා තිබෙන 2010 පැමිණි මෙම චිත්‍රපටය ඉන්හිරාන් (රොබෝ). මෙම චිත්‍රපටියෙ රඟපාන්නෙ දමිල සිනමාවෙ සුපිරි තරුව ලෙස කිරුළුදරන රජිනි කාන්ත් සමඟ ආශ්වර්යා රායි. මේ දෙන්නම ඉන්න ෆිල්ම් එකක් නං හොඳ එකක්ම වෙන්න ඕන නේ.

මේ චිත්‍රපටිය රොබෝ කෙනෙක් වටා ගෙතිල තියෙන කතාවක්. රජිනිකාන්ත් ම තමයි රොබෝ ලෙසත් ඔහුගේ නිර්මාපකයා ලෙසත් රඟපාන්නේ. මෙම රොබෝ පෙනුමෙන් සාමාන්‍ය මිනිහෙක් වගේ. මෙම රොබෝවා නිශ්පාදනය කරල එය හමුදාවේ කටයුතු වලට යොදවන්න තමයි රොබෝගේ නිර්මාපකයාගේ උවමනාව. ඒත් මොහුගේ ගුරුවරයා කැමතිනෑ ගෝලයාගේ නිර්මාණයකට ඒ තැන දෙන්න. මොකට තවම ඒ ප්‍රොෆෙසර්ට බැරිවෙලා තියෙනවා නිවරදිව වැඩකරන රොබෝ කෙනෙක් හදාගන්න. මෙම රොබෝව හමුදාවට නිර්දේශනොකරන නිසා රොබෝගේ නිර්මාපකයා ඒ රොබෝට සාමාන්‍ය මිනිසෙකුට තිබිය යුතු සියළු දත්ත ලබාදෙනවා. හදිස්සියෙ රොබෝට හෙනයක් වැඳීම නිසා රොබෝ හිතන්න පතන්න පුළුවං තත්වයට වැටෙනවා. ඊටපස්සෙ ඒ රොබෝ තමාගේ නිර්මාපකයාගේ සුරූපී ආදරවන්තිය(ආශ්වර්යා රායි) ට ආදරය කරන්න පටන්ගන්නවා…. ඉතිරිටික බලලම දැනගන්නකෝ….
‍
මෙම චිතුපටයේ රඟපාන රජිනිකාන්ත්ට දැන් 62ක් වුනාට චිත්‍රපටියෙනං ඉන්නෙ කොල්ල වගේ…. ඒවගේම මෙම චිත්‍රපටය තමයි ඉන්දීය සිනමාවේ වැඩිම වියදමක් දරලා නිශ්පාදනය කල විත්‍රපටය. (මෙය නිපදවා තියෙන්නෙ “සිවාජී” චිත්‍රපටය නිපයවූ කෙනාමයි.) ඒවගේම මෙම චිත්‍රපටය සතිදෙකකින් වැනි කෙටිකාලයක් තුල නිශ්පාදන වියදම වගේ දෙගුණයක ආදායමක් බලාගන්නට හැකිවී තියෙනවා.

ඒවගේම කියන්නඕන මෙහි ත්‍රිමාණ සජීවීකරණය ඉතාමත්ම විශිෂ්ඨයි. මෙම චිත්‍රපටය ඇමරිකාව හා යුරෝපයේ ජනප්‍රිය වෙන්නට ඒක හේතුවක් වෙන්නට ඇති.

Enthiran (2010) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD Rip පිටපත් සඳහා අදාළ වේ.

8,351 downloadsDownload Enthiran-2010.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු නවින්

Subtitles

8,351 downloadsDownload Subtitles74 KB

68 comments

  1. chamila

    but thanks.....

  2. uda

    මරේ මරු, කොහොමද බලමු අසල්වැසියන්ගේ වැඩ?

  3. darshi

    Thanks

    1. Dimuthu

      thanks kiuwata sub naneda

  4. shehan

    thanks a lot .kalekin tamil 1k .habai mama meka balala thiyenawa

  5. Anonymous

    aiyo...ada mama 5....aulak ne...aye 1st wennamko...

  6. deeps

    I have watched the Hindi one. It was a totally new experience because the theme is different than the usual Hindi movies :)

  7. ns

    boruwata sinhala sub denawa kiyapu borukaaraya

  8. අමල් ප්‍රසාද් සමරවීර

    kalekin tamil film ekak deela thiyenne... kohoma nobala innada!! onna ehenam apith banna set una.. thnxxxxxxx

  9. dana

    sinhala tibbanam mare maru bashaven vadak ne ehenama onna bava jaya vewa

  10. Akalanka Yapa

    thanxxx
    sinhala sub thibba nam ela

  11. San J

    මේක මම කලින් බලල තියනවා. ඉන්දියාවෙ කියල කියන්න බැරි තරම්ම මෙහි ත්‍රිමාණකරනය උසස්. බලපු නැති කට්ටිය අනිවා බලන්න

  12. mudiya

    man balannam kiyalama hitapu movie 1k.thanxxxxxxxxxxx dunnata.jaya wewaaaaaa

  13. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    පොඩි නිවරදි කිරීමක් වෙන්න ඕන මම හිතන්නේ. IMDB rating එක 6.7 වෙන්න ඕනා

  14. chamil

    thanks

  15. AL1717

    Thanks machan Me Movie eka Nam Apu gaman Wage Beluwa.

    Film Eka Nam Niyamai.

    Jaya Wewaaa

  16. chandralal

    Mage com eke sinhala subs penne ne can anyone help me

  17. Dilshan

    Tnx...

  18. Anonymous

    man baluwa ela fim ekak
    balannako

  19. radi

    kiyana eka kiyanna epai.....
    meka mama balapu chama film eka....

  20. Jayan Chamal

    meka balapu nathi aya onama athalosak idi a kale mama baluve film coppy ekak mulin baluvath hoda coppy eka hinda ai balanava thanaks machan ela

  21. Edgar

    mama tamil films balanne na.

  22. Dhana

    aiyoo sub denawa qwa hinda man dammeth na.. man sub bagayak haduwata passe danagathte sub denawa kiyala.. eth koo.....?????

  23. k2abey

    මෙක මගෙ අදහස
    මූ මහ කොටිය මුන් තම ලන්කාව ලොක සිතියෙමෙන් අඉන් කරන්න ඉන්න පර හෑත්ත මුන්ගෙ ෆිල්ම් අපි ලාන්කිකයො වශයෙන් ප්‍රතික්ශේප කරන්න ඔනෙ.
    අපි මෙක බාගෙන නොබලුව කියල රජිනිට සත පහක පාඩුවක් වෙන් නෑ තම ඒත් අපිටත් ස්වයන් අභිමානයක් තියෙන්න ඔනෙ අපෙ රට ගෑන

  24. රත්ගමයා

    මේක හින්දියෙන් රොබොට් කියන එකද? :)

  25. Blogබඩී

    මේකෙ සිංහල උපසිරැසි නැද්ද සහෝ.. චිත්‍රපටය නම් අනර්ඝයි..ස්තුතියි..

  26. කරුමක්කාරයෙකුගේ දින සටහන්

    හප් ෆා...

  27. ප්‍රදීප්

    මේකෙ නම "ඉන්හිරාන්" නෙවෙයි "එන්දිරන්".. (මට දෙමල කියවන්නයි ලියන්නයි පුලුවන්. කතා කරන්නයි තේරුම් ගන්නයි බෑ)මේකෙ HD Rip එකත් HD DVD දැන් පිට වෙලා තියෙනව. දෙමල, හින්දි කියන භාෂා 2න් ම තියෙනව දැක්ක. මම නම් බැලුවෙ නෑ, මට කොහොමත් දෙමල මූවි එකක් බලනව නම් සිංහලෙන් තේරෙන්න ම ඕන. සබ් එක්ක ඕන. ඉංග්‍රීසි එකක් නම් යන්තම් හරි තේරෙනව. මේක ඉතින් දෙමල නෙ, මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. ඒ නිසයි බැලුවෙ නැත්තෙ. විස්තරයට ස්තූතියි! :)

  28. රාම් රාජ්

    ගන්නවා.

  29. Tharindu

    Ayyooooo DVDRIP kiwwata 1CDRIP wageeeeeee .........................................

  30. lakshan

    elaaaaaaaaaaaaaaaaaa

  31. ashan suranga

    kkkk
    bala balamukooooooooo

  32. ashan suranga

    macho copya nam hari ne neda???

  33. kathu

    Let's see...!! Thanks bro..

  34. MEdical videos

    Film Eka Nam Niyamai.

  35. Uraj Deemantha

    සිංහල සබ් තිබ්බා නම් එළ.... :)

  36. Anonymous

    machanz...flv eka windows 7 wala play wenne nane...:(
    kohomada olay karanne?

  37. Anonymous

    machanz...flv eka windows 7 wala play wenne nane...:(
    kohomada play karanne?

  38. අමිල නුවන් රණසිංහ

    මේක සිංහල සබ් එක්ක දෙන්නකෝ..

  39. Gamith

    hodai hodai.............

  40. Shashi Fernando

    aiyooo baiscope eke gon chitrapatith denna gattada. meke tiyena qulitiya adu karaganna epa me wage jarawal post karala nogalapena.

    1. M.B.H.M Marasinghe

      1st time sub karana kenekwa up karana post 1k danna bari taram oya mona taram kuhakada ? sub 1ka salli deela ganna una nam oye quality katha na..nikan dena de age na ekai..onna okai ape samaharak ge wensa..

  41. Nipunalanka

    meke sinhala sub denna plz plz plzzzzzzzzzzz

  42. Nipunalanka

    plzzzz

  43. mahima

    aiye sub ko

  44. 1279920

    koida bn meke sub

  45. tharindu memal

    fill eka nm thyenawa.ko sinhala sub ane ithn

  46. King sahan

    sinhala sub eka dannakooo plzzzzzzzzzzzzz

  47. Mithun

    2018 චිත්‍රපට ගැන ඉයෙ දිනයෙ ෆබ් එක හරහා පොස්ට් එකක් එලිදැක්වෙල තියෙනව දැක්ක, නිතරම සයිඩ් එකෙන් සබ් ගන්න කෙනෙක් හැටියත් මෙකට උපසිරැසි නොලබිල තියෙන නිසත් කමෙන්ට් එකකුත් දැම්ම අමනාපයෙන් වගෙ සබ් නැහැ කියල .

    මෙන්න අද හවස මැසෙග් ඇලර්ට් එකක් එනව සබ් එක ...
    සතුටක් ලොකු.
    වටිනව ඔන්න ස්තුතියි බ්‍රො

    1. Mithun

      HD STR KIYALA DUNNATA 720 HD WALATAWAT MOKATAWAT SET WAN NA

  48. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. රවිඳු නවීන්

      Obatath Sthuthi

  49. charith kavinda

    chips 2017 walatt subs dennako

  50. muditha

    good job sahodaraya

Load more comments