කොහොමද යාළුවනේ කට්ටියට? ඉතින් හා හා පුරා කියලා 2016 වසරත් ලැබුවා.. ඔන්න ඉතින් මාත් 2016 ට වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය. ලැබුවා වූ 2016 නව වසර සියළු දෙනාට සාමය, සතුට පිරුණු, අපේ ගොඩක් කොමික් රසිකයන් අමන්දානන්දයට පත් කරන්න සමත් වෙන වසරක් මෙන්ම සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා යැයි මම මු…

කොහොමද යාළුවනේ කට්ටියට? ඉතින් හා හා පුරා කියලා 2016 වසරත් ලැබුවා.. ඔන්න ඉතින් මාත් 2016 ට වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය. ලැබුවා වූ 2016 නව වසර සියළු දෙනාට සාමය, සතුට පිරුණු, අපේ ගොඩක් කොමික් රසිකයන් අමන්දානන්දයට පත් කරන්න සමත් වෙන වසරක් මෙන්ම සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා යැයි මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ඉතින් සුභ මොහොතින් මේ වසරෙත් උපසිරැසි කිරීමේ වැඩේ මේ ෆිලුමෙන් ආරම්භ කරන්නයි ඔන්න මගේ ලෑස්තිය. ෆිලුම නම් ඉතින් 2011 වසරේ ආපු එකක්. ඉතින් පරණයිනේ. කියලා මේක නොබලපු අය නොබලා ඉන්න එපා. බාගෙන බලන්න ලස්සන කතාවක් තියෙන්නේ.
අද මේ දෙන ෆිලුමේ නම තමයි “එන්ගේයුම් කාදල්” මෙහි තේරුම තමයි ” සැම තැන ආදරය” කියන එකයි. ෆිලුමෙ නම් ඉතින් මුළුමනින්ම ආදර කතාවක් තමයි ගලාගෙන යන්නේ. ඒ වගේම ඉතා මියුරු ගීත කීපයකුත් මිහිරි පසුබිම් සංගීතයකුත් සමඟ මේ ෆිලුම හැඩවෙලා තියනවා. ෆිලුම අධ්‍යක්ෂණය කරන්නේ “ප්‍රභූ දේවා ” විසිනුයි. ඒ වගේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ “කල්පතී” සොහොයුරන් විසිනුයි. මේ කතාවට පාදක කරගෙන තියෙන්නේ 1975 වසරේ නිකුත් වූ ඇමරිකානු ෆිලුමක් වන “Love in the Afternoon” යන ෆිල්ම් එකයි. සංගීතය “හැරිස් ජෙයරාජ්” විසිනි. ඒ වගේම මෙහි ප්‍රධාන නළුවා වන්නේ “ජෙයම් රවී” ය. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස “හංසිකා මෝත්වානි” රංගනයෙන් දායක වෙනවා. මේ දෙදෙනා පෙම්වතුන් ලෙස පළමු වතාවට එක් වන්නෙත් මෙම ෆිලුමෙන් තමයි.
දැන් ඉතින් කතාවත් ටිකක් කියන්නම් නේ. කමල් (ජෙයම්) කිය්නනේ සල්ලිකාර බිස්නස් මෑන් කෙනෙක්. මෙයා නිවාඩුවක් ලැබුණ ගමන් පැරිස් වලට ඇවිත් කෙල්ලොත් එක්ක උපරිම ලෙස විනෝද වෙනවා. නමුත් මොහු ආදරය කරන්න කැමති නැහැ. කවුරුහරි කෙල්ලෙක් ආදරය කළොත් එයා එතනින් මාරු වෙනවා. එතකොට කයල් (හංසිකා) කියන්නේ පෞද්ගලික පරීක්ෂක වරයෙක් වන “රාජශේකර්” නැමති පුද්ගලයාගේ දියණියයි. රාජශේකර් ළඟට පුද්ගලයෙක් එනවා තමාගේ පෙම්වතිය මේ “කමල්” කියන පුද්ලගයා එක්ක රවුම් ගහනවාද කියලා දැනගන්න. පස්සේ එය සත්‍යයක් වන අතර, මොහු යනවා තමාගේ පෙම්වතිය හා කමල් හමුවෙන්න ලෑස්තිවෙලා ඉන්න හෝටල් කාමරයට එය තහවුරු කරගන්න. මේ අතර කයල් කමල්ව බේරගන්න ඒ හෝටල් කාමරයට යනවා. පස්සේ ඉතින් මොකද වුණේ ? අර සිද්ධිය මාට්ටු වුනාද ? කයල් විසින් කමල්ව බේර ගත්තාද ? ඊට පස්සේ මේ දෙන්නා අතර මොනවා සිද්ධ වෙයිද ? ඒ ටික ඉතින් ඔයාලම බලන්නකෝ.
එහෙනම් ඉතින් වෙනදා වගේම සුපුරුදු ලෙස වරුණ රංගජිත් (වරූ) අයියට ලිපියේ සංස්කරණ කටයුතු වෙනුවෙන් ස්තූතිය පුද කරනවා. එහෙනම් ඉතින් මේ වසරත් සුභ වෙන්න කියලා සහ සිංහල සබ් වලින් පිරී ඉතිරී යන වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම අදට සමුගන්නවා.
සියළු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා…!!!
1.4 GB (BR) කොපිය මෙතනින් බාගන්න
ecc881e8933114dbd36d7e8a761cdb24202d16b1 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,171 downloadsDownload Engeyum-Kadhal-2011-baiscopelk.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
16 comments
kanthaDLA
isuru neranjan
tnx mcn
Sadu..
බොහොම තුති සිරාජ් ප්‍රියන්ත සහෝ.අලුත් අවුරුද්දේ බලන තුන් වෙනි film එක ඉතින් ඔයාගේ මේ සබ් (වස්තුව) ත් එක්ක තමය් බලන්නේ.සහෝ බොහොම ස්තුති හොදේ.ලස්සන කථාවක් කියලා ලිපිය කියවද්දිම තේරුණා. බුදුසරණය්!!!
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසයිට.
Danushka Jayanath
බොහොම ස්තූතියි මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා….Kulanjana Maduranga
wonderful story.....kalekata kalin balapu patta tamil filumak…..thanks SIRAJ saho..sub ekata..thawa aluth tamil film demu.jaya wewa……
thisal
තැන්ක්ස් සබට
Nishadi Wickrama
tnx
සනත් ශ්‍රීමාල් පෙරේරා
සුබ නව වසරක් වේවා සහෝටත්...
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Suu
thank U :):)
Happy New Year !! :) :)Chami
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mithun Sriyantha
wow මෙකට සබ් දෙයි කියල හිතුවෙ නැ, කොහොමද හරි අද තම අහුනෙ .. අනිවා බානව,,, ගොඩක් ගෞරවයෙන් කියන්නෙ ස්තුතියි මෙ කරන සෙවෙට . තැන්ක්ස් සබ් එකට බයිස්කෝප් එකට ජය
roshan
thanks mcn....
Sudesh
Thank you very much brother...
Indrajith
thanks for the sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!