තුරඟ තරඟ…එහෙමත් නැත්නම් අශ්ව රේස් කියන්නේ, වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක්. මේ වනවිට, මෙම තුරඟ තරඟ, හුදෙක්ම තරඟයක් බවට පත් නොවී, ඉන් ඔබ්බට ගොස් තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම්, සූදුව විසින් මෙම අශ්ව රේස් ක්‍රීඩාව සිය අණසකට යටත්කොටගෙන තිබෙනවා. මේ අශ්ව රේස් සූදුව කෙතරම් ප්‍රබලව ව්‍යාප්ත වෙලා…
තුරඟ තරඟ…එහෙමත් නැත්නම් අශ්ව රේස් කියන්නේ, වර්තමාන ලෝකයේ ප්‍රසිද්ධම ක්‍රීඩාවක්. මේ වනවිට, මෙම තුරඟ තරඟ, හුදෙක්ම තරඟයක් බවට පත් නොවී, ඉන් ඔබ්බට ගොස් තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම්, සූදුව විසින් මෙම අශ්ව රේස් ක්‍රීඩාව සිය අණසකට යටත්කොටගෙන තිබෙනවා. මේ අශ්ව රේස් සූදුව කෙතරම් ප්‍රබලව ව්‍යාප්ත වෙලා තියෙනවද කියනවා නම්, පැය ගණනක් ඇතුලත, කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් එහා මෙහා යන, මායා ලෝකයක් බවට මෙය පරිවර්තනය වෙලා තියෙනවා. සමහරු දිනනවා…තවත් සමහරු පරාද වෙනවා. ඒත්, පැරදුන කෙනාවත්, දිනපු කෙනාවත්, කවදාවත් මේ අශ්ව රේස් සූදුව නම් නවත්වන්නේ නැහැ. අශ්වයෝ තමයි ඔවුන්ගේ සර්ව බලධාරියා සහ දෙවියන්. රේස් තමයි එයාලගේ ආගම. අශ්වයෙක්ගේ ජයග්‍රහණය, කීර්තිය පිළිබඳව ප්‍රශ්නයක් විදියට තමයි, අශ්වයාගේ හිමිකාරයා සහ ඉහල පැලැන්තියේ පුද්ගලයින් සලකන්නේ.
අශ්වයෙක්, තරඟයක් ජයග්‍රහණය කරනවා කියන එක, හිතන තරම්ම ලේසී පහසු කාරණාවක් නෙමෙයි. වත්මන් තුරඟ තරඟ පිටියේ, ජයග්‍රහණය කරන්න නම්, වෙනස්ම ආකාරයක නීතියක් තිබෙනවා. එක්කෝ, අශ්වයා තමන්ගේ හැකියාවෙන් දුවලා දිනන්න ඕනේ, එහෙම නැත්නම් දිනන්න ඉන්න අශ්වයාව, කොහොමහරි තරඟයෙන් ඉවත්කරන්න ඕනේ. අශ්වයෙක්, සාධාරණව තරඟය දිනනවා නම්, අශ්වයාගේ අභිජනන වර්ගය, උගේ ඉතිහාසය, මෑත කාලින උගේ දක්ෂතාවයන්, අයිතිකාරයේගේ විස්තර, ජෝකියගේ වගේම පුහුනුකරුවගෙත් විස්තර, අශ්වයාගේ හැසිරීම වගේම, තරඟය පෙර උගේ මානසික මට්ටම, ජොකියා, අශ්වයාට ගැලපෙනවද, අශ්වයාගේ උරහිස් වල තත්වය, ගේට්ටු අංකය සහ ට්‍රැක් නම්බර් එක…ආදී මේ හැම කාරණාවක්ම හරියාකාරව සිදුවෙන්න ඕනේ. නමුත්, මේ හැමදෙයක්ම හරියාකාරව සිදුවුණත්, එකම එක කාරණාවක් නිසාවෙන්, මේ හැම දෙයක්ම උඩු යටිකුරු වෙන්න පුළුවන්. ඒ තමයි…වංචාව!!!
වික්‍රම්…පෞද්ගලික ඉදිකිරීම් සමාගමක ගිනුම්කරුවෙක් විදියට රැකියාවේ යෙදෙනවා. ඉන්දියාවේ තියෙන හැම බැංකුවකින්ම ක්‍රෙඩිට් කාඩ් අරගෙන තියෙනවා. මේ ක්‍රෙඩිට් කාඩ් හරියාකාරව පාලනයක් සහිතව නඩත්තු නොකිරීම නිසා, මේ වනවිට ලක්ෂ 27 කට අධික මුදලක්, බැංකු වලට ණයගැතිව සිටිනවා. “හැකි ඉක්මනින් ක්‍රෙඩිට් කාඩ් ණය මුදල් ගෙවාදාන්න” කියලා, හැම දවසකම, අනිවාර්යයෙන්ම බැංකු වලින් දුරකථන ඇමතුම් පනහක්වත් මොහුට ලැබෙනවා.
ශ්‍රීදර්…ත්‍රිචි වල ඉඳලා, රැකියාවක් සඳහා චෙන්නායි නගරයට පැමිණෙනවා. අම්මයි නංගියි තමයි මුළු ලෝකයම. ගෑනු ළමයින්ව තමන්ගේ අතේ දුරින් තියාගන්න පුද්ගලයෙක්. චෙන්නායි වල ඉන්න නංගිගේ යාලුවෙක්ගෙ ගෙදර ඉඳලා තමයි රැකියාවට යන්නේ.
ඉන්බා…තම පියාණන්ගේ අභාවයෙන් පසු, මහල් නිවාසයක කාමරයක් කුලියට ගෙන ජීවත් වෙනවා. තමා කුඩා කල ජීවත් වූ තම මහගෙදර, බැංකුවට සින්න වීමට නොදී, ලක්ෂ 45ක මුදලක් ගෙවා එය තමන් සන්තක කරගැනීමයි ඇය සතු එකම බලාපොරොත්තුව.
ශර්මා…වර්තමාන ඉන්දියානු තුරඟ පිටියේ රජු වශයෙන් සලකන්නේ මොහුයි. තමන්ගේ ජවාධික අශ්වයාගේ පිහිටෙන් සහ, තම අශ්වයාට අභියෝගයක් වූ සියළුම අශ්වයින්, තම මැර බලයෙන් සදහටම ඉවත් කරමින්, අන්තර්ජාතික මට්ටමට තම කීර්ති නාමය පතුරුවා ගැනීමට මාන බලමින් සිටින්නාවූ පුද්ගලයෙක්. නගුලන්…බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන්ම, තුරඟ තරඟ සිය උරුමය කරගත්තාවූ පවුලකින් පැවත එන්නාවුද, කාලයක් පුරාවට තුරඟ තරඟ බිමේ සිය ආධිපත්‍ය පතුරුවාගෙන සිටියාවූද, සිය අශ්වයාගේ පරාජයත් සමගින් තුරඟ තරඟ ක්ෂේත්‍රයෙන් ඉවත් වුනාවූද, වසර පහකට පසු, නැවතත් තමා සතු දක්ෂතම අධිවේගී අශ්වයෙකු සමගින් තුරඟ තරඟ පිටිය අතික්‍රමණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින්නාවූද පුද්ගලයෙක්.
එකිනෙකාට කිසිසේත් සම්බන්ධයක් නොමැති පුද්ගලයින් පස් දෙනෙක්…එකිනෙකට වෙනස් වූ අරමුණු පහක් පසු පස හඹා යන්නාවූ පුද්ගලයින් පස් දෙනෙක්…හදිසියේ සිදුවෙන්නාවූ ක්ෂණික සිදුවීමක් නිසාවෙන්, මෙම පුද්ගලයින් පස් දෙනා එකිනෙකා හමුවෙනවා. එහෙම නැත්නම් මම මෙහෙම කියන්නම්…සිය අරමුණු වෙනුවෙන්, මේ පස් දෙනා, එකිනෙකා ඝට්ටනය වෙනවා. මෙම ඝට්ටනය නිසාවෙන්, අවසාන ප්‍රතිපලය ලෙස, එක් අයෙකු සදහටම මෙලොවින් සමුගන්නවා.
තුරඟ තරඟ පිටියේ, ඔබ මේ තාක් කාලයක් පුරාවට නොඇසූ කතා පුවතක් රැගත්, පුරා හෝරා දෙකකට ආසන්න කාලයක් එක හුස්මට නැරඹිය හැකි, කුතුහලය සපිරි මෙම දමිළ සිනමා සිත්තම නැරඹීමට සියලු දෙනාටම කෙරෙන්නාවූ සුහඳ ආරාධනාවත් සමගින් අදට සමුගන්නවා.
හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.mx – Ennodu Vilayadu (2017)
ලබා දී ඇති උපසිරසි TamilRockers HDRip පිටපත් සඳහා අදාළ වේ.
6,574 downloadsDownload Ennodu-Vilayadu-2017.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
36 comments
hashan buddhika
amila srinath
Ko bro SINGAM 3 aka sub eka?
lakshitha
Singam 3 eke sub eka ko bro..
Chalana Rukshan
thnx bro...
Palitha de Silva
thankyou verymuch...
Chami.S
Thanks..
Good Luck..Sohan jayasooriya
Ela ela thanx aiye sub ekata
iptX
:neutral: :P :idea: thank U SISILA
pubudu
ස්තුතියි සබ් එකට බලනවා අනිවාර්යයෙන්ම
Bogan එකටයි singam 3 එකටයි සබ් දෙන්න ඉක්මනටyasitha
sthuuthiy bro subata..supiriyak wage..aniwa bemak thama...
Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Zeal
thnxxxx mcn sub 1ta...
thisal
thankss
mithun
නියමයි සහෝ ඔයාට ගොඩක් ස්තුතියි මෙ කරන සේවෙට සුපිරි ටැමිල් ටිකක් එක දිගට ගත්ත ඔයාගෙන් දිගටම හොදම එව ගෙන්න ගොඩක් සතුටුයි ගොඩක් ස්තුතියි ඔබට ජය පතනව ඔන්න සබ් එක ගත්ත බොස්
pula
2ි012 පොඩි කාලෙ ඉදන් සබ් බාගෙන යනව කමෙන්ට් කරල නැ ..එක හෙන චටර් කියල දැන් හිතෙනව .කලෙ කාගෙන කරන් වැඩෙ හැමොටම හොදට ෆිල්ම් එක බලන්නනෙ...අය්යගෙ සබ් කරපු ගොඩක් බලල තියන්වා.එල ...දිගටම දෙන්න සබ්...තැනක්ස්
Jack
පට්ටයි මචෝ...
සබ් මැශීමක් වෙලානේ දැන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
මචෝ ඊලගට singam 3 එකට සබ් ඕණේ.
ජය...සහන්
තැන්ක්ස් සිසිල අයියේ...මම ඔයා දාන හැම ෆිල්ම් එකක්ම බලන්වා..ගොඩාක් ස්තුතිය් සබ් එකට
තරිඳු රසාංග
සබට තෑන්ක්ස් සහෝ !
Soori
ගත්තා. සිංහල සබට තුති සිසිල සහෝ... ලිපියත් එල...!
asitha
thanks bro
Lahiru
මචං සිසිල උබෙ ඊලඟ 50 සුපිරි ෆිලුමක් ඕනි හොදේ
Chamal Perera
උපසිරසට බොහොම ස්තුතියි
Prasad Randunu
Bohoooooooma Pin.. jaya wewa...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank you
පුබුදු
thanks macho, bogan film ekatath sub one
Wajira Buddhika
Thanks for sub..singham 3 walata sub danna....
david
singam 3 walath ikmanata sub danna........
Pradeep Chathu Srinath
බොහොම ස්තුතියි .... ජය වේවා !!!!!
Niram Suresh
බයිස්කෝප් එකට මුලින්ම ආව ගමන් බලන්නේ ටැමිල් එකක් නැද්ද කියල. බලද්දිම දකින්නේ එක්කො උබේ නැත්නම් ස්නේක්ගෙ නම. මම සබ් කරන එකෙක්නම් නෙමෙයි හැබැයි මස්සිනේ මේකෙ කට්ට සහ ලැබෙන ලාභය මොකද්ද කියන්න මම හොදාකාරවම දන්නව. මම ඉන්නෙ අතිශය රාජකාරි බහුල දිවියක ඒකත් උපන් රටේ නෙමෙයි... ඒත් එයින් මිදුන මොහොතක හෝ ඊ ලගට මුලින්ම හොයන්නෙ සිංහල සබ් කරපු ටැමිල් මුවි එකක්වත් නැද්ද කියලයි.. ඉතිං ඒ වෙලාවට උබල දෙයියො නෙමෙයි දේවාල වගේ බං. සබ් එකට ජය ෆිල්ම් එක ඩවුන් වෙන ගමන් තියෙන්නෙ. උබට ජය ආ. එල එකක් මස්සිනේ එල එකක් ආ යෝ යෝ
Isuru
Elama mchn
R.S. Samantha
Thank You machoonna banawa ela ela
dana
Thanks Bro. niyama Wedak
rukahan
niyamai
dhanudhananjaya
Direct link wada na bro wada krana ekk dako
gayanmagee
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Macn... Supiri Film Ekak Wage... Ganna One Night Data Walin... Bogan ekath diyan Puluwannam...