Watch Trailer

Enola Holmes 3 (2026) Sinhala Subtitles | මෝල්ටා දූපතේ අභිරහස [සිංහල උපසිරැසි]

Enola Holmes 3 (2026) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම! ෂර්ලොක් හෝම්ස් ගැන වගේම එයාගේ දක්ෂ සහෝදරිය එනෝලා හෝම්ස් ගැනත් දැන් ඔයාලා හොඳටම දන්නවා ඇතිනේ. 2020 වසරේදී නිකුත් වුණු Enola Holmes පළමු චිත්‍රපටයත්, ඊටපස්සේ ආපු දෙවැනි චිත්‍රපටයත් Netflix හරහා අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වුණා…

Enola Holmes 3 (2026) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!

ෂර්ලොක් හෝම්ස් ගැන වගේම එයාගේ දක්ෂ සහෝදරිය එනෝලා හෝම්ස් ගැනත් දැන් ඔයාලා හොඳටම දන්නවා ඇතිනේ. 2020 වසරේදී නිකුත් වුණු Enola Holmes පළමු චිත්‍රපටයත්, ඊටපස්සේ ආපු දෙවැනි චිත්‍රපටයත් Netflix හරහා අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගන්න සමත් වුණා. ඉතිං ඔන්න ඒ සාර්ථකත්වය මතම නිර්මාණය වුණු එනෝලාගේ තුන්වැනි සිනමා වික්‍රමය, එහෙමත් නැත්තම් Enola Holmes 3 වෙනුවෙන් තමයි මේ උපසිරැසිය අරගෙන ආවේ. මුල් චිත්‍රපට දෙක නරඹලා නැත්තම්, අනිවාර්යයෙන්ම ඒ දෙක බලලම මේකට එකතු වෙන්න කියලා මතක් කරනවා.

සුපුරුදු පරිදි ප්‍රධාන චරිතය වෙන එනෝලා හෝම්ස්ගේ චරිතයට ආදරණීය ‘Millie Bobby Brown’ දායක වෙද්දී, ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය සුපිරි නළු ‘Henry Cavill’ විසින් නිරූපණය කරනවා. මීට අමතරව Helena Bonham Carter (යුඩෝරියා හෝම්ස්), Louis Partridge (ටීයෝක්ස්බ්‍රි) ඇතුළු සුපුරුදු නළු නිළියන් රැසක් මේ තුන්වැනි දිගහැරුමටත් එකතු වෙලා තියෙනවා.

චිත්‍රපටයේ කතාව ගැන ස්පොයිල් නොවෙන්න පොඩ්ඩක් කිව්වොත්, මේ පාර කතාව දිවයන්නේ මධ්‍යධරණී මුහුදේ තියෙන සුන්දර මෝල්ටා දූපත පාදක කරගෙන. තමන්ගේම මඟුල් ගෙදර දවසෙත් එනෝලාට වෙනදාටත් වඩා ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි තමන්ගේ අයියා, ෂර්ලොක් හෝම්ස්ගේ හදිසි අතුරුදහන් වීම! ඒ ගැන හොයාගෙන යන එනෝලාට මුහුණ දෙන්න වෙන්නේ එයාගේ ජීවිතේ මෙතෙක් ආපු භයානකම සහ සංකීර්ණම අභිරහසට. අතුරුදහන් වුණු අයියාව හොයන ගමනේදී මහාචාර්ය මොරියාටිගේ දරුණු සැලසුම් වලට වගේම, බ්‍රිතාන්‍ය හමුදාවේ ලොකු රහස් ගණනාවකටත් එනෝලාට මැදිවෙන්න සිදුවෙනවා. හැමදාම වගේ එනෝලාගේ අම්මාගෙත් විශේෂ මැදිහත් වීමක් වගේම ඩොක්ටර් වොට්සන්ගේ එකතුවීමත් මේ කතාව පුරාවටම දැකගන්න පුළුවන්.

ෂර්ලොක්ගේ බුද්ධියයි, එනෝලාගේ ධෛර්යයයි එකතු වුණු මේ අලුත්ම අභිරහස කොහොම විසඳේවිද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. විශේෂයෙන්ම අන්තිම වෙනකම්ම කුතුහලය පිරිලා තියෙන, ක්‍රියාදාම වලින් අඩුවක් නැති කතාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

එහෙනම් ඉතිං චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමුගන්නවා.

 උපසිරැසියට අදාලා වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ගන්න පුලුවන්

                                      *-* ජය ශ්‍රී *-*

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRIP පිටපත් සඳහා අදාළ වේ.

2,398 downloadsDownload Enola-Holmes-3-2026.zip85 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Enola Holmes 3 Sinhala Subtitles

Subtitles by

යසිරු හසරංග

Subtitles

2,398 downloadsDownload Subtitles85 KB

5 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් එක දුන්නට

  2. Sahan Gayantha

    thanks a lot Yasiru saho sub ekata

  3. sam

    thanks bro….

  4. Viraj

    Thanks

  5. damith niwanthaka

    Thanks bro. Jaya wewa… !!!