පරණ වෙන්න පරණ වෙන්න තමයි ඔනෑම දේක අගේ වැඩි කියලා කතාවක් තියනවනෙ. ඔන්න එහෙනම් ඒ වගේ බොහෝම අගේ ඇති පෞරාණික භාණ්ඩයක් උපසිරසිත් එක්කම අරගෙන ආවා. මේක 1973 දි තිරගතවෙලා බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබපු චිත්‍රපටයක්. මගේ 3 වැනි උපසිරසිය. Bruce Lee ගැන නම් නොදන්න කෙනෙක් නෑනෙ නේද. එයා සටන් ශිල්පියෙක්, සටන…

පරණ වෙන්න පරණ වෙන්න තමයි ඔනෑම දේක අගේ වැඩි කියලා කතාවක් තියනවනෙ. ඔන්න එහෙනම් ඒ වගේ බොහෝම අගේ ඇති පෞරාණික භාණ්ඩයක් උපසිරසිත් එක්කම අරගෙන ආවා. මේක 1973 දි තිරගතවෙලා බොක්ස් ඔෆිස් වාර්තා පිට වාර්තා තබපු චිත්‍රපටයක්. මගේ 3 වැනි උපසිරසිය. Bruce Lee ගැන නම් නොදන්න කෙනෙක් නෑනෙ නේද. එයා සටන් ශිල්පියෙක්, සටන් නිර්මාතෘවරයෙක්, නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වගේම ගුරුවරයෙක්. ඒත් ඉතිං Bruce Lee ගැන අපි නොදන්න දේවල් ගොඩක් තියනවා. ඔහු තරම් සාර්ථක සටන් ශිල්පියෙක් ලෝකේ තවම බිහිවෙලා නෑලු. ඒ විතරක් නෙවෙයි, එයාගෙ ලංචක්කු හරඹය shoot කරන්න ඒ කාලේ තිබුණ සිනමා කැමරා speed මදි වුනාලු. ඉතිං එයාටම කියලා frame rate එක වැඩි කැමරාවකුත් හැදුවලු. කොහොම වුණත් ඔයාලා බොහොම කණගාටුවට පත්වන කාරණයක් තියනවා කියන්න. මේ ලෝකප්‍රකට වුණු සිනමා නිර්මාණය අපි අද රස කර කර බැලුවට Bruce Lee ට මේක බලන්න වාසනාව තිබිලා නෑ. මොකද චිත්‍රපටය තිරගත වීමට දවස් 6කට කලින් (1973 ජූලි 20) Bruce Lee අකාලයේ ජීවිතයෙන් සමුගත්ත නිසා. ඉතිං අපි ඒකත් අමතක නොකරමු.
මේ චිත්‍රපටය කරලා තියෙන්නෙ අපි කවුරුත් දන්න Warner Bros. එකෙන්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Robert Clouse. කතාව ලියලා තියෙන්නෙ Bruce Lee මයි. මේකෙ කතාව තියෙන්නෙ දූපතකට වෙලා රහස් ජාවාරම්, අපරාධ කරන පුද්ගලයෙක් අල්ලන්න Bruce Lee යන ගමනක් ගැනයි. වැඩි විස්තරයක් කළොත් ගතියක් නැතිවෙයි. බලලම ඉම්මු. තවත් වටිනා භාණ්ඩයක් අරං එන්නම්. එහෙනම්…ආයුබෝවන් කිව්වා!
78bdc43a245c357bf21363dab5e87f680eb45073 00ED202EBB31B91706FC3EB038A067870CC644C6 E4CD3267CAF2A5CEC6FB61BFF93FAD84FCDDD4AB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,461 downloadsDownload Enter-the-Dragon-1973.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/dimuthulakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු ලක්ෂාන් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු ලක්ෂාන්
Subtitles
40 comments
නලින්
Ishara
තැන්ක්ස් සහෝ සබ් එකට.......
thenuka
thanks for sub
පුලුවන් නම් මෙයාගෙ ඔක්කෝම film වලට උපසිරැසි දෙන්නsamith
patta machan
rajitha
meka nam super ...big boss film aka nedda?
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Siraj
නියමයි සහෝ.
නියම එකක් නේ දීලා තියෙන්‍නේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙමු............tharindu
Fatta sahoo mn meka balala thiyenavaa...maxxahh film ekaaa....thanks sub ekatahh sahoo..onna ehenamm sub ekath ekkama ayee blnvaaa...
Achintha Sameera
දිමුතු ලක්ෂාන් රණසිංහ තැන්ක්ස් මචෝ සබ් එකට,
ගොඩක් පිං උබටනම් මේ වගේ එකකට සබ් දිපු එකට,
පුලුවන්නම් මෙයාගේ ඉතුරු ටිකටත් සබ් දිපන් මචෝ,Download Manager
Thanx machan
රවිඳුවා
ඔන්න බලනවනං ෆිල්ම්.
සහෝ කොහොමහරි Bruce Lee ගෙ අනිත් ෆිල්ම් ටිකටත් සබ් කරලා දෙන්න.
පිං සිද්ධ වෙනවා...නිපුන්
පට්ට පට්ට සහෝ...
ජයෙන් ජය..Thisara NEO
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........yeshu
බොහොම ස්තූතියි සහෝ..... පුළුවන්නම් බෘෘස්ලීගේ අනෙක් ෆිල්ම් ටිකටත් සබ් දීලම වැඩේ ඉවර කළොත් නියමයි....
Dhanushka
මෙකට sub දුන්න එකනම් හොදයි...පට්ට ආස කතාවක්..බොහෝම ස්තුතියි!!!!!!
priyan
balama balamu..thnx
“චූටී මල්ලි”
එල පරන උනට රජ බඩුවක්
තවත් ඔයාට සබ් කරන්න හැකිවේවා
සබට තුති
ඔබට ජය...................Gagan
ela machan
anith Bruce Lee film tikath demuහර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
piyasiri
Me film eka mama nerabuwe mage getawara kaale ae kaale ape weeraya bruse lee me film eka bruce ge lankawe pennapu mulma film eka lankawe satan kalawa gena loku pipideemak eti wuna me film eken passe upa sirasi walata oba tumata godaak pin oba semata jaya
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම කියනවනම් බෲස් ලී ගේ ඔක්කොම චිත්‍රපටිවලට සබ් දාන්න හැකිනම් ඉතා අගනා මෙහෙවරක් වේවී. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
අනේ සහෝ අනිත්වටත් සබ් දෙන්න බලන්න මෙයාගේ,ජයවේවා.
ශාන් විමුක්ති [විමා]
අප්පටහුඩු මේක දීලා නැහැනේ යකඩෝ
නියමයි කොල්ලෝ
සුපිරි වැඩක්
ලොකු අඩුවක් පිරෙවුවා
ඒ වගේම ලී රගපාපු අනිත් ඒවටත් උපසිරසි අරන් එන්න පුළුවන් නම් බොහොම වටිනවා
බොහොම ස්තුතියි සහෝ උපසිරසට!දිමුතු ලක්ෂාන්
කමෙන්ට් වලට බොහොම ස්තූතියි. බෘෘස් ලී ට මාර ඉල්ලුමක් නේ තියෙන්නෙ. ඔන්න එහෙනම් මම The Big Boss එකත් පටන් ගත්තා. ඉක්මනටම අරන් එන්නම්. ජය වේවා !
chanaka naveen
පුලුවන් නම් Bruce Lee ගෙ ඔක්කෝම film වලට උපසිරැසි දෙන්න.....
mudiya / මුදියා
ඉහේ කෙස් ගානට අහල තිබුනට බලන්න බැරි වුන ෆිල්ම් එකක්.
මේක දුන්න එකනං ගොඩක් වටිනව දිමුතු.
අනිව බලන්න ඕනි.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!dinesh vumukthi
ela ela saho...puluwnnam Bruce Leege ithuru film tikath denna....jaya wewa
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍LaSa MaRLeY
නියමයි සහෝ,Dragon බයිස්කෝප් එකට Enter වෙලා වගේ,The Big Boss දාලා තිබුණ නිසා මුලින්ම මේක බාන්න කල්පනා කලා,ගොඩක් ස්තූතියි “දිමුතු ලක්ෂාන් රණසිංහ” සහෝ OLD is GOLD අපිට සබ් එක්ක දෙන්න උන මහන්සියට.ජයවේවා!
Lakshan ads
අැත්තටම ඔයාට ගොඩක් ස්තුතියි මේ සබ් එකට බ්රැස්ලී ගැන අහල දැකල තිබුනට පැහැදිලිවම බයිස්කෝප් එකක් බැලුවේ මෙක තමයි. වීඑච්එස් බලන කාලේ බැලුවට තේරැමක් ඇතුව නෙමෙයිනේ බැලුවේ. ඉතිං යාලුව බ්රෑස්ලීගේ ඉතිරි බයිස්කෝප් ටිකත් දෙන්න පුළුවන් නම් බොහෝම පිං. ජය වේවා.
rc-
supiri thama
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
tharindu
බෘස් ලී ගේ ෆිල්ම් නම් ඉතින් අදටත් සුපිරිම තමා.ස්තූති සබ් එකට.ජය වේවා
අසිත
elama thanks
Lahiru Hashan
niyami ela bro niyamai
keshan
thanks bro
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jayantha_gamalath
Dragon-The Bruce Lee story- ඒක කලානම් වැඩේ සම්පුර්ණයි.ඒකෙ sub.එක කරන්න.ඉතාම අගය කරනවා ඔබගේ මෙම වටිනා උත්සාහයන්.මේ කාරුණික ඉල්ලීම ඉටු කරන්න.ඔබට සාර්ථක අනාගතයක් වේවා !
Anonymous
THANKS
Lasantharathnasirirox
නියමයි සහෝදරයා..ජයවේවා !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එළ එළ මෙක සැහෙන අඩුවක් ව තිබුන මුවි එකක්
දැන් සිංහල සබත් එක්කම නැවත බලතැහැකි
ඉතුරු ටිකත් දෙමු මේ ගැම්මෙන්ම
ජය වේවා!