හොඳයිඑහෙනම්. අවුරුදු ගාණකට පස්සේ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන එන්නයි හදන්නේ. ලඟකදී ආපු ආතල් එකේ බලාගෙන සටන් පිරිච්ච චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්. මේ Enter the Fat Dragon කියන්නේ හොන්ග් කොන්ග් වල නිර්මාණය වුන මාෂල් ආර්ට්ස්, එහෙමත් නැත්නම් සටන් කලාව පිළි…

හොඳයිඑහෙනම්. අවුරුදු ගාණකට පස්සේ ෆිල්ම් එකකට සිංහල උපසිරැසි අරගෙන එන්නයි හදන්නේ. ලඟකදී ආපු ආතල් එකේ බලාගෙන සටන් පිරිච්ච චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් කරන්නම්.
මේ Enter the Fat Dragon කියන්නේ හොන්ග් කොන්ග් වල නිර්මාණය වුන මාෂල් ආර්ට්ස්, එහෙමත් නැත්නම් සටන් කලාව පිළිබඳව තියෙන චිත්‍රපටියක්. 2020 වර්ෂයේ ජනවාරි 23 තමයි මේ චිත්‍රපටිය එලිදක්වන්නේ. මේ චිත්‍රපටය රචනා කරන්නේ සහ අධ්‍යක්ෂණය කරන්නේ Kengi Tanigaki සහ Wong Jing කියන පුද්ගලයන්. මේ චිත්‍රපටිය 1978 වර්ෂයේදී මේ නමින්ද එලිදැක්වුනු චිත්‍රපටියේ රීමේක් එකක්.
මේ ච්‍රතිපටියේ අපි කවුරුත් IP Man නමින් හදුන්වන Donnie Yen ඇතුලුව Teresa Mo, Niki Chow, Wong Jing යන නළු නිළියන් ප්‍රධාන සහ සහාය නළු නිළියන් ලෙස රඟපානු ලබනවා.
කතාව ගැන කියනවානම්, ෆැලෝන් කියන්නේ සටන් කලාව හොඳට ප්‍රගුණ කරපු පොලිස් නිළධාරියෙක්. මේ පුද්ගලයා විවාහයට සූදානමින් තමයි ඉන්නේ. නමුත් යම්කිසි සතුරන්ගේ හඹායාමක් සිදුවන නිසා මේ ෆැලෝන් විවාහ කරගෙන ඉන්න හදපු කාන්තාව එයාව අතෑරලා යනවා. ඒ වගේම ඒ හඹායාමේදී සිදුවන පොඩි අකරතැබ්බියක් නිසා තමන්ට තිබුන පොලිස් පරීක්ෂක තනතුරෙන් නිකම්ම සාක්ෂි පිළිබඳව සහ සාක්ෂි තියෙන කාමරයේ වැඩට මේ ෆැලෝන්ව නිලයෙන් පහතට දානවා. ඉතින් ෆැලෝන්ට තියෙන්නේ පුටුවක ඉදගෙන කම්පියුටරයක් ඔබ ඔබා කෑම කකා ඉන්න විතරයි. මේ හේතුව නිසාම කිලෝ 65ට හිටපු ෆැලෝන් කිලෝ 250ක් වෙනකම් මහත් වෙනවා. නමුත් කොහොමහරි ෆැලෝන්ට ජපානයට යන්න සිද්ධවෙනවා පොලිසියේ රාජකාරිමය කටයුත්තක් සඳහා. නමුත් ඔහුත් සමඟ රැගෙන යන සැකකාරයෙක්ව යම් කිසි පුද්ගලයන් වගයක් විසින් පැහැරගන්නවා. ෆැලෝන්ට ඕන කරනවා කොහොම හරි මේ පුද්ගලයාව හොයාගන්න. ඒ වගේම මේ පුද්ගලයාට මොකද වුනේ කියලා දැනගන්න. ඒ වගේම මේ පුද්ගලයාගේ වටේ කවුද ඉන්නේ කියලා දැනගන්න. ඉතින්, ජපන් පොලිසිය මේ ෆැලෝන්ට උදව් කරයිද, තඩි බඩක් තියාගෙන ෆැලෝන් කොහොමද මේ පුද්ගලයාව හොයාගන්නේ, කොහොමද මේ ෆැලෝන්ට විරුද්ධ වෙන අයත් එක්ක සටන් කරන්නේ. ඒ වගේම මේ ෆැලෝන්ව අතෑරලා ගියපු කාන්තාවත් මේ සිදුවීමට සම්බන්ධයක් ඇතිවෙනවා. ඉතින් මේ හැම තත්වයක් යටතේම ෆැලෝන්ට තමන්ගේ මෙහෙයුම ඉවරයක් කරගන්න සිද්ධ වෙනවා.
ගොඩක් ප්‍රශ්ණ ඇතිවෙනවා. මේ පුලුවන් තරම් කෙටි කරලා සාරංශය තමයි කිව්වේ. බලන්න කියලා ආරාධනා කරනවා ෆිල්ම් එක. Action සහ Comedy කියන වර්ගීකරණයන්ට ලක්වුන මේ චිත්‍රපටිය පැය 1 විනාඩි 36ක් පුරාවටම දිවයනවා.
ඒ වගේම මේ චිත්‍රපටය සහ 1978 නිර්මාණය වුන චිත්‍රපටය යන චිත්‍රපට දෙකම බෘස් ලී අනුස්මරණය කිරීම සඳහා යොදාගත් චිත්‍රපට දෙකක්.
එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා චිත්‍රපටිය. තවත් උපසිරැසියකින් හමුවෙමු. අදහස් තියෙනවානම් කමෙන්ට් කරගෙනම යන්න. ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා ලබා දි ඇත.
5,668 downloadsDownload Enter-The-Fat-Dragon-2020.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
23 comments
Chaminda Lakruwan
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ :) :)
Pramod
Thanks bro
nuwan14
thanks bro
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Achi
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ....
පුලුවන්නම්
A fond AKA Full Speed (2016) 720p BRRip 850MB - MkvCage
සබ් කරන්නකෝ...
මේ වගේ හෝද ෆිල්ම් වලට සබ් දෙන්නේ නැ
වැඩක් නැති ෆිල්ම් වලට දෙනවා පරණ..isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..!!!
PramothC
Ehd e Wafa (2019) සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!
indika75
thanks..
D.Chamara
bohoma sthuti
Sajithlakshan
thanks .................
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
boma stuti saho....budusaranai....
Yaan SL
Thank.
ruchiralakmal
Thanks for the sub!!!!!!!
Anonymous
film eka ganne kohomada kiyanna pls
Chamath Madushanka
Thanks alot....Good luck....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
tnx machn
Dewadithya
Thanks for sub!
Anonymous
1080p walata sub ok. thanks [4K walata nadda?]
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Enter the Fat Dragon (2020) Aka Fei lung gwoh gong Sinhala Subtitles | තඩියාගේ කුන්ෆු! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Enter-The-Fat-Dragon-2020.jpg)
ස්තුති සබ් එකට