Watch Trailer

Waves (2019) Sinhala Subtitle | වෛරයෙන් වෛරය නොසංසිදේ… [සිංහල උපසිරැසි]

න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ වෛරයෙන් වෛරය නොසංසිදේ. එය අවෛරයෙන්ම පමණක් සංසිදේ. ලොව සනාතන ධර්මතාව මෙය වේ. උඩ තියෙන ධම්මපදය හැමෝම දන්නවා ඇති කියලා හිතෙනවා. මොකද ඔබ බෞද්ධයෙන් පමණක් නොව වෙන ආගමක කෙනෙක් වුණත් උඩ සඳහන් කරපු පද්‍ය තමන්ගෙ ආගම් වල ඇති කියලා හිත…

න හි වේරේන වේරානි – සම්මන්තී’ධ කුදාචනං
අවේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ

වෛරයෙන් වෛරය නොසංසිදේ.
එය අවෛරයෙන්ම පමණක් සංසිදේ.
ලොව සනාතන ධර්මතාව මෙය වේ.

උඩ තියෙන ධම්මපදය හැමෝම දන්නවා ඇති කියලා හිතෙනවා. මොකද ඔබ බෞද්ධයෙන් පමණක් නොව වෙන ආගමක කෙනෙක් වුණත් උඩ සඳහන් කරපු පද්‍ය තමන්ගෙ ආගම් වල ඇති කියලා හිතනවා. ඉතිං මේ අරගෙන එන්නෙ උඩ සඳහන් කරපු පද්‍ය ගොඩක්ම විදහාපාන චිත්‍රපටයක් සමගයි. 2019 නොවැම්බර් මස 15 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම චිත්‍රපටය හට මේ වෙනකොට IMDb අගය 7.6 ක් අරගැනීමට සහ කුණු තක්කාලි අගය 83%  ක වැනි ඉහල අගයක් අරගන්න සමත් වී තිබෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය කරන්නෙ Trey Edward Shults විසින්. Drama, Romance යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැය දෙකයි විනාඩි 15 ක් පුරාව රස විඳින්න පුළුවන්කම තියෙනවා. ඇත්තම කිව්වොත් පැය දෙකක් යනවා දැනෙන්නෙම නැහැ. ඒ තරමට අපූරු චිත්‍රපටයක්. ඒ වගේම තමයි මේක ඔස්කාර් නිර්දේශිත චිත්‍රපටයක් අතර එහි සම්මානයක් ලබාගන්න නොහැකි වුණත් වෙනත් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියනවා. ඒ වගේම රංගනයෙන් Taylor Russell, Kelvin Harrison Jr., Sterling K. Brown, Alexa Demie, Lucas Hedges, Renée Elise Goldsberry, Clifton Collins Jr., David Garelik දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

ටයිලර් කියන්නෙ උසස් පාසලේ ඉන්න ශිෂ්‍යයෙක්. මොහු තමන්ගෙ සිහිනය සැබෑ කරගන්න ගොඩක් දේවල් කරනවා. ඒවගේම තමයි තමන්ගෙ තාත්තගෙ සිහිනයක්. ඒවගේම තමයි තාත්තා තමන්ගෙ පුතාව හොඳ තැනකට අරගෙන එන්න ලොකු කැප කිරීමක් කරනවා. හැබැයි ටයිලර්ට අවාසනාවන්ත ලෙස ලෙඩක් හැදෙනවා. ඇත්තම කිව්වොත් මේක අතේ ඇතිවෙන රෝගී තත්ත්වයක්. ඉතිං මොහුට හිතාගන්න බැරි වෙනවා. ගොඩක් සිහින මවාගෙන ඉන්නෙ. මේ රෝගී තත්ත්වය නිසා තමන්ගෙ ක්‍රීඩා කටයුතු පවා නවත්තන්න සිද්ධ වෙනවා. එහෙම නොවුණුනොත් ලොකු හානියක් සිද්ධ වෙන්නෙ. ඉතිං මොහු මේ ගැන තමන්ගෙ දෙමව්පියන්ට නොකියා හංගන් ඉන්නවා. හැබැයි ඒ ඔක්කොම ටික කාලයක් තියෙන්නෙ. ටික ටික රෝගී තත්ත්වය වැඩි වෙන්න අරගන්නවා. ඔහුට පුහුණු වීම් කරන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මොහු අනික ඉන්නෙ ලොකු පිඩනයක. ඒවගේම තමයි මොහුගෙ පෙම්වතිය ළමයෙක් ලැබෙන්න යනවා. ඉතිං මොහුගෙ ප්‍රශ්ණ තවත් වැඩි වෙනවා. පස්සෙ මෙයා කරන්නෙ බොන්න අරගන්න එක. මොහු කවදාවත් නොබිපු අන්දමට බොන්න ගන්නවා. ඉතිං අපි බ්ලමුකො මොහුගෙ ජිවිතෙ ඉරණම කොහොම සිද්ධ වෙයිද කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය Blu-Ray  පිටපත් සඳහා අදාළ වේ.

2,572 downloadsDownload Waves-2019.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,572 downloadsDownload Subtitles45 KB

16 comments

  1. indika75

    thanks..

  2. ශීලා අක්කා

    පුංචි උනත් ජීවිතේ දිහා බලන හැටි නම් මාර වටිනවා මල්ලි.
    හරිම ආදර්ශමත් ඔයා.

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  4. Bandara

    ලිපියට අනුවනම් ප්‍රශ්ණ ගොඩයි..අපිටත් බොන්න වෙනව මේක බලන්න ඉස්සෙල්ල.බොහොම ස්තූතියි රවිදු

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  8. Randilu

    Thank you for subttile .

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. රිශාන්ත

    Thanx Brother

  11. Anonymous

    thank u

  12. Pramukmili

    Thanxx bro...............

  13. Dewadithya

    Thanks for sub!

  14. Shaggy

    Thank You mchn

  15. Anonymous

    Thanks

  16. Ruchira

    Thanks for the sub!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.