ඔන්න ඉතින් පළවෙනි පියවර තියලා තනි කකුලෙන් ඉන්න බැරි හින්දා මම දෙවැනි පියවරත් තිබ්බා. මේක නම් පළවෙනි ෆිල්ම් එකට වඩා මාර අමාරු කළා. ඒත් ඉතින් අතාරින්න හිතුනෙ නෑ. කොහොම හරි නිදි මරල නිදි මරල මේකත් ඉවර කළා. මේ ගෙනාව ෆිල්ම් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ෆිල්ම් එකක් තමා. පරණ වුනාට වටිනවනේ කියල මම…

ඔන්න ඉතින් පළවෙනි පියවර තියලා තනි කකුලෙන් ඉන්න බැරි හින්දා මම දෙවැනි පියවරත් තිබ්බා. මේක නම් පළවෙනි ෆිල්ම් එකට වඩා මාර අමාරු කළා. ඒත් ඉතින් අතාරින්න හිතුනෙ නෑ. කොහොම හරි නිදි මරල නිදි මරල මේකත් ඉවර කළා. මේ ගෙනාව ෆිල්ම් එක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පට්ට ෆිල්ම් එකක් තමා. පරණ වුනාට වටිනවනේ කියල මමත් සබ් එක කළා. දැන් ෆිල්ම් එක පැත්තට යමුකෝ.
The parent Trap කියන මේ ෆිල්ම් එක ගැන හරියටම කිව්වොත් ඒක හරියට Re-Built එකක් වගේ. මොකද The parent Trap (1961) කියල ෆිල්ම් එකේ කතාව පදනම් කරගෙන තමා 1998 ෆිල්ම් එක හදල තියෙන්නෙ. The parent Trap කියන පරණ සීරීස් එකට ෆිල්ම් 4 ක් තියනවා. ඒකෙන් rebuilt එක හදන්න පාදක වෙලා තියෙන්නේ පළවෙනි ෆිල්ම් එක. දැන් බලමුකෝ පරණ ෆිල්ම් එක ගැන වගතුග චුට්ටක්. The parent trap (1961), IMDb රේට් එක 7.1 ගන්න සමත් වෙච්ච ෆිල්ම් එකක්. අපේ එකේ ප්‍රධාන චරිතෙට අදාළ පරණ එකේ ප්‍රධාන චරිතෙට පණ පොවන්නේ Hayley Mills කියන රංගන ශිල්පිණිය. ප්‍රධාන චරිතේ කිව්වට නිවුන්නු හින්දා චරිත දෙකක් ඉන්නවනේ. එයා නම් දැන් ආච්චි කෙනෙක්. ඒ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Swift කියන අධ්‍යක්ෂකවරයා. ඒක USD 25.1 million වගේ ආදායමක් උපයලා තියනවා. 1961 හැටියට නම් සෑහෙන ගානක්.
දැන් බලමු අපේ ෆිල්ම් එක ගැන. IMDb අගය 6.1 ක් වගේ අගයක් ලබාගත්ත මේ ෆිල්ම් එක අයත් වෙන්නේ Family/comedy කියන වර්ග වලට. මේක Rotten Tomatoes වල 86% වගේ ප්‍රතිශතයක් ලබාගෙන තියනවා. මේකෙ ධාවන කාලය පැය 2 යි විනාඩි 8 ක්. The Holiday, Home Again, The Intern වගේ ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Nancy Meyers තමා මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නේ. Among the Shadows, Freaky Friday වගේ ෆිල්ම් වලට රංගනයෙන් දායක වෙන Lindsay Lohan තමා මේකෙ නිවුන් සොහොයුරියෝ දෙන්නට රඟපාන්නේ. තව මේකෙ අම්මගේ චරිතෙට රංගනයෙන් දායක වෙනවා Natasha Richardson. තව අර The day After Tomorrow ෆිල්ම් එකේ කොල්ලගෙ තාත්තා, අර දක්ෂ භූගෝල විද්‍යාඥයාට රංගනයෙන් පණ පොවන Dennis Quaid තමා මේකෙ තාත්තටත් ඉන්නේ.
මේකෙ කතාව කියනව නම් මෙහෙමයි. හැලී පාකර් කියල දක්ෂ ළමයෙක් නිවාඩු කාලේ කාන්තා ගිම්හාන කඳවුරකට එනවා. මෙයා හැමදේටම වගේ දක්ෂයි. ඉතින් කාන්තා කඳවුරේ කඩු සටන් කරද්දි එක ළමයෙක් මෙයාව පරද්දනවා. හෙල්මට් දාගෙන ඉන්න හින්දා සටන කරද්දි මූණ පේන්නෑ. සටන ඉවර වුනාට පස්සෙ තමයි මෙයාල එකිනෙකාව දකින්නේ. මෙයාගෙම ෆොටෝ කොපිය, ඇනී ජේම්ස්. කොහොමද තමුන් ඉස්සරහ තමුන්ගෙ ෆොටෝ කොපියක් වගේ කෙනෙක්ව එක පාරටම දැක්කොත්? කොහොම හරි මෙයාලා දෙන්නා දෙන්නට දෙන්න පෙන්නන්න බැරි තරමට තරහකාරයෝ දෙන්නෙක් වෙනවා. කොහොම හරි මේ දෙන්නා තරහමරහ අමතක කරලා යාළු වුනාම මෙයාලගේ මුළු ජීවිත කාලෙටම දැනන් හිටියෙ නැති වැදගත් රහසක් මෙයාල දැනගන්නවා. ඒක මෙයාල දෙන්නගේ ජීවිතේම වෙනස් කරනවා. ඉතින් තවත් ෆිල්ම් එක ගැන කියන්න යන්නෙ නෑ. ඔයාලම බලාගන්නකෝ ඒ රහස මොකක්ද කියලා.
මේක පවුලේ හැමෝටම වයස් පරතරයක් නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. සබ් එකේ අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනේ. ආ, තව දෙයක්. මට මේ උපසිරසි කරන්න අවස්ථාව දුන්නු වෙබ් අඩවියේ සහෝදරයන්ට මම අනිවාරෙන්ම ස්තූති කරන්න ඕනේ. තව මට සබ් එක කරන්න ගයිඩ් කරපු හසන්ත අයියටත්. කලින් සබ් එකට තියන කමෙන්ට් දැක්කහම කොහොම හරි මේකත් ඉවර කරන්නමයි හිතුනේ. කමෙන්ට් දාලා උපසිරසි කරන්න හයිය දීපු සහෝදරයන්ටත් බොහොම ස්තූතියි. මේකෙ meanings ට්‍රාන්ස්ලේට් කරපුවාම ෆිල්ම් එකේ අයිඩියා එකත් එක්ක ගැලපෙන්නැති හින්දා මම මේකෙ අයිඩියා එකට ගැළපෙන්න සබ් දැම්මා. ඉතින් හොඳින් ෆිල්ම් එක රස විඳින්න.
මේ කාලේ ඉතින් කියන්න තියෙන්නේ… ‘මේ කොරෝනා කාලේ – ගෙදර ඉඳින් රාලේ ‘.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVDRip සහ Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,639 downloadsDownload The.Parent.Trap_.1998.Baiscopelk.com_.zip124 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගීත් මිහිර සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගීත් මිහිර සත්සර
Subtitles
9 comments
PramothC
Sschintha
ela
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Anonymous
thanks for the sub
indika75
thanks..
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් කරමු...isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ehd e Wafa සුපිරි Series එකක් 8.7 IMDB පුලුවන්නම් සබ් දෙන්න. නියමයි. ජයවේවා..!